බැටරි කණු/ටර්මිනල්
විඛාදනය
බැටරි කණු/ ටර්මිනල් වල ඔක්සයිඩ් බැඳීම හෝ විඛාදන තත්වයන් ඇතිවෙන්නේ ඇයි?ඒ සඳහා කල හැකි පිලියම් මොනවාද?
වාහනයක බැටරි කණු/ටර්මිනල් වල නිල්,නිල් සුදු,සුදු කහ,සුදු හෝ කොල පාටට කුඩු විශේෂයක් දකින්න තියෙනවා නම් ඒකට කියනවා බැටරි විඛාදනය කියලා.කොහොමද මේ බැටරි කණු/ටර්මිනල් විඛාදන ඇතිවෙන්නේ?බැටරියක් චාර්ජ් වීමේ දී පිටවෙන හයිඩ්‍රජන් වායුව බාහිර වායුගෝලයේ ඇති සංඝටක සමග මිශ්‍රවීම නිසා සල්ෆේට් ප්‍රතික්‍රියාව හේතුවෙන් බැටරි ටර්මිනල් විඛාදනය/ඔක්සයිඩ් බැඳීම සිදුවෙනවා.සාමාන්‍යයෙන් මේසඳහා බලපාන හේතු තමයි බැටරි කණු යට තියෙන සීල් දුර්වල වීම,බැටරිය අන්ඩර් චාර්ජ් වීම/ඕවර් චාර්ජ් වීම,බැටරිය සෑහෙන පරණවීම සහ අඩු බාල තත්ත්වයේ බැටරි මිළදීගැනීම.සාමාන්‍යයෙන් බැටරියක ආයුකාලය අවුරැදු 2-5 ක් පමණ වෙනවා.ඒ නිසා බැටරිය තවමත් මේ කියන කාලය අතර පරතරය අතර නම් තියෙන්නේ බැටරි කණු මත ඔක්සයිඩ් බැඳීම සහ විඛාදන තත්වයන් අතිවෙන්න පුලුවන්.
සාමාන්‍යයෙන් බැටරි සෘණ(-)අග්‍රයේ ඔක්සයිඩ් හැදෙන්නේ බැටරිය අන්ඩර් චාර්ජ් වීම නිසා.ඒ වගේම බැටරි ධන(+)අග්‍රයේ ඔක්සයිඩ් හැදෙන්නේ බැටරිය ඕවර් චාර්ජ් වීම නිසා.බැටරියක් ඕවර් චාර්ජ් වීමේ දී බැටරි සල්පියුරික් අම්ලයෙන් නිදහස්වෙන හයිඩ්‍රජන් වායුව දුර්වල බැටරි කණු සීල් හරහා පිට වීම නිසා ඊයම් බැටරි කණු සමග ප්‍රතික්‍රියා කරීම නිසා බැටරි කණු වල සල්ෆේට් ඔක්සයිඩ් බැඳීම සිදුවෙනවා.මේ නිසා බැටරිය ඉතා කෙටි කාලයකින් අකාලයේ අසාර්ථක වීමට හේතුවක් වන අතර වාහනය පණගැන්වීමේ අපහසුතා,බැටරිය ආරෝපණය වීමේ ගැටලු වගේ දේවල් ඇති වෙන්න පුලුවන්.
ඒ වගේ අවස්ථාවක වාහනයේ චාර්ජින් සර්කිට් එක නිවැරදිව ක්‍රියාත්ම වෙනවද කියල පරීක්ෂා කරලා බලන්න අවශ්‍යවෙනවා.ඕල්ටනේටරයක චාර්ජින් වෝල්ටේජ් එක 14.5V කට වඩා වැඩි නොවිය යුතුයි.ඊට වඩා වැඩියි නම් ඒ කියන්නේ ඕවර් චාර්ජ්.චාර්ජින් වෝල්ටේජ් එක වෝල්ට් 13.5 කට වඩා අඩුයි නම් ඒ කියන්නේ අන්ඩර් චාර්ජ්.ඒවගේම බැටරියේ තත්වය පරීක්ෂා කිරීමද අවශ්‍ය වෙනවා.
බැටරි කණු/ටර්මිනල් මත ඇතිවෙන ඔක්සයිඩ් ඉවත් කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.එකක් තමයි බැටරි ටර්මිනල් ගලවලා උණුවතුර වතුර යොදා පිරිසිදු කිරීම.එහෙම නැත්නම් වතුර සමග බේකිං සෝඩා මිශ්‍රකරලා මෙම ඔක්සයිඩ් ඉවත් කරීම.
එහෙමත් නැත්නම් කෝලා බීම වර්ගයක් භාවිතා කර ඔක්සයිඩ් ඉවත් කිරීමේ හැකියාව ද තියෙනවා.(සැ.යු:සීනි සහිත කෝලා අතිශය විඛාදන ද්‍රව්‍යක් වන නිසා බැටරි කණු/ටර්මිනල් මත ඇතිවෙන සල්ෆේට් වලට වඩා ඉක්මනින් බැටරි කණු විඛාදනය කරීමේ හැකියාව ඇත)
අවවාදයයි!
බැටරි ඔක්සයිඩ් හමේ තැවරීම අතිශය හානිකර නිසා බැටරි කණු පිරිසිදු කිරීමේ දී ඒ සඳහා අත්වැසුම් භාවිතා කරන්න.
බැටරි කණු/ටර්මිනල් පිරිසිදු කිරීමටන් පසු බැටරි ටර්මිනල් විඛාදනය වලක්වන විශේෂ වොෂර් සහ අලුත් බැටරි ටර්මිනල්(සමහර වාහන වල බැටරි කේබල් සමග මිලදී ගැනීමට සිදුවිය හැකිය)ද මාරැකර බැටරි කණු/ටර්මිනල් විඛාදනය වලක්වන ද්‍රවයක් බැටරි කණු/ටර්මිල් මත අලේප කල හැකිය.ඒ වගේම බැටරි කණු වියලිව හා පිරිසිදුව තිබීම වැදගත් වන අතර බැටරි ටර්මිනල් තද කිරීමේ නිවැරදි ව්‍යාවර්ථය නිවුටන් මීටර් 5 කි. මෙවැනි බැටරි තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් කරනවා නම් මසකට කිහිප වරක් බැටරි කණු/ටර්මිනල් පරීක්ෂා කර පිරිසිදු කිරීම අවශ්‍යවිය හැකි අතර තත්වය දිගටම පවතීනම් සහ බැටරිය දුර්වල තත්වයක පවතී නම් අලුත් බැටරියක් මාරැ කිරීම අවශ්‍ය විය හැකිය.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
27/06/2017