බැට්මෑන්ටත් කොරෝනා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේ දිනවල ලොව පුරා කතාබහට ලක්වන බැට්මෑන් චිත‍්‍රපටයේ රූගත කිරීම් නැවත වරක් තාවකාලිකව නවතා දමා තිබෙනවා. ඒ, බැට්මෑන් ලෙස ප‍්‍රධාන චරිතයට පණ පොවන සුපිරි හොලිවුඞ් නළු රොබට් පැටින්සන් නව්‍ය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමගයි.

    බැට්මෑන් චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ වසර ආරම්භයේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ඇරඹුණ ද, නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රූගත කිරීම් නවතා දැමීමට සිදුවුණා.

    කොරෝනා අවදානම පහව යෑමත් සමග පසුගිය දිනවල එහි රූගත කිරීම් යළි ආරම්භ කළ ද, ප‍්‍රධාන නළුවා වන පැටින්සන් හට කොරෝනා වැළදීම හේතුවෙන් යළිත් වරක් රූගත කිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුවූ බවයි වෝනර් බ‍්‍රදර්ස් සමාගම පවසන්නේ.

    කෙසේ වෙතත්, අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රොබට් පැටින්සන් මෙතෙක් අදහස් පළ කර නැහැ. හැරී පොටර් සිව්වන චිත‍්‍රපටයෙන් ලොව පුරා පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් රොබට් පැටින්සන් මේ වනවිට 34 වන වියේ පසු වනවා.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හැරි පොටර්??
    රොබට් පැටින්සන් කියන්නෙ ට්වයිලයිට් ඉක්ලිප්ස් සීරිස් එකේ ප්‍රධාන නළුව නෙ
     
    • Like
    Reactions: NRTG