බැඳීම් ශක්තිමත් වන්නට | Empowering Bonds 웃❤유

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    බැඳීම් ශක්තිමත් වන්නට | Empowering Bonds 웃❤유

    il_570xN.412718512_ik72.jpg


    ඔබ මේ බලා සිටින්නේ ඔබ ආදරය කරන පුද්ගලයා සමග ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමට ද? සමහර විට පටන්ගැන්මේ දී ඔබ ඔහුගේ හෝ ඇයගේ හොඳම මිත්‍රයා වී සිටින්නට ඇත. නමුත් යමෙකු තවත් කෙනෙකුගේ සහකරුවා හෝ සහකාරිය වනවා යැයි කියන්නේ මිත්‍රත්වයට එහා ගිය බැඳීමක් ඔවුන් අතර තිබිය යුතුයි යන්න ය. එබැවින් එවන් වූ බැඳීමක් ඇති කරගෙන හා ඇති කරගැනීමට ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මෙම ලිපිය එයට පිටුවහලක් වනු ඇතැයි අපි සිතමු.


    1. ඔබට ඔබගේ සහකරුවා හෝ සහකාරිය කොතරම් වටිනවා ද සහ ඔබ ඔහුට හෝ ඇයට කොතරම් ආදරය කරනවා දැයි පෙන්වන්න.
    බොහෝදෙනෙකු තම සහකාරිය හෝ සහකරුවාට තම ආදරය ප්‍රකාශ කරන්නේ ඔහුට හෝ ඇයට නොයෙකුත් තෑගි ලබාදීම සහ සිප වැළඳගැනීම් වලිනි. ඇත්තෙන්ම තෑග්ගක් දෙනවා යනු කියන්නේ තමාට හැකි පමණින් දෙන දෙයකට ය. එමනිසා මිල අධික තමාට දැරීමට නොහැකි ත්‍යාග ලබාදීම යන්න මින් අදහස් නොකෙරේ. ඔබට හැකි පමණින් ඔහු හෝ ඇයව පිනවන්න. එසේම ඔබ නිතරම ඔහු හෝ ඇය පිළිබඳව සිතමින් කටයුතු කරන්න. එයයි ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබෙන් බලාපොරොත්තු වන්නේ.


    2. නිතරම ඔබේ සහකරුවාට හෝ සහකාරියට සවන්දීමට පුරුදු වන්න.
    ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබ සමග කතාබස් කරන්න සැරසෙන විටක දී ඔබ සිටින්නේ දුරකථනය හෝ රූපවාහිනිය නරඹමින් යැයි සිතන්න. එවිට ඔබෙහි වැඩය මදකට පමාකර ඔහුට හෝ ඇයට සවන් යොමන්න. එවිට ඔබ දෙපළ අතර ඇති බැඳීම වඩාත් අර්ථවත් වනු ඇත.


    3.ඔබේ සහකරුවා හෝ සහකාරිය කැමති අකමැති දේ අසා දැනගන්න.
    මින් අදහස් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට ඔබ නතුවීම නොවේ. ඔහුගේ හෝ ඇයගේ කැමති අකමැති දේ දැනගැනීමෙන් ඔබට ඔහු හෝ ඇය අකමැති දේ නොකර සිටීමට පුලුවන් වේ. එවිට නොදැනුවත්ව හෝ ඔබ අතින් ඔහුගේ හෝ ඇයගේ සිත රිදවීමක් නොවේ. සතුට යනු ආදරය කරන දෙදෙනෙකු අතර තිබිය යුතුම වූ දෙයකි. එවැවින් ඔබ හැකි සෑමවිටම ඇය හෝ ඔහුව සතුටු කිරීමට උත්සාහ ගන්න. එවිට ඔබ ද ඉන් නිරායාසයෙන්ම සතුටට පත්වනු ඇත.


    4.ඔබ දෙදෙනාටම එක්ව කළ හැකි යම් දෙයකින් ඔහු හෝ ඇයව සතුටු කරන්න.
    හැකි සෑම විටකදී ම එක්ව කොහේ හෝ ඇවිදින්න යන්න, චිත්‍රපටියක් බලන්න, එක්ව කළ හැකි ක්‍රීඩාවක නිරත වන්න. විවාහ වූ දෙපළක් නම් එක්ව නිවසේ වැඩ කටයුතු බෙදාගෙන කරන්න. එමගින් ඔබට ඔහු හෝ ඇයව සතුටු කළ හැකි ය. මෙවන් දේ මගින් ඔබේ සහකරුවා හෝ සහකාරියට ද ඔබ ඔහු හෝ ඇය ගැන නිරන්තරයෙන්ම සිතනවා යන්න තේරුම් යයි. එවිට ඔහු හෝ ඇය ද ඔබව සතුටු කිරීමට සෑම විටකම උත්සාහ ගනී.


    5.හැකි සෑම විටකම ඔහු හෝ ඇයව අගය කරන්න. ඔබට ඔහු හෝ ඇය කෙතරම් වටිනවා දැයි ඔවුන්ට පවසන්න.
    ඔබේ සහකරුවා හෝ සහකාරිය සිදුකළ යම් කර්තව්‍යයක් සාර්ථක වූ විට ඔහුව හෝ ඇයව අගය කරන්න. එසේම ඔහු හෝ ඇය අතින් යම් අඩුපාඩුවක් සිදු වූ විට එහි වැරැද්ද සිදුවූයේ කොතනදැයි ඇයට හෝ ඔහුට කාරුණිකව තේරුම්කර දෙන්න. ඔහු හෝ ඇය යම් දෙයකට ඔබට දොස් නගන විට උපේක්ෂාවෙන් ඒ දෙස බලන්න. සැමවිටම ඉවසීම ප්‍රගුණ කරන්න. මෙකී කරුණු කාරණා සිහියේ තබාගෙන ඔබ පටන්ගනු ලබන සම්බන්ධය අර්ථවත් සම්බන්ධයක් බවට පත්කරගන්න. එවිට ඔබටත්, ඔහු හෝ ඇය යන දෙදෙනා අතර ඇතිවන බැඳීම ඉතා ශක්තිමත් වනවා පමණක් නොව එය ඔබ දෙදෙනාගේ ජීවිතයට ආශිර්වාදයක් ද වනවා නොඅනුමාන ය.


    ගත්තේ මෙතනින්


    ☜☆☞ හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න ☜☆☞
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    :love:Good post:love:
    Rep++

    තෑන්ක්ස් මචන් :)

    bump , apita na ne dan :(

    :(

    wadak nah bn man kello 6k ekka affair kara eath meh ekakwath galapena ganiyek hambune nah :D anyway +9

    කවදා හරි අනිවා හම්බවෙයි :yes:

    ඔය ඔක්කොම කරලත් අන්තිමට දාලා ගියාට පස්සේ තමා සංසාරේ එපා වෙන්නේ බන්

    සිරාවටම බං... සේම් හියර් :sorry:







    :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම දැනුයි මචන් මේක හරියට කියුවේ... පට්ට වැදගත් මචන්.. TFS

    You must spread some Reputation around before giving it to Robin*Hood again.
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    ඔය ඔක්කොම කරලත් අන්තිමට දාලා ගියාට පස්සේ තමා සංසාරේ එපා වෙන්නේ බන්


    Ow machoo kiyala wadak na ..... kello epa wenna etakota thma Hitha gaththa aye nam ganu mawa hoyagena enakal man hoyan yanne na kiyla,,,,,,,,
     
    • Like
    Reactions: Robin*Hood

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩක් නෑ බන්. කෙල්ලෝ අන්තිමට දාලා යනවා. නිකන් බලාපොරොත්තු දීලා අපිව රවට්ටනවා. :(