මෙක කේ.ජයතිලක මහතාගෙ පොඩි උපමා කතාවක්. එත් සැහෙන තේරුමක් තියෙනවා.
බැම්ම
බැම්ම සිදුරු වී තැනින් තැන දිය බිදු කාන්දු වෙමින් තිබිණ.එය කැඩී අපෙ ගෙවල් දොරවල් විනාශ වෙතියි අපි සිතුවෙමු. උදලු,කැති, අලවන්ගු කූඩා ආදිය රැගත් අපි වහා දිව ගොස් එය තව තවත් විශාල කොට බඳින්නට වීමු.
බැම්ම විශාල වත් වත්ම වඩවඩාත් ජලය පිරෙන්නට විය.අපි වඩවඩාත් මහන්සියෙන් වැඩ කොට බැම්ම තව තවත් බැන්දෙමු.
ජලය පිරීමේ හො බැම්ම බැඳීමේ සීමවක් නොවීය.බැම්ම,බැම්ම, බැම්ම යන්න නිතරම අප සිත් තුල රැව් දෙන්නට විය. එය සර්වකාලීන බියක් අප තුල ඇතිකරවමින් තිබිණ. එහෙයින් දිවා රෑ අප කල එකම දෙය බැම්ම ආරක්ශා කිරීමය.
බැම්ම ආරක්ශා කිරීමෙන් සර්වකාලීන බියක් ආරක්ශා කරන බව අපි පසුව වටහා ගතිමු. එහෙත් එය බිඳලන්නේ කෙසේද? එය බිඳලුවොත් අප ආදරය කරන බොහෝ දේ ජලයේ ගිලී විනාශ වී යනු ඇත.
අවසානයේ බොහො දුර තර්ක කිරීමෙන් පසු අපි කිහිප දෙනෙක් බැම්ම බිඳලීමට තීරණය කළෙමු.එසේ කොට බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මැද අපි එය කඩා හළෙමු.
එකවර ගලා ආ ජලය අප මෙතෙක් ආරක්ශා කර ගෙන සිටි අපේ වතුපිටි හා වස්තුව යටකොට බොහෝ අලාබහානි සිදු කළේය. අපිදු අපහාස උපහාසවලට යටවීමු. එහෙත් එය ස්වල්ප කාලයකින් බැස ගියේය. බැම්ම බිඳීම නිසා සුලු කාලයකදී මහා හානියක් සිදු වුවත් ඒ නිසා අපි සර්වකාලීන බයකින් නිදහස් වීමු.
මේක තියෙන්නෙ ව්‍යංග්‍යා කියන මහගමසෙකර මහතා හා කේ.ජයතිලක මහතා එකතුව රචනා කල පොතේ. (මම මේක මෙතන දාන එකෙන් බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරාද මන්දා?)

Last edited: