බැමිණිටියා සාගතය

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බැමිණිටියා සාගතය

කි.පූ. 89 සිට 77 දක්වා වට්ටගාමිණි අභය රජුගේ දෙවැනි පාලන සමයේ ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තිය (තිස්ස) නම් තරුණ බ්‍රාහ්මණයෙකු ඔහුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. ඔහු රජ වන බවට අනාවැකි කියා තවත් බ්‍රාහ්මණයෙකු විසින් තියා රවටනු ලැබුවේය. මහින්ද තෙරුන් විසින් ලංකාවට බුද්ධාගම ගෙන ඒමට පෙරාතුව බ්‍රාහ්මණයින්ට ලාංකික සමාජයේ ඉහල ස්ථානයක් හිමිව තිබුනේය. භික්ෂු සමාජය පිහිටුවීමෙන් පසු බ්‍රාහ්මණයින්ට තිබූ ස්ථානය අහිමි වූ අතර එම ස්ථානය බෞද්ධ භික්ෂුවට ලැබුනි. සමහර බ්‍රාහ්මණයන් බුද්ධාගම වැළඳ ගත් අතර සෙස්සෝ කැරළි ගැසූහ. තියා ට ඔහුගේ බමුණු ප්‍රජාවගේ සහයෝගය ලැබුනි. ඔහු ලංකාවේද ලංකාවෙන් පිටද ජීවත් වූ බැවින් බොහෝ සේ බලවත්ව සිටියේය. මෙම කාලසීමාවේදිම දෙමළ ප්‍රධානින් හත් දෙනෙකු විශාල හමුදාවක් ද ගෙන මහාතිත්ථයෙන් ලංකාවට ගොඩ බටහ. ඉතා හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ වළගම්බා රජු ඉහත කි දෙපිරිස සමග සටන් කිරීමට තරම් ඔහුගේ හමුදාව ශක්තිමත් නොවන බව වටහා ගෙන එම දෙපිරිසට ඔවුනොවුන් හා යුද වැදීමට සලස්වා මග හැර ගියේය. ආක්‍රමණිකයන් පලවා හැරියොත් ඔහුට රජකම ලබා ගත හැකි යැයි කියමින් රජු තියා වෙත පණිවුඩයක් යැව්වේය. මෙයට තියා එකඟ වී තමන්ගේ හමුදාව ද ගෙන දෙමළ හමුදාව ඉදිරියට ගියේය. එහෙත් ඔහු පරාජය විය. ජයග්‍රහණයෙන් ප්‍රමුදිත වූ දෙමළ හමුදාව අනුරාධපුරය දක්වා ඉදිරියට ගොස් රජු පැරදවූහ. රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. අනුරාධපුරය අත හැර මෙසේ පලා යද්දි පණ්ඩුකාභය රජු තැන වූ නගරයේ උතුරු දොරටුව අසල ආරාමයේ සිටි ජෛන පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. රජු එකෙණිහිම මෙසේ සිතුවේය. "මගේ රාජ්‍ය මට නැවත ආපසු ලැබුනොත් මෙතැන ආරාමයක් කරමි". බැමිණිටියා සාය නොහොත් මහා සාගතය සහ ඉන් පසු සිදු වූ විදේශීය ආක්‍රමණ කාලය තුලදි වට්ටගාමිණි අභය රැකවරණය සඳහා කඳුකරයේ රැ‍‍ෙඳමින් සේනා සංවිධානය කළේය. කි.පු. 89 දි ඔහු අනුරාධපුරයට පැමිණෙන තෙක් වසර 14 කට වඩා වැඩි කාලයක් එසේ සිටියේය. අනතුරුව ඔහු අනුරාධපුරය දක්වා තම සේනා මෙහෙයවා අන්තිම දෙමළ රජු වූ භාතිය පැරදවූයේය. ඔහු පලා ගිය දිනයේ වූ පොරොන්දුව ඉටු කරමින් රජ වූ පසු ඔහුගේ පළමු කාර්යයන්ගෙන් එකක් වූයේ ගිරි ආශ්‍රමය පිහිටි බිමෙහි අභයගිරි විහාරය තැනවීමයි. එහි නායක තෙරුන් ලෙස කුප්පිකාල මහාතිස්ස තෙරුන් පත් කරන ලද්දේ ආක්‍රමණයන්ගේ පාලන කාලය තුල ඒ හිමියන් විසින් රජුට කරන ලද උදව් වෙනුවට කෘත ගුණ සැළකීමක් වශයෙනි. ඉන් පසු අභයගිරිය ආගමික කටයුතු පිළිබඳ මූලස්ථානයක් වූවා පමණක් නොව ජාතියට නවජීවනයක් දුන් ස්ථානයක් ද වූයේ එය රටෙහි බ්‍රහ්මණ සහ ජෛන බලපෑම අවසාන කිරීම සංකේතවත් කළ බැවිනි. ඉතිහාස පුරාවෘතයන් අනුව අභයගිරි විහාරයට ඒ නම ලැබුනේ වට්ටගාමිනි අභය නම් රජුගේ නමද ජෛන ආශ්‍රමයේ සිටි ගිරි නම් පූජකයාගේ නම් ද ආශ්‍රයෙනි. අනිත් අතට පුරාණ විහාර ආරාම බොහෝ විට ගොඩ නගන ලද්දේ සිංහලෙන් 'ගිරි' නමින්ද හැඳින්වෙන කුඩා කඳු ගැට ආශ්‍රිතවය. (උදාහරන වශයෙන් වෙස්සගිරි, මේඝගිරි නැත හොත් චේතිය ගිරි ආශ්‍රමයන්) මේ අනුව අභයගිරි යන නම වළගම්බා රජු විසින් කරන ලද ආරාමයක් නිසාත් 'දීග පාසාන' නම් කඳු ගැටය මූලික කර ගෙන ගොඩ නගන ලද නිසාත් අභයගිරි යන නම යෙදෙන්නට ඇත. මෙම කඳු ගැටය දැනට අභයගිරි විහාර සංකීර්ණය තුල දක්නට ලැබේ.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
එය මේ ප්‍රදේශයට මුහුණදීමට සිදුවුණ දුෂ්කර අභියෝග ගණනාවක්‌ නිසා ඇතිවුණ තත්ත්වයක්‌. දොළොස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ පැවති නියංසාය එක හේතුවක්‌. වලගම්බා රජ සමයේ බ්‍රාහ්මණ තිස්‌ස නම් පුද්ගලයකු ඇති කළ කැරැල්ලක්‌ මර්දනය කළ පසු ඇති වුණු සාගතය බැමිණිටියා සාය නමින් හැඳින්වුණා. බුදුදහම ඉතාමත් දියුණුව පැවති ඒ සමයේ රහතුන් වහන්සේලා පවා සිටි බව පැවැසෙනවා. ගම්බිම් පිටින් වියෑළී ගොස්‌ මහා නියඟයක්‌ පැතිරී සතුන් පවා දහස්‌ ගණනින් මියගිය බව වංශකථාවල සඳහන් වෙනවා. ගස්‌වල කොළ, පොතු පවා අනුභව කර ජීවිතය රැකගැනීමට ජනතාවටත් භික්‍ෂූන් වහන්සේටත් සිදු වූ බව එහි දැක්‌වෙනවා. භික්‍ෂූන් වහන්සේ තම තමන්ගේ ගුරු පරම්පරාවලින් එන කට පාඩමින් ධර්මය රැකගෙන ආ පිළිවෙත් පිළිපදිමින් ඉතා දුෂ්කර දිවියක්‌ ගෙවූ බව අටුවා කථාවල සඳහන් වෙනවා. මේ දොළොස්‌ වසරක මහා නියඟයෙන් ඌව පළාත මුළුමනින්ම විනාශ වූ බව ඉතිහාසයේ දැක්‌වෙනවා.



බැමිණිටියා සාගතය අවස්ථාවේ දී අපේ භික්ෂූන් වහන්සේලා කර කොළ වළඳමින් දළදා වහන්සේ ආරක්ෂා කළා.
වළගම්බා රජු කල (ක්‍රි.පූ. 103 – නැවත 89 –77 )බොහෝ රහතන් වහන්සේ හා ධ්‍යානලාභී භික්‍ෂුහු බැමිණිටියා සාගතය නිසා නිරාහාරව පිරිනිවන් පෑහ.

වල්පොල රාහුල හිමියන්ගේ ‘ලංකා බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථය අනුව තිස්සමහාරාමය හා සිතුල් පව්වේ භික්‍ෂූන් 24, 000 එකදා නිරාහාරව අපවත් වූ බව අටුවාවල කියවෙයි. බැමිණිටියා සාගතය කල කුසගින්න උග්‍රව සොර රැළක් මහාභය තෙර මරා මස් කෑමට සැරසෙන විට මහාභය තෙර විදර්ශනා වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ අභය තෙර කතාව කියයි. වළගම්බා රජවූයේ දුටුගැමුණු රජුට අවුරුදු පණහකට පමණ පසුය.

පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජුකල බැමිණිටියාසාය පවතිද්දී චුළපිණ්ඩපාතික තිස්සතෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි.