බැමිණිටියා සාගතය
කි.පූ. 89 සිට 77 දක්වා වට්ටගාමිණි අභය රජුගේ දෙවැනි පාලන සමයේ ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තිය (තිස්ස) නම් තරුණ බ්රාහ්මණයෙකු ඔහුට එරෙහිව යුද්ධ ප්රකාශ කළේය. ඔහු රජ වන බවට අනාවැකි කියා තවත් බ්රාහ්මණයෙකු විසින් තියා රවටනු ලැබුවේය. මහින්ද තෙරුන් විසින් ලංකාවට බුද්ධාගම ගෙන ඒමට පෙරාතුව බ්රාහ්මණයින්ට ලාංකික සමාජයේ ඉහල ස්ථානයක් හිමිව තිබුනේය. භික්ෂු සමාජය පිහිටුවීමෙන් පසු බ්රාහ්මණයින්ට තිබූ ස්ථානය අහිමි වූ අතර එම ස්ථානය බෞද්ධ භික්ෂුවට ලැබුනි. සමහර බ්රාහ්මණයන් බුද්ධාගම වැළඳ ගත් අතර සෙස්සෝ කැරළි ගැසූහ. තියා ට ඔහුගේ බමුණු ප්රජාවගේ සහයෝගය ලැබුනි. ඔහු ලංකාවේද ලංකාවෙන් පිටද ජීවත් වූ බැවින් බොහෝ සේ බලවත්ව සිටියේය. මෙම කාලසීමාවේදිම දෙමළ ප්රධානින් හත් දෙනෙකු විශාල හමුදාවක් ද ගෙන මහාතිත්ථයෙන් ලංකාවට ගොඩ බටහ. ඉතා හොඳ රාජ්ය තාන්ත්රිකයෙකු වූ වළගම්බා රජු ඉහත කි දෙපිරිස සමග සටන් කිරීමට තරම් ඔහුගේ හමුදාව ශක්තිමත් නොවන බව වටහා ගෙන එම දෙපිරිසට ඔවුනොවුන් හා යුද වැදීමට සලස්වා මග හැර ගියේය. ආක්රමණිකයන් පලවා හැරියොත් ඔහුට රජකම ලබා ගත හැකි යැයි කියමින් රජු තියා වෙත පණිවුඩයක් යැව්වේය. මෙයට තියා එකඟ වී තමන්ගේ හමුදාව ද ගෙන දෙමළ හමුදාව ඉදිරියට ගියේය. එහෙත් ඔහු පරාජය විය. ජයග්රහණයෙන් ප්රමුදිත වූ දෙමළ හමුදාව අනුරාධපුරය දක්වා ඉදිරියට ගොස් රජු පැරදවූහ. රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. අනුරාධපුරය අත හැර මෙසේ පලා යද්දි පණ්ඩුකාභය රජු තැන වූ නගරයේ උතුරු දොරටුව අසල ආරාමයේ සිටි ජෛන පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. රජු එකෙණිහිම මෙසේ සිතුවේය. "මගේ රාජ්ය මට නැවත ආපසු ලැබුනොත් මෙතැන ආරාමයක් කරමි". බැමිණිටියා සාය නොහොත් මහා සාගතය සහ ඉන් පසු සිදු වූ විදේශීය ආක්රමණ කාලය තුලදි වට්ටගාමිණි අභය රැකවරණය සඳහා කඳුකරයේ රැෙඳමින් සේනා සංවිධානය කළේය. කි.පු. 89 දි ඔහු අනුරාධපුරයට පැමිණෙන තෙක් වසර 14 කට වඩා වැඩි කාලයක් එසේ සිටියේය. අනතුරුව ඔහු අනුරාධපුරය දක්වා තම සේනා මෙහෙයවා අන්තිම දෙමළ රජු වූ භාතිය පැරදවූයේය. ඔහු පලා ගිය දිනයේ වූ පොරොන්දුව ඉටු කරමින් රජ වූ පසු ඔහුගේ පළමු කාර්යයන්ගෙන් එකක් වූයේ ගිරි ආශ්රමය පිහිටි බිමෙහි අභයගිරි විහාරය තැනවීමයි. එහි නායක තෙරුන් ලෙස කුප්පිකාල මහාතිස්ස තෙරුන් පත් කරන ලද්දේ ආක්රමණයන්ගේ පාලන කාලය තුල ඒ හිමියන් විසින් රජුට කරන ලද උදව් වෙනුවට කෘත ගුණ සැළකීමක් වශයෙනි. ඉන් පසු අභයගිරිය ආගමික කටයුතු පිළිබඳ මූලස්ථානයක් වූවා පමණක් නොව ජාතියට නවජීවනයක් දුන් ස්ථානයක් ද වූයේ එය රටෙහි බ්රහ්මණ සහ ජෛන බලපෑම අවසාන කිරීම සංකේතවත් කළ බැවිනි. ඉතිහාස පුරාවෘතයන් අනුව අභයගිරි විහාරයට ඒ නම ලැබුනේ වට්ටගාමිනි අභය නම් රජුගේ නමද ජෛන ආශ්රමයේ සිටි ගිරි නම් පූජකයාගේ නම් ද ආශ්රයෙනි. අනිත් අතට පුරාණ විහාර ආරාම බොහෝ විට ගොඩ නගන ලද්දේ සිංහලෙන් 'ගිරි' නමින්ද හැඳින්වෙන කුඩා කඳු ගැට ආශ්රිතවය. (උදාහරන වශයෙන් වෙස්සගිරි, මේඝගිරි නැත හොත් චේතිය ගිරි ආශ්රමයන්) මේ අනුව අභයගිරි යන නම වළගම්බා රජු විසින් කරන ලද ආරාමයක් නිසාත් 'දීග පාසාන' නම් කඳු ගැටය මූලික කර ගෙන ගොඩ නගන ලද නිසාත් අභයගිරි යන නම යෙදෙන්නට ඇත. මෙම කඳු ගැටය දැනට අභයගිරි විහාර සංකීර්ණය තුල දක්නට ලැබේ.