බැලිය යුතුම කාටුන් එක

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
බැලිය යුතුම කාටුන් එක

මේ කාටුන් එකේ සීරියස් එකේ නම් "South Park"
මේක හදලා තියෙන්නෙ Trey Parker සහ "Matt stone " කියන දෙන්නා, ඇමරිකාවෙ Comedy Centrel කියන චැනල් එකේ මේක තාමත් විකාශනය වෙනවා, දැනට සීසන් විස්සක් ඇවිත් තියෙනව, ඒවගේම IMDB අගය 8.8 අරන් තියෙනවා, Trey Parker මේකේ චරිත 14ට හඬකවනවා, Matt stone චරිත 13ට හඬ කවනවා, මේකෙ විශේශත්වය තමයි, අනිත් කාටුන් හඳලා තියෙන්නෙ ළමයින්ට බලන්න වුණාට මේක හදලා තියෙන්නෙ වැඩිහිටියන්‍ට පමණක් බලන්න, ඒ මේකෙ භාවිතාවෙන වචන සහ සමහර තේමා වැඩිහිටියන්ට තමා වඩාත් සුදුසු මේ කතාව ගලාගෙන යන්නෙ kyle,stan,eric සහ cartman කියන යාළුවො හතර දෙනා වටා,

ඇයි මම මේක ඔයාලට බලන්නම කියලා කියන්නෙ?? පළවෙනි හේතුව තමයි මේකෙ අපි නොදකින් දේවල් ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නලා දෙනවා, අපි හොඳයි කියලා හිතන් ඉන්න ඒවගෙ නරක පැත්ත අපි , නරකයි කියලා හිතන් ඉන්න දේවල් වල හොඳ පැත්ත, ඒවගේම සමහර ආගම් වල තියෙන බොරු දේවල් හැම දෙයක්ම පෙන්නලා දෙනව , ඒ වගේම නොනවත්වා හිනා වෙන්න පුලුවන් කතාවක් , හැම කතා කොටසක් අවසානෙම මොකක් හරි ආදර්ශයක් ලබා දීලා තමා ඉවර වෙන්නෙ, ඔයාලත් ඩව්න්ලෝඩ් කරලා බලන්න ,
 
  • Like
Reactions: gemba95