බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වර්තමානයේ සෝවාන් ඵල ලාභී උත්තමයන් ඉන්න පුළුවන්. ඒත් අරහත් ඵල ලබාගෙන නිවන අවබෝධ කරන ලද අය ඉන්නවාද කියන එක නම් සැකයක්.

    එතකොට සන්දිට්ඨිකයි, අකාලිකයි කියල තියෙන්නේ බොරුද??

    Mr. Perera දන්නවනේ 'බුදු බණ අමූලික ඇත්ත!!!' බව?? අන්න එච්චරයි බොක්කෙන්ම තියෙන්න ඕනේ හැඟීම! 'සද්දහති තථාගතස්ස බෝධීන්' බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම!! එහෙම ඔයා ඇත්තටම / seriously අදහනවා නම්, බුදුහාමුදුරුවෝ කොහෙදිවත් අනාගත බලාපොරොත්තු සඳහා පෙරුම්පුරන්න කියල දේශනා කරලා නැහැ!! කිව්වේ, 'හිස ගිනිගත් අයෙක් ඒ ගින්න නිවාගන්න හදිසි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සහ කරන්න' කියලයි!!! මේ... 'කජ්ජනීය සුත්‍රය', 'න තුම්හ සුත්‍රය', 'ලෝක සුත්‍රය', නල කලාප සුත්‍රය' කියන සුත්‍ර දේශනා ටිකත් අහල බලන්න, හැබැයි ආවට ගියාට නෙවෙයි! බොක්කෙන්ම!! අර කලින් සඳහන් කල කරුණු වලින් යුතුව.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං කිය කියා හිටියේ Knowing ගෙදර උස්සන් ගිහිල්ල වෙච්ච අලකලංචිය ගැනයි, ඇත්ත හොඳටම දන්නා කෙනෙක් හැටියට ලමයව උනත් බොරුවක් කියල නලවන්න, සනසන්න බැරිකම නිසා මට වෙච්ච දේ ගැනයි නේ... ඇත්තම කියනවනම් මේවා ගැන හිතනකොටම හීතල වෙලා යනවා!! ඇයි කියනවා නම්, බුදුහාමුදුරුවෝ හරියට දැක්ක කියන්නේ... කතන්දර සේරම පැහැදිලිවම පේනවා!! තමන්ටම ජාතකව ඉපදුන දරුවයි කියලවත් තව කෙනෙක් වෙනුවෙන් මොකවත් කරන්න පුළුවන් 'වැඩ කාරයෝ' කවුරුවත් නැහැ!! මටත් ඒක එහෙම්මම තමයි!! මේ 'පණතියන වෙලාවේ' නම් වැටෙන්න ගියොත් අතින් අල්ලගන බේරගන්න, ලෙඩක් හැදුනොත් බෙහෙත් අරන්දෙන්න, ළඟ ඉඳන් අතින් අල්ලන් ඔලුව අතගගා ඉන්න... වගේ ඒවා අපිට කරන්න පුළුවන්! මලාට පස්සේ පස්සෙන් ගිහින්, ලඟින් ඉඳන් උදව් කරන්න කාටද පුළුවන්??

    ඕනේ කෙනෙකුගේ ලොකු ලොකු සෙල්ලම් සේරම පණ තියනකම් විතරයි!! එතනින් එහාට වෙන්නේ, වෙන්නෙ මොකද්ද කියල නොපෙනී යනවා වගේ දෙයක්! ඒත් ජීවිතේ කතන්දරේ, සංසාර කතන්දරේ, දිගටම යනවා... ඕක සාමාන්‍ය මිනිස්සුන්ට පෙනෙන්නේ නැති හන්ද, invisible හන්ද, කාටවත් එතනින් එහාට කතාකරන්න බැහැ! හිත හිත, ගොත ගොත ලස්සන ලස්සන කතන්දර කියන්න පුළුවන්!! ඒත් ඒ කතාවලින් කිසිම වැඩක් නැහැ!!! බුදුවරුන්ට පේනවා ඇත්තටම වෙන දේවල් සේරම... උන්වහන්සේලා ඒ සංසාර අනතුර දැකල, ඒකෙන් ගැලවෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සත්වයින්ට අනුකම්පාවෙන්, සත්‍ය පහදලා දීලා, නිදහස්වෙන්න කියා දීල, බේරන්න උදව් කරන්න නේ කාලෙන් කාලෙට ලෝකයේ පහල වෙන්නේ. බුදුකෙනෙකුගේ උපකාරයක් නැතුව සංසාර ගමනින් නිදහස්වෙන්න කාටවත්ම බැහැ! දෙයියෝ ගාවට යනවා, ස්වර්ගෙට යනවා කියල හිතාගෙන ඉන්න 'අයියල' මැරි මැරී ගිහිල්ල සත්තු හැටියට, පෙරේතයෝ හැටියට ඉපදිලා, තව මහා විසාල පිරිසක් නිරයට වැටිලා 'කන කෑම' ගැන බුදුහාමුදුරුවෝ අපිට කියා දුන්න!! බුද්ධාගම් කාරයෝ කියලත් කාටවත් අමුතු chance එකක් නැහැ!!! වැරදුනොත් sorry ම තමයි...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි බුද්ධ දේශනා අහල අහලා, කරුණු ඉගෙන අරන්, බුදුහාමුදුරුවොන්ව හිස්මුදුනින්ම පිළිඅරන්, බුදු උපදෙස් අනුවම කටයුතු කරලා, සැහෙන කාලයක් ඒ වෙනුවෙන්ම කැපවෙලා, වීර්ය කරලා කරලා දැන් ඉතින් කරන්න තියන සේරම කරලා ඉවරකරගෙන බොහොම නිදහසේ, සැනසිල්ලේ ඉන්නවා! කාට උනත් ගොඩ යනවනම් ගොඩයන්න තියෙන්නේ ඔය පාරෙන් විතරමයි!!! දැනගත්තු කාලේ ඉඳලම හැමෝටම මේවා කියන එක කරගෙන ආව! දැන් දැන් අනාගතයත් ලොකු ප්‍රශ්නාර්ථයක් වේගන එන බව තේරුණු හන්ද තව තවත් බරපතල කරලම 'සත්‍ය' කියන්න ගත්ත... හොම්බට ඇන ඇනමත් කියන්න ගත්ත... ඒත් හුඟක්ම ඉන්නේ බකපණ්ඩිත, මොට්ට පොරවල්! උන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ!! හැබැයි අහිංසක, නිහතමානී උදවිය එක්කෙනා දෙන්නත් ඉඳල හිටලා මුණගැහෙනවා... (මෙහෙම net එකට බැහැපු එකෙනුත් තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ප්‍රයෝජනයක් ගනීවි කියලත් විශ්වාස කරනවා!) අන්න එහෙම නිහතමානී, අහිංසක, කියනදේ අහන, පිළිගන්න, කල්පණා කරන්න හැකියාව තියන උදවිය මුණගැහුනම, උන්ව නම් 'හදන්න' පුළුවන් ආයේ කවදාවත් ආපස්සට නොවැටෙන්න!! හීනෙකින්වත් හිතුව, හිතාගෙන හිටිය දෙයක් නෙවෙයි... ඒත් අන්තිමේ මාත් මේ මතෘකාවේදී, battery charger එකක් වගේ උනා! battery එක හොඳ නම්, attach කරලා තියන්න තියන්න tip top එකට charge වෙනවා!! දැනටත් ගොඩදෙනෙක් වෙනුවෙන් සැහෙන උපකාරයක් වෙන්න ලැබුණ... ඒ ගැන සතුටුයි!!

    ඒත් කොච්චර කලත් හිතට හරි නැහැ... මේ ජීවිත කාලයේදී ආශ්‍රය කරන්න ලැබුණු, උපකාර උන අයගෙනුත් කීයෙන් කී දෙනාටද මේ ධර්මය හරියටම දැනගන්න අවස්ථාව ලැබිල තියෙන්නේ... ළඟ ඉන්න, ආශ්‍රය කරන්න ලැබෙන හැමෝටම වගේ නම් අපිම කියල, පොත් පත්, CDs ගිහින් දීල සැහෙන දේවල් කරලා තියෙන්නේ. එච්චර කරලත් පලක් ප්‍රයෝජනයක් නොගත්ත උදවිය ගැන නම් කතාකරන්න දෙයක් නැහැ!! ඒත් මෙහෙම internet, computers පහසුකම් නැති උදවියට නම් පව්! අපිට whole sale එකේ බුද්ධ දේශනා අහන්න, කියවන්න, මේ වගේ දේවල් වලින් අනික් අයට අදහස් ප්‍රකාශ කරන්න, සේරටම ඉඩකඩ ලැබුණේ ඒවා තිබිච්ච හන්දමයි. ඒ පහසුකම් මොකුත්ම නැති අය අතරෙත් අහිංසක, නිහතමානී, ධර්මය අවබෝධකරන්න පුළුවන් කම තියන අය ඉඳල අවස්ථාවක් නොලැබී ගියොත් පව්!! ඒ හන්ද ඔයාලත් දන්න දන්න හැමෝටම විස්තර කියන්න. සංසාර ගමනේ භයානක කම හැමෝටම එකම විදියට බලපාන එකක් නේ... අපිට කවුරුහරි කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම, වඩාත් ප්‍රයෝජනවත්ම උපකාරය ඒ කෙනාට ධර්මය දකින්න, ධර්මය අවබෝධ කරන්න උපකාර කරන එකම තමයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපේ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව නම්, මේ හරියට සුළු කාලසීමාවකට, චුට්ටක් සැනසිල්ලේ, නිදහසේ ඉන්න ඉඩක් ලැබිල වගේ එකක් විතරයි!! ගෙවාගෙන ආව සංසාරේ අපි වැඩිපුරම ඉඳල තියෙන්නේ නිරය, පෙරේත, තිරිසන් ලෝක වල. දැන් මිනිස්සු හැටියට ඉපදිලා හිටියට හැමෝම ඉන්නේ ආයෙම සතර අපායට වැටෙන ස්වභාවයෙන්ම යුක්තව!! ගොඩ වෙනවා, නිදහස් වෙනවා කියන එක හිතන තරම්ම, කියන තරම්ම ලේසි නැහැ!!! අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ, 'හොඳටම හෙම්බත් වෙනකම් දියේ ගිලි ගිලී සැඩපහරේ ගහගෙන යන කෙනෙකුට චුට්ටක් දියෙන් උඩට මතුවෙලා, ඔලුව උස්සල හුස්මක් කටක් ගන්න ලැබිච්ච පුංචි වෙලාවක් විතරයි මේක!! ඉක්මනට ගොඩබිම තියන දිශාව හොයාගෙන ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න!!' කියලයි. ඒ උන්වහන්සේට මේ සසර අනතුර හොඳටම පෙනෙන නිසයි. ඒ හන්ද මේ ජීවත්වෙන අවුරුදු 50-60ක සුළු කාලේදී අහන දකින දේවල් පිළිඅරන්, ඒවාට මුල වෙලා, බුදුන්වහන්සේව පිළිනොගෙන කටයුතු කලොත් අනිවාර්යයෙන්ම ශෝක වෙන්න වෙනවාමයි!!! මේ පණිවිඩය හොඳට හිතට ගත්තේ නැත්නම් very sorry.

    දන්න කියන හැමෝටම මේවා සේරම තේරුම්කරලා දීල, අවශ්‍ය කරුණු සේරම හොඳටම තේරෙන්න කියා දීල, ආයේනම් කිසිම විදියකින් ආපස්සට නොවැටෙන්න, සසර දුකින් එතෙරවීමට තියන මාර්ගයේ ස්ථාවර කරවන්න තියන උවමනාව තමයි දැන් අපිට නම් තියෙන්නේ... ඒත් ඒක පිළිනොගන්න මොට්ට මෝල් බූරු පොරවල් තමයි ගොඩක්ම හම්බවෙන්නේ. ඒකත් අවුලක් නැහැ කියමු... තම තමන්ගේ කැමැත්තනේ... ඒත් අපිටම ජාතක වෙලා ආව දරුවෝ?? බුදුරජාණන්වහන්සේ උන්වහන්සේට ජාතකව උපන් රාහුල කුමාරයටත් කිව්වේ, 'එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට' කියලයි!!! උන්වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට උපදෙස් දුන්නේ අනිත්‍ය වශයෙන් දකින්න, පිළිකුල් වශයෙන් දකින්න, අශුභ වශයෙන් දකින්න කියලයි... නැතුව හොඳට ඉගෙන ගෙන ලොකු දොස්තර මහත්තයෙක් වෙයන්, ලොකු ඉංජිනේරුවෙක් වෙයන්... කියල එහෙම නෙවෙයි!! එහෙම කලේ ඇත්ත හොඳටම දන්න නිසයි... අපිත් හරිනම් කලයුත්තේ ඒ විදියටමයි!!! එහෙම නැති උනොත් සසර දුකින් හෙම්බත්වෙලා යමින් ගමන් අපි ගාවට ආව එවුන් පව්!! මට නම් කාලයෙන් ඉඩ ලැබුනොත්, අපිව බලාගන්න සම්යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබුනොත්, ඒ අයට මේ සැරේම සේරම සම්පූර්ණ කරගන්න උදව් කරන්න තිබුන... මොකද එයාල ලොකුමහත් වෙලා, කල්පණා කිරීමේ හැකියාව දියුණු වෙන්න කාලයක් උවමනායි... කරුණු කියා දෙන්න, එයාල ඒවා අවබෝධ කරගන්නත් කාලය අවශ්‍යයි... ඒත් ඉතින් අපිට උවමනා විදියට, අපේ කැමැත්තට අනුව සිදුවෙන දේවල් නෙවෙයි මේ සිද්ධවෙන කිසිම දෙයක්! ඔන්න ඔය shock එක විතරයි මටනම් තියෙන්නේ...
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    machan maxxa ithamath wadagath thread ekak
    digatama liyapan
    +rep
    000204AE.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Great post bro !

    මේ ලෝකෙ අපි කවදහරි මැරෙනවා... අමරණීය කව්රුත් නෑනෙ...
    ඒක නිසා ඉන්න ටිකෙ ජොලියෙන් හිටපල්ලා !
    :rofl: ;)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Great post bro !

    මේ ලෝකෙ අපි කවදහරි මැරෙනවා... අමරණීය කව්රුත් නෑනෙ...
    ඒක නිසා ඉන්න ටිකෙ ජොලියෙන් හිටපල්ලා !
    :rofl: ;)

    ඒයි... upset ! upset !!
    ඉන්න ටිකේ ජොලියේ ඉඳල මෙතනින් quit වෙනවත් එක්කම පුරුදු කරලා තිබුණු ගුණාංග අනුව වෙන තැනක form වෙනවා!!!
    පොඩ්ඩක් හිතපන් ඊළඟට ඉපදෙන්න උනේ කුකුලෙක් වෙලා කියල... එතකොට උඹව කාල වෙන එවුන් ජොලි කරාවි! :baffled::baffled: කැමතිද???
    එතනින් පස්සේ ආයේ තව එකකට set වෙන්න වෙනවා නේ... ඒකෙ හරකෙක් උනොත්? එතනින් පස්සේ ඊඊළඟ එකේ ඌරෙක් උනොත්?? එතනින් පස්සේ ඊඊඊළඟ එකේ එළුවෙක් උනොත්??? ඔය විදියට 'ඊ යනවිට අනන්තයට' උඹට මොකද වෙන්නේ?? :shocked::shocked::shocked: upset නේද?? අන්න ඒකයි seen එක!!
    හිස් අතින් යන්න හිතන්නවත් එපා!!! අඩුම ගනනේ සෝතාපන්න වෙන්න වත් ඕනේ!!! හරිද???
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම forum එකට ආවේ මෙතන කතන්දර ගැන මොන කෙංගෙඩියක්වත් දැනගන නෙවෙයි. ඒ හන්ද මුලින් comments කියන ඒවා ගැන හෙව්වේවත්, බැලුවේවත් නැහැ. පස්සේ පස්සේ තමයි මේ උදවිය අදහස් දක්වන්නේ reps වලින්, comments වලින් කියල තේරුණේ. දැන් බැලුවම ධර්මයට කැමති, මම ලියපුවා අගය කරන සැහෙන පිරිසක් ඉන්නවනේ... හරි සන්තෝසයි!!! මට place එකක් ලැබෙන එක ගැන නම් නෙවෙයි... මොකද මම තත්වයකට ආවනම් ඒ කල්‍යාණ මිත්‍රයින් ගෙන් ධර්මය ලැබුණු හන්ද! කල්‍යාණ මිත්‍රයෝ ඇති උනෙත් ධර්මය හන්ද!! ධර්මය ලෝකයට හෙළිදරව් කරලා දෙන්නේ බුදුරජාණන්වහන්සේ!!! ඉතින් මේ හැමදෙයකම ගෞරවය අපගේ ශාස්තෘන්වහන්සේ, ගෞතම බුදුරජාණන්වහන්සේටමයි!!!

    මට සන්තෝස, මටත් සුලුපිරිසකගේ හරි යහපත වෙනුවෙන් සක්‍රියව යමක් කරන්න පුළුවන් උන/වෙන හන්දයි, 'බුදුසසුන බැබලේවා' කියල වචන ටිකක් කියනවා වෙනුවට actively යමක් කරන්න පුළුවන් වෙච්ච/වෙන හන්දයි තමයි!!! අනික් ප්‍රධානම දේ සත්‍ය ශ්‍රී සද්ධර්මයත් එක්ක එකතුවෙන, ධර්මයට ගරුකරන, ධර්මය අගයකරන පිරිසක් කියන්නේ ලබාපු උතුම්ම වාසනාවේ, 'ක්ෂණ සම්පත්තියේ' (බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා, ණුවනින් කල්පණා කරන්න පුළුවන් හැකියාවකුත් ලැබිල තියන වෙලාවේ, මේ ලෝකයේ තියන දුර්ලභම වාසනාව, බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට හෙළිකරන පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීම!) උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් පිරිසක්!! එකට හිටියොත්, තමනුත් අවන්කවම උත්සහ කලොත්, උනන්දු උනොත්, අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදීම සසරදුකින් නිදහස් වෙන්න උපකාර කරන්න අපිට පුළුවන්!!! jokes නෙවෙයි! නෑ... බෑ... කතාත් මොකවත් valid නැහැ!! අපි ගමන සම්පූර්ණ කරගෙනයි මෙහෙම ඒවාට ආවේ!!! ඛීනා ජාති... වුසිතන් බ්‍රහ්ම චරියං... කතං කරණීයන්... නාපරං ඉත්තත්ථායාති පජානාති!! කියන තත්වයටම ඇවිල්ලයි කියන්න ගත්තේ...

    දැන් රහත් වෙච්ච අය නැහැ... දැන් රහත් වෙන්න බැහැ... වගේ කතා කියන එවුන් තනිකරම බයිලා කාරයෝ!! හරියට බුදුරජාණන්වහන්සේව ආශ්‍රය නොකරපු උදවිය (බුදුරජාණන්වහන්සේව හා ශ්‍රී සද්ධර්මය පිලිනොගත්, විශ්වාස නොකළ, බුදු උපදෙස් නිවැරදි ආකාරයෙන්ම පිලිපැදපු නැති උදවිය) කියන කතා විතරයි!! තමන් හරියටම ධර්මය ඇල්ලුවොත් මේ දැන් උනත් අරහත්වයට පත්වෙන්න පුළුවන්!! ඒකයි සන්දිට්ඨිකයි!! අකාලිකයි!! කියන්නේ... (රහත් වුනේම නැතත් කමක් නැහැ, සෝතාපන්න තත්වයට ආවත් ඒත් ගොඩ) ඕක definitely කරන්න පුළුවන්!!! බය නැතුව වැඩේට බහින්න... අපි ඉන්නවා support එකට. මොකුත් නැති නාස්ති වෙන්නෙත් නැහැ, සල්ලි සත පහක්වත් වියදම් වෙන්නෙත් නැහැ... ඒත් සාර්ථකව අවසන් කරලා නෙලාගන්න 'ඵල' වෙන කිසිම ක්‍රමේකින් ගන්නත් බැහැ! වටිනාකම මනින්නත් බැහැ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං කියලම නේ පටන්ගත්තේ, මොකෙන් පටන්ගත්තත් 'මැක්කා' ගැන රචනාව ලියන එකා වගේ මටත් ලියවෙන්නේ ධර්ම කතාම බව. අන්තිමට Knowing කැලේ... බලමු අදවත් ඒක ගැන ලියන්න!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එදා ඉතින් Knowing හන්ද කචල් එක ඇදුන නේ... මම නාගෙන කරගෙන ගෙට එනකොට නංගි අඬනවා... අයිය බුකෝගන පැත්තකට වෙලා ඉන්නවා... සීය නංගිව නලවනවා 'ඕව බොරු කතා ළමයෝ, එහෙම වෙන්නේ නැහැ දැම්ම... ඒවා තව ගොඩක් කල් ගිහිල්ල වෙන දේවල්...' කිය කියා. ගෙට ඇවිල්ල විස්තර දැනගත්තමයි මට කතන්දරේ තේරුණේ... කට්ටියට සමහරවිට මාත් එක්ක 'මල පැනල' ඉන්න ඇත්තේ... ඒත් ඒකෙන් ඇති වැඩක් තියනවය? මොකෝ ලෝක විනාසේ මම කරන එකක්යැ?? අනික් අතට තම තමන් කොහොම හිතාගෙන, හිත් සනසගෙන / නලවගෙන උන්නත්, ඇත්තටම ලොකු case එකක් උනොත් තමන් බේරෙන්න කියලද?? පිස්සු!! ...පස්සේ ඉතින් මම 'පොඩි ඩබල' කාමරේට කතා කරගත්ත. මං ළඟ ඉන්නකොට උන්ට අඬන්න / බුකෝගන ඉන්න අමාරුයි... කොහොමහරි කොමිටල් කරලා, උන්ගේ හිත් හදල, 'fit' කරලා ගන්නවා! හැබැයි බොරුවෙන් නැළවිලි මං ළඟ නැහැ... උන් මාව හොඳට දන්නවා! මගේ එවුන් නේ!! දෙයක් කරනවයි කිව්වොත් අනිවාර්යයෙන් කරනවා... මොකක් හරි අරන්දෙනවා කිව්වොත් sure එකටම හම්බවෙනවා කියල දන්නවා... ඒ හන්ද මාත් එක්ක හොඳ fit!! හැබැයි ඉතින් මේ ඇදිල ආවේ හෙණම හෙණ 'අංජබජල්' කතන්දරයක් නේ... මහ එවුනුත් upset වෙද්දී පොඩි එවුන් ගැන මොනවා කතාකරන්නද?? දැන් ඉතින් 'පොඩිතැන' ගෙන් ප්‍රශ්ණ වැලයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මුලින්ම ඇහුවේ 'තාත්තේ ඇත්තටම ලෝකේ විනාසවෙනවද? එතකොට අපි ඔක්කම මැරෙනවද?' කියල... දීපල්ලකෝ ඉතින් උත්තර! මේ ප්‍රශ්ණ ඔයාලගෙන් ඇහුවනම් කොහොමද උත්තර දෙන්නේ? මෙන්න මේවත් හොඳටම මතක තියාගන්න ඕනේ... ළමයට අයිතියක් තියනවා එයාට ඕනේ දෙයක්, එයාට උවමණා විදියට අහල දැනගන්න! අම්මල තාත්තල තීරණය කරන්න ගියොත්, 'මේවා එයා දැනගත්තට කමක් නැහැ... මේවා එයා දැනගන්න ඕනේ නැහැ...' එහෙම කියල, ඒක වැරදියි! තමන්ගේ ළමය කියලත් තමන්ට ඕනේ ඕනේ විදියට 'නටවන්න' පාලනයකරන්න හිතුවොත් එහෙම්පිටින් upset!! තම තමන් අහල, ඉගෙනගෙන තියන නැත්නම් එක එක්කෙනා කියන විදියට නෙවෙයි, බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට අනුව, පරම සත්‍යයට අනුවයි හරිනම් ළමයින්ව හැදිය යුත්තේ!!! මොකද ඒ හැමෝම තනි තනියෙන් සංසාරේ අතරමන් වෙලා එන ගමනේ, එයාල කරපු පින් අනුව ලබාපු ජීවිතයක් තමයි මේ හැම ළමයෙකුටම තියෙන්නේ!! නැතුව අපිට අයිති, අපේ යටතේ තියන, අපේ බුදල් මොකවත් නෙවෙයි ළමයි කියන්නේ!! තේරුණාද? මෙහෙම හිතිලවත් තියනවද?? බුදුරජාණන්වහන්සේ පුංචි රාහුල හමුදුරුවොන්ට උපදෙස් දීපු විදිය මතකයි නේ... අන්න ඒ විදිය තමයි හරිවිදිය!! නැත්නම් වෙන්නේ මේ අවුරුදු 50-60 ක් වගේ සුළුකාලෙකට එයාලට (ළමයින්ට) ලැබිච්ච වටිනා මනුස්ස ජීවිත, වෙන වෙන දේවල්වලට යොමුවෙලා, නැති නාස්ති වෙලා යන එක තමයි!! කොයි දේ කොහොම උනත් සංසර ගමනේ භයානක කම අඩුවෙන්නේ නැහැ!!! මේ බුද්ධ සාසනයක පිළිසරණය ලැබිච්ච අතිශයින්ම දුර්ලභ වෙලාවේ, සසර දුකින් ගැලවෙන්න අවශ්‍ය කටයුතු කරගැනීම තමයි වඩාත්ම වැදගත්!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේඔය Knowing පැත්තක දාමුකෝ. ගෙනෙල්ල බලන්න The Final Destination 1 2 3 4 .

    එකේ තියෙන්නේ ඒක ඒක පුද්ගලයාට මරණය ලගාවෙන හැටි. සමහර කටිටිය රිය අනතුරු, plane crash, fire වලින් බේරෙනවා, එත් ඊට පස්සේ මොනා හරි වෙලා මැරෙනවා, මැරෙන්නෙත් disgusting විදිහට. පුදුම විදිහට අපිට ජීවිතය ගැන අලුතින් හිතන්න පුරුදු කරන film series එකක්. මරණය ලං වුන වෙලාවට මොනවත් කරලා බේරෙන්න බැහැ. මාර විදිහට අපි ජීවිතය ගැන හිතන්න ගන්නවා ඔය ෆිල්ම් ඒක බැලුවොත්.

    Final Destination 1


    http://thepiratebay.org/torrent/5115576/Final.Destination.1[2000]High_Quality-DvDrip[Eng]-By-VISH



    Final Destination 2


    http://thepiratebay.org/torrent/6056752/The_Final_Destination_2_(2003)_HDRip_x264_-_400MB_-_YIFY


    Final Destination 3


    http://thepiratebay.org/torrent/6056759/The_Final_Destination_3_(2006)_HDRip_x264_-_400MB_-_YIFY



    Final Destination 4


    http://thepiratebay.org/torrent/5184750/The_Final_Destination_4_(2009)_DVDRip_XviD-MAX


    WARNING

    හැබැයි මේක ඔයාගේ දුවයි පුතයි එක්ක එහෙම බලන්න එපා, මොකද ඒවගේ ඉන්නවා උක්කුං දෙක එලියට දාගත්ත අක්කල නංගිලා එහෙම. :D:rofl::rofl::D:D

    (හැබැයි උක්කුං දෙක විතරයි, ඒක හින්දා කමක් නෑ මගේ හිතේ):D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ඔය Knowing පැත්තක දාමුකෝ...

    කොලුවෝ මේ වගේ ඒවාට මගේ එච්චර කැමැත්තක් නැහැ!! පුළුවන් නම් මැරෙන මැරෙන මිනිස්සු සත්තු පෙරේතයෝ හැටියට ඉපදිලා කරන කියන දේවල් පෙන්වන film ටිකක් හොයල කියපන්!! තව අපායේ කතන්දර තියන films එහෙම... කුක්කු නෙවෙයි ඔක්කොම එළියේ දාගෙන ඉන්න ඒවා උනත් කමක් නැහැ එහෙම films තියනවා නම්!! ඇත්තටම ඒ ලෝකවල ඉන්න වෙන්නෙත් හෙලුවෙන්ම තමයි, මේ දැන් වහගෙන දැඟලුවට.:growl:
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    harima santhosai, aththatama api me sansare ataraman wela neda kiyala samahara welawata hitenawa, aththatama ataraman wela neda api me inne, ohe ibagathe yanawa, awsanayak naha, asawa nisa allagena innawa,
    samahara welawata hari oluwa kakkumak enne mewa gana kalapana karanna giyama.........
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    harima santhosai, aththatama api me sansare ataraman wela neda kiyala samahara welawata hitenawa, aththatama ataraman wela neda api me inne, ohe ibagathe yanawa, awsanayak naha, asawa nisa allagena innawa,
    samahara welawata hari oluwa kakkumak enne mewa gana kalapana karanna giyama.........

    oya me kiyapu tika hithata ekangawama kiwwa nam, bokkenma watahilaama kiwwa nam oya goda yanna ready ne yalu!! aaye mokuth saka thiyaganna epa.

    me owa hithala oluwa kakkuma enawanam e oya hithapu widiye prashnayak handayi. anika hithanna awashya karunu tika hariyata dhaaranaya karagena niwaradi aakaarayata wade patan gaththa nam Rahathwenawa, Niwan awabodha karanawa kiyanne me mahamerak tharam loku case ekakuth neweyi. minissunta pahadili awabodhayak nathuwa, nikam ohe kiyawa kiyawa inna mathrukawak witharak wechcha handayi mewa amaaru!! aththata uwamanawen atha gahuwa nam Buduhamuduruwon wayi, Sri Saddharmayayi gana thiyana wishwasaya hollanna bari widiyata dadiwa godanagaa gaththa nam, wena hitha hitha inna deyak naha yalu.

    awanka uwamanawakin yomuwenawa nam mama udaw karanawa one kenekuta!! habayi ithin thamanta loku wada kotasak karanna thiyanwa. awankawa, viwruthawa katayuthu karannath one. hithe ekayi, kate ekayi, bade ekayi... evath baha!