මේක අතහැරිලා ගියාට ලියන්න හිතපුව නම් මතකයි... ඒත් ලියන්න කම්මැලියි කම්මැලියි වගේ උනා. අහන්න දකින්න වෙන හුඟක් දේවල් වලින් වෙන්නේ සේරම එපා වෙන එකමයි! ඉතින් ලියන්න fit එකක් නැහැ... ඉස්සරහ case කියන එක ගොඩක් දුරට හරි වගේ නේද? මේ වෙලාවේ ජපානේ කොහොම ඇත්ද? ඒ මිනිස්සු කලින් දැනුවත් වෙලා, අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියන හන්ද ජීවිත හානි නම් අඩුයි. මෙහෙ ඔහොම උනානම් කොහොමට හිටීද? අනික, දැන් ඔයවගේ කරදරයක් වේගන එද්දී යන්න තැනක්, ආරක්ෂාව වෙනුවෙන් කරන්න දෙයක් දෙයක් තියනවනම් නේ බේරෙන්න ලැබෙන්නේ... ඒත් ආරක්ෂාවෙලා ඉන්න තැනක් නැතිඋනොත් එතකොට?? නැත්නම් කට්ටියම ආරක්ෂාවට කියල එකතුවෙච්ච තැනක ඔක්කොම flat වෙන්න පොලව හෙල්ලිලා හෙල්ලිලා ගියොත් කොහොමද?? හුඟ දෙනෙක් මේවා කල්පණා කරන එකක් නැහැ. ඔහේ film එකක්, match එකක් බලාගෙන, ඉන්න ටිකේ 'ආතල්' එකේ ඉන්න එකනේ ඕනේ... නැද්ද? අනේ මන්ද... වෙලාවකට හිතෙනනවා ඈතට ඈතට දකින්න, හිතන්න පුළුවන් වෙච්ච එක මහා ලෙඩක් කියලත්! ඒත් ඉතින් එහෙම හිතෙන්නේ 'මොට්ට විදියට' ටිකක් කල්පණා කරන් කරන් යනකොට තමයි! නැත්නම් තේරෙන්නේ එහෙම ලබපු හැකියාවේ වටිනා කමම තමයි! බුදුහාමුදුරුවෝ "ප්‍රඥා නරානං රතනං...!" කිව්වේ එකනේ... මට ඔය Knowing film එක බලලත් ආවේ ඔන්න ඔය විදියට බොහොම deep හිතුවම දකින්න තියන දේ, 'හරය' ගැන තමයි. ඒක දෙබසක් දෙබසක් ගානේ අහල, පෙන්වන පෙන්වන හැම seen එකක් ගනනෙම බලල ගන්න බැහැ!! අහපු දැකපුව කල්පණා කරකර මේ මනුස්සය මොකද්ද මේ කියන්න ඇත්තේ... මොකද්ද මේකෙන් දෙන්න අදහස් කරන්න ඇත්තේ කියල කල්පණා කරනකොට තමයි 'පේන්න' ගන්නේ...