බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කතාවේදී Cage මහත්තය දාපු try එක කොහොමද? එයාට ඕකට ඔච්චර නහින්න උවමනාවක් ඇත්තෙම නැහැනේ... විසිකරලා දාල නිකම් ඉන්න තිබුනනේ! අපේ අය නම් හුඟදෙනෙක් කරන්නේ එහෙමනේ! අපේ අය හුඟක් වෙලාවට අහුවෙන්නේ පිටින් පේන දේට! අවධානයෙන් බලල, දුර දිගට කල්පණා කරලා නෙවෙයි හුඟක් දේවල් තීරණය කරන්නේ!! හුඟදෙනෙක් තමන්ගේ මතයට ගැලපෙන, තමන් කැමති විදියට තියන දේවල් අගය කර කර අනික් ඒවාට නිග්‍රහ කරකර, බැණ බැණ ඉන්න එක තමයි කරන්නේ. ඒ නැතුව කවුරුවත් තමන්ගේ අඩුපාඩු, තමන්ගේ වැරදි දකින්නේ නැහැ! හිතන්නෙම තමන් හරි!! තමන්ට හිතෙන එක තමයි හරි!! අනික් උදවිය වැරදියි, අනික් දේවල් තමයි වැරදි!! කියලයි.

    හැබැයි මෙයා, එයාගේ තියන නිහතමානී කම හන්ද, කල්පණා කලේ 'මේක මොකක් හරි වැදගත් යමක් වෙන්නම ඇති! මට එක නොතේරෙනවා විතරයි... කොහොමහරි මේක තේරුම්ගන්න උත්සහ කරන්න ඕනේ...' වගේ අදහසකින් තමයි! ඒ හන්දනේ අර ඉලක්කම් වෙන වෙනම ලියාගෙන, ගොඩවල් වෙන්කර කර බලල, තේරුමක් ඇතිවෙන විදියට හදාගන්න පුළුවන් උනේ. අන්තිමේ එයා උත්සාහයේ ප්‍රතිඵලයක් දැක්කනේ. ඒ සේරම හැකියාව ලැබුණේ නිවැරදිව කල්පණා කරපු හන්දයි, නොපසුබට උත්සාහය හන්දයි නේ??

    ඔන්න ඔය කරුණු ටික තමයි අපි කාට කාටත් වැදගත්!!! අපි කවුරුවත් සේරම දන්න, 100% නිවැරදි උදවිය නෙවෙයි නේ... නොදන්න දේවල් ඉගෙනගන්න, අපේ අඩුපාඩු හදාගන්න, අපිටම යහපතක් කරගන්න නම් නිහතමානීව අන් අය කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න වෙනවා... පිළිගන්න වෙනවා! අහන දකින දේවල් වලට අවධානය යොමුකරන්න වෙනවා! වැදගත් දෙයක් තමන්ට දැනගන්න අවබෝධ කරගන්න නම් ඒ වෙනුවෙන් මහන්සිවෙන්න, කැපවෙන්න වෙනවා! ප්‍රතිඵලයක් ලැබෙන තෙක් උත්සාහය අතහරින්නත් හොඳ නැහැ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කතාවේ නම් Cage මහත්තය උත්සහ කරලා කරලා අල්ලගත්තු දෙය නිකම් පුස්සක් වගේ උනා නේ... ඇයි, නිකම් information දැනගන්න ඒක ප්‍රයෝජනවත් උනාට, ඒකෙන් වැඩක් ගන්න, යම් ප්‍රයෝජනයක් ගන්න, අඩුම ගනනේ ඒ වෙනකොට අනාගතයේ වෙන්න තිබුණු දෙයක් වෙනස් කරන්නවත් ඒකෙන් හැකියාවක් ලැබුණේ නැහැනේ... මේක හරියට නිකම් අපේ 'කේන්දර' වගේ කතාවක්! කේන්දරෙන්, (ඒ subject එක හොඳටම master කරපු කෙනෙකුට) පුළුවන් සැහෙන නිවැරදිව කතන්දර ගොඩක් දැනගන්න, බලාගන්න, කියන්න!! ඒත් හැබැයි කෙන්දරේට අනුව පිළියම් කරලා බැහැ ප්‍රශ්ණ විසඳන්න!! මොකද ප්‍රශ්ණෙට හේතුව තියෙන්නේ වෙන තැනක. ඒ හේතුව හරිගස්වනකම් ප්‍රශ්ණේ ඉවරයක් වෙන්නේ නැහැ!! ඒක හරියට අර sub way එකේදී වෙනවා කියල තිබිච්ච disaster එක නවත්වන්න දරපු උත්සාහය වගේ වැඩක්... simply හරියන්නේ නැහැ!! ඉපදුනොත් මැරෙන්න වෙනවම නේ... අන්න ඒ වගේ!!

    ඒක නෙවෙයි, දැන් මේ කතාවේ වගේම සිදුවීම් ගොඩක් ගැන මේවෙනකොට අපිටත් අහන්න ලැබිල තියනවා... සුනාමි, භූමිකම්පා, ලැව්ගිනි වගේ ඒවා. දැන් ඒවා ඉතින් අතීතයට අයිති කතන්දර හන්ද අවුලක් නැහැ කියමු! ඒ හන්ද 2012 ගැන මොනවා කිව්වත් එච්චර ගානක් නැහැ!! එහෙම නේද?? කතාවෙදිත් උනේ එහෙම්මම නේ... මුලින් මුලින් තිබුන සේරම අතීත සිදුවීම්. google කරලා තමයි විස්තර හොයාගත්තේ. අර plane crash එක ඇස්පනාපිට උනායින් පස්සේ තමයි හීතල වෙලා ගියේ... Cage මහත්තයට අනාගතේ පේන්න ගත්තනේ... දැන් අපිටත් හොඳට රිදෙන්න එකක් දෙකක් වැදුන නම් කොහොමට හිටීද?? ආතල් දෙකොනින් බේරෙන්න ගනීවි... නේද?

    හැබැයි අර කතාවේදී එක දෙයක් දැක්ක! කොච්චර උනත් අනාගතේට වෙන්න තියන විපතක් වලක්වන්න ලොකු උත්සහයක් දරණව පෙන්නුවා අර sub way එකේදී... (වෙන්න තියන එක වෙනස්කරන්න බැහැ, වලක්වන්න බැහැ කියන ඒවා පොඩ්ඩක් පැත්තකින් තියමු) හැබැයි මටනම් සැකයි මේකේ ඉන්න වැඩිහරියක් එවුන් නම් එහෙම වත් කරන්න උත්සහ කරාවිද කියල...
    මේ රටේ වැඩි හරියක් අහන්න දකින්න තියෙන්නේ, වැඩක් කරන හරි එවුන් අඩුයි! වැඩි හරියක් ඉන්නේ වැඩක් කරන්නෙත් නැති, කරන එකෙකුට කරන්න දෙන්නෙත් නැති, කකුලෙන් අදින, වැරදීම හොය හොය බැණ බැණ ඉන්න පිරිසක් නේ... මන් හිතන්නේ උන් 2012 සිද්ධවෙන ඕනෙම disaster එකක් මහින්දගේ account එකටම දාවි! දැනටත් ඕනෙම එකකට මහින්ද, නැත්නම් සහෝදර සමාගම... කොච්චර රස byte එකක්ද??
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    1.gif
    1.gif
    1.gif
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතන මේ මුළු ප්‍රබන්ධයම සාමාන්‍ය මනුස්සයෙක් හිතල ගොතපු කතාවක් විතරනේ... ඉතින් එයා ඉගෙනගෙන තියන දේවල් අනුව, එයාට ඉගෙනගන්න ලැබිල තියන දේවල් වලට අනුව, ඉස්සරහට මෙහෙම මෙහෙම දේවල් වලට මුනදෙන්න වෙන්න පුළුවන්... අන්න ඒකහන්ද මෙහෙම මෙහෙම කරන්න!! කියල උපදේශයක් දෙන්න, කලයුතුදෙයක් ගැන කියන්න එයාට පුළුවන් වෙලා නැහැ!! ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙකුට ඔයවගේ මහාපරිමාණ ස්වභාවික ව්‍යසනයක් කියන්නේ ආයේ කතාකරන්න තියා, මොකුත් හිතාගන්න වත් බැරිවෙන අවස්ථාවක්! ඒත් බුද්ධිමත්, ණුවනින් කල්පනා කිරීමේ හැකියාව හොඳින් තියන කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම ඇතිවන අදහස තමයි, මෙහෙම මෙහෙම සේරම ඉවරවෙලා යන්න නියමිත නම් මොකද්ද මේ කරන කියන දේවල්වල තියන ඵලේ කියන එක!! ඔයාලට එහෙම හිතුනේ නැද්ද?? නැත්නම් ඒක නම් ලොකු අඩුවක්!! දැක්කද කතාවේදී Cage මහත්තය ඔයගැන කල්පනාවෙලා, එහෙම්පිටින්ම upset වෙන තත්වෙටම ආව පෙන්නුවා? එහෙම්පිටින්ම stuck වෙලා තත්පර ගණනක් මොකුත් කතා බතා නැතුව ගියේ... මතකද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය උදවිය මේ වගේ මාතෘකා ගැන කතාකරනවද? කතාකරන්න තිය අහන්නවත් කැමති නැද්ද කියල මම දන්නේ නැහැ!! හැබැයි මමනම් මේවම තමයි කතාකරන්නේ... මොකද මොහොතකට, නැත්නම් ටික කාලෙකට හිත් සනසන / නලවන දේවල් කරලා... නැත්නම් හොඳනම ගන්න, ප්‍රසිද්ධවෙන්න, පිරිස එකතුකරගන්න පුළුවන් වෙන විදියට කට්ටියට 'ආතල්' දීල, ජාතික අපරාධ කරන්න මට බැහැ!! දැන් මමත් 'ඇත්ත' හොඳටම දන්න උදවියගෙන් කෙනෙක්... ඇත්ත හරීම තිත්තයි!! ඒත් කොච්චර තිත්ත උනත් ඒ ඇත්ත හොඳින්ම අවබෝධ කරගෙන, තනි තනියෙන්ම උත්සහ කරලා ගොඩයන්නයි අපිට වෙලා තියෙන්නේ... ඉතින් ඕනෙම කෙනෙකුට කොච්චර හිත් රිදුනත්, කොච්චර දුක හිතුනත්, ඇත්ත දැනගැනීමට උපකාර වෙන, ඇත්ත අවබෝධ වෙන්න උපකාර වෙන දේවල්ම තමයි අපි කියන්නේ.

    මෙහෙම thread එකක් කරන්න අදහසක් වත් තිබුනේ නැහැ! ඒත් අර කලින් අහපු ප්‍රශ්ණේ, 'මේ සේරම ඉවරයක් වෙලා යනවනම් අපි කරන කියන දේවල් වල ඇති ප්‍රයෝජනේ මොකද්ද?' කියල මට ලමයින්ගෙන්ම ආව!! මට ඉන්නේ අයියයි නංගියි දෙන්නෙක්. අයිය ලොකුයි 12+ නංගි තාම පොඩියි 8+. මම මේ Knowing film එක ගෙදර ගෙනාපු දවසේ එයාලත් චුට්ටක් බැලුව ඒක. අන්තිමේ අයිය නංගිව byte කරලා හෙණ upset එකක් වෙලා... නංගි පව්! එයා හොඳටෝම අඬනව. ඉතින් මොකද කරන්නේ?? මේ තාම අනතුරක ඉවක් වැටිලා විතරයි... කොහොමද ඇත්තටම seen එක වෙන්න ගත්තොත්? කොහොමත් දුක්විඳින්න වෙන, කොහොමත් අඬන්න වෙන දෙයකදී, කාව උනත්, නලවන්න නැත්නම් shape කරන්න ඔයාල කාටවත්ම පුලුවන්ද??? මටනම් දැන් මේවා සම්බන්ධ ප්‍රශ්ණ මොකවත්ම නැහැ!! අහනවා නම්, පිලිගන්නවා නම්, ඕනෙම කෙනෙකුට මේ දුක් මැද්දෙන් ජීවිතේ නියම ජයග්‍රහණය ලබන්නම කියල දෙන්න පුළුවන්!! ඒත් හුඟක් අය හිතන්නේ, කල්පණා කරන්නෙම මහා මොට්ට, මෝල් විදියට. ඒකට මොකද කරන්නේ?? ගෙදර අයට නම්, මෙහෙම film එකක් ගෙනත් පෙන්නුවා කියන එකයි අන්තිමට වැරැද්ද. ඔයාලට මෙහෙම දේවල් වෙලා නැද්ද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි එක එක්කෙනා දන්න දේවල්, ඉගෙනගත්තු දේවල් වෙනස්. කොච්චර ලොකු වැදගත් පුද්ගලයෙකුට උනත් තමන් අහල, දැකල, ඉගෙනගෙන නැති දෙයක් ගැන කිසිම දැණුමක්, අවබෝධයක් ඇත්තේ නැහැ. ඒත් අපේ මේ ජීවිත සම්බන්ධව, මේ ලෝකයේ සිදුවන සිදුවීම් ගැන බුද්ධ දේශනාවල ගොඩාක් විස්තර සඳහන් වෙනවා. ඒවා ඉගෙනගන්න බොහොමයක් පිරිස උනන්දු නොවෙන එක විතරයි එකම අවුල!! ඒත් අපි ඒවා ඉගෙනගත්ත... හොඳටම තේරුම්ගත්තා... ඉතින් දැන් කොහොමද බොරු කරන්නේ? ළමයෙකුට උනත් බොරුවක් කියන්නේ?? අනික අපිට හැබෑ ජීවිතයේදී, යක්ෂ / පෙරේත ලෝකයේ උදවියගේ වැඩ අහන්න, දකින්න විතරක් නෙවෙයි... ඒ උදවිය එක්ක කතාකරන්නත් ලැබිල තියෙනවා. දැන් නම් jokes මොකවත් නැහැ... ජීවිත ගැන, ඒවාට තියන අනතුර ගැන හොඳටම දන්නවා. කාට උනත් ඇත්ත කියල, පෙන්වල බේරෙන්න කියල දෙන්නම තමයි හිත කියන්නේ... නැතුව කාටවත් තව කෙනෙක්ව බේරන්න, වගේ දෙයක් කරන්න බැහැ!
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    එල එල. දිගටම ලියමු.
    හරවත් විදියට ලියනවා. නරකද බ්ලොග් එකක් ලිවොත්?
    මේ වගේ අවබෝධයෙන් ධර්මය දකින මිනිස්සු අඩුයි අද කාලේ.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    mamath godak dewal gana hituwa me loke gana.eth antimata mata pissu hadenna awa hinda owa hitana eka tika kalekata nawattuwa.eth mage karumeta ewa gana dana ganna mara asawak enne.mata tiyena lokuma prashanaya tamai sakaya.hama de ganama sakaya ati wenawa.samahara welawata buduhamuduruwo kiyana concept eka ganaath saka ati wenawa.ekata hetuwa mahayana darmaya gana dana gattu hinda.a unath godak welawata teruwan tamai wiswasa karanne.apitath kiyala dennako saho me kelawarak nati sansaren goda yana hati oya dannawa nam.mata welawataka hitanawa api kauru hari program karapu robbots la tikak da kiyalath.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mamath godak dewal gana hituwa me loke gana...

    යාලු, ලෝකේ ගැන හිතන්න ගිහින් පිස්සු හැදිලා කියන්නේ... ඔයා හිතල තියෙන්නේ පිස්සු හැදෙන විදියටද කොහෙද! ඇයි දන්නවද? වැඩේ හරියට point එකෙන් අල්ලගත්ත නම් අවුල් හිටින්නේ නැහැ... යන්න යන්න පැහැදිලිවෙනවා!! මහායාන කතන්දර අල්ලලා දාන්නකෝ... ඇත්ත හොඳටම දැක්ක අපිට, ඔය බොරු මනස්ගාත සත පහකට වත් වැඩක් නැති පිස්සු කතන්දර කියල බය නැතුව කියන්න පුළුවන්!! හිතන්නකෝ කොහේ හරි යන්න ගිහිල්ල පාර වැරදිලා වෙන පැත්තකට යැවිල තියෙන්නේ කියල... එහෙමනම් මොකද කරන්න ඕනේ? ආයි ආපස්සට එන්න මුලට. ඇවිත් හරි පාරේ හරි විදියට යන්න. වැරදියට ඉගෙනගත්තු දේවල් එහෙම්මම අමතක කරලා දාන්න!! ඒවා ඔළුගෙඩි අස්සේ තියාගෙන බැහැ... කරදරයි. මේ... ඔයා කියපු විදියට මේ 'අපි' නැත්නම් සත්වයෝ කියන්නේ program වලින් දුවන robots ල වගයක්ම තමයි බැලුවම!! හැබැයි කවුරුවත් program කරලා නෙවෙයි... උන්ගේ program එක පටන්ගත්තු තැනම 'අංජ බජල්' වෙලා!! කාට කාටත් තම තමන්ට ලැබිල තියන program එකේ bugs හදාගෙන, නිවැරදි කරගන්න තමයි තියෙන්නේ...

    ගොඩක්ම interesting නම් පොඩ්ඩක් බලන්නකෝ religious section එක. ඒකෙ thread එකක් කරලා තියෙන්නේ 0 ඉඳන් අනන්තයටම යන්න!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුදු බණ අමූලික ඇත්ත. එච්චරයි මම දන්නේ.
    කවදා හරි බුදු කෙනෙකුගේ වමත් සව් කෙනෙක් වෙලා නිවන් දකින එක මගේ එකම ප්‍රාර්ථනාව.
    for sure. It will happen.
    +7
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කවදා හරි බුදු කෙනෙකුගේ වමත් සව් කෙනෙක් වෙලා නිවන් දකින එක මගේ එකම ප්‍රාර්ථනාව.
    for sure. It will happen.

    ඔයා මෙහෙම හිතුවට, ප්‍රාර්ථනාවක් තිබු පමණින් අදහස ඉටුවෙයි කියල එකක් නැහැ නේ... අනික කවද හරි ඔයා හිතාගෙන ඉන්න විදියට වෙනකම් බලන් ඉන්න ගියාම තව කීපාරක් මැරි මැරී... ඉපදි ඉපදී... යන්න වෙයිද? එහෙම නෙවෙයි!! ඔය 'සව්' කතාව අතහැරලා, මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම ණිවන් අවබෝධ කරනවා! කියල අධිෂ්ඨාන කරගෙන, දැන් ඉඳලම ක්‍රියාත්මක උනොත්, අන්න great !!
     
    • Like
    Reactions: djtek

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා මෙහෙම හිතුවට, ප්‍රාර්ථනාවක් තිබු පමණින් අදහස ඉටුවෙයි කියල එකක් නැහැ නේ... අනික කවද හරි ඔයා හිතාගෙන ඉන්න විදියට වෙනකම් බලන් ඉන්න ගියාම තව කීපාරක් මැරි මැරී... ඉපදි ඉපදී... යන්න වෙයිද? එහෙම නෙවෙයි!! ඔය 'සව්' කතාව අතහැරලා, මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම ණිවන් අවබෝධ කරනවා! කියල අධිෂ්ඨාන කරගෙන, දැන් ඉඳලම ක්‍රියාත්මක උනොත්, අන්න great !!

    එහෙම වෙයි කිඅලා හිතන්න අමාරුයි. ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කරගන්නවා කියන එක ඔය සහෝදරයා හිතනවා වගේ කඩේකින් ඉන්ස්ටන්ට් බඩුවක් ගන්නවා වගේ ලේසියි කියලාද හිතන් ඉන්නේ. :nerd:
    ඔයා හිතනවාට වඩා ගොඩාක් අමාරු දෙයක් ඒක. වර්තමානයේ සෝවාන් ඵල ලාභී උත්තමයන් ඉන්න පුළුවන්. ඒත් අරහත් ඵල ලබාගෙන නිවන අවබෝධ කරන ලද අය ඉන්නවාද කියන එක නම් සැකයක්.
    සහෝදරයාට හිතෙන්න පුළුවන් මගේ මේ අධිෂ්ඨානය මේ ඊයේ පෙරේදා මගේ හිතට ආපු දෙයක් කියලා. එහෙම හිතනවා නම් ඔයා සම්පූර්ණයෙන්ම වැරදී. මම පොඩි කාලේ ඉඳලාම මහ මුගලන් හාමුදුරුවන්ට ගොඩාක් ගරු කලා. උන් වහන්සේගේ චරිතාප්‍රධානය මට එලකිරියේ ලියනවා නම් මාසයක් විතර ලියන්න කරුණු මගේ ගාව තියනවා. ඒත් දැන් එලකිරියේ සක්‍රීය වැඩ වලින් මම ටිකක් ඈත් වෙලා ඉන්න නිසා මට වෙලාවක් නෑ. උන් වහන්සේත් ගෞතම බුද්ධ සාසනයේ බුදුරජානන් වහන්සේගේ වමත් සව් වෙන්න පෙරුම් පිරුවේ ආත්ම ගනනාවකට කලින් ඉඳලා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කරගන්නවා කියන එක ඔය සහෝදරයා හිතනවා වගේ කඩේකින් ඉන්ස්ටන්ට් බඩුවක් ගන්නවා වගේ ලේසියි කියලාද හිතන් ඉන්නේ. :nerd:

    ගෞතම බුදුරජාණන්වහන්සේම දේශනා කොට වදාළ 'ධාතු විභංඝ සුත්‍රය' / 'මාලුන්ඛ්‍යපුත්ත සුත්‍රය' / 'පරිවිමන්සන සුත්‍රය' / 'බීජ සුත්‍රය' වගේ ඒවා ටිකක්, ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම සද්ධර්මශ්‍රවණය / සවන් යොමුකිරීම / අවබෝධයෙහි හිත පිහිටුවා ගැනීම / අදාළ දේ ගැනීම / අදාළ නැතිදේ බැහැර කිරීම / තමන්ට ගලපා ගැනීම කියන කරුණු 6න් යුක්තව අහල බලන්න!!