බැසිල්ගේ යයි කී මල්වාන නිවසින් අධිකරණ ඇමති වැඩක් ගන්න යයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,990
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් නඩු තීන්දුවක් මගින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබු මල්වාන නිවස කිසියම් ඵලදායි රජයේ කටයුත්තක් වෙනුවෙන් යොදාගතහැකදැයි සොයා බැලීමට හා ඒ ගැන නිරීක්ෂණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (21) පස්වරුවේ එම නිවස පිහිටි පරිශ්‍රයට යාමට නියමිත බව වාර්තා වෙයි.

    එම පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.


    හිටපු ඇමතිවරයෙකු වූ බැසිල් රාජපක්ෂගේ මුදල් වලින් ඔහුගේ සහෝදරියකගේ සැමියා මිල ගෙන තිබූ බවට මෙම නිවාස ගැන කතා පැවතිණි.
    රජයේ මුදල් අවභාවිත කරමින් මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් කලකට ඉහත විශාල ආන්දෝලනයක් හටගත් අතර මුදල් විශුද්ධිකරණයට ලක්කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරු නඩේසන් මහතාට චෝදනා එල්ල විය.
    නමුත් මෙම නිවසේ අයිතිය සම්බන්ධයෙන් පැමිණිලි කළ අයම තමන් කළ පැමිණිල්ල බලපෑම් මත කළ බොරු පැමිණිල්ලක් යයි ප්‍රකාශ කිරීම නිසා



    ගොනුකර තිබුණු නඩුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන්ව නිදොස්කොට නිදහස් කරන ලද්දේ 2022 ජුනි මාසයේය.
    කෙසේ වෙතත් ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එහි අයිති කරුවෙකු ඉදිරිපත් නොවීම නිසා අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබුවේය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අධිකරණ ඇමති වැඩක් ගන්න යයි​


    Thinking Reaction GIF by Red Fang
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලින් අනුරය අයියා ඕක හැදුවා වෙන්න බැරිද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒකෙ ඔන්ලයින් මයිනා බලකායක් දානව කියල ඉල්ලගනිං. @2osama 8000ට අමතරව මඤ්ඤොක්කා වගාවක් හරි දාගෙන කීයක් හරි හොයාගන්න පුලුවන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේකේ ළමා නිවාසයක් හරි මහලු නිවාසයක් හරි දාන්න ඕන හරි නම්.