බැසිල් ගේ හොඳ වැඩක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සුලභව භාවිතා කරන ඖෂධ 2ක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම අද දින සිදු වූ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඖෂධ ද්විත්වය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනැමීය.

    දේශප්‍රේමී රජයක් බිහි කිරීමට මග පෑදූ බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන තීරණ මෙහිදී විශේෂ ඇගයීමකට ලක් වූ අතර ඒ සංඛේතවත් කරමින් විශේෂ සමරු තිළිණයක්ද ලබා දෙනු ලැබිණි.

    ඖෂධ නිෂ්පාදන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යංශයේ කටයුතු ඇගයීමට ලක් කල බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් අර්බුධය තාවකාලික එකක් බවත් සති කිහිපයකින් එය විසදන බවත් පැවසීය.

    ඖෂධ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කිරීමට එක්වූ බැසිල් රාජපක්ෂ මහතා පැය කිහිපයක් එහි අංශයෙන් අංශයට යමින් තොරතුරු විමසීය.

    රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රත්මලානේ ධම්මික තිසේරා

    ඔය වගේ අත්‍යාවශ්‍ය බේත් ටිකයි බල ශක්ති අවශ්‍යතාවයයි රට ඇතුලේ පිරිමහ ගන්න පුළුවන් නම්
    අනික් එව්වා නැතත් අපට ඩොලර් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි නේ


    100% කොමිස් ගත්තත් කමක් නෑ මෙහෙම වැඩක් කරලා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තයිරොක්සීන් නෑ කියල මේකේ ත්‍රෙඩ් වගයක් දැක්ක ගිය ටිකේ ඵහෙනම් මේකයි හේතුව.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    20210629_133540.JPG
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට වැඩක් කරන මිනිස්සුන්ට කොමිස් කතා කියල මඩ ගහන්ඩ එපා..කොමිස් ගහනවනම් ඔප්පු කරපන් එතකොට පිලිගන්නම් එහෙම නැතුව බයිල කියවන්ඩ එපා..

    කොමිස් ගහන්ඩ ඕන නම් බේත් මෙහෙ හදන්ඩ ඕන නැනෙ, පිටරටින් ගෙනාව කොමිස් ගැහුව සරලනෙ,..