බැසිල් ට හකීම් ට අලුත් වගකීමක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තනි ශිංහල ආණ්ඩුව මාතියා
    242495303_4628003370577675_7367478786023176122_n.jpg


    ඡන්ද ක්‍රමය සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අලුතින් පත්කර තිබේ.

    ඒ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ලෙසය.

    අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා එහි සභාපතිත්වය දරයි.

    මේ බව කථානායකවරයා ඊයේ (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර ඒ අනුව එහි සාමාජිකයන් සංඛ්‍යාව 17ක් බවට පත් වෙයි.

    නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරු ද ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු ද මෙම විශේෂ කාරක සභාව නියෝජනය කරනු ඇත.
     
    • Haha
    Reactions: xVOLDYx