බැසිල් රිමාන්ඩ්
බැසිල් ප්රමුඛ තිදෙනා 5දා දක්වා රිමාන්ඩ්
බැසිල් ප්රමුඛ තිදෙනා 5දා දක්වා රිමාන්ඩ්
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් එළඹෙන මැයි මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ මීට ස්වල්ප මෙහොතකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඒ මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට දන්වා තිබුණු හෙයින් අද පෙරවරුවේ ඔවුන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලදී. එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා අත්අඩංගුවටගත් අතර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය. එහිදී එළඹෙන මැයි මස 5 වන දින දක්වා අදාළ පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. Source

