බැසිල් රිමාන්ඩ්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
බැසිල් රිමාන්ඩ්

බැසිල් ප්‍රමුඛ තිදෙනා 5දා දක්වා රිමාන්ඩ්


basil3.jpg



හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් එළඹෙන මැයි මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ මීට ස්වල්ප මෙහොතකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඒ මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට දන්වා තිබුණු හෙයින් අද ‍පෙරවරුවේ ඔවුන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලදී. එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා අත්අඩංගුවටගත් අතර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය. එහිදී එළඹෙන මැයි මස 5 වන දින දක්වා අදාළ පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. Source

 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පොදු දේපළ වංචා කිරීම යටතේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති සහ දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවකද, ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලකද අත් අඩංගුවට ගත් බව බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිවේදී යූ.ආර්. ද සිල්වා මහතා ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයට කීවේය.
    එම තිදෙනාගේ කට උත්තර අවසන් කිරීමට තව පැයක් පමණ ගතවනු ඇතැයි පොලිසිය කියයි.
    එම කාර්යය හමාර කිරීමෙන් පසුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙම පනත යටතේ වරදක් කර ඇතැයි කියන කෙනකුට ඇප නොලැබෙනු ඇතැයි නීතිඥවරු කියති.
    දිවි නැගුම යටතේ ඉසුරු උදාන නම් වැඩසටහනින් මුදල් වංචාවක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි. දිවි නැගුම වැඩසටහන යටතේ දිවි නැගුම සමුළුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 700 ක් වියදම් මගින් වංචා කළැයි මේ තිදෙනාට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.


    ලක්ශ 700කටද මේකාව මේ හිරේ දැම්මේ? නෙදකින්:angry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113


    ලක්ශ 700කටද මේකාව මේ හිරේ දැම්මේ? නෙදකින්:angry:

    ශිට් මට ආරංචි උනේ මාසික වැටුප අල්ලස් ලෙස ලබාගත්ත කියල.:angry: