මම ගෙදරට පය ගහනකොටත් අපේ අම්මා සිටියේ කෝල් එකකය.. ඒකට ඩිස්ටර්බ් නොවෙන්න මම එතනින් යනකොටත් අම්මා කෝල් එකේ හිටියේ මාව නොදැකය .
" ආ..ඔවු අනේ ඒකනේ කියන්නේ මල වදේ .. මම දැන් හිතන් ඉන්නේ බෑන්ඩ් එකක් දාන්න කියලා .."
අම්මට හුඩු මල කෙලියකි .. අපේ අම්මා බෑන්ඩ් එකක් දානවලු.. අම්මා දන්න මියුසික් එකකුත් නැතිව බෑන්ඩ් පටන් අරන් මොකක් කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැත.. මට මැවි මැවී පෙනුනේ අපේ අම්මා බෑන්ඩ් එක පටන් ගත් පසු අපේ අම්මාගේ බෑන්ඩ් එක රට වටේම සුපිරිම බෑන්ඩ් එක වී රටේ අනිත් සියලුම බෑන්ඩ් වලට වැඩ නැතිවී ගොස් ඒවා බංකොලොත් වෙන ආකාරයයි.. එහෙම උනාම ඉතින් රොෂාන් ප්රනාන්දු විංකලයක් දාගෙන බයිසිකල් රෙපෙයාර් කරනු ඇත.. නලින් පෙරේරා පොඩියට පෙට්ටි කඩයක් කරනු ඇත... අජිත් මුතුකුමාරණ බස් එකක් එලවන්නට යනු ඇත... සංගීත් විජේසූරිය කාර් එක පික්මී එකට දාලා හයර් දුවනු ඇත.. නයන කරුණානායක මට කුණුහරපෙන් බනිමින් ගිටාර් හදන වැඩපලක වැඩට යනු ඇත..
" එදා පොල්ගහවෙල ජාදිග පාසැලෙන් සංගීද ලොවට පිවිස අද වනවිට සංගීද ලොව උඩු යටිකුරු කර සිටින... රද්නාවලී ප්රමුග වැඩිහිට්ස් වාදග මන්ඩ්ලය"
ඩෙන්සිල් නුගේගොඩගේ ගැඹුරු හඬින් අපේ අම්මලාගේ
"ද වැඩිහිට්ස්"
වාදක මඩුල්ලේ නම ලංකාවේ වේදිකා ගිගුම් දෙනු ඇත.. අපේ අම්මාත් තුනටියේ අමාරු පැත්තක තියා රොෂාන් ප්රනාන්දු වගේ ස්පොට් ලයිට් සහ ස්මෝක් මැදින් ඩ්රම් සෙට් එකේ ඩිගි ඩිගි ඩිගි ඩිගි හඬ සමග ලණුවක් දිගේ ස්ටේජ් එකට බසිනු ඇත.. දැනටත් නිකන් දුමටත් කැස්ස එන අපේ අම්මා ස්ටේජ් එකේ ගහන ස්මෝක් වලට ඇදුම වැඩිවී මල කෙලියක් වනු ඇත.. නීල් වර්ණකුලසූරිය සහ නෙල්සන වාස් වගේ ස්ටේජ් උඩ බොරුවට රන්ඩු වෙන සීන් එකක් කිරීමට ගොස් ටික වෙලාවකදී මෙය බොරු වලියක් බව අමතක වී අම්මා අනිත් සිඟර් සමග කොන්ඩවලු පටලාගනු ඇත.. රටේ සිටින සංගීත ලෝලී හම්පඩ නාකියන්ගේ ක්රශ් එක අපේ අම්මා වනු ඇත.. අම්මාට පොලකට කඩේකට වත් යන්ඩ බැරි තරම් රසික ප්රතිචාර වැඩි වනු ඇත..වාදක මන්ඩලයේ කටවුට් රට පුරා සවි වනු ඇත.. අපේ අම්මා චාමර රණවක අනුකරණය කරමින් රත්තරන් නංගිලා කියා කතා කරමින් කමිස ගලවා විසි කරනු ඇත....අම්මලා සින්දු ප්ලේ කරන අස්සේ නටන්නට එන නැටුම් කන්ඩායම් වල කෙල්ලන්ගේ එලියේ දාගෙන සිටින බුරි දකින අම්මාට යකා නැග උන්ට සංස්කෘතිය කන හැත්ත යයි කියා බනිනු ඇත..ඇටෑක් ෂෝ වලට ප්ලේ කරලා අම්මගේ බෑන්ඩ් එක පැරදුන විට ඒ දිනපු බෑන්ඩ් එකේ අයට ලේ බඩ යන්නට කියා පොල්ගහන්නට අම්මාගේ බෑන්ඩ් එකේ ප්ලේයර්ස්ලා සීනිගම යනු ඇත... අම්මා විදේශ සංචාර වලටද බෑන්ඩ් එක සමග යනු ඇත.. එවිට මට තනියම උයාගන්නට වනු ඇත..
මෙබඳු දැවෙන ප්රශ්න රැසක් වග වලසුන් රෑනක් මෙන් මගේ පපුව පහුරු ගායි ... ඒත් එහෙම වෙන්නට ඉඩක් දිය යුතු නැත ..බෑන්ඩ් කෙරුවාව ලේසි නැති බව අම්මාට කියා දිය යුතුය නැතහොත් ඔය කියන බෑන්ඩ් එක දැමීමට අම්මා මේ ගෙයත් උගසට තියනවාමය..
කෝල් එක ඉවර කරගෙන අම්මා එනතුරු සිටින මා ඉදිරියේ අම්මා පෙනී සිටියේ කොන්ඩය පීරමිනි.. කොන්ඩය පීරා කටුව ගහන තුරු කොන්ඩ කටුව කටේ ගහගෙන සිටින අම්මාට අමතා දේශනය දීම අරඹා රටේ බෑන්ඩ් ගැන සහ ඒවා කරන එක ලේසි නෑති බව ද එමෙන්ම අම්මාගේ විශ්රාම සමිතියේ හැට පැනපු ප්ලේයර්ස්ලාට ගිටාර් එකක් උස්සං පැය කාලක් වත් හිටගෙන ඉන්න බැරි බවත් ඔය බෑන්ඩ් දාන චේතනාව ඔලුවෙන් ඉවත් කරගන්නා ලෙසත් දන්වා සිටියෙමි.. විනාඩි දහයක් පමණ මගේ කතාව කොන්ඩය පීරමින් කොන්ඩ කටුව කටේ ගහගෙන අහගෙන සිටි අම්මා කලබලයක් නැතුව කටේ ගසාගෙන සිටි කොන්ඩ කටුව ගෙන කොන්ඩයේ ගසාගෙන මා දෙසට හැරුනාය..
"දැන් උඹ මොකද්ද මේ කියවන්නේ"
"නෑ දැං අම්මා මේ බෑන්ඩ් එකක් දාන්ඩ ලෑස්ති වෙන කතාවක් කියනවා මට ඇහුනා"
" ඔවු ඉතිං .. මං මේ කොන්ඩ ගස් මූණට වැටෙනකොට උදලු ගාන්ඩ බැරි නිසා කොන්ඩෙට බෑන්ඩ් එකක් දාන්න ඕන කියලා කීවේ ජයන්තා ටීච එක්ක.. තොට මොකද ඇම්මද මම ඔලුවට බෑන්ඩ් එකක් දැම්මම.. මැරුම් නොකා පල ගෙට "
ධනුෂ්ක කාංචන ජයවීර