බෑන් කී මූන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක&#3530

uvajira

Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    බෑන් කී මූන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක&#3530

    ත්‍රස්‌ත ප්‍රහාරවලින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් ඝාතනයවීම සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමට සහ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනඒමට එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික නිලධාරීන්ගේ සංගමය පෙරේදා (8 දා) යෝජනාවක්‌ සම්මත කර ඇත. මහලේකම්වරයා චූදිතයකු කරමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් යෝජනාවක්‌ සම්මත කළ මුල් අවස්‌ථාව මෙයයි. ඇෆ්ගන් හමුදාව විසින් ලුවිස්‌ මැක්‌ස්‌වෙල් නමැති එක්‌සත් ජාතීන්ගේ නිලධාරියාව ඝාතනය කිරීම බෑන් කී මූන් විසින් යට ගසා ඇතැයි එම සංගමය චෝදනා කරයි. මේ විශ්වාසභංග යෝජනාවෙන් ගැලවීම සඳහා බෑන් කී මූන් විසින් නිලධාරීන් දෙදෙනකු යොදවා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    මෙම යෝජනාව මගින් බෑන් කී මූන්ගේ පාලනය යටතේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ විනිවිදභාවය සහ වගකීම දැරීම බරපතල ප්‍රශ්නයකට ලක්‌වී ඇතැයි සඳහන් කර ඇත.

    මේ අනුව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස දෙවැනි වරටත් නාම යෝජනා භාරදීමට පෙර බෑන් කීන් මූන්ට එක්‌සත් ජාතීන්ගේ මහ සභාව හමුවට ඉදිරිපත්වීමට සිදුවේ.




    -2010 අගෝස්‌තු 10 අගහරුවාදා Divaina-
     
    Last edited: