බෑන් කී මූන් ගේ දෙබිඩි රංගනය
බෑන් කී මූන් ගේ දෙබිඩි රංගනය
ශ්‍රී ලංකාවේ කටයුතුවල විනිවිදභාවයක් තිබිය යුතුයි.
- රොබට් බ්ලේක් (සහකාර රාජ්‍ය ලේකම්)
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිදුවී ඇති දූෂණ ක්‍රියා ගැන ස්‌වාධීන ලෙස විමර්ශනය කිරිමට ගත් උත්සාහය බෑන් කී මූන් සහ ඔහුගේ උපදේශකයන් විසින් ව්‍යර්ථ කළා. සංවිධානය තුළ කිසිම විනිවිදභාවයක් නැහැ.
- ඉන්ගා බ්‍රිට් අහ්ලෙනියස් එක්‌සත් ජාතීන්ගේ අභ්‍යන්තර විගණන සහකාර ලේකම් ජනරාල්
එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගේ සැබෑ ස්‌වරූපය දැන් හෙලිවී ඇත. බෑන් කී මූන් සහ ඔහුගේ උපදේශකයන් විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිදුවූ දූෂණ ක්‍රියා වැලැක්‌වීමට උත්සාහ කළ බවට දෝෂාරෝපනයන් නගා ඇත්තේ අභ්‍යන්තර විගණන සහකාර ලේකම් ජනරාල් ඉන්ගා බ්‍රිට් අහ්ලේනියස්‌ය. ස්‌විඩන් ජාතික ඉන්ගා බ්‍රිට් පවසන්නේ මේ දූෂණ ගැන වගකිවයුත්තේ කවුරුදැයි සෙවීම වෙනුවට ඒ ගැන ස්‌වාධීනව පරීක්‍ෂණ පැවැත්වීමට තමා ගත් ක්‍රියාමාර්ගයට බෑන් කී මූන් හා උපදේශකයන් අවහිර කළ බවයි.
මේ සම්බන්ධයෙන් පිටු පනහක රහස් වාර්තාවක් මගින් ඇය බෑන් කී මූන්ට දැඩි ලෙස චෝදනා කරනු ලැබුවාය. මෙම රහස් වාර්තාව වොෂින්ටන් පෝස්‌ට් පුවත්පත මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්ගා බ්‍රිට් තවදුරටත් පවසා ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය අරාජික වී ඇති බවයි.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සිදුවී ඇති දූෂණ සම්බන්ධයෙන් ඇය එක්‌සත් ජාතීන්ගේ කාර්ය සාධන බලකායේ හිටපු අධ්‍යක්‍ෂකවරයා වූ රොබට් ඇප්පෙල්ටන්ගේ සහාය ලබාගැනීමට ගත් උත්සාහය බෑන් කී මූන් විසින් ව්‍යර්ථ කර ඇත.
2006 සිට 2009 දක්‌වා කාලය තුළ එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල සිදුවූ දූෂණ ගැන ඉතා ආක්‍රමණශීලී විමර්ශනයන් කරනු ලැබුවේද ඇප්පෙල්ටන්ය. මෙහිදී දූෂිත ක්‍රියා රැසක් සොයා ගැනීමට හැකි විය. බෑන් කී මූන්ට එරෙහිව චෝදනා සම්බන්ධයෙන් ඔහුව බේරා ගැනීමට ඉදිරිපත් වූයේ මාණ්‌ඩලික ප්‍රධානි විෙ-නම්බියාර්ය. දූෂණ චෝදනා ගැන කිසිවක් නොපවසන තම්බියාර් පවසන්නේ බෑන් කී මූන් දේශගුණ විපර්යාසවල සිට කාන්තාවන්ගේ ප්‍රශ්න ගැනද අවධානය යොමුකර ඇති බවයි. එහෙත් ඉන්ගා පවසන්නේ දූෂණ ගැන විමර්ශනය කිරීම බෑන් කී මූන්ගේ මෙහෙයවීමෙන් යුත් ආයතනයකට පැවරීමට උත්සාහ කිරීමයි.
මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය.
ඉන්ගා බ්‍රිට් විසින් බෑන් කී මූන් වෙත යෑවූ රහස් ලිපියේ මෙසේද සඳහන් වී ඇත.
"එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ කිසිම විනිවිදභාවයක් වගකීම් දැරීමක් අඩුවී යෑයි ඇය කියා සිටී."
ඔයෑරු සි බද එර්බිච්රුබජහ
එහෙත් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ශ්‍රී ලංකා රජයට පවසන්නේ රජයේ කටයුතුවල විනිවිදභාවයක් තිබිය යුතුය යන්නය.
ඉන්ගා බ්‍රිට් විසින් බෑන් කී මූන්ට එල්ල කර ඇති දෝෂාරෝපනය සුළුපටු නැත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සදාචාර සම්පන්නභාවයට අතිශය ලෙස හානිදායක තත්ත්වයක් ඇතිකිරීමට ක්‍රියාකර ඇතැයි ඇය නගන චෝදනාව ගැන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ප්‍රමුඛ ජගත් නායකයන් නිහඬවී ඇත. එහෙත් ඇමරිකානු මන්ත්‍රීවරියක් වූ ඉලිනා රොස් ඊට ප්‍රතිචාර දක්‌වමින් දූෂණ ක්‍රියා සිදුවීම් නොමනා පරිපාලනය හා නොසැලකිලිමත්කම හේතුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දැවෙන ආයතනයක් බවට පත් වී ඇතැයි කියා සිටියාය.
"එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්‌කරණයට ලක්‌විය යුතුයි. ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ කළු ආගාධයකට ගිල ගැනීමට ඉඩදිය නොහැකියි යෑයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඉන්ගා බ්‍රිට් මෙහිදී තවදුරටත් පවසා ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පවා දුර්වල කිරීමට බෑන් කී මූන් ක්‍රියාකර ඇති බවයි.
මෙලෙස එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ට එරෙහිව එම සංවිධානයේම ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් දූෂණ චෝදනා එල්ල කරද්දී ස්‌විඩන් විපක්‍ෂ දේශපාලනඥයන් ඇය ස්‌විඩනයට අවධානයක් කර ඇතැයි පැවසුවේ නැත.
එසේම එක්‌සත් ජාතීන්ගේ නෝර්වේ තානාපතිනිය වූ නෝටා ජුල් ද මෙයට පෙර බෑන් කී මූන්ට එරෙහිව දැඩි ප්‍රකාශයක් කරමින් ඔහු දූර්වල අයෙක් යෑයි කීවාය.
මේ අන්දමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරිනියක් සේවයෙන් ඉවත්වීම නිසා එම සංවිධානයේ ඉහළ නිලධාරි තනතුරු තුනක පුරප්පාඩු ඇතිවී ඇත.
මේ අතර බෑන් කී මූන්ට හා ඔහුගේ උපදේශක මණ්‌ඩලයට එරෙහිව දූෂණ චෝදනා එල්ලවෙද්දී ඊට එරෙහිව ලෝක ප්‍රජාව හෝ යුරෝපා සංගමයේ හඬක් ඉදිරිපත් නොවීම මවිතයකි. ඉන්ගා බ්‍රිට් තම වාර්තාවෙන් බෑන් කී මූන් වෙතින් මෙලෙස විමසා ඇත.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දැන් නිවැරදි මගක විනිවිදභාවයකින් හා වගකීමකින් ක්‍රියාකරන්නේද? සි ඔයෑ මබසඑed බ්එසදබි බදඅ දබ එයෑ රසටයඑ ච්එයල පදරු එර්බිච්රුබඑල පදරු aජජදමබඒඉකැරෑ
ඊට ඇය දී ඇති ප්‍රචාරය නම් නැතැයි යන්නයි.
එසේම එක්‌සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය දැන් ගරාවැටෙන තත්ත්වයකට පත්ව ඇති බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතු යෑයි ඇය සඳහන් කර ඇත.
එහෙත් රොබට් බ්ලේක්‌ලා මෙරටට පැමිණ කියන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් මණ්‌ඩලයට සහාය වන ලෙසයි. බෑන් කී මූන්ට මෙලෙස චෝදනා එල්ලවෙද්දී මෙරටට පැමිණි රොබට් බ්ලේක් පැවසුවේ යුධ අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනා ගැන ශ්‍රී ලංකා රජය පරීක්‍ෂා කළ යුතු බවය.
එහෙත් ඇමරිකාවට එල්ලවී ඇති චෝදනා ගැන ඇමරිකානු බලධාරීහු විමර්ශනය කළේද?
රොබට් බ්ලේක් මෙරටට පැමිණ මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකාව සුළු අපරාධ ගැන සෙවිය යුතු යෑයි කියද්දී ඇමරිකානු හමුදාව ඉරාකයේ සහ ඇෆ්ගනිස්‌ථානයේ සිවිල් වැසියන් ඝාතනය කිරිම ගැන සොයන්නේද යන්න ගැන විමසීමට කිසිවකු ක්‍රියා කළේ නැත. මේ අතර සෝමාලියාවේ ටෙංගයිෂු නගරයේ එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාව විසින් සිවිල් වැසියන් ඝාතනය කළ බවට චෝදනා එල්ලවිය.
මේ නිසා බෑන් කී මූන් අනුගමනය කරන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල න්‍යාය පත්‍රයයි.
මේ න්‍යාය පත්‍රය නම් කොටි පරාජය කළ රජය වෙනස් කරන්නේ කෙසේද කියායි.
අලුත්ම ආරංචි මාර්ගවලට අනුව බෑන් කී මූන් යළිත් වරක් මහලේකම් ධුරයට තරග කිරීමට එරෙහිව රටවල් රැසක්‌ම එරෙහි වී ඇත.
මේ දකුණු කොරියානුවා දැන් ඇමරිකානු රූකඩයක් ලෙස ක්‍රියාකරයි. ඊශ්‍රායලය විසින් යුධ අපරාධ කොටියන් ගැන ගණන් ගන්නේ නැතැයි තර්ජනය කරද්දී බෑන් කී මූන් නිහඬ වෙයි. ඊශ්‍රායලයේ ක්‍රියාදාමය අපි අනුගමනය කරනවා යෑයි ඇමරිකාවද කියා සිටියි.
එහෙත් බෑන් කී මූන්ගෙන් ඊට ප්‍රතිචාරයක් නැත.
ඉන්ගා බ්‍රිට් සහ ඇය බෑන් කී මූන් වෙත චෝදනා නගමින් යෑවූ ලිපිය.