~~//..."බිග්මැච්" ලඟ එනවෝ..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//..."බිග්මැච්" ලඟ එනවෝ..!!!

"බිග්මැච්" ලඟ එනවෝ..!!!:baffled::angry::P:rofl:

PpOTZ.jpg


මහා තරග මුවාවෙන් සිසුන්ට අනිසි වැඩ බෑ
‘බිග්-මැච්වල’ සියලු වගකීම් විදුහල්පතිවරුන්ට පැවරෙයි

ප්‍රින්ස් ගුණසේකර
ලබන සති අන්තයේ සිට ආරම්භ වන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගවල සියලු වගකීම් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
පාසල් ළමුන්ගේ හැසිරීම පාලනය කර ගැනීම, මහා ක්‍රිකට් සමයේ විනය පවත්වා ගැනීම හා ළමුන්ගේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවැරීමේ විශේෂ කොන්දේසි යටතේ ‘බිග් මැච්’ සඳහා අවසර දෙන බව පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂ රෝහණ කරුණාරත්න මහතා දිනමිණ ට පැවසීය.
මහා ක්‍රිකට් තරග සමයේ මහජනතාවට අවහිර ඇතිවනසේ ඇතැම් පාසල් වල සිසුදරුවන් කටයුතු කරන බවට නිතර පැමිණිලි ලැබෙන හෙයින් ඒ පිළිබඳ පූර්ණ වගකීම අදාළ විදුහල්වල ප්‍රධානීන් ගත යුතුව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ වන විට කොළඹ ආනන්ද හා නාලන්දා මහා ක්‍රිකට් ගැටුමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී ඇත.
මේ මස 24 හා 25 දිනවල එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන තර්ස්ටන් – ඉසිපතන මහා ක්‍රිකට් තරගයෙන් මේ වසරේ බිග් – මැච් ආරම්භ වේ. පාසල් මහා ක්‍රිකට් තරග මුවාවෙන් වීදිවල මුදල් එකතු කිරීමද සපුරා තහනම් කිරීමට පියවර ගෙන ඇත.
.
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ප‍්‍රචණ්ඩකාරී බිග් මැච් සිසුන් අත්අඩංගුවට

2012 පෙබරවාරි 25 වෙනි සෙනසුරාදා, 10:59 Sri Lanka Mirror Editor

Srilankamirror - මේ දිනවල කොළඹ ඇතුලූ නාගරික පාසල්වල පැවැත්වෙන කි‍්‍රකට් මහා තරග අතුරතුර ප‍්‍රචණ්ඩකාරී හා අසංවර ලෙස හැසිරෙන සිසුන් පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසු වන බවත්, එසේ හැසිරෙන පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට තීරණය කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

රථවාහන
නීතියට පටහැනි ආකාරයට වාහනවල ගමන් කිරීම, මාර්ග අවහිර කිරීම, කලහකාරී ලෙස හැසිරීම, කාන්තාවන්ට හා බාලිකාවන්ට උසුලූ විසුලූ කිරීම, මත්පැන් පානය කර ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් අද (25) දින සිට නිළ ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල යෙදවීමට පොලීසිය තීරණය කර ඇත.

එවැනි
ක්‍රියාවල යෙදෙන සිසුන් තරාතිරම හෝ පාසැලේ තත්වය ගැන නොසලකා අත් අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.
එසේම එවැනි ක්‍රියා සඳහා වාහන සපයන වාහන හිමිකරුවන් සහ රියදුරන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත්, එවැනි වාහනද පොලිස් භාරයට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
 
Last edited: