~~//..."බිග්මැච්" ලඟ එනවෝ..!!!
"බිග්මැච්" ලඟ එනවෝ..!!!

මහා තරග මුවාවෙන් සිසුන්ට අනිසි වැඩ බෑ
‘බිග්-මැච්වල’ සියලු වගකීම් විදුහල්පතිවරුන්ට පැවරෙයි
ප්‍රින්ස් ගුණසේකර
ලබන සති අන්තයේ සිට ආරම්භ වන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගවල සියලු වගකීම් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
පාසල් ළමුන්ගේ හැසිරීම පාලනය කර ගැනීම, මහා ක්‍රිකට් සමයේ විනය පවත්වා ගැනීම හා ළමුන්ගේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවැරීමේ විශේෂ කොන්දේසි යටතේ ‘බිග් මැච්’ සඳහා අවසර දෙන බව පාසල් ක්‍රීඩා අධ්යක්ෂ රෝහණ කරුණාරත්න මහතා දිනමිණ ට පැවසීය.
මහා ක්‍රිකට් තරග සමයේ මහජනතාවට අවහිර ඇතිවනසේ ඇතැම් පාසල් වල සිසුදරුවන් කටයුතු කරන බවට නිතර පැමිණිලි ලැබෙන හෙයින් ඒ පිළිබඳ පූර්ණ වගකීම අදාළ විදුහල්වල ප්‍රධානීන් ගත යුතුව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ වන විට කොළඹ ආනන්ද හා නාලන්දා මහා ක්‍රිකට් ගැටුමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී ඇත.
මේ මස 24 හා 25 දිනවල එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන තර්ස්ටන් – ඉසිපතන මහා ක්‍රිකට් තරගයෙන් මේ වසරේ බිග් – මැච් ආරම්භ වේ. පාසල් මහා ක්‍රිකට් තරග මුවාවෙන් වීදිවල මුදල් එකතු කිරීමද සපුරා තහනම් කිරීමට පියවර ගෙන ඇත.
.