14 October 2024 | සාලිය කුමාර ගුණසේකර
බිත්තරයක මිල රුපියල් 45 ද ඉක්මවා ගොස් ඇතත්,ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේ අවධානය යොමුවී නැතැයි තොරතුරු අනාවරණය වේ.
බිත්තර මිල සම්බන්ධව තීරණය ගත යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.
කුකුළු ආහාර මිල ගණන් ඉහළ යාම බිත්තර මිල ඉහළ යාමට බලපා තිබෙන බවද එම නිලධාරියා කීවේය.
කෙසේ නමුත්,බිත්තර වෙළෙඳුන් කියා සිටින්නේ ගොවිපොළ රැසක ප්‍රමාණවත් පරිදි බිත්තර නොමැතිවීම නිසා ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය.
- https://www.aruna.lk/articles/VP2BQsMuRWG1CJtTT3fN
