බින් ලාඩන් ඝාතන මෙහෙයුමේ මහ මොළකරු ලාංකි&#3482

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    බින් ලාඩන් ඝාතන මෙහෙයුමේ මහ මොළකරු ලාංකි&#3482

    DG12_09_27_220-200x300.jpg
    ලොව මෙතෙක් බිහි වූ භයානකම ත්‍රස්තවාදියා ලෙස සැලකෙන ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන් බව අනාවරණය වී ඇත. මේ කරුණ හෙළිදරව් වී ඇත්තේ පසුගිය 30 වැනිදා වොෂින්ටන් හි ධවල මන්දිරයේදී සිවනාදන් මහතාට ගෞරව සම්මානයක් පිරිනැමීමත් සමඟය. ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ විශිෂ්ටයන්ට මේ ගෞරව සම්මාන පිරිනමන බව ඇමෙරිකා ධවල මන්දිරය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    යාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ශිවලිංගම් සිවනාදන් මහතා මේ සාර්ථක මෙහෙයුමෙන් පසු ඇමෙරිකා ධවල මන්දිරය මඟින් ‘වෙනස්කමේ විශිෂ්ටයා’ ලෙස නම්කර තිබේ. මේ වන විට ඇමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන සිවනාදන් මහතා අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ ඔසාමා බිල් ලාඩන් සොයා ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. ඊට යොදාගත් නයිට් විෂන් තාක්ෂණය ඇතුළු ස්වයංක්‍රීය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කර ඇත්තේද මහාචාර්යවරයා විසිනි.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ටොඩ් පාර්ත් මහතා පවසා ඇත්තේ මෙවැනි විශිෂ්ටයන් ඇමෙරිකාවට පැමිණීමත්, ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීමත් ආඩම්බරයට සහ අභිමානයට කරුණක් බවයි. යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලබා ඇති මහාචාර්ය ශිවනාදන් මහතා, විකිරණ තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවද විශිෂ්ටයකු ලෙස පිළිගැනීමට ලක් වූවෙකි. ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන්ම උසස් අධ්‍යාපනය ලබා ඇති මහාචාර්යවරයාට ගරු කිරීම සහ ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම තමන්ගේ වගකීමක් බවද ටොඩ් පාර්ත් මහතා පවසා ඇත.

    “මාව ඇගැයීමට පත්වෙලා තියෙන්නේ මගේ වටේ ඉන්න දක්ෂ මිනිසුන් නිසා. අපේ කණ්ඩායම හැම වෙලාවෙම සාර්ථකයි” යයි සිවනාදන් මහාචාර්යවරයා තම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබේ.

    Link
     

    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0
    ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ.....

    A tamil sri lankan...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් මේ මනුස්සය ලෝකේ පුරා ඉන්න තම්බින්ගේ නොම්මර එකේ ටාගට් එකක් වෙන එක තමයි අපරාදේ!!!!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නිකම් හරි මෙයා කොටින්ට සෙට් වෙලා හිටියනම් තාමත් යුද්ධේ යනවා
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මට මෙතුමාව හම්බෙලා තියනවා. රට හිටියත් ලංකාව ගැන නිතරම හොයල බලල උදව් කරන සුපිරි බුලට් එකක්.
    අවුරුදු දෙකකට සැරයක් එයාගේ වියදමින් අමෙරිකාවෙන් මහාචාර්ය වරු අරගෙන ඇවිත් මෙහෙ research කරන යට වැඩමුළු තියනවා. එයා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ භෞතික විද්‍යා විශේෂ උපාධිය ගත්ත එක්කෙනෙක්.
    නිහතමානී සරල පුද්ගලයෙක්.
    එයා අපිට කියල ගිය දෙයක් තමයි, ඒගොල්ලන්ගේ පරම්පරාව ගත්ත සමහර මෝඩ තීරණ නිසා ලංකාව අවුරුදු ගානක් දුක්වින්දා, එක නිසා ඔයාලගේ පරම්පරාව කරන්න ඕනේ ඒ නැති වෙච්ච දේවල් යේ රටට ලබා දෙන එක. එකට එය එයාගේ උපරිමෙන් උදව් කරන්න ලෑස්ති යි කියල .