බිඳුනු හදකින්......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බිඳුනු හදකින්......

    වතඔර සිනා පිවිතුරු කැඩපතය හිසේ
    ගත පණ පොවන ලේ නොදනී සටන කුසේ
    අතපය වියලි දඬු මෙනි කොළ හැලුනු ගසේ
    සිතකට සතුට මිලදී ගත හැකිද කෙසේ...

    පිරිපුන් කලය වැරදීමෙන් වැදුන අත
    පෙරලී ගොස් සීසීකඩව ඇත
    පිලියම් කලද නොරැදේ දිය බඳුන මත
    සිත කැඩුනට බෙහෙත් මුළු තුන් ලොවම නැත...
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    සිත කැඩුනට බෙහෙත් මුළු තුන් ලොවම නැත... සිරා කතාව
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදුමැලිව
    ඇදී ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
    දුෂ්කරය කියා හැර ය යුතුද ජීවිතය
    කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිණිස

    -රත්න ශ්‍රී විජේසිංහ



    ලස්සනයි, තවතවත් ලියන්න.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වතඔර සිනා පිවිතුරු කැඩපතය හිසේ
    ගත පණ පොවන ලේ නොදනී සටන කුසේ
    අතපය වියලි දඬු මෙනි කොළ හැලුනු ගසේ
    සිතකට සතුට මිලදී ගත හැකිද කෙසේ...

    පිරිපුන් කලය වැරදීමෙන් වැදුන අත
    පෙරලී ගොස් සීසීකඩව ඇත
    පිලියම් කලද නොරැදේ දිය බඳුන මත
    සිත කැඩුනට බෙහෙත් මුළු තුන් ලොවම නැත...

    කැඩපත බලා මදකටහෝ සැනසෙන්නේ
    කුසගිනි නිවේ දවසක ජය ගත්ත දිනේ
    අතපය වාරු දිවියේ කෙළවරට රැඳේ
    අවංක සිතට දවසක සතුටම හිමිවේ

    ලොව හැමතැනම රිදවීමයි රැවටීමයි
    විසිරුණු කිසිත් යලි එකමිට නොම රොක්වෙයි
    වැසුනොත් එක් මගක් මං සියයක් හෙලිවෙයි
    ඒ මග දුවන්නා හට නම් ජය නියතයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කැඩපත බලා මදකටහෝ සැනසෙන්නේ
    කුසගිනි නිවේ දවසක ජය ගත්ත දිනේ
    අතපය වාරු දිවියේ කෙළවරට රැඳේ
    අවංක සිතට දවසක සතුටම හිමිවේ

    ලොව හැමතැනම රිදවීමයි රැවටීමයි
    විසිරුණු කිසිත් යලි එකමිට නොම රොක්වෙයි
    වැසුනොත් එක් මගක් මං සියයක් හෙලිවෙයි
    ඒ මග දුවන්නා හට නම් ජය නියතයි
    වාව් මචෝ... එලම කිරි.... තෑන්ක්ස් සහෝ....:D:D