බිම බලන්නේ පරිස්සමෙන්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බිම බලන්නේ පරිස්සමෙන්

    සිය මනසේ මවා ගැනීමට අපහසු තරම් අලංකාර දර්ශන මිනිස් ඇසින් දැකීමට හැකි වන අයුරින් නිම කළ විශ්මිත ගෘහනිර්මාණ සහ සැලසුම් ලෝකය පුරා විසිර තිබේ.‘වෝක් ඔන්’ - පෝලන්තය


    ‘වෝක් ඔන්’ - පෝලන්තය

    150720160047_dizzying_projects_in_the_world_640x360_bbc_nocredit.jpg



    ඉතා උස් ගොඩනැගිලි වල පිහිටා තිබෙන කාර්යාල වල සිරවී සිටින පෝලන්තයේ කාර්යාල සේවකයින්ට සිය වෙහෙස, ආතතිය සමනය කර ගැනීමට කාර්යාලයෙන් පිටත අවකාශයේ ඇවිදීමට අවස්ථාව සැලසීම මෙම යෝජිත ගෘහ නිර්මාණයේ අභිප්‍රායයි.අසල්වැසි ගොඩනැගිලි දෙකක් අතර සම්බන්ධ කරන ලද රැහැන් වල ආධාරයෙන් එල්ලෙන, තරප්පු සහිතව මෙම අපූරු ගොඩනැගිල්ල නිර්මාණය කිරීමටයි පෝලන්ත ගෘහ නිර්මාණ ශිල්පීන් උත්සාහ කරන්නේ.

    ‘ප්‍රපාතයේ නිවස’- ඔස්ට්‍රේලියාව



    150720155722_dizzying_projects_in_the_world_412x549_bbc_nocredit.jpg


    මුහුදට මුහුණ ලා පිහිටා ඇති කඳු තුඩු වලට සවි කෙරුණ නිවාස තැනීමේ අදහසක් 'ක්ලිෆ් හවුස් බයි මොඩ්ස්කේප්' නම් ඕස්ට්‍රේලියානු ඉංජිනේරු සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.
    නිවසේ දළ සැකැස්මට සමානව නිර්මාණය කරන ලද ඡායාරූප ඉදිරිපත් කරන 'ක්ලිෆ් හවුස් බයි මොඩ්ස්කේප්' ඉංජිනේරු ආයතනය පවසන්නේ මිල අධික මෙම නිවස වෙනුවෙන් වියදම දැරීමට කැමති වුවත්, නිවසේ ජීවත් වීමට නම් පාරිභෝගිකයන් උස් ස්ථාන වලට ඇති
    භිය නැති කර ගත යුතු බවයි.

    ට්‍රෝල්ස්ටිජන් සංචාරක ආයතනය - නෝර්වේජියාව



    150720155632_dizzying_projects_in_the_world_640x360_bbc_nocredit.jpg


    කඳු අතරෙහි වූ පටු නිම්න හරහා ගොඩනගා ඇති මෙම මාර්ගය බටහිර නෝර්වේජියාවේ කිලෝමීටර් 106ක් දක්වා දුරට විහිදී තිබේ.
    අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ හේතුවෙන් දැඩි සීත දේශගුණයක් පවතින කාල වලදී වසා දමන මෙම ස්ථානය සංචාරකයින්ට විවෘත වන්නේ ග්‍රීෂ්ම සෘතුවේ පමණි.


    අනන්තයේ පිහිනුම් තටාකය- සිංගප්පූරුව



    150720155828_dizzying_projects_in_the_world_640x360_bbc_nocredit.jpg


    සිංගප්පූරුවේ 'මරීනා බේ සෑන්ඩ්ස්' හෝටලයේ පිහිටා තිබෙන මෙම පිහිනුම් තටාකය ගොඩනැගිල්ලේ පනස් පස් වන තට්ටුවේ කෙළවර නිමවා තිබෙන්නේ පොලවේ සිට මීටර් 146 ක උසිනි.
    2010 වසරේ විවෘත කෙරුණු 'අනන්තයේ පිහිනුම් තටාකය' නිර්මාණය කරනු ලැබුවේ ගෘහ නිර්මාණ ශිල්පී ඊශ්‍රායල ජාතික මෝෂේ සෆ්දී විසින්.


    මුර් ගංගා තීරයේ කුලුන- ඔස්ට්‍රියාව



    150720155920_dizzying_projects_in_the_world_439x549_bbc_nocredit.jpg


    ඔස්ට්‍රියාවේ මුර් ගංගාව, ඔස්ට්‍රියාව සහ ස්ලෝවේනියාව අතර පවතින දේශ සීමාවයි.
    2009 වසරේ ජර්මානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ටෙරායින් විසින් නිර්මිත මෙම කුලුන, එකිනෙකට වෙනස් උසින් පිහිටි ස්ථාන වලදී එකිනෙකට වෙනස් දිශාවන් දැකීමට හැකි වන අයුරින් නිර්මාණය කොට තිබේ.
    පියගැට 168 කින් යුතු කුලුනේ උස මීටර් 27 කි.


    'කාසා බ්රුටලි'- ග්‍රීසිය



    150720160001_dizzying_projects_in_the_world_640x360_bbc_nocredit.jpg


    ග්‍රීසියේ OPA ගෘහනිර්මාණ සමාගමේ ශිල්පීන් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම නිවාස, ප්‍රපාතයට මුහුණලා පර්වතයේ කිඳා බැස තිබෙන අයුරින් නිම වෙයි.
    නිවසේ වහල වෙනුවට විවෘත පිහිනුම් තටාකයක් නිපදවීමටයි සැලස්ම සකසා තිබෙන්නේ.මෙම නිවාස සැලස්ම තවමත් යෝජිත අදහසක් පමණක් වන අතර ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක් මෙම විශේෂ නිවාස සිහිනය සැබෑ කිරීමට වෙහෙසෙමින් සිටිති.


    ෂැන්හයි නිවාඩු නිකේතනය - චීනය



    150720160209_dizzying_projects_in_the_world_640x360_bbc_nocredit.jpg



    තටාකයේ පිහිනීමේ යෙදෙන්නන්ට ගොඩනැගිල්ල ඉදිරි පසින් දිවෙන මාර්ගය දැක ගත හැකි අතර මේ දසුන චකිතයක් ඇති කරන තරම් විස්මය දනවන්නක් බවයි පැවසෙන්නේ.


    ‘චන් සා චියේ’ වීදුරු පාලම - චීනය



    150720155529_dizzying_projects_in_the_world_640x360_bbc_nocredit.jpg


    "සොබාදහම සුන්දරයි, එම සුන්දරත්වය රැක ගැනීමට නම් එයට මිනිසුන්ගේ මැදිහත් වීම තුළින් සිදු වන බලපෑම අවම කර ගත යුතුයි", ඒ ඊශ්‍රායල ජාතික ප්‍රසිද්ධ කවියෙකු මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන හයීම් දොතාන්ගේ ප්‍රකාශයක්.
    හයීම් දොතාන් ගේ සංකල්පයේ ආභාෂය ලද මේ විශ්මිත වීදුරු පාලම හැකිතාක් එම පරිසරයේ සුන්දරත්වයට හානියක් සිදු නොවන ලෙස විනිවිද පෙනෙන ආකාරයෙන් ඉදි කිරීමට ගෘහනිර්මාණ ශිල්පීන් විසින් කටයුතු කර තිබේ.
    චීනයේ පිහිටා තිබෙන මෙම නිර්මාණය දැනට ලොව දිගම වීදුරු පාලම වන අතර එහි ඇවිද යන කොටස පවා නිම කර ඇත්තේ වීදුරු වලිනි.
    පාලම නැරඹීමට එන පදිකයන්ට පාලමේ ගමන් කරන අතරවාරයේ තමන් ආකාසයේ ගමන් කරන බව මවා ගැනීම එතරම් අපහසු නොවේ.
    පොළවේ සිට මීටර 300ක් උසින් පිහිටා ඇති මෙම වීදුරු පාලමේ දිග මීටර 380කි.


    උපුටා ගැනීමකි.
     
    Last edited: