බියර් “ගැන

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    බියර් “ගැන නොදන්න ඇත්තක් මෙන්න

    සාමාන්‍යයෙන් අපිට නිතරම උපදෙස් ලැබෙන්නෙ ශරීරය නිරෝගීව පවත්වා ගැනීම සඳහා එළවළු පලතුරු ආහාරයට ගන්නා ලෙසයි. ඒ වට්ටෝරුට ඇල්කොහොල් වර්ග ඇතුලත් නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.
    නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝග වලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැකවම පුදුමයට පත් වේවි . බියර් වර්ග පානය කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක් ලබාගත හැකියි.
    මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හා මානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීම වැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක් ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකීමයි.
    H
    ඔස්ට්‍රියා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය Stephan Domenig පවසන්නේ බියර් වල තිබෙන පෝෂණ කොටස් පිලිබඳ දැන ගතහොත් ඔබ පුදුම වනු ඇති බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට මෙහි ශරීරයට හිතකර වගේම අහිතකර ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා.
    ඒවගේම මෙහි ඛනිජ වර්ග වන පොස්පරස්, අයඩින්, මැග්නීසියම් හා පොටෑසියම්ද අඩංගු වන බව පැවසේ. බියර් කැල්සියම් වලින්ද අනූන පානයක්. බොහෝදෙනා දන්නා ආකාරයට කැල්සියම් කියන්නේ ශරීරයේ අස්ථි වර්දනයට ඉතා හොඳ පෝෂකයක්.
    2009 වසරේ ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බියර් මදවශයෙන් පාවිච්චියෙන් කැල්සියම් වැඩිවීමෙන් ඇතිවන ආබාධ වලින් ඔබේ අස්ථි ආරක්ෂා කරන බවයි .
    විකී එඩ්සන් නම් පෝෂණවේදියා පවසන ආකාරයට ටික කාලයකට ප්‍රථම Guinness නම් බියර් වර්ගය එහි පවතින අධික විටමින් B ප්‍රමාණය හේතුවෙන් ගැබිණි මව්වරුන්ට පවා නියමකර තිබූ බවයි. අද කාලයේ මව්වරුන් සඳහා මද්‍යසාර නිර්දේශ නොකලත් අනිත් මිනිසුන්ට එහි ප්‍රතිලාබ අත්විඳිය හැකියි.
    බියර් විටමින් වලින් පොහොසත් වගේම සීනි ප්‍රමාණයත් ඉතා අඩුයි. එය ස්ථුල භාවය පාලනයට හා දියවැඩිය පාලනයට සහයවෙනවා. පසුගිය වසරේ බියර් පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍ය කැත්රින් මේ පිලිබඳ පවසන්නේ විවිධ පැණි බීම වර්ග හා සංසන්දනය කිරීමේදී බියර් මගින් ලේවලට එකතුවන සීනි ප්‍රමාණය ඉතා අඩු බවයි. ඒවගේම බියර් වල 93%ක් ජලය අඩංගු නිසා ශරීරය විජලනය වීම මගහරවා ගැනීමට මෙය ඉතා හොඳයි.
    0808_drink-beer 2

    එමෙන්ම 2008 වසරේදී journal Food And Chemical Toxicology හි පළවූ වාර්තාවකට අනුව බියර් වල අඩංගු සිලිකන් මගින් ජීරණ පද්ධතියට ඇලුමිනියම් අවශෝෂනය වීම පාලනය කරනු ලබනවා. ශරීරයේ හා මොලයේ පටකවල ලෝහ තැන්පත් වීමද මෙමගින් පාලනය වේ.
    බියර් වලට ශරීරයට අවශ්‍ය කොලොස්ටරෝල් ඉහල දැමීමේ හැකියාවකුත් පවතින බවයි පැවසෙන්නේ. බොස්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය Curtis Ellison පවසන ආකරයට හදවත ආරක්ෂා කිරීමට ඇති හොදම දෙය මද්‍යසාරයි. ඒවගේම එය පමණට වඩා භාවිතයෙන් අහිතකර ප්‍රතථිපල ඇති විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන කරුණක්.බියර් වල අඩංගු ෆෝලික් ඇසිඩ් ඉර එළියෙන් සමට සිදුවන හානි වළක්වයි.
    බියර් හිසකෙස් ශක්තිමත් කිරීමට හා දීප්තිමත්ව තබාගැනීමට උදව් වෙන කන්ඩිෂනර් එකක් ලෙස භාවිතාකරන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි. Look Great Naturally නම් සඟරාවේ කතුවරිය පවසන ආකාරයට බියර් මද්‍යසාර ගතිය ඉවත් කිරීමෙන්පසු පොල්තෙල් සමඟ එක් කර හිසකෙස් වල ගැල්වීමෙන් ඉතා හොඳ ප්‍රතිපල ලබාගත හැකියි.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එකක්වත් රිසර්ච්වලින් ඔප්පු වුන දෙවල් නෙවෙයි .
    ලොකුම ගොන්කතාව විටමින් බි තියෙනනවා ගැබිනි මව්වරුන්ට බියර් බොන්න දුන්නා කියලා විකී කියලා එකෙක් කියලා තියෙන කතාව.විටමින් බි ගන්න පුලුවන් කෑම ඕනතරම් තියෙනවා .කලලයට ඇල්කොහොල් නිසා විකෘති ඇතිවෙන්න පුලුවන්
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගූනිස් කියන්නේ අයරිශ් වල බියර් එක. ගොඩක් තිත්තයි. කලුල කලුයි.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    4291566.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහෙද බං ගෑනුන්ට ඉතිං ඕව තේරෙන්නේ නෑනේ..