බිරිඳගේ සැත්කම තමන්ට කරන්න වුණු හැටි...

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තාත්ත කෙනෙක් වෙලා තාම මාසයක්වත් ගියෙ නෑ. ආයෙ මතක් උනා ලේබර් රූම් එක ගාව ඉදගෙන අම්මල කෑගහනව අහගෙන බයවෙලා හිටපු හැටි. ඒ වෙලාවට මොනතරම් දේවල් හිතෙනවද තාත්ත කෙනෙක්ට? නර්ස් කෙනෙක් ඇවිත් වයිෆ්ගෙ නම කියල එයාට බබා හම්බුනා කිව්වම තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. හවස 4 වෙනකම් ඒ ඇදුම පිටින්ම එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටිය ලමයවයි ගෑනිවයි බලන්න ඉවසිල්ලක් නැතිව. වාට්ටුවට යනකොට කිරි දිදී ඉන්නව දැක්කම දැනුනු හැගීම දන්නෙ තාත්තල විතරයි.:love::love:
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    සිතුවිලිවලට සීමාවක් නැහැ. සමහරු ජීවිත අත්දැකීම් ඒ විදිහටම ලියනවා. ඒවා ඇහුවම අපිටත් දැනෙන්නේ සැබෑවක් විදිහටමයි. ඒ තරමටම ඒ දේවල් හදවතට දැනෙනවා. මේ ඒ වගේ කතාවක්. තමන්ගේ දරුවව මෙලොවට බිහිකරන්න ඉන්න බිරිඳගේ සැත්කම තමන්ට කරන්න වුණු හැටි ගැන ලියවුණු අපූරු සටහනක්..

    ගැබ්බර වෙලා ඉදපු තමන්ගෙ wifeගේ operation එක, අහම්බෙන් වගේ තමන්ටම කරන්න වුණු docter කෙනෙක්, කියන කතාවක්.. කියවලා බලන්නකෝ….​

    ලද විට ඇමතුමක් මට සැත්කමක් කියා,
    හනිකට දුව ගියෙමි කළ වැඩ පසෙක දමා..
    සූදානම් වෙලා බැලුවම කව්ද කියා,
    රත් උනි සිරුර ඒ මගෙ රන්කදම තමා.

    සිනා පිරුනු නෙත්වල කදුලැලි පිරිලා,
    අමාරුවට සියොලග දාඩිය දාමලා,
    විලිබර මුවින් හයියෙන් කෑ ගහලා,
    රන්කද අඩනවා ඉන්නට බෑ කියලා……

    ආදරයෙන් මම හැමදා සිප ගත්තූ,
    ගැහැණියකගෙ සියුමැලි බව විද ගත්තූ,
    දස මාසයක් ඇස් දෙක මෙන් රැක ගත්තූ,
    නුබෙ කුස පලන්නේ කොහොමද මම වස්තූ……

    කැපුවට දෙනෝ දාහක් ගැහැණුන්ගේ බඩ,
    වෙව්ලලා එහෙම නෑ කවදත් මගේ අත,
    අරගෙන පිහිය තැබු විට බඩ මතට තුඩ,
    හිරිවැටුනා සත්තයි සියොලගම ඇග….

    වෙව්ලන අතින් තද කර පිහිතුඩ අල්ලා,
    තැබුවිට බඩේ සියොලග ලේ කැටි විද්දා,
    දෙපලු කරන් බැලුවිට කුස තුල ඉන්නා,
    මන් මගෙ ඇස් දෙකෙන් අපෙ පැටියව දැක්කා….

    විලිබර වෙලා මහ හයියෙන් මොර දීපූ,
    නුඹ ගොලු උනා පැටියගෙ කටහඩ අහපූ,
    යන්තන් සිනාවී කුස දෙස නෙත් හෙලපූ,
    නුඹෙ තනයෙක් කිරි ගැලුවා මගෙ වස්තූ…

    දෝතට අරන් අපෙ පැටියා තුරුලු කරන්,
    උණුහුමෙ තියන් හිටියා ඇස් දෙකම පියන්,
    රන්කද කියා ආදරයෙන් තුරුලු කරන්,
    ඉඹිනා විට ආවා කිරි සුවද ගලන්…

    සත්තයි මැණික මින් පෙර මම කවදාවත්,
    අසරණ වෙලා නෑ මතකයි හීනෙන්වත්,
    නොකර බැරි කමට මන් නුබෙ කුස පැලුවත්,
    රිදුනෙ මටයි කදුලැලි නෙත් වල තාමත්..

    පිය උරුමය ලැබ දෙන්නට මට සොදුරෑ,
    මන් දැක්කා උහුලපු දුක නුබ රුදිරෑ,
    අම්මෙක් වගේ හැමදා මම ළඟ නැහුනූ,
    නුඹ රකිනවා පන මෙන් ආදර වස්තූ.

    :sorry: :sorry: :sorry:




    Webgossip
    :love::love::love::love::love:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ළමය ලැබෙන වෙලාවට ලග ඉන්නවට වඩා එළියෙන් ඉන්න එක මට නම් සේපක්, ලේ දකින්න බයටවත් ආදරේ අඩුකමටවත් නෙමෙයි. එකේ අමුතු ගතියක් තියෙනවා.
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    පිරිමින්ට ලේබ රූම් යන එක අනිවාර්යෙන්ම කරන්න ඕන. එතකොට තමයි තමන්ගේ අම්මා තමන්ව බිහිකරන්න කොච්චර දුක් වේදනා වින්දා ද කියලා තේරෙන්නේ. හැබැයි ඉතින් සීසර් කලාම ඒක වෙනස් අත්දැකීමක්.