නීල් ආම්ස්ට්‍රෝං සහ ජීව ප්‍රසන්න ආරච්චි

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය සීන් එක පත්තරේකට ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චිට දුන්නොත්...

    උදේ පාන්දරම වත්ත පහල ලිඳෙන් නාගෙන එන ගමන් දෙවැටේ කෝපි පඳුරෙන් කෝපි මල් අහුරක් කඩාගෙන කෙලිලොල් ලෙස පපුවට තුරුල් කරගෙන එන එන නීල් ආම්ස්ට්‍රෝං දෙස සුමනා ආම්ස්ට්‍රෝං මහත්මිය බලා සිටියේ පපුව පිරී ඉතිරී යන ආදරයකිනි..

    අනේ මේ කොල්ලා ගැලපෙන්නේ නාසා ආයතනයට වඩා පූර්වාරාමයේ හාමුදුරුවන්ගේ පෙරෙහැරේ මිහිඳු පිලිමයට වඩම්මන වාහනයට නේදැයි ඇයට සිතුනි..

    "මොකද අම්මා මේ ඇස් වල කඳුලු... "

    නීල් සිය කොන්ඩයේ අග්ගිස්සෙන් විසිරෙන දියබිඳු සිය මවගේ මූනට ඉසිමින් අසන විට සුමනා ආම්ස්ට්‍රෝං පියවි ලෝකයට ආවේය..

    "නෑ පුතේ මට තාත්තා මතක් උනා.. ඔය මූන තාත්තගෙම කපාපු පලුව.. "

    සුමනා කීවේ නෙතු අගින් මෝදු වෙමින් පැවති කඳුලක් පිට් අල්ලෙන් පිස දමමිනි..

    "ඔන්න ඔන්න ඉතින් මම හඳට යන්න යනකොටත් අම්මා අඬනවනෙ.. මේ ඕව වැඩක් නෑ කෝ අද අම්මගෙ පුතාට කවන්නෙ නැත්ද.. "

    වයස තිහක් වුවද තාම පොඩි එකෙක් මෙන් තමා සමග හුරතල් වන නීල්ට කන්නට දුම් දමන උදේ ආහාරය මැටිකෝප්පයට බෙදාගත් සුමනා කඩිනමින් එන විටත් නීල් සිටියේ රතු පාට කහපාට නිල් පාට මුසු වුන ත්‍රී කලර්ස් ලංකට් එකක් ඇඳගෙනය.. වෙනදා ලංකට් එකක් ගත්තත් තමන්ට පෙන්නා අම්ම්මෙ මෙහ්.. ලසන්නද කියා පෙන්වන නීල් අද එහෙම නොකලේ ඔහුට එය සිය පෙම්වතියක් විසින් තෑගි දුන් එකක් නිසා බව සුමනා තේරුම් ගත්තාය.. මගෙ කොල්ලා දැන් පොඩි එකෙක් නෙවේ.. උගෙ අහසටත් ලස්සන හඳක් පායාගෙන එනව ඇති කියා සුමනාට දැනුනේ නීල්ගේ කමිස වල වෙනදා නොතිබුන කාන්තා සුවඳ විලවුන් සුවඳක් සතියක පමන සිට දැනෙන්නට වීමත් සමගෙය..

    මඩක්කුවට උණු උණු කැකුලු හාලේ බත් සමග බටර් බෝංචි කිරට උයා ඉස්සන් බැදුමක් පොල් සම්බෝලයක් සමග රතුලූනු ගෙඩි දෙකක් දමාගෙන එන සුමනා දෙස නීල් බලාසිටියේ ආදරයෙනි..

    "අනේ අම්මා මට රතුලූනු එපා .. "

    වෙනදා බත් සමග රතුලූනු ගෙඩි පහක් හයක්ම ආසාවෙන් කන නීල් අද රතුලූනු එපා කීම සුමනාට මුවගට හිනාවක් ගෙන එන්නක් විය..

    "අනේ අනේ කොල්ලො උඹට දැන් රතුලූනු එපා නේද.. මොකද කෙල්ල කීවද ඉඹිනකොට රතුලූනු ගඳ එනව කියලා."

    සුමනාගේ පැනයට පිලිතුරු දීම වෙනුවට ලංකට් එක පිටින්ම ඇඳේ ඉඳගෙන සිමෙන්ති පොලවේ අම්බිලියන් අඳින නීල් දෙස සුමනා බලා සිටියේ අනුකම්පාවෙනි..

    "ලැජ්ජා වෙන්න දෙයක් නෑ පුතේ .. පුතා දැන් ලොකු ලමයෙක්නෙ.. ඉතින් අපිටත් බලන්න ඔය කෙල්ලව ගේන්නකො.."

    "හරි හරි අම්මා මම හඳට ගිහින් ආවම අම්මට පෙන්නන්න ගේන්නම්කො ලේලි පොඩ්ඩව.. "

    සුමනා බෙදාගෙන ආ බත් සියල්ල කවාගත් නීල් සුදු ශර්ට් එක ගෙන අඳින්නට සූදානම් වන විට සුමනා සිය කාමරයේ අල්මාරිය විවුර්ත කර රතු පාට ලිනන් කමිසයක් දෝතින්ම ගෙන නීල්ට ලං වූවාය..

    "මෙන්න පුතේ මම පුතාට ලස්සන කමිසයක් ගෙනාවා . පුතා හඳට යනව කියලා දැනගත්තම මම මේක ගෙනාවෙ .. බලන්නකො ලස්සනද කියලා."

    රතු කමිසය සහ බතික් සරමින් සැරසුන නීල් දෙස බැලූ සුමනාට පෙනුනේ මීට වසර විස්සකට පෙර මියගිය සිය සැමියා වූ සුගතපාල ආම්ස්ට්‍රෝං ය..

    "ඇරපු අතක් නෑ පුතේ ඔයානම් තාත්තා වගේමයි.. "

    නාසා ආයතනෙයේ අයට දෙන්නට සැදූ කිරිබත් පාර්සලයත් උම්බලකඩ යහමින් යෙදූ කට්ට සම්බෝල බෝතලයත් පපුවට තුරුලු කරගෙන තමන් දෙස බලාගෙන සිටින සුමනාගේ නෙතගින් ගිලිහුන කඳුලක් පිසිමින් නීල්

    "ඔන්න ඔන්න මේ හොඳ දවසෙත් අම්ම අඬනවනම් මම අම්මට හඳෙන් කිරිපැනි ගේන්නේ නෑ හොඳද.. "

    කියාගෙනම සිය මවගේ දෙපා නැමද ආශිර්වාද ගත්තේය.. නලල සහ කම්මුල් සිපගත් නීල් සිය ගගන ගාමි ඇඳුම් සහිත ගමන් මල්ල ගෙන එලියට බහින විට එහා ගෙදර පද්මා අක්කා ඉස්සරහට ආවේ වතුසුදු මල් දැමූ වතුර වීදුරුවක්ද අතැතිවය..

    "ඔන්න අපේ ගගන ගාමී මල්ලිට තුනුරුවන්ගෙ පිහිටෙන් හඳට ගිහින් එන්න ලැබෙන්න කියලා මම පන්සලට බාරයකුත් උනා.."

    දෙවැටේ ඈතට නොපෙනී යන නීල් දෙස බලා සිටි පද්මා සුමනාගේ මූන බලාගෙන සිටියේ සිනාමුසු මුහුනෙනි..

    "අපේ කොල්ලට වරදින්නෙ නෑ නැන්දේ.. මූ හඳට යන්න ඕනෙ එකෙක් නෙවේ මුගෙ ලස්සන දැක්කම හඳ මූ ගාවට එයි..."

    නාසා ආයතනයේ දොරටුවෙන් ඇතුලට එන නීල් දෙස ආයතනයේ පිලිගැනීමේ කවුන්ටරයේ සිටි ගයනි බලා සිටියේ සිනා මුහුනෙනි..

    "අප්පා .. අදනම් අපේ නීල් සර්ගෙ ලස්සන දැකලා අපේ කෙල්ලගෙ පපුව පැලෙයි.."

    "ඔන්න ගයනා ඔයාලට අපේ අම්මා දෙන්න කීවා මේ කිරිබත් එක.. ඒක නෙවේ කෝ අද මගේ කෙල්ල පේන්න නැත්තෙ මොකද.."

    "අනේ මන්දා සර් කෙල්ල උදේ ඉඳන් වැලහින්න වගේ අඬනව සර් හඳට යන එකට බය වෙලා..සර්ම ගිහින් නලවන්නකො අන්න රොකට් එක ගාවට වෙලා එංජිමට නලල තියාගෙන හූල්ලනවා.."

    රොකට්ටුව සහිත කාමරයට ගිය නීල් දුටුවේ රොකට් එංජිමට හිස තියාගෙන තමන්ට පිටුපා සිටින චායා ය.. ඇයගේ උරහිස ගැස්සෙන ආකාරයෙන්ම ඇය ඉකිගසමින් හඬන බව තේරුම් ගත් නීල්ගේ තුන් හිතම හිරිවැටී ගියේය..

    මැනික මම හඳට යන්නෙ නැතුව ඉන්නද එහෙනම් ...

    නීල්ගේ කටහඬට එකවරම හිස ඔසවා බලා තමන්ගේ පපුවට තුරුලු වී අඬන්නට ගත් චායාගේ හිස අතගාන නීල්ටද හැඬුම් ආවේ ඉබේටමය..

    මම ගියාට එනවනෙ මැනික .. මම ගියාට යන්නෙ මගෙ මැනිකවත් අරගෙනනෙ.. හඳට ගියත් මගෙ මැනිකව අමතක වෙන්නෙ නෑ මට.. මේ බොරුනම් බලන්නකො..

    නීල් තමන් ඇඳ සිටි බතික් සරම දනහිසෙන් උඩට ඔසවා පෙන්නද්දී චායා දුටුවේ ඔහු සරමට යටින් තමන්ගේ රේන්ද අල්ලපු යට සායක් ඇඳ සිටින බවයි..

    අනේ මගෙ මහත්තයො.. මොකද මේ.. අනේ මට පවු පිරෙයි දෙයියනේ.. ඒ තරම් වටිනවද මේ හිඟන කෙල්ලගෙ ආදරේ...

    මට මගෙ මැනික තරම් වටින දෙයක් මේ ලෝකෙ නෑ රත්තරන් ..

    චායා සිය හෑන්ඩ් බෑගයට අත දමා ලොකු පාර්සලයක් සහ තවත් කුඩා පාර්සල් කීපයක් ගත්තාය..

    "මෙන්න මහත්තයො මේ පිරිත් නූල අතේ බැඳගන්න .. මම ඕක බෙල්ලන්විල පන්සලෙන් ගෙනාවෙ.. මේ මල් පොකුර රොකට් එකේ ඩෑශ් බෝඩ් එක උඩ තියාගන්න .. මේ මම ඊයෙ ඇඳලා හෝදපු නැති ගවුමක්.. නිදාගන්නකොට ඒක කොට්ටෙට තියාගන්න.. මේකෙ තියෙන්නෙ රොකට් එකේදි පොඩි බඩගින්නක් ආවොත් කන්න සීනිසම්බෝල දාපු පාන් ටෝස්ට් කරපුවා වගයක්.. "

    සීනිසම්බෝල දැමූ පාන් එකේ සුවඳට නීල්ට එය එවලේම කන්නට තරම් සිතක් ඇතිවිය. පවු දෙයියනේ කෙල්ල උදේ පාන්දරම නැගිටලා හදන්න ඇති...

    "ආ.. මොකද.. මොකද මේ අද අපේ කොල්ලව හඳට යවන්න බෑ කියනවද.."

    එතනට පැමිනි එඩ්වින් සහ මයිකල් කල විහිලුවට හිස ඔසවා බැලූ චායාගේ කම්මුල් රතු විය..

    "එහෙනං පරිස්සමට ගිහින් එන්න මගෙ මහත්තයෝ.. හඳේදි ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කොත් මේ හිඟන පවුකාරිව අමතක කරලා දාන්න .. "

    චායාගේ කටහඬ හැඟුම් බර විය.. ඇයගේ හිස අතගෑ නීල්..

    "එහෙම උනොත් ස්‍රීමහ බෝදියෙ දක්ශින ශාකාව කඩා වැටෙයි රත්තරන් ... "

    චායාගේ හිස සිපගත් නීල් රොකට්ටුවට ගොඩ විය..
    " නංගි අපි ගිහින් එන්නම් එහෙනම් .."

    එඩ්වින් සහ මයිකල් ගේ වචන වලට හැඬුම නිසා කතා කරගැනීමට නොහැකිව හිස දෙපසට වැනූ චායා පසෙකට වූයේ රොකට්ටුවේ දුම් වලට ඇදුම වැඩිවිය හැකි නිසාය..

    රොකට්ටුවට ගොඩ වුන නීල් මුලින්ම කලේ සුදු මල් අහුරක් ඩෑශ් බෝඩ් එක මත තැබීමය.. ජනේලයෙන් එබී බලූ මයිකල්..

    "මචං කෙල්ල දුකෙන් ඉන්නෙ.. ඒකි හඳක් බං .. උඹ අපරාදෙ හඳට යන්නෙ.."

    නීල් සිය දබර ඇඟිල්ලෙන් කඳුලු පිසදමාගෙන රොකට්ටුව තුල වූ රේඩියෝව ක්‍රියාත්මක කලේය..

    බොහොත ප්‍යාරෙ කර්තේහේ තුම්කෝ සනම්...

    මිහිරි හින්දි ගීතය නීල්ගේ දුක තවත් වැඩි කරන්නට සමත් විය.. ජනේලයේ වීදුරුවට අත තැබූ නීල් බිම සිටි චායාට අත වනා රොකට්ටුවේ සුක්කානමට තුන් වරක් වැඳ එන්ජිම පන ගන්වා අහස දෙසට වේගයෙන් ගමන් කලේ තව එක් වරක් හෝ පහල බැලුවොත් චායාගේ හැඬුම් බර මුහුන දැකීම නිසා තමාට හඳට යාමට නොහැකි වේ යැයි ඇති බිය නිසාය..

    ධනුෂ්ක කාංචන ජයවීර
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇත්තටම සුජීව ප්‍රසන්නආරච්චිගේ නවල් ඔහොමද බං??? හිනා වෙලා පණ ගියා 😁😁😁
     
    • Like
    Reactions: Lahiru120

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    මරු මරු.. සිරාවට ම සුජීවයා ලිව්වා නම් ඔය වගේ තමයි 😁😁😂😂😂😁
     
    • Like
    Reactions: Lahiru120

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හැයියා පට්ටම cringe ඔය වගේ style එකක් නම් 😬😬😬 මම ඔය සුජීවගේ කතා එකක්වත් දැකලා නෑ බලන්න හිතිලත් නෑ හැබැයි English sir කියලා magazine එකක් තිබ්බ එකනම් බලලා තියෙනවා. එකේ නම් ලොකු අවුලක් තිබ්බේ නෑ
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    බොලාට sparks පට්ට novelist හැබැයි සුජිවය මල් ..අනේ බොලගේ විචාර ..සුජීව පට්ට වැඩ්ඩේක් පොර උගේ ඔඩියන්ස් එකට හරියන්න ලියනවා එක හුගක් සාර්ථකයි...
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    බොලාට sparks පට්ට novelist හැබැයි සුජිවය මල් ..අනේ බොලගේ විචාර ..සුජීව පට්ට වැඩ්ඩේක් පොර උගේ ඔඩියන්ස් එකට හරියන්න ලියනවා එක හුගක් සාර්ථකයි...
    එහෙමද උට්ටි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය සීන් එක පත්තරේකට ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චිට දුන්නොත්...

    උදේ පාන්දරම වත්ත පහල ලිඳෙන් නාගෙන එන ගමන් දෙවැටේ කෝපි පඳුරෙන් කෝපි මල් අහුරක් කඩාගෙන කෙලිලොල් ලෙස පපුවට තුරුල් කරගෙන එන එන නීල් ආම්ස්ට්‍රෝං දෙස සුමනා ආම්ස්ට්‍රෝං මහත්මිය බලා සිටියේ පපුව පිරී ඉතිරී යන ආදරයකිනි..

    අනේ මේ කොල්ලා ගැලපෙන්නේ නාසා ආයතනයට වඩා පූර්වාරාමයේ හාමුදුරුවන්ගේ පෙරෙහැරේ මිහිඳු පිලිමයට වඩම්මන වාහනයට නේදැයි ඇයට සිතුනි..

    "මොකද අම්මා මේ ඇස් වල කඳුලු... "

    නීල් සිය කොන්ඩයේ අග්ගිස්සෙන් විසිරෙන දියබිඳු සිය මවගේ මූනට ඉසිමින් අසන විට සුමනා ආම්ස්ට්‍රෝං පියවි ලෝකයට ආවේය..

    "නෑ පුතේ මට තාත්තා මතක් උනා.. ඔය මූන තාත්තගෙම කපාපු පලුව.. "

    සුමනා කීවේ නෙතු අගින් මෝදු වෙමින් පැවති කඳුලක් පිට් අල්ලෙන් පිස දමමිනි..

    "ඔන්න ඔන්න ඉතින් මම හඳට යන්න යනකොටත් අම්මා අඬනවනෙ.. මේ ඕව වැඩක් නෑ කෝ අද අම්මගෙ පුතාට කවන්නෙ නැත්ද.. "

    වයස තිහක් වුවද තාම පොඩි එකෙක් මෙන් තමා සමග හුරතල් වන නීල්ට කන්නට දුම් දමන උදේ ආහාරය මැටිකෝප්පයට බෙදාගත් සුමනා කඩිනමින් එන විටත් නීල් සිටියේ රතු පාට කහපාට නිල් පාට මුසු වුන ත්‍රී කලර්ස් ලංකට් එකක් ඇඳගෙනය.. වෙනදා ලංකට් එකක් ගත්තත් තමන්ට පෙන්නා අම්ම්මෙ මෙහ්.. ලසන්නද කියා පෙන්වන නීල් අද එහෙම නොකලේ ඔහුට එය සිය පෙම්වතියක් විසින් තෑගි දුන් එකක් නිසා බව සුමනා තේරුම් ගත්තාය.. මගෙ කොල්ලා දැන් පොඩි එකෙක් නෙවේ.. උගෙ අහසටත් ලස්සන හඳක් පායාගෙන එනව ඇති කියා සුමනාට දැනුනේ නීල්ගේ කමිස වල වෙනදා නොතිබුන කාන්තා සුවඳ විලවුන් සුවඳක් සතියක පමන සිට දැනෙන්නට වීමත් සමගෙය..

    මඩක්කුවට උණු උණු කැකුලු හාලේ බත් සමග බටර් බෝංචි කිරට උයා ඉස්සන් බැදුමක් පොල් සම්බෝලයක් සමග රතුලූනු ගෙඩි දෙකක් දමාගෙන එන සුමනා දෙස නීල් බලාසිටියේ ආදරයෙනි..

    "අනේ අම්මා මට රතුලූනු එපා .. "

    වෙනදා බත් සමග රතුලූනු ගෙඩි පහක් හයක්ම ආසාවෙන් කන නීල් අද රතුලූනු එපා කීම සුමනාට මුවගට හිනාවක් ගෙන එන්නක් විය..

    "අනේ අනේ කොල්ලො උඹට දැන් රතුලූනු එපා නේද.. මොකද කෙල්ල කීවද ඉඹිනකොට රතුලූනු ගඳ එනව කියලා."

    සුමනාගේ පැනයට පිලිතුරු දීම වෙනුවට ලංකට් එක පිටින්ම ඇඳේ ඉඳගෙන සිමෙන්ති පොලවේ අම්බිලියන් අඳින නීල් දෙස සුමනා බලා සිටියේ අනුකම්පාවෙනි..

    "ලැජ්ජා වෙන්න දෙයක් නෑ පුතේ .. පුතා දැන් ලොකු ලමයෙක්නෙ.. ඉතින් අපිටත් බලන්න ඔය කෙල්ලව ගේන්නකො.."

    "හරි හරි අම්මා මම හඳට ගිහින් ආවම අම්මට පෙන්නන්න ගේන්නම්කො ලේලි පොඩ්ඩව.. "

    සුමනා බෙදාගෙන ආ බත් සියල්ල කවාගත් නීල් සුදු ශර්ට් එක ගෙන අඳින්නට සූදානම් වන විට සුමනා සිය කාමරයේ අල්මාරිය විවුර්ත කර රතු පාට ලිනන් කමිසයක් දෝතින්ම ගෙන නීල්ට ලං වූවාය..

    "මෙන්න පුතේ මම පුතාට ලස්සන කමිසයක් ගෙනාවා . පුතා හඳට යනව කියලා දැනගත්තම මම මේක ගෙනාවෙ .. බලන්නකො ලස්සනද කියලා."

    රතු කමිසය සහ බතික් සරමින් සැරසුන නීල් දෙස බැලූ සුමනාට පෙනුනේ මීට වසර විස්සකට පෙර මියගිය සිය සැමියා වූ සුගතපාල ආම්ස්ට්‍රෝං ය..

    "ඇරපු අතක් නෑ පුතේ ඔයානම් තාත්තා වගේමයි.. "

    නාසා ආයතනෙයේ අයට දෙන්නට සැදූ කිරිබත් පාර්සලයත් උම්බලකඩ යහමින් යෙදූ කට්ට සම්බෝල බෝතලයත් පපුවට තුරුලු කරගෙන තමන් දෙස බලාගෙන සිටින සුමනාගේ නෙතගින් ගිලිහුන කඳුලක් පිසිමින් නීල්

    "ඔන්න ඔන්න මේ හොඳ දවසෙත් අම්ම අඬනවනම් මම අම්මට හඳෙන් කිරිපැනි ගේන්නේ නෑ හොඳද.. "

    කියාගෙනම සිය මවගේ දෙපා නැමද ආශිර්වාද ගත්තේය.. නලල සහ කම්මුල් සිපගත් නීල් සිය ගගන ගාමි ඇඳුම් සහිත ගමන් මල්ල ගෙන එලියට බහින විට එහා ගෙදර පද්මා අක්කා ඉස්සරහට ආවේ වතුසුදු මල් දැමූ වතුර වීදුරුවක්ද අතැතිවය..

    "ඔන්න අපේ ගගන ගාමී මල්ලිට තුනුරුවන්ගෙ පිහිටෙන් හඳට ගිහින් එන්න ලැබෙන්න කියලා මම පන්සලට බාරයකුත් උනා.."

    දෙවැටේ ඈතට නොපෙනී යන නීල් දෙස බලා සිටි පද්මා සුමනාගේ මූන බලාගෙන සිටියේ සිනාමුසු මුහුනෙනි..

    "අපේ කොල්ලට වරදින්නෙ නෑ නැන්දේ.. මූ හඳට යන්න ඕනෙ එකෙක් නෙවේ මුගෙ ලස්සන දැක්කම හඳ මූ ගාවට එයි..."

    නාසා ආයතනයේ දොරටුවෙන් ඇතුලට එන නීල් දෙස ආයතනයේ පිලිගැනීමේ කවුන්ටරයේ සිටි ගයනි බලා සිටියේ සිනා මුහුනෙනි..

    "අප්පා .. අදනම් අපේ නීල් සර්ගෙ ලස්සන දැකලා අපේ කෙල්ලගෙ පපුව පැලෙයි.."

    "ඔන්න ගයනා ඔයාලට අපේ අම්මා දෙන්න කීවා මේ කිරිබත් එක.. ඒක නෙවේ කෝ අද මගේ කෙල්ල පේන්න නැත්තෙ මොකද.."

    "අනේ මන්දා සර් කෙල්ල උදේ ඉඳන් වැලහින්න වගේ අඬනව සර් හඳට යන එකට බය වෙලා..සර්ම ගිහින් නලවන්නකො අන්න රොකට් එක ගාවට වෙලා එංජිමට නලල තියාගෙන හූල්ලනවා.."

    රොකට්ටුව සහිත කාමරයට ගිය නීල් දුටුවේ රොකට් එංජිමට හිස තියාගෙන තමන්ට පිටුපා සිටින චායා ය.. ඇයගේ උරහිස ගැස්සෙන ආකාරයෙන්ම ඇය ඉකිගසමින් හඬන බව තේරුම් ගත් නීල්ගේ තුන් හිතම හිරිවැටී ගියේය..

    මැනික මම හඳට යන්නෙ නැතුව ඉන්නද එහෙනම් ...

    නීල්ගේ කටහඬට එකවරම හිස ඔසවා බලා තමන්ගේ පපුවට තුරුලු වී අඬන්නට ගත් චායාගේ හිස අතගාන නීල්ටද හැඬුම් ආවේ ඉබේටමය..

    මම ගියාට එනවනෙ මැනික .. මම ගියාට යන්නෙ මගෙ මැනිකවත් අරගෙනනෙ.. හඳට ගියත් මගෙ මැනිකව අමතක වෙන්නෙ නෑ මට.. මේ බොරුනම් බලන්නකො..

    නීල් තමන් ඇඳ සිටි බතික් සරම දනහිසෙන් උඩට ඔසවා පෙන්නද්දී චායා දුටුවේ ඔහු සරමට යටින් තමන්ගේ රේන්ද අල්ලපු යට සායක් ඇඳ සිටින බවයි..

    අනේ මගෙ මහත්තයො.. මොකද මේ.. අනේ මට පවු පිරෙයි දෙයියනේ.. ඒ තරම් වටිනවද මේ හිඟන කෙල්ලගෙ ආදරේ...

    මට මගෙ මැනික තරම් වටින දෙයක් මේ ලෝකෙ නෑ රත්තරන් ..

    චායා සිය හෑන්ඩ් බෑගයට අත දමා ලොකු පාර්සලයක් සහ තවත් කුඩා පාර්සල් කීපයක් ගත්තාය..

    "මෙන්න මහත්තයො මේ පිරිත් නූල අතේ බැඳගන්න .. මම ඕක බෙල්ලන්විල පන්සලෙන් ගෙනාවෙ.. මේ මල් පොකුර රොකට් එකේ ඩෑශ් බෝඩ් එක උඩ තියාගන්න .. මේ මම ඊයෙ ඇඳලා හෝදපු නැති ගවුමක්.. නිදාගන්නකොට ඒක කොට්ටෙට තියාගන්න.. මේකෙ තියෙන්නෙ රොකට් එකේදි පොඩි බඩගින්නක් ආවොත් කන්න සීනිසම්බෝල දාපු පාන් ටෝස්ට් කරපුවා වගයක්.. "

    සීනිසම්බෝල දැමූ පාන් එකේ සුවඳට නීල්ට එය එවලේම කන්නට තරම් සිතක් ඇතිවිය. පවු දෙයියනේ කෙල්ල උදේ පාන්දරම නැගිටලා හදන්න ඇති...

    "ආ.. මොකද.. මොකද මේ අද අපේ කොල්ලව හඳට යවන්න බෑ කියනවද.."

    එතනට පැමිනි එඩ්වින් සහ මයිකල් කල විහිලුවට හිස ඔසවා බැලූ චායාගේ කම්මුල් රතු විය..

    "එහෙනං පරිස්සමට ගිහින් එන්න මගෙ මහත්තයෝ.. හඳේදි ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කොත් මේ හිඟන පවුකාරිව අමතක කරලා දාන්න .. "

    චායාගේ කටහඬ හැඟුම් බර විය.. ඇයගේ හිස අතගෑ නීල්..

    "එහෙම උනොත් ස්‍රීමහ බෝදියෙ දක්ශින ශාකාව කඩා වැටෙයි රත්තරන් ... "

    චායාගේ හිස සිපගත් නීල් රොකට්ටුවට ගොඩ විය..
    " නංගි අපි ගිහින් එන්නම් එහෙනම් .."

    එඩ්වින් සහ මයිකල් ගේ වචන වලට හැඬුම නිසා කතා කරගැනීමට නොහැකිව හිස දෙපසට වැනූ චායා පසෙකට වූයේ රොකට්ටුවේ දුම් වලට ඇදුම වැඩිවිය හැකි නිසාය..

    රොකට්ටුවට ගොඩ වුන නීල් මුලින්ම කලේ සුදු මල් අහුරක් ඩෑශ් බෝඩ් එක මත තැබීමය.. ජනේලයෙන් එබී බලූ මයිකල්..

    "මචං කෙල්ල දුකෙන් ඉන්නෙ.. ඒකි හඳක් බං .. උඹ අපරාදෙ හඳට යන්නෙ.."

    නීල් සිය දබර ඇඟිල්ලෙන් කඳුලු පිසදමාගෙන රොකට්ටුව තුල වූ රේඩියෝව ක්‍රියාත්මක කලේය..

    බොහොත ප්‍යාරෙ කර්තේහේ තුම්කෝ සනම්...

    මිහිරි හින්දි ගීතය නීල්ගේ දුක තවත් වැඩි කරන්නට සමත් විය.. ජනේලයේ වීදුරුවට අත තැබූ නීල් බිම සිටි චායාට අත වනා රොකට්ටුවේ සුක්කානමට තුන් වරක් වැඳ එන්ජිම පන ගන්වා අහස දෙසට වේගයෙන් ගමන් කලේ තව එක් වරක් හෝ පහල බැලුවොත් චායාගේ හැඬුම් බර මුහුන දැකීම නිසා තමාට හඳට යාමට නොහැකි වේ යැයි ඇති බිය නිසාය..

    ධනුෂ්ක කාංචන ජයවීර
    හඳට ගිහින් ඇවිල්ලා සල්ලි ගොඩක් එකතු කරගෙන පොත් සාප්පුවක් දාන කෑල්ල අමතකවෙලා :lol:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒක පට්ට යකෝ.
    පැතුම් කර්නර් ලිවුවත් ඔහොම තියෙයි.