බිරිඳ අනියම් සැමියන් සොයා යන හේතුව

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බිරිඳ අනියම් සැමියන් සොයා යන හේතුව

    prohibited_love_by_cazzimoon-d4byxw5.jpg


    බිරිඳ වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ දිවිය තුල ඇති වන විවිධ ප්‍රශ්න නිසා බව බොහෝ දෙනාගේ අනුමානයයි. එය බොහෝවිට ලිංගික හෝ ආර්ථික ප්‍රශ්න ,අදහස් නොගැලපීම් වැනි තත්වයන් නිසා සිදු වන බව බහුතර මතය වේ. එම මතය සත්‍ය නොවන බව ඇමරිකාවේ ලිංග විද්‍යාත්මක සංගමය ( American Sexological Association ) කරන ලද නවතම සමීක්ෂණකින් සනාත වී තිබෙනවා.

    මෙම සමීක්ෂණය සදහා අවුරුදු 35-45ත් අතර විවාහක කාන්තාවන් 100 දෙනෙකුගෙන් යුත් නියැදියක් යොදා ගෙන තිබෙනවා. ඒ සියදෙනාම නව සහකරුවන්/සහකාරියන් හදුනා ගැනීමේ වෙබ් අඩවියක සාමාජිකත්වය දරන්නන් වනවා.

    කරන ලද මේ සමීක්ෂණයට අනුව මේ කිසිම කාන්තාවක් තම විවාහය පිලිබදව කලකිරීමකින් පසුවන්නන් නොවෙයි. ඔවුන් සියලු දෙනාම සාර්ථකව විවාහ ජීවිතය ගත කරන බවයි පවසා ඇත්තේ. මෙම 100 දෙනා ගෙන් 67 දෙනෙකුම කියා තිබුණේ වෙනත් සහකරුවන් සොයා යාමට ප්‍රධාන හේතුව නව ප්‍රේමනීය ලිංගිකසබදතා ගොඩනගා ගැනීමේ තදබල ආශාව බවයි.

    මෙම සමීක්ෂණය සමාජ විද්‍යඥයකු වන මහාචාර්ය එරික් ඇන්ඩර්සන් මහතා ප්‍රමුඛ පිරිසක් විසින් පවත්වන ලද්දක්.