බිල් ගේට්ස් ‘පැරදවූ’ සැබෑ සුපිරි ධනවතා

Jun 5, 2013
68
40
0
බිල් ගේට්ස් ‘පැරදවූ’ සැබෑ සුපිරි ධනවතා

1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී. ඒත් අද ඔහු කියනවා පමා වැඩිලු. ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු !
ඒ කාලේ හරිම ලාබයි අදට වඩා. ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න.

2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා.
සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයන්නට හුරු කරවන්න.

3. ඔහු තවමත් ජීවත් වෙන්නේ ඔහු මීට වසර 50කට පෙර විවාහ වූ විට මිලට ගත් නිදන කාමර 3ක කුඩා නිවසේ. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්ය සියලු දේ ඈති බවයි. විශේෂය වන්නේ, ඔහුගේ නිවස වටා විශාල තාප්පයක් හෝ වෑටක් අදටත් නොතිබීමයි.
ඔබට අත්යාවශ්ය දේ හැරුනු කොට වෙනත් අනවශ්ය දේ මිලට ගැනීමෙන් වලකින්න. ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න.

4.ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඕනෑම තැනකට යන්නෙක්. අදටත් ඔහුට රියෙදුරෙකු හෝ ආරක්ෂකයින් නෑ.
ඔබ ඔබම වන්න. එහි සැනසීම ඇත.

5. ඔහු කිසිදාක තම පුද්ගලික ගුවන් යානයක ගමන් යන්නේ නැහැ. එහෙත් පුදුමය වන්නේ ඔහු තමයි ලෝකයේ විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා !
අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න.

6. ඔහුගේම ආයතනයක් වන සමාගම සතුව පවතින 63ක් වූ සමාගම් වල විධායක අධ්යක්ෂවරුන්ට , මේ සුපිරි ධනවත් හාම්පුතාගෙන් වසරකට ලැබෙන්නේ එක ලියුමයි. එහි සඳහන් වෙන්නේ එලැඹෙන වසර සඳහා ඉල්ලක්කයන්. ඔහු කිසිදාක වසර පුරා රැස්වීම්, සාකච්ඡා පවත්වන්නේ නෑ. දුරකථන ඇමතුම් දෙන්නේ නෑ.
නිසි තැනට සුදුස්සා තෝරාපත්කර ගන්න.
7. ඔහු යටතේ සිටින විධායක අධ්යක්ෂවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2ක් පමණයි.
i. ඔබේ කොටස්කරුවන්ට අහිමි කර නොගන්න.
ii. පලමු නීතිය අමතක නොකරන්න.
ඉලක්ක නිර්මාණය කොට දෙන්න. ඔවුන් ඉලක්කය කරා ගමන් කරනයුරු නිරීක්ෂණය කරන්න.

8. ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්නේ ඉතාමත් අඩුවෙන්. නිවසට පැමිණෙන ඔහු වඩාත් ප්රිය කරන්නේ පොප් කෝන් හදා ඒවා අනුභව කරමින් රූපවාහිනිය නැරඹීමටයි.
ප්රදර්ශනය කිරීම අනවශ්ය දෙයක්. ඔබේ ජීවිතය ඔබ නිදහසේ විඳින්න .

9. ඔහු ජංගම දුරකථනයක් හෝ පුද්ගලික පරිඝනකයක් පාවිච්චි කරන්නෙකු නොවෙයි.

ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්.

ඔහු මේ අපූරු අදහස් පලකලේ CNN ආයතනය වෙනුවෙන් කල සම්මුඛ සාකච්ඡාවකදී. ඔහු ලොව සමාජ කටයුතු සඳහා පරිත්යාග කල මුදල ඩොලර් බිලියන 31ක්. !
ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සඳහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කළේ නෑ..
ණය කාඩ් පත් වලින් මිදෙන්න… ආයෝජනය කරන්න…

1. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න… මුදල් නිර්මාණය කලේ මිනිසායි !!!
2. සරල ජීවිතයක් ගත කරන්න.
3. අනුනට උවමනා දේ අසා සිටින්න. ඔබට උවමනා දේ , හොඳ යැයි සිතෙන දේම කරන්න.
4. වෙලඳ නාම වලට නොරැවටෙන්න. ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
5. අනවශ්ය දේට වියදම් කරන මුදල්, අවශ්යතා ඇතියෙකුට පරිත්යාග කරන්න.
6. ඔබේ ජීවිතය… ඔබේ නිදහසේ ගෙවන්න… අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න…

ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත… ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි…

මේ ලෝකයේ දෙවන සුපිරි ධනවතා Warren Buffett ! මටත් හිතෙනවා… ඔහු ධනවත් ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය… හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක ජීවිතය අතින් ඔහු ඉතා පොහොසත් නිසා…
 

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    machan okkomala hithan inne bill gates, warren buffet la thama loke inna lokuma salli kaarayo kiyala. eth unge wathkam 50 billion dollars wage.
    namuth loke lokuma salli kaarayo "Rothschild family". unge wathkam 500 trillion dollars kiyala kiyanne.