බිල්_ගේට්ස්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    Bill+Gates.PNG


    අංක 1

    අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
    ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.
    අංක 2

    අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
    ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
    ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
    ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

    අංක 3

    ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
    අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
    නමුත් එහෙම වෙන්නේ නැහැ.
    කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
    ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
    අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

    අංක 4
    ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
    කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

    අංක 5
    ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
    එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
    ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
    ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

    අංක 6
    ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
    එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
    වැරදි හදාගන්න.

    අංක 7
    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?

    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

    අංක 8
    ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
    සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
    අවස්ථා දෙන්න ඇති.
    මතක තියාගන්න.
    ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

    අංක 9
    ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
    බෙදල වෙන් කරලා නැහැ.
    අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
    ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
    ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

    අංක 10
    ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
    ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
    රස්සාව කරන්න යන්න වෙනවා.

    අංක 11
    ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
    පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
    ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
    කව්ද දන්නේ ඔය පොරකට
    කවද හරි බොස් කියන්න වෙයිද කියල?​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආත්ම-අභිමානයෙන් පලක් නැහැ ea mokakda bn athma abimanaya kiyanne :eek:

    සමහරු ඉන්නවනේ බන් මුකුත් නොකර තමන් වැඩර් කියලා ලොකුවට හිතන් ඉන්න එවුන්.
    අන්න උන්ට තමා ඕක කියන්නේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට මේක කියවද්දි නිකන් අකුරුවල පොඩි ඇනිමේශන් එකක් පේනවනේ බන්.
    මට විතරද එහෙම පේන්නේ?
    අකුරු පාවෙන ගතියක් පේන්නේ මට විතරද?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට මේක කියවද්දි නිකන් අකුරුවල පොඩි ඇනිමේශන් එකක් පේනවනේ බන්.
    මට විතරද එහෙම පේන්නේ?
    අකුරු පාවෙන ගතියක් පේන්නේ මට විතරද?

    thare sameen par weida :rofl::P
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    loku smart phone

    smoking, liquor

    මගේ ගාව තියන්නේ j108i ජාවා ෆෝන් එකක් !
    සිගරට් නම් ගහන්නේ නැ !
    දවස් දෙකකට සැරයක් වගේ හන්දියේ කඩෙන් එළවලු කොත්තුවක් නම් කනවා :rolleyes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    මගේ ගාව තියන්නේ j108i ජාවා ෆෝන් එකක් !
    සිගරට් නම් ගහන්නේ නැ !
    දවස් දෙකකට සැරයක් වගේ හන්දියේ කඩෙන් එළවලු කොත්තුවක් නම් කනවා :rolleyes:

    umba elawalu koththu kana hinda umabata bil gates wenna bah.... :D:D