බිලිඳාට ජීවිතයට දී දොස්තර ෆාහිමා අවසන් ගමනේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රුධිර පීඩනය වැඩි වී නිවසට වී විවේක ගනිමින් සිටිය දී තමා සේවය කරන මහනුවර ජාතික රෝහලේ 4 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වන මාස දෙකක් වයසැති දරුවකුගේ සිරුර නිල් පැහැ ගැන්වී ගෙන එන බව දැන වහාම රෝහලට ගොස් ප්‍රතිකාර කර එම දරුවා පත්ව සිටි අවදානම් තත්ත්වයයෙන් මුදාගත් වෛද්‍ය ෆාහිමා සහඬින් මහත්මිය රුධිර පීඩනය තවත් වැඩි වී රෝගී තත්ත්වය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී දින දහයකට පසු මියගොස් ඇත.

    දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ප්‍රථම වෛද්‍යවරියගේ රුධිර පීඩන තත්ත්වය මැන බැලීමේදී දෙසීයකට ඉහළ ගොස් තිබූ බව මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඊයේ (24) පැවසීය.
    වෛද්‍යවරිය මිය ගොස් තිබුණේ පසුගිය සති අන්තයේය. මියයන විට වෛද්‍යවරිය පනස් දෙහැවිරිදි වියේ පසු වූවාය.අධි රුධිර පීඩනය නිසා වෛද්‍ය ෆාහිමා මහත්මියගේ හිසේ නහරයක් පුපුරා යෑම නිසා අභ්‍යන්තර ලේ වහනයක් සිදු වී ඇය මිය ගොස් ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය විණි යැයි ද වෛද්‍ය ජනක ජයසූරිය මහතා පෙන්වා දුන්නේය. වෛද්‍යවරිය ජීවිතය ලබා දී තිබුණේ මාස දෙකක් වයසැති සිංහල ජාතික දරුවකුටය.

    විවේකීව සිටිය යුතු වෛද්‍ය ෆාහිමා මහත්මිය රෝගී දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙස මහන්සි වීම නිසා ඇයගේ රුධිර පීඩන තත්ත්වය තවත් වැඩි වී මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන බව වෛද්‍ය ජනක ජයසූරිය මහතා කීය.වෛද්‍ය ෆාහිමා මහත්මිය ඇයගේ සේවා කාලය තුළ දිවා රෑ නොබලා රෝගීන් වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ බව වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.වෛද්‍ය ෆාහිමා මහත්මියගේ සැමියා
    සබරගමුව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයකු වන අතර ඇයගේ වැඩිමහලු සොහොයුරිය ද වෛද්‍යවරියකි.වෛද්‍ය ෆාහිමා මහත්මියගේ වැඩිමල් දියණිය පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත්ව වෛද්‍ය විද්‍යාලයට තේරි පත්ව සිටින බවත් ඇයගේ පුතෙකු තවමත් පාසල් අධ්‍යාපනය ලබන බවත් වෛද්‍ය ජයසූරිය මහතා කියයි. වෛද්‍ය ෆාහිමා මහත්මිය පදිංචිව සිටියේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේය.

    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

    උපන් රටට ණය නැති දුවෙක්. මරණය ගැන හරිම කනගාටුයි. ඔබගේ ආගම අනුව පතනා සැනසුමක් ලැබේවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ශ්‍රමය සුරාකෑමට ලක් වීම

    තම පෞද්ගලිකත්වය පරයා අනවශ්‍ය ලෙස රැකියාවේ නිරතවීම

    මුදල් හෝ රැකියාව ගැන සිතමින් තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් නොවීම
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පෞද්ගලික වෛද්‍යපීට තිබුනා නම් දොස්තරල හිඟ වෙන්නේ නෑ
     
    • Like
    Reactions: hasithayad

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    200 wenakan tablet bila nedda pressure walata?
    ඒකනෙ බන්, තමන් මේමනම් බෙහෙත් දුන්න ලෙඩ්ඩුන්ට මොනවා වෙන්න ඇතිද
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Me wage news hariyata analysis karala balanda one. Hari wage Pena boru one tharam. News karayata one emotions awussanda
     
    • Like
    Reactions: Tz4400