බිලියන 8කට රජයේ දේපල කීපයක් බදු දීමට යයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අලුත් බව හැඟවෙන කැබිනට් මණ්ඩලයක් දිව්රුම් දීමේ උණුසුම පහව යාමටත් මත්තෙන් ආණ්ඩුව විසින් බදු දීමට බලාපොරොත්තු වන රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබඳව වාර්තා පළවෙනවා. එම වාර්තා පවසන්නේ රජයේ දේපළ කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වහාම උපයා ගැනීමට ආණ්ඩුව අදහස් කර ඇති බවයි.

    මෙසේ බදු දීමට අදහස් කරන දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද ඇතුළත් වෙනවා. මේවා දීර්ඝ කාලීන පදනමක් යටතේ බදු දෙන බවයි කියන්නේ.

    කටුනායක ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2කටත් මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300කටත් රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400කටත් බදු දීමටයි සැලසුම් කර ඇත්තේ.

    ඒ සමඟම කොළඹ වරායේ දකුණු කොටස ඩොලර් මිලියන 600ක ආයෝජන පදනමක් යටතේ බව කියමින් ව්‍යාපාරිකයන්ට ලබාදීමටත් කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4කටත් බදු දීමට අදහස් කරන බව වාර්තා වෙනවා.

    මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය ඩොලර් මිලියන 500කටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ඩොලර් මිලියන 300 කටත් විකුණා දමන බවයි කියන්නේ.

    Source
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුරුත් ගන්නේ නෑ සෙලින් දිවා දාල බැලුවේ කවුරුත් ගන්න නෑ. කඩා වැටෙන ආර්ථික වල ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරන්නේ නෑ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ඇට දෙකත් උගස් කරන්න වෙන්නෙ මේ අවුරුද්ද ගෙවාගන්න

    චින්නු සුප් හදල බොනවා. කීයක් හරි හොයා ගන්න පුළුන්කමක් තියෙනවා එකෙනුත්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,600
    100,832
    113
    ඇට දෙකත් උගස් කරන්න වෙන්නෙ මේ අවුරුද්ද ගෙවාගන්න
    එකපාර ලබ්බම අවුරුදු 2කකට උගස් කරපන්. නැත්තන් ආයෙ ලබන අවුරුද්දෙ ඉතුරු කෑල්ල ගන්න එකෙක් හොයන්න එපායනෙ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    කාලෙකට ඉස්සර Sri Lankan Airline එක Emirates වලට දීලා තිබ්බා නේද? හැබැයි ඒ කාලේ Sri Lankan Airline එක නම් නියමෙට තිබ්බා. කොහොම හරි මුන් ඔක්කොම බදු දීලා මහ පාරේ ඇවිදින්නත් බද්දක් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බදු දෙන එකේ අව්ල මොකක්ද?
    මේ කරගෙන ගිහින් තියෙන විදියට බදු දෙන්නෙ නැතුව කිසිම දෙයක් ගොඩ ගන්න බෑ.. හේතු තමා රාජ්‍ය ආයතන වල ඉන්න සේවක සංකයව. හැම පක්ශයක්ම චන්ද වලදි දෙන රස්සා වලින් වරාය පෙට්‍රෝලියම් එක විදුලිබල එයාර්පෝට් වගේ දැනට පාඩු ලබන සියල්ලටම රස්සා වලින් මිනිස්සු පිරෙව්වා පුරප්පාඩු නැතුවම. ඉතින් උන්ගෙ ආදායම් වලට වඩා වියදම් වැඩි. එහෙමයි පාඩු වෙන්නෙ. ඉතින් කරන්න තියෙන්නෙ සේවකයො ගෙදර යවන එක. රජයට ඒක කරන්න බැරි නිසා උන් විකුනල දාලා නිකන් ඉදියි.. බදු දෙනකොට ගන්න එවුන් සෙවකයො එපා කියල ගනියි.

    IMF ගියත් පාඩු ලබන ආයතන privatize කරන්න වෙනවා නේද?

    අනිවාර්‍යෙන්ම. මේකට වග කියන්න ඕන පාලකයො. රාජ්‍ය ආයතන විකිනීම හැර වෙන විකල්පයක් නැත

    දන්න එකෙක් පැහැදිලි කරන්න ප්ලීස්....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    බදු දීලා වැඩක් නෑ විකුණල දාන්න ඕනේ ඕවා . රටම බිස්නස් එකක් විදියට දුවන්න ඕනේ . ආන්ඩුව ඒ බිස්නස් වලින් බදු ගහලා රටේ උන්ගේ සුභසිද්දිය හදන්න ඕනේ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බදු දීලා වැඩක් නෑ විකුණල දාන්න ඕනේ ඕවා . රටම බිස්නස් එකක් විදියට දුවන්න ඕනේ . ආන්ඩුව ඒ බිස්නස් වලින් බදු ගහලා රටේ උන්ගේ සුභසිද්දිය හදන්න ඕනේ
    🤣🤣

    රාජපක්ෂල රටේ උන්ගෙ සුභ සිද්දිය හදන්න?
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පයියක්ද කලේ ඕව මෙච්චරකල් තියන් ඉදල. දීල දාන්න කියපන් වැඩක් ගන්න පුලුවන් එකෙක්ට. ඔය තැන තැන වල් වැවිල තියෙන ආණ්ඩුවෙ ඉඩම් තියෙනව. කොටුවෙ හිටන් තියෙනව. දීපල්ලකො බිස්නස් එකක් කරන එකෙක්ට.