බිලියන 8කට රජයේ දේපල කීපයක් බදු දීමට යයි..

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය
    Happy Birthday Reaction GIF
     
    ශ්‍රී ලංකා ටෙලිකොම් එක නම්, ඉන්දියාවට වගේ විකුණලා දැම්මා නම් හොඳයි. Dialog හරි දැනට ලංකාවේ තියෙන Telecom service provider කෙනෙක්ට දෙන එක නම් කොහොමත්ම හොඳ නෑ. ඒකාධිකාරයක් ගොඩ නැගෙනවා. අලුත් ආයෝජකයෙක් ගේන තරමට හොඳයි. ගොඩක් වෙලාවට අල්ලිරාජා සුබාෂ්කාරන් Telecom එක ගනියි. Lyca Mobile එක ඒ පාරෙන් ලංකාවට එයි.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    dialog + slt monopoly = end of the sinhalese

    ශ්‍රී ලංකා ටෙලිකොම් එක නම්, ඉන්දියාවට වගේ විකුණලා දැම්මා නම් හොඳයි. Dialog හරි දැනට ලංකාවේ තියෙන Telecom service provider කෙනෙක්ට දෙන එක නම් කොහොමත්ම හොඳ නෑ. ඒකාධිකාරයක් ගොඩ නැගෙනවා. අලුත් ආයෝජකයෙක් ගේන තරමට හොඳයි. ගොඩක් වෙලාවට අල්ලිරාජා සුබාෂ්කාරන් Telecom එක ගනියි. Lyca Mobile එක ඒ පාරෙන් ලංකාවට එයි.
    Lyca mobile godak ratawala MVNO service withrayine denne.
    Ungema network thiyena ratawal na.🤔
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කාලෙකට ඉස්සර Sri Lankan Airline එක Emirates වලට දීලා තිබ්බා නේද? හැබැයි ඒ කාලේ Sri Lankan Airline එක නම් නියමෙට තිබ්බා. කොහොම හරි මුන් ඔක්කොම බදු දීලා මහ පාරේ ඇවිදින්නත් බද්දක් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ

    Sri Lankan CEO salary 16,000usd and 3000 USD for housing allowance

    Attached details below
    https://mega.nz/file/YxV2zZKC#Fskb292KyoXfn8berCqPcYP8SeiWFNM3JLrZiPTGds4
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    අලුත් බව හැඟවෙන කැබිනට් මණ්ඩලයක් දිව්රුම් දීමේ උණුසුම පහව යාමටත් මත්තෙන් ආණ්ඩුව විසින් බදු දීමට බලාපොරොත්තු වන රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබඳව වාර්තා පළවෙනවා. එම වාර්තා පවසන්නේ රජයේ දේපළ කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වහාම උපයා ගැනීමට ආණ්ඩුව අදහස් කර ඇති බවයි.

    මෙසේ බදු දීමට අදහස් කරන දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද ඇතුළත් වෙනවා. මේවා දීර්ඝ කාලීන පදනමක් යටතේ බදු දෙන බවයි කියන්නේ.

    කටුනායක ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2කටත් මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300කටත් රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400කටත් බදු දීමටයි සැලසුම් කර ඇත්තේ.

    ඒ සමඟම කොළඹ වරායේ දකුණු කොටස ඩොලර් මිලියන 600ක ආයෝජන පදනමක් යටතේ බව කියමින් ව්‍යාපාරිකයන්ට ලබාදීමටත් කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4කටත් බදු දීමට අදහස් කරන බව වාර්තා වෙනවා.

    මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය ඩොලර් මිලියන 500කටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ඩොලර් මිලියන 300 කටත් විකුණා දමන බවයි කියන්නේ.

    Source
    Finally ! a good call !! provided that money will be spent wisely and invested

    dalada maligawath badu denawalu atthada meeka ? (mata aranchi una ekak meka) ehalama aadayam labanawalu
    Pissuda yakoo ! Government owned and temple properties are two things…
    ------ Post added on Apr 28, 2022 at 1:31 PM
     
    • Like
    Reactions: Kavindu1221