බිස්කට් කනවා වැඩිද? 😳

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    උපුටා ගන්නාලදි

    ඔබත් අධික ලෙස බිස්කට් ආහාරයට ගන්නා අයෙක්ද....?
    නැත්තම් ඔබේ පහසුව තකා ඔබේ දරුවාට බිස්කට් ලබා දෙනවාද....?

    මඳක් නැවතී.....කියවන්න,

    බිස්කට් .........,

    ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය කෑමක්,
    පහසුව සඳහා ආහාරයක් ලෙස යොදාගත්තද එය පුරුද්දක් බවට
    පත්වී..... ඇබ්බැහි වන තරමටම
    වර්ධනය වෙන ආකාරය ගැන ඔබටම තේරුනේ නෑ....නේද?

    බිස්කට් නරක කෑමක් ද.....?
    කොහොමද එහෙම වෙන්නෙ,

    අප සිහි තබාගතයුතු කරුණක් නම් ,
    බොහෝමයක් බිස්කට් වර්ග වල අඩංගු ද්‍රව්‍ය (ingredients )සමාන බව.
    පෝෂ්‍ය ගුණයෙන් ඉහල සංඝටක අන්තර්ගත වියහැක්කේ ඉතාම කලාතුරකිනි බවත්,

    මොනවද බිස්කට් වල තියෙන්නෙ........??

    * පිරිපහදු කරන ලද තිරිඟු පිටි (Refined wheat flour )

    මෙසේ කිරීම හේතුවෙන් තන්තුමය කොටස් විනාශ වේ...
    මෙම ක්‍රියාවලියේදී ..විටමින් වර්ග ද විනාශ වීම නිසා ආහාර ජීර්ණයට බලපෑම් ඇති කරයි.

    එනිසා ...
    මළබද්ධය ( constipation )
    අක්‍රමවත් ආන්ත්‍රික චලන ( irregular bowel movements) ඇතිවී , සිරුරේ බර වැඩිවීමට හේතු වේ.

    * හයිඩ්‍රජනීකෘත මේදය
    ( hydrogenated fat- type of trans fat )

    එළවළු තෙල් , හයිඩ්‍රජන් සමඟ රසායන ප්‍රතික්‍රියා වලට ලක් කර ඝන බවට පත් කර ගනියි.
    ( හයිඩ්‍රජනීකෘත මේදය සාදන අන්දම පිළිබඳව දළ අදහසක් )
    මේවා බිස්කට් වල කල් පැවැත්ම ,ජීව කාළය
    ( shelf life )වැඩි කිරීමට යොදාගනී.

    මෙයින් සෑදෙන ට්‍රාන්ස් මේදය නිරෝගී පුද්ගලයන්ගේ මතකය අඩාල කිරීමට කිසියම් වූ බලපෑමක් සිදුකරන බව සනාත වී ඇත.

    ට්‍රාන්ස් මේදය නිසා සිරුරේ අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම ඉහල යන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ යා හැක.
    මෙය දියවැඩියාව
    හෘද රෝග ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිකිරීමකි.

    * සීනි (sugar )

    බිස්කට් වල අඩු වැඩි ප්‍රමාණ වලින් සීනි අඩංගු වේ.මේ හේතුවෙන්
    ස්ථුලතාවය,
    දියවැඩියාව .....
    වැනි තත්ව වලට ගොදුරු වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

    - රුධිර සීනි මට්ටම එකවර වැඩි වීමටද මෙය ඍජු ලෙසම බලපායි. ( රුධිරයේ ඉන්සියුලින් මට්ටම බිඳවැටීම)

    බිස්කට් වල අඩංගු සංයුතිය සැලකීමේදී .....

    .ඒවා කැලරි බහුල නමුත් පෝෂණ ගුණයෙන් මද
    ආහාරයක් බව ඉතාම හොඳින් පැහැදිලි වේ.
    . තන්තු ලබා ගැනීමට සුදුසු ආහාරයක් නොවේ....
    . සීනි අධික , පෝෂණ ගුණයෙන් අඩු ආහාරයක් වන නිසා ඕනෑවට වඩා බිස්කට් ආහාරයට ගැනීම ගැටළු රැසකට හේතුවේ.
    . අධික වෙහෙසකර අවස්ථාවකට
    පසු,(ක්‍රීඩා කිරීමෙන් පසු වැනි) ශරීරයට අවශ්‍ය වන්නේ පෝෂණීය ආහරයක් බැවින් ,බිස්කට් ආහාරයට ගැනීම ඉතාම අහිතකර වේ.

    ඔබේ මාසික බඩු මල්ලට, නැත්තම් හවසට ගෙදර යනවිට දරුවන්ට ගෙනියන බිස්කට් පැකට් එක ගැන තව සැරයක් හිතුවොත් හොඳයි නේද......?

    දරුවන්ට බිස්කට් වගේ ආහාර ගෙදරදීම පෝෂණීය ලෙස හදා දෙන්න,
    58676D6D-656A-4B65-91C6-95619BC791F1.jpeg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බිස්කට් වල ඇඩෙන්න සීනි තියනවා, පොඩ්ඩ පොඩ්ඩ කියල කෑවට සෑහෙන සීනි ගොඩක් ඇඟ ඇතුළේ. මම අනිවාර්යෙන් පැකට් වල පිටිපස්සේ sugar කොච්චර තියනවද කියල බලල ගන්නේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බිස්කට් වල ඇඩෙන්න සීනි තියනවා, පොඩ්ඩ පොඩ්ඩ කියල කෑවට සෑහෙන සීනි ගොඩක් ඇඟ ඇතුළේ. මම අනිවාර්යෙන් පැකට් වල පිටිපස්සේ sugar කොච්චර තියනවද කියල බලල ගන්නේ.
    ehema nethi ewa thiyenne bran cracker witarai neda
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ehema nethi ewa thiyenne bran cracker witarai neda

    තව ඇති මචං. Sugar free කියල ගහල තියනවා නං ශේප්. ඒ කියන්නේ One serving* contains less than 0.5 grams of sugars, both natural and added කියන එක.
    හැබැයි මේ සමහර ඒවා සීනි අඩු උනාට ලුණු තියෙන්න පුළුවන්. මේ දෙකම වැඩි වෙන එක භයානකයි. ඒක හින්ද sodium ප්‍රමානෙත් හරිනං බලන්න ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    බිස්කට් පැකට් එකට පාලන මිලක් එක්ක පාලන බරක් එන්න ඕන. මාසෙන් මාසෙට බිස්කට් පැකට් එකේ ගණන් වැඩි කර කර බර අඩු කරනවා. දැන් චොකලට් බිස්කට් එක 70ක් ග්‍රෑම් ගාන 90යි. හෙන ගහනවා ඕකුන්ට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    මමත් ගියපාර ලොක්ඩවුන් එකෙන් පස්සෙ ඇබ්බැහි උණා. බඩ ගෙඩියත් ටික ටික ඉස්සරහට එනව. . මතක් වෙන වෙන සැරේට කනව.

    විනාඩියක් ඉඳින් බිස්කට් එකක් කාල එන්නං....