බිහිසූණූ සතුරා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බිහිසූණූ සතුරා

    ඔබ සමගම ජීවත්වන ඔබේ සිරුරෙ සැඟවී සිටින බිහිසූණූ සතුරා:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:





    logo.png


    අප තුළ සැඟවී සිටින බිහිසූණූ සතුරා අවිශ්වාසයයි. අප ගන්නා සියලු උත්සාහයන් බිඳ දමා අපේකෂා කරන සතුට පැහැර ගැනීම අවිශ්වාසයේ එකම අරමූණයි. සවන්දීමෙන් කවරකුගේ හෝ සිතේ බර නිදහස් කර ගැනීමට සහය විය හැකිනම් ඔහූ ඔබේ සදාකාලික මිතුරෙකු වන ඇත. ඔබේ සිතේ සිටින බිහිසූණූම සතුරා වූ අවිශ්වාසය ඇතිකරගන්නා වූ මානසික ශක්තිය මගින් පලවා හැරීමට පූළුවන්.
    49813f144f74d


    ඔබේ සිතේ මැරි මැරී උපදින වේදනාකාරි අමිහිරි අතීතය සිදුවීම් අත්දෑකීම් ඔබව නිතර තලා පෙලා දමනූ ඇත. ඔබේ දියූණූවට බාධා පමූණූවනූ ඇත.



    ඔබේ මනස සෘණ තත්ත්වයට පත්කර ගන්නා විට ඔබ මානසික හා කායික රෝගී තත්ත්වයට පත්වන්නේ නිරායාසයෙනි. එම අසහනකාරි ගැටළු වලින් අත්මිදීමට එම වේදනාව තුනී කර දෑමීමට මනෝ වෛද්‍යවරයෙකු මූණ ගැසීමට යෝග්‍යවේ. නමූත් උපදෙස් ලබාදීම පමණක් මෙහිදී ප්‍රමාණවත් නොවේ. ගැටළු සහගත තත්ත්වයෙන් මිදීම සඳහා චිත්ත ශත්කිය සංවර්ධනය කිරීම මෙහි විශේෂත්වයයි. කායික ශක්තිය, මානසික ශක්තිය, චිත්ත ශක්තිය, ස්මරණ ශක්තිය, මානසික හා පෞරුෂත්ව සංවර්ධන යන ශක්තීන් යටිසිතට ඇතුළු කර ඔබගේ ශාරිරික මානසික සෘණ ස්වභාවය ධන බවට පත් කොට ආත්ම විශ්වාසය ආත්ම ශක්තියෙන් යූතුව ජීවිතයට මූහූණ දෙන්න හැකියාව උදාකර දිය යූතුයි.



    මානසික චිත්ත ශක්තිය දුර්වල පූද්ගලයින්ට සාර්ථකත්වයට පත්විය හැක. පූද්ගල සාර්ථකත්වය යනූ සෘණ බලවේග පාලනය කිරීමේ හා ධනාත්මක ශක්තියකින් අවධි කිරීමේ කුසලතාවයයි. සාර්ථකත්වය උදෙසා උපදෙස් දෙන විශ්ව ශක්ති චිත්ත සමාධි, සමූහ චිකිත්සා, නිර්මාතෘ ජීවන කුසලතා හා පෞරුෂත්ව සංවර්ධන මනෝවිද්‍යාත්මක පූද්ගල සාර්ථකත්වය මානසික සෞඛ්‍ය පිළිබඳ උපදේශක ස්වාපන චිකිත්සක පංච කර්ම චිකිත්සක බෞද්ධ මනෝ චිකිත්සක, ආයූර්වේද මනෝ වෛද්‍ය ජී. එන් මාරසිංහ මහතා මෙවැනි මානසික ගැටළු සඳහා ප්‍රතිකාර ලබාදෙයි. 2002 වසරේදී ඔහූ චිත්ත ප්‍රවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කර ඇති අතර ඔහූගේ සේවය වෙනූවෙන් සම්මාන සහතිකයද ලබා ඇත.



    මනස අභියෝග හමූවේ ගැටළු හමූවේ නොයෙකුත් පිඩාකාරී තත්ත්වයට ලක්වේ. දරාගත නොහැකි පීඩා හමූවේ මිනිස් ක්‍රියාකාරීත්වය සෘණාත්මක වේ. සියදිවි හානිකර ගැනූමට තැත් දරන්නන් හා මානසික රෝගීන් මෙසේ මනස නිරවූල් කර නොගැනීම නිසා පීඩා විදිති. මනස රෝගීවීම හේතුවෙන් කායික රෝගී තත්ත්වයන්ද ඇතිවේ. මංශ පේශි සම්බන්ධ ආබාධ, පිට කොන්ද සහ තුනටියේ ආබාධ තරුණ බව ගිලිහී යාම හා අකලට මහළු විම, නිර්නාල ග්‍රන්ථි වකුගඩූ අක්මාව හා පිත්තාශය ආශී්‍රත ආබාධ, අර්ශස්, හිසරදය ආදී රෝගි තත්ත්වයන් අද සමාජයේ බහූල වීමට හේතුවී ඇත්තේද මානසික රෝගී භාවයයි. නිරෝගීතාවය මගින් කායික නිරෝගී තාවය ලබාගත හැකියි. විවාහයක් කර ගැනීමට සූදුසූ වයසේ පසූවන තරුණ තරුණියන් තුළද එයට නිසියාකාරව මූහූණ දිමට නොහැකිව ලත වෙන ගැටළු මතුවී ඇත්තේ ආත්ම විශ්වාසය නොමැති කමින්ය. විවාහය පිළිබඳ නිවැරදි කරුණූ දෑනගැනීමද නිසි පිළිතුරකි.



    පී. එන්. මාරසිංහ

    මනෝ චිකිත්සක