බි.බි.සී. මාධ්‍යවේදීන්ට කඳුළු ගෑස් ප්‍රහා&#351

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බි.බි.සී. මාධ්‍යවේදීන්ට කඳුළු ගෑස් ප්‍රහා&#351

බි.බි.සී. මාධ්‍යවේදීන්ටත් සිරියාවේදී කඳුළු ගෑස් ප්‍රහාරයක්​

සිරියාවේ කුර්දි ජාතික හමුදාවන් සහ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සමග මේ වනවිට දරුණු සටන් ඇවිළී තිබෙන අතර ඒවාට විරෝධය ප්‍රකාශ කරමින් සිටි සිරියාවේ කුර්දි ජාතිකයන්ගේ විරෝධතාවක් ආවරණය කර පැමිණෙමින් සිටි බි.බි.සී. ප්‍රවෘත්ති සේවයට සම්බන්ධ පිරිසකට තුර්කි ‍පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි බි.බි.සී. ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ දෙරට අතර ඇති දේශසීමාව අසල පිහිටි කොබානේ නගරයේදීය. මෙම ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ගමන් වැළකීම සඳහා කුර්දි හමුදාවන් මහත් පරිශ්‍රමයක් යොදමින් සිටියි. තුර්කියේ වෙසෙන කුර්දි ජාතිකයන් කනස්සල්ලට පත්ව සිටිනුයේ ඔවුන් වෙසෙන මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් නොගන්නා බව පවසමිනි.

තුර්කියේ නිවසකට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කළ රොකට් ප්‍රහාරයක් පතිත වීම හේතුවෙන් එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ එම ප්‍රදේශවල වෙසෙන වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑමට බව වාර්තා සඳහන් කර තිබේ.

සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ කුර්දි ජාතික කාන්තාවක් මරාගෙන මැරෙන බෝම්බයක් ත්‍රස්තවාදීන් රැඳී සිටි ස්ථානයක පුපුරුවාගෙන ඇති අතර එයින් ත්‍රස්තවාදීහු පිරිසක් මරුමුවට පත්ව ඇති බවත්ය. මෙම සිදුවීමත් ඇමෙරිකාව එක්ව අනෙකුත් රටවල් එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ගමන් අඩපණ වී තිබෙන බවත් වාර්තා වේ. තත්ත්වය එසේ වුවද ත්‍රස්තවාදීන් විසින් එහි කඳුකර ආශ්‍රිත ප්‍රදේශයක් තම යටතට ගෙන තිබෙන අතර එය සටන් සඳහා ඉතා වැදගත් ස්ථානයක් බවත් වාර්තා වී තිබේ.

මෙම සිද්ධීන් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අයගේ තත්ත්වයන් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග මාධ්‍යයට පවසා ඇත.


Rivira . lk​