බීජින් වායු දූෂණය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    බීජින් වායු දූෂණය

    බීජින් වායු දූෂණය: ‘රතු සංඥාව’ නිකුත් කරයි

    china-polluted-chinese-city-smog.jpg


    චීනයේ බීජින් නුවර වායු දූෂණය ඉහලම මට්ටමකට පැමිණ ඇති නිසා පාසැල් වසා දමා ඇති අතර එළිමහනේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු නතර කර තිබේ.

    වායුව අපවිත්‍ර වීම අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බව දැනුම් දෙන ‘රතු සංඥාව’ සඳුදා නිවේදනය කෙරුණු අතර එය බ්‍රහස්පතින්දා දක්වා බල පැවැත්වෙයි.



    බීජින් නුවර මෝටර් රථ ධාවනයට ද සීමා පනවා ඇති අතර ඇතැම් කර්මාන්ත ශාලා ක්‍රියා කරවීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර ඇත.

    ලොව ඉහලම වායු දූෂකයා ලෙස සැලකෙන චීනය මෙම පියවර ගන්නේ කාලගුණ විපර්යාස පිළිබඳව මේ වන විට පැරිසියේ පැවැත්වෙන සාකච්ඡාවලට ඔවුන්ගේ නියෝජිතයන් ද සහභාගී වෙමින් සිටින අවස්ථාවකයි.


    වායු දූෂණය අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බව දැනුම් දෙන ‘රතු සංඥාව’ නිකුත් කිරීමට චීනය පියවර ගත්තේ ප්‍රථම වතාවටයි.





    BBC
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    KinKon කියනව වගේ දියුණුවේ ආදීනව තමයි.. තාක්ෂණය දියුණු වෙන්න වෙන්න ලෝකෙ විනාශය ලං වෙනවා.. මිනිස්සු රොබෝලා වෙනවා..