මස්සිනේ....
අර ඔෆර් එක තමා තියෙනවැයි?
ෆෝන් කට්ට ගත්තැයි..????
මේ දවස් වල වියදං වැඩියි නේහ්?
මට සල්ලි එවන විදියක් කිව්වොත් නාක ද?
බඩා මාමා අද උදෑසන මාගේ කන්තෝරුවට පැමිනි අවස්ථාවේ සිදු වූ කතා බහක කොටසක්.
මේ කාලයේ පවතින ආර්ථික අහේනිය, මූල්‍ය ගැටලු, භාන්ඩ හා සේවා වල මිල ඉහල යාම වැනි කරුණු නිසා අමතර මුදලක් උපයා ගැනීම සඳහා උපාය මාර්ගයක් සොයා ගැනීම පිළිබඳව මාත් බඩා මාමාත් අතර සාකඡාවක් සිද්ධ කෙරුනා.
බඩා මාමා : වැඩක් නෑ බන්. බස් එකක් තියනවා නමට. සත පහක් එන්නෑ. මම මේ බැලුවේ FB 15 එක හයර් දුවන්නද කියලා.
මම : වැඩක් නෑ බන්. ඕකේ තෙල් කරනවා හොරයි නේ. ඒ නිසා ලාභයක් ගන්න බෑ. වෙන මොකක් හරි සයිඩ් බිස්නස් එකක් බලපන්. අනික තාම පල්වතුර ගඳ ගිහින් නෑ නේ. අර කුණු වතුරට යට උනානේ බන්. ඕකට මිනිහෙක් නගීද...
බඩා මාමා : මගෙන් මොකුත් අහගන්න එපා..වැඩක් තියනවා කරනවා නම්.
මම : මොකද්ද?
බඩා මාමා : අපි දත් මාමිගෙන් දත් ගලෝන හැටි අහගම්මූ. ඔය කැරකැවෙන පුටුවයි, යකඩ අඬුබඬු කෑලි ටිකයි, හිරිවට්ටන බෙහෙත් ටිකකුයි, කාමර කෑල්ලකුයි විතරනේ ඕන. දත නිකන් ඇදලා දාන එකනේ බන්. ඕක ගලවන්න බැරිද අපිට.