බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම මේ වෘත්තියෙන් දිනා ගෙන ඇත්තේ මුදල් වලට වඩා මිනිසුන් බව මාගේ ළග ම මිතුරෝ දනිති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ සිට සිනමා තාරකාවන් දක්වාත්, සංගීත ශිල්පීන් ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන්,මහාචාර්යවරුන් දක්වාත් රෝගීහු මාගේ සේවාලාභීහු වී සිටිති. එවන් අයගෙන් සුවිශේෂි ම මිනිසා සුනිල් අයියා බව මම සිතමි. ඒ මා යෞවන පත්තරකාරයෙක්ව සිටිය දී අපට පත්තර රස්සාවේ උණ බෝවූයේ ඔහු ගෙන් බැවිනි.

වසර ගනනකට පසුව සුනිල් අයියා නන්ජිත පුතා ද රැගෙන පුතා ගේ යම් දන්ත ප්‍රතිකාරයකට මා හමුවීමට පැමිණියේ දැනට වසර 13කට පමණ පෙරය. ඒ වන විට සුනිල් අයියා සුපුරුදු පරිදි මධුවිතට පෙම් බදින අයෙකි. පුතා ගේ වයස අවුරුදු 5ක් පමණ වන්නට ඇත. වසර ගනනකින් සුනිල් අයියා දුටු මාගේ පපුව හෝස් ගා ඇවිළිණි. ඔහු එපමණට ම දිරාපත්ව සිටියේ ය.

“සුනිල් අයියා තාම බොනවාද?“ මම ඇසූ විට ඔහු
“දන්නෙ නැද්ද මචං ඉතිං“ යයි පැවසීය.
“සුනිල් අයියේ මේ පොඩි එකාට තාත්තෙක් ඕන නේද““ යයි මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහුට ඒ වදන අතිශය දරුණු ලෙස වැදුණු බව ඔහු ගේ දෑස මට නිහඩ ම කීවේය. සුනිල් අයියා මධුවිත සමග කළ ගණුදෙණුව නිමාවූයේ මගේ ඒ වදනිනි. ඔහු ඒ ගැන ඔහු ගේ සත්‍යවාදියෙකු ගේ දිනපොතෙහි ද සටහනක් තබා තිබුණේය.

පත්තරකාරයෙක් වන මගේ පියා සුනිල් අයියාට වඩා වැඩිමල්ය. නමුත් ඔහු සුනිල් අයියාට අමතන්නේ සුනිල් අයියා කියා ය. මා ඔහුට වඩා වසර 18ක් පමණ බාලය. නමුත් මා ද ඔහු අමතන්නේ සුනිල් අයියා කියාය. සුනිල් අයියා අප දෙදෙනාම අමතන්නේ මචං කියාය. ඒ පත්තරකාරයන් ගේ හැටිය.

සුනිල් අයියා බොහෝ අසනීප ව ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබා පැමිණි පසු මනෝරා අක්කාත් සමග සායනයට පැමිණියේ මේ වසරේ මුල දීය. අයියා ගේ කටෛ් දත් බේරා ගත නොහැකි ලෙස දිරාපත් වී සහ ඇදී තිබුණි. ඒවා ගලවනවා හැර වෙන විකල්පයක් තිබුණේ නැත. ජේ.ආර්. ගේ, ප්‍රේමදාස ගේ මැරයන්ට කළ නොහැකි වූ දේ අවසන දී මම කලෙමි.

දත් වලින් හිස් වූ සුනිල් අයියා ගේ අර සුපුරුදු සිනාව අතුරුදන්ව තිබිණි. ඔහු ගේ මුහුණ දකිද්දී මට මහත් වේදනාවක් උපදී. ඔහු ගේ දත් නැවත පිහිටුවිය යුතු යයි තීරණය කර, ඒ සදහා අවැසි දේ සිදු කළෙමි. ඔහු ගේ පෙර කල ගත් ඡායාරූප ඇසුරින් මගේ තාක්ෂණවෙදියා ද සමග මම ඔහු ගේ කලින් තිබූ ආකාරයට ම පෙනෙන පරිදි නැවත දත් සකස් කලෙමි. ඒ සදහා වන ට්‍රෑල් ඩෙන්චර් එක දැමු දවසේ ඔහු ගේ සුපුරුදු සිනාව නැවත දැක මට ඉකි බිදිණි.
සුනිල් අයියා සිය ජිවන කතාව ලියා එළි දක්වන දිනයට ආරාධනාවක් ලද මුත්, වෘත්තීමය අවීවේකය එයට මට ඉඩ ලබා නොදුනි.

අද, මනෝරා අක්කාත්, සුනිල් අයියාත් සායනට වෙත පැමිණියහ. ඒ මා වෙනුවෙන් වෙන්කර තිබූ ඔහු ගේ නොනිමි ජීවිත කතාව පොතේ පිටපත මට දෙනු පිණිසය. පොතට ලියා තිබූ පෙරවදනේ ඔහු මා ගැන මෙසේ ලියා තිබෙනු දුටු මට හැඩිණි.

lyJJhku.jpg

කෙදිනකවත් මුදලට මේ සටහන දිනා ගන්නට බැරි බව මම දනිමි. විශේෂයෙන් ම සුනිල් අයියා වැන්නෙකු ගෙන නම් කොහොමවත් බැරි බව දනිමි.

පොත කියවා ගෙන යද්දී මට කලකිරීමක් මා ගැන ම ඇති විය. ඒ මා පත්තර රස්සාව පසෙක තබා මේ වෘත්තිය තෝරා ගැනීම පීලිබද වය. තාමත් මට හොදින් ලියන්නට හැක්කේ සුනිල් අයියලා අප තුළ අවුළුවා ලු ගින්න නිසාය. පත්තරකාරයෝ බහුතරයක් මගේ ජීවිතයට සම්බන්ධය. මට පළමුවතාවට චෙස් අදින්නට කියා දුන්නේ පොඩි අතුල-වික්ටර් අයිවන් ය. කවි ගැන, රසඥතාවය ගැන මතාවාද හැදුවේ ඩලස් ය. ඩලස් ගේත් ප්‍රදීපා අක්කාගේත් ඒ කාලයේ තිබූ ප්‍රේමය අප සිත් කුළුගන්වන්නක් විය. හවසට දෙදෙනා එක්ව අපත් සමග තෝසේ කඩයට වැද බඩ පුරා තෝසේ-වඩේ ගිල දමා ප්ලේන්ටියක් ද ගසා එළියට එන සුන්දර අතීතය මට සිහිවේ. දේශපාලන මතවාද ගැන කෙස් පැලෙන තර්ක වලින් නිමක් නොවුනේ විමලසිරි ගම්ලත් සෙට් වූ විටය. (විමල් වීරවංශ කියනවාට වඩා මම තාමත් ඔහුට විමලසිරි ගම්ලත් කියන්නට කැමැත්තෙමි)

තවමත් මම පත්තර රස්සාවට ආදරය කරමි. පත්තරකාරයෙක් සේ මධුවිතට ද, දුම්වැටියට ද බැදි පෙම තවමත් එසේ මය.









දුක, සතුට, සිනහව, කඳුල හැම එකක්ම මේ පෝස්ට් එක කියවද්දි මතු උනා..... :yes:




අපරාදෙ පත්තර රස්සාවෙන් මිදුනේ.....:dull:

එහෙම නොවුනා නම් රට කරවන්නගේ යහපත් සහ අයහපත් ක්‍රියාවන්ට
කිඹුල් පෑනෙන් වදින මල් කිනිති සහ කිණිසි පහරවල් අපටත් බලාගන්න තිබුණා....:cool:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ක්ලිනික් එක ගාවට ඇවිල්ලා සෙනග පිරිලා උන්නු නිසා හැරිලා ගියා. ඇතුලටත් ආවා. එහා ඩිස්පැන්සරියේ කෙල්ලො දෙන්නත් එක්ක මුකුලු කරලා යන්න ගියා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    api aawa, bola gawa senaga wedi. allapu waththe keli tika balan idala giya.

    ක්ලිනික් එක ගාවට ඇවිල්ලා සෙනග පිරිලා උන්නු නිසා හැරිලා ගියා. ඇතුලටත් ආවා. එහා ඩිස්පැන්සරියේ කෙල්ලො දෙන්නත් එක්ක මුකුලු කරලා යන්න ගියා.
    තොපිට මට තොපේ ඔය හිවල් ඔළු ගෙඩි ටික පෙන්නල ගියා නං හෙණ ගහනව නේහ්!!!:growl::growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://duishengeadawiya.blogspot.com/


    මේ බ්ලොග් එක ලියන්නේ සමන්ත විද්‍යාරත්න මහත්තයයි කියන්නේ ඇත්තද :confused:
    ?????
    මම මෙහෙම එකෙක්ව දන්නේ නෑ....
    මං දන්නේ සමන්ත විද්‍යාරත්න කියල සහෝදරයෙක් ව....
    මෙහේ ආවාම ක්ලිනික් එක පිටිපස්සෙන් ඇවිත් තේ එකක් බීල, ආප්ප කාල යන කෙනෙක් ව.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ?????
    මම මෙහෙම එකෙක්ව දන්නේ නෑ....
    මං දන්නේ සමන්ත විද්‍යාරත්න කියල සහෝදරයෙක් ව....
    මෙහේ ආවාම ක්ලිනික් එක පිටිපස්සෙන් ඇවිත් තේ එකක් බීල, ආප්ප කාල යන කෙනෙක් ව.....





    මාමේ...

    මං මුලින් ලිව්වෙ සමන්ත විද්‍යාරත්න කියල තමයි:yes:......
    නිකම්ම එහෙම කියන්න මොකක්ද වගේ නිසා මහත්තයා කොටස එක්කාසු කලේ.....

    "මහත්මයා" යන්න ඇත්තටම නම අගට එකතු කළ යුතු යයි හැඟෙන තරමේ දේවල්
    ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති
    පිදිය යුතු ගණයේ මිනිසෙක් නිසා:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ...

    මං මුලින් ලිව්වෙ සමන්ත විද්‍යාරත්න කියල තමයි:yes:......
    නිකම්ම එහෙම කියන්න මොකක්ද වගේ නිසා මහත්තයා කොටස එක්කාසු කලේ.....

    "මහත්මයා" යන්න ඇත්තටම නම අගට එකතු කළ යුතු යයි හැඟෙන තරමේ දේවල්
    ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති
    පිදිය යුතු ගණයේ මිනිසෙක් නිසා:yes:
    ඔව්.....ඒ මහත්මයෙක් තමා.....
    නමුත් උඹ ලියල තිබ්බෙ මහත්තයා කියලා.....
    මහත්තය කියන්නේ නිකං පාත්තය වගේ එකක් නේ බං......
    ඊට වැඩිය නම්බුයි ඌට සහෝදරය කිව්ව ම....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව්.....ඒ මහත්මයෙක් තමා.....
    නමුත් උඹ ලියල තිබ්බෙ මහත්තයා කියලා.....
    මහත්තය කියන්නේ නිකං පාත්තය වගේ එකක් නේ බං......
    ඊට වැඩිය නම්බුයි ඌට සහෝදරය කිව්ව ම....




    කට වහරේ විදියට උඹ, බං බොලං කියල කොටනව වගේ මහත්තයා කියලත් කෙටුවේ....

    "මහත්මයා" "මහත්තයා" වීමෙන් නම්බුවට හානි වේයැයි මා නොසිතුවෙමි;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කට වහරේ විදියට උඹ, බං බොලං කියල කොටනව වගේ මහත්තයා කියලත් කෙටුවේ....

    "මහත්මයා" "මහත්තයා" වීමෙන් නම්බුවට හානි වේයැයි මා නොසිතුවෙමි;)

    emarald shirt ekak adinna kiyapan..

    """mahatthaya mahathmayek karai"
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    emarald shirt ekak adinna kiyapan..

    """mahatthaya mahathmayek karai"
    ම් රට මුහුණ දී ඇති දරුනු ම අභාග්‍යයන් ගෙන් එකක් වන්නේ එමරල්ඩ් ෂර්ට් එකක් ඇදි පමණින් මහත්තයා මහත්මයෙකු වේ යැයි සිතීමය......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපිට මට තොපේ ඔය හිවල් ඔළු ගෙඩි ටික පෙන්නල ගියා නං හෙණ ගහනව නේහ්!!!:growl::growl::growl:

    :sorry:
    එතන හිටිය රෝගීන් කන්දරාව...
    පෝලිම් පැනලා ඇතුලට ගියා නම් ගුටි කනවා තාම මායි බාටයි..
    ඒ නිසා හැරිලා යන්න ගියා..