බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නේ ටික උනාට තේරුම් ගැනීම නම් පේසලාටත් වඩා ඈ...

    :no: මටවත් මාව තේරුම් ගන්න බැරුව ඉන්න කොට උඹ මේ රෙද්දක කියෝනවා...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕන උට්ටක්.. :dull:

    ඉවසල ඉන්න දරුවා ටික කාලයක්.
    කාලය විසින් නුඹේ බොහෝ ගැටළු වලට විසදුම් ලබා දෙනු ඇත...
    එතෙක් රැදී සිටින්න අප සමගින්ම ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉවසල ඉන්න දරුවා ටික කාලයක්.
    කාලය විසින් නුඹේ බොහෝ ගැටළු වලට විසදුම් ලබා දෙනු ඇත...
    එතෙක් රැදී සිටින්න අප සමගින්ම ...

    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ දැං අර සිරිපාදේ ගගා නැහෙන්න හැදුව එකා.. කොහේ මකබෑවිලාද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපි යන්නේ බස් එකේ. අපේ රූට් එක,
    කිරුලපන - කොළඹ සිටීබී ස්ටෑන්ඩ් එක - රත්නපුර - හපුගස්තැන්න - හත්දාරගහ - මුක්කුවත්ත - රත්ගඟ - සෝමරතන අම්බලම - වේවැල්දොල - වැල්කාර ගල්ගෙය - බෝදියදොල - බෙරුහින්න - මැණික් ගඟ/සීත ගඟුල/මහවැලි ගඟ - ගෙත්තම් පාන - රත්නපුරා පාරට මහගිරි දඹේ ගාවින් - උඩ මලුව - හැටන් පාර - මහගිරි දඹේ - ඉඳිකටුපාන - සීත ගඟුල - ගඟුලතැන්න - නල්ලතන්නි පාලම - මකර තොරණ - නල්ලතන්නිය - හැටන් - තොස කඩේ - කොළඹ - කිරුලපන
    කොළබට ඇවිත් ආයිත් අනිත් පැත්තට යන්න අපරාදේ අප්පා මට නම්. අවිස්සාවෙල්ලේන් යන්න තිබ නම් ...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොළබට ඇවිත් ආයිත් අනිත් පැත්තට යන්න අපරාදේ අප්පා මට නම්. අවිස්සාවෙල්ලේන් යන්න තිබ නම් ...:dull:

    හැටන් යන්න එපා බන්. පට්ට පෝලිමක්/කට්ටක්/චාටර්වීමක් සෙට් වෙයි. වෙන කොහෙන් හරි නැගලා හැටන් බැහැපං. මම නම් හැමපාරම කරන්නේ කුරුවිටින් හරි පලාබද්දලින් හරි නැගලා හැටන් බහිනවා. මේ පාර කැලේ කපං පාර හදලා තියන්න යන්නේ මුක්කුවත්තෙන් නගින අයට... පාර මාර්ක් කරන්නත් හිතාගෙන ඉන්නවා..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හැටන් යන්න එපා බන්. පට්ට පෝලිමක්/කට්ටක්/චාටර්වීමක් සෙට් වෙයි. වෙන කොහෙන් හරි නැගලා හැටන් බැහැපං. මම නම් හැමපාරම කරන්නේ කුරුවිටින් හරි පලාබද්දලින් හරි නැගලා හැටන් බහිනවා. මේ පාර කැලේ කපං පාර හදලා තියන්න යන්නේ මුක්කුවත්තෙන් නගින අයට... පාර මාර්ක් කරන්නත් හිතාගෙන ඉන්නවා..
    මේ පාරත් කිලොමිටර් 18 විතර නේද, එරත්න පාර වගේම ලස්සනයි කියලා. මන් දැක්ක පත්තරේ තියනවා
    හැටන් නම් ඉතින් සෙනග තමා.:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පාරත් කිලොමිටර් 18 විතර නේද, එරත්න පාර වගේම ලස්සනයි කියලා. මන් දැක්ක පත්තරේ තියනවා
    හැටන් නම් ඉතින් සෙනග තමා.:sorry:

    :yes:
    මුක්කුවත්තෙන් මාත් යන්නෙ පළවෙනි පාර. උඹ හෝමගමින් 122ක නැගලා කුරුවිටින් බැහලා එරත්නෙන් නැගපං. පොඩි වෙලාවනේ බස් එකේ යන්න ඕනේ. අනික බ්ලොක් එකේ හිටං ඉන්නවට වඩා කෙලින්ම උඩමලුවට යතෑකි. මාත් එක්ක එනවා නම් මාත් එක්ක යමං.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :yes:
    මුක්කුවත්තෙන් මාත් යන්නෙ පළවෙනි පාර. උඹ හෝමගමින් 122ක නැගලා කුරුවිටින් බැහලා එරත්නෙන් නැගපං. පොඩි වෙලාවනේ බස් එකේ යන්න ඕනේ. අනික බ්ලොක් එකේ හිටං ඉන්නවට වඩා කෙලින්ම උඩමලුවට යතෑකි. මාත් එක්ක එනවා නම් මාත් එක්ක යමං.

    මම එරත්නෙන් ගියා ගියපාරට කලින් පාර. මට ඔය කූඩැල්ලො තමා එපා වෙන සීන් එක. :(
    රාජමලේ පාරෙන් ගිහින් තියේද.. ? මම ඒකේන් ගිහ්ලාත් නැ.
    සෙනසුරාදා උදේ කියටද යන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නරකද ඔය දැනුම් තේරුම් තියෙන ඈයො කිරිකෝඩු අයට කරන්න තියෙන වත් පිළිවෙත් ගැන සදහනක් කරොත්.... මුල සිටම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම එරත්නෙන් ගියා ගියපාරට කලින් පාර. මට ඔය කූඩැල්ලො තමා එපා වෙන සීන් එක. :(
    රාජමලේ පාරෙන් ගිහින් තියේද.. ? මම ඒකේන් ගිහ්ලාත් නැ.
    සෙනසුරාදා උදේ කියටද යන්නේ

    කූඩැල්ලො එහෙමට සෙට් වෙන්නෙ නෑ බන්. බොඩ කුඩැල්ලො කේස් නම් මුක්කුවත්තෙන් එන්ඩ එපා. ඒක කූඩැලි විමානේ. අපි පාන්දර 3.30-4.00ට පිටකොටුවෙන් යන්ඩ ඉන්නේ.

    මරේ වත්ත හරහා නේ රාජමලේ පර තියෙන්නේ. මම ගිහින් නෑ ඒකෙනුත්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නරකද ඔය දැනුම් තේරුම් තියෙන ඈයො කිරිකෝඩු අයට කරන්න තියෙන වත් පිළිවෙත් ගැන සදහනක් කරොත්.... මුල සිටම

    දැං කවුද කිරි කොඩු? :nerd:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නරකද ඔය දැනුම් තේරුම් තියෙන ඈයො කිරිකෝඩු අයට කරන්න තියෙන වත් පිළිවෙත් ගැන සදහනක් කරොත්.... මුල සිටම
    උයා දඩු කෝඩු:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කූඩැල්ලො එහෙමට සෙට් වෙන්නෙ නෑ බන්. බොඩ කුඩැල්ලො කේස් නම් මුක්කුවත්තෙන් එන්ඩ එපා. ඒක කූඩැලි විමානේ. අපි පාන්දර 3.30-4.00ට පිටකොටුවෙන් යන්ඩ ඉන්නේ.

    මරේ වත්ත හරහා නේ රාජමලේ පර තියෙන්නේ. මම ගිහින් නෑ ඒකෙනුත්.

    අන්න ඒකයි සීන් ඒක

    http://www.sripadainfo.com/2015/10/blog-post_7.html
    මෙන්න මේකේ ඔක්කොම තියෙනවා
    1.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සරලම විදිය කියන්නම්
    ඉස්සෙල්ලම ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරපං ගමන යන්න කලින් දවසේ. ඒ පිං සමන් දෙවියන්ය අනුමොදම් කරලා ඉලපං පද්මේ වන්දනා කරගන්නකිසිම අතුරු ආන්තරාවක් නැතිව කරුනා කරලා එන්න ලැබෙන්නෙයි කියලා. බාර වෙයං ආයේ ඇවිත් පන්සල එනවා කියලා.

    ඊට පස්සේ ගමන පලයං. සිරීපාදේ කරුණා කරනවා කියල හරියටම උඹට දැනෙන්න නම් පලයං එරත්නෙන් හරි පලා බද්දලින් හරි.

    පිච්ච මල් ටිකක් කෙහෙල් කොලේ ඔතලා (ඔව් පාමංකඩ කඩේ ගාව කොවිලෙන් ගන්න පුළුවන්) හඳුන්කූරු පෙට්ටියක්, කපුරු පැකන් 3-4ක්, ගිණි පෙට්ටියක්, කහ වතුරෙන් හෝදපු පඬුරක්, දෙගි ගෙඩියක්, නාන්න සබන් කෑල්ලක්, සුදු ඇඳුමක් අරන් පලයං.

    එරත්නේ පාරේ කඩමන්ඩියෙ තියෙනවා ගෙත්තම් සෙට්. රු. 50ක් වගේ වෙන්නේ. ඒකේ තියෙන්නේ ඉඳිකට්ටයි නූලයි, හඳුන්කුරු එකයි. ගෙත්තම්පානෙ ගෙත්තම් කරන්න ඔව්වා ඕනේ. ඒවත් ලෝබ කමට ගෙදඉන් ගෙනියන්න එපා. රු. 50ක් වියදම් කරලා ඒ කඩේකිං ගනින්. මොකද ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපෑ.

    එරත්නේ පාර පටන් ගන්න තැන තියෙනවා පොඩි බුදු මැදුරක්. ඒකට කපුරු පත්තු කරලා ගමන පරන් ගනින් මළුවට කරුණා කරන්න. උඹේ ඔය වාචාල කට පරිස්සම් කරගනින්.

    සීත ගඟුල සෙට් උනාට පස්සේ පෙරේතකමට කුම්ම්මැහියා වගේ ඉන්නැතුව සීතල පැත්තකින් තියලා බැහලා නා ගනින්. ගෑණු නානවා කට ඇරගෙන බලාගෙන ඉන්න එපා පෙරේතයෙක් වගේ. උඹ හොදට නා ගනින්. බොලෑ නඩේ කලින් ආපු කෙනෙක් ඉන්නවා නම් (කෝඩු නොවෙන කෙනෙක්) ඒ හාදයට කියලා දෙහි ගෙඩිය උඹේ ඔය ඔළු ගෙඩියේ උරච්චි කරගනින්. එහෙම නැත්තම් උඹම හරි කමක් නෑ දෙහි ගාලා නා ගනින්.
    ඊට පස්සේ කකුල් ඩ්හෙක වැහෙන්න දිග කලිසමක්, සුදු ෂර්ට් එකක්, ටී ශර්ට් එකක් ඇඳ ගනින්. එතන සිත ගඟුලෙන් එගොඩ උනාම තියෙනවා සමන් දෙවියන්ගේ පින්තූරයක්. (අපේ වෙට්ට ගෑණු ජංගු මාරු කරන්න රිංගන්නේ ඒක අස්සට. දවස් දෙකක් කීවා පරට්ටියන්ට සමන් දෙවියන්ට වහන් වෙලා ජංගි මාරු ක්අරන්න එපා කියලා. ඒක අතුරු කතාවක්. )
    එතනට අර කහවතුරෙන් හොදන් ආපු පඬුර ගැටගහලා දෙයියන්ගෙන් ඉල්ලන්න උඩහට කරුණා කරන්න ලැබෙන්න කිසිම කරදරයකින් තොරව කියලා. ආයේ එනගමන් පඬුරක් දාලා පල්ලෙහායින් දෙවියන් සිහි කරනවක කියලා හිතාගන්න. එතනටත් කපුරු පත්තු කරල උඩහට කරුනා කරන්න.
    ඊට පස්සේ උඩට කරුණා කරනකොට ගෙත්තම් පාන හම්බුවෙනවා. එතනට අර ගෙත්තම් සෙට් එකේ තියෙන ඉඳිකටුවට නූල් බෝලේ අමුනලා ඇදගෙන යන්න. ඊට කලින් එතන තියෙන පොඩි බුදු මැදුරට/ සමන් දේව පිළිමයට හඳුන්කුරු එකයි කපුරු එකකුයි පත්තු කරන්න.

    ඊට පස්සේ ආයේ උඩමලුවට කරුණා කරන්න. අතර මඟ හම්ඩුවෙන ගෑල්ලමයින්ට මහගිරි දඹේ නැගගන්න වාරුවක් වෙන්න.
    උඩමලුවේ පද්මෙට ගෙනාපු මල් පුජා කරන්න. ගොඩක් උන් මල් ගේන්නෑ. පිච්ච මල් එහෙම පූජා කරෙන්නෙම නැති තරම්. පහල දොලොස්මහේ පහන ගාවට ගිහිල්ලා හඳුන්කුරු පත්තු කරන්න.
    ගමේ පන්සලට යනවා වගේ රු.5-10 හඳුන්කුරු පෙට්ටි ගෙනියන්න එපා පෙරේතයා වගේ. රු.150-200ක් වියදම් කරලා හොඳ ඉන්දියන් ඔයිල් හඳුන්කුරු එකක් ගෙනියන්න. ඊට පස්සේ ගාන්ටාරේ එක පාරක් ගහන්න. උඩමලුවට කරුණා කරලා තියෙන වාර ගනනට ගන්ටාරේ ගහන්න. නිකං පොර වගේ බොරු ගනන් ගහන්න එපා. තමන් තමන්වම තමා රවට්ටගන්නේ.
    ආධාර කවුන්ටරේටත් කීයක් හරි දීලා ටිකැට් එකක් අරගන්න. නිකන් ඔහේ දැක්කේ නෑ වගෙ යන්න එපා. පේසලාටත්, කුමාරටත්, නවෝදටත් පිං පිනිස කියලා රු.500ක් විතර දීලා ටිකැට් එකක් අරගන්න.
    ඊට පස්සේ කැමතිනම් ඉර සේවේ බලන්න. අකමැති නම් පහලට කරුණා කරන්න. අර තැන් වල බාර ඒ විදියට ඔප්පු කරගෙන පහලට කරුණා කරලා ගෙදර අඑවිත් ගමේ පන්සලට ගිහින් සමන් දෙයිහාමුදුරුවන්ට පිං දෙන්න කිසි කරදරයක් නැතිව සිරිපතුල වන්දනා කරන්න අවස්ථාව ලබාදුන්නට.
     
    • Like
    Reactions: chinmak