බීමත් රියදුරකු විසින් සිදු කරන අනතුරු හේතුවෙන් තෙවන පාර්ශ්වයක් වෙත වන හානි සඳහා වන්දි ගෙවීම මගහරිමින් රක්ෂණ ආයතන කටයුතු කිරීම හේතුවෙන් රියදුරු වගේම අනතුරට ලක්වූ පාර්ශ්වය දැඩි අපහසුතාවයකට ලක්වුයේ බොහෝ කලක සිටය.
එකී අපහසුතාවයට තිත තබමින් බීමත්ව රිය පදවා සිදුවූ අනතුරකදී තුන්වන පාර්ශවයට වන්දි ගෙවීමට රක්ෂණ සමාගම බැඳී සිටින බවට ලංකාවේ අධිකරණය පසුගිය දිනෙක තීරණය කලා.
තුන්වන පාර්ශවයට පමණක් හානි පූර්ණය කිරීම සඳහා එකඟ වන රක්ෂණ ගිවිසුම් (Third Party Insurance) මෙරට බොහෝ දෙනකු විසින් භාවිතා කෙරේ. මෙකී රක්ෂණ ගිවිසුම් වල උපක්රමික ලෙස රියදුරු බීමත්ව සිටියේ නම් වන්දි ලබා නොදෙන ලෙසට කොන්දේසියක් ඇතුළත් කර තිබෙනු දැකිය හැකිය. එම කොන්දේසිය මගින් බීමත්ව රිය පැදවීම අවම කර ගැනීමේ බලාපොරොත්තුවක් සඵල කර ගැනීමට උත්සාහ ගත්තා ද යන්න සැක සහිත නමුත් බොහෝ රියදුරන්ට වගේම අනතුරට පත් පාර්ශවයට ද එයින් සිදු වූයේ අවැඩක් මය.
මෙම තත්ත්වය සමනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනතුරකදී රියදුරු බීමත් වුවද අගතියට පත් තුන්වන පාර්ශවයට වන්දි ගෙවීමට රක්ෂණ සමාගම බැඳී සිටින බවට තීන්දු ප්‍රකාශ කර ඇත. ඒ කුෂාන් එදිරිවීර එරෙහිව ෆෙයාර් ෆර්ස්ට් රක්ෂණ සමාගම SCA 65/2016 නම් නඩුවට 11.9.2020 දිනැතිව ලබාදුන් තීන්දුව මගිනි.
එකී නඩුවේදී සැලකිල්ලට ගන්නා ලද කරුණු අනුව රක්ෂණ සමාගම් ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන බිහි වී තිබුණද එයින් සමාජයට සේවාවක් සැපයීය යුතු බවට බලාපොරොත්තු වේ. එනම් ඒවා පැවතිය යුත්තේ මහජන හිතසුව පිණිසය. මෝටර් වාහන පනත මගින් රක්ෂණය කිරීම අනිවාර්ය කර ඇත්තේ එබැවිනි. නැතිනම් එම ආයතන වලට ලාභ උපයා දීමට නොවේ. කෙසේ වුවද බීමත් අවස්ථාවලදී රිය පැදවීමෙන් වැලකීම ඔබේ වගකීමකි.
ඒ අනුව ඔබ විසින් මෙම කරුණු වලට අදාල නඩු කටයුත්තකදී ඔබේ නීතිඥවරයා මගින් අදාල රක්ෂණ වන්දි නිසිපරිදි ලබා ගැනීමට ක්‍රියා කරන්න දැන් හැකියාවක් උදාකරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව ජනතාවාදී දෘෂ්ටියකින් කල විප්ලවීය අර්ථනිරූපණයක් ලෙසින් සලකන්න පුලුවන්.
Law Advice පේජයෙන් උපුටා ගන්නා ලද සටහනකි.