බුකන්වල්ඩ් දඩ බැල්ල
බුකන්වල්ඩ් දඩ බැල්ල ඉල්සේ කෝෆ්
ජර්මානු අධිරාජ්‍යයේ, ඓතිහාසික වයිමාර් නගරයේ සිට, හිමෙන් වැසුණු තුරු පෙළ අතරින් එට්‌ස්‌බර්ග් කඳුගැටය නඟින දුම්රිය, කුඩා කොන්ක්‍රීට් වේදිකාවකින් පමණක් සමන්විත බුකන්වල්ඩ් උප දුම්රියපොළ ඉදිරියේ නතරවන්නේ එතරම් කැමැත්තකින් නොවේ. තැන තැන මුරෙහි යෙදී සිටි, රයිෆල් අමෝරාගත්, හැඟීම් විරහිත මුහුණුවලින් යුතු නිලධාරීන් හා අවසරයකින් තොරව ඇතුල්වන ඕනෑම අයෙකුට අනතුරු ඇඟවීමකින් තොරව වෙඩි තබන බවට සඳහන් පුවරුව නිසා නො වන්නට, දුම්රියපොළෙන් බැස ගන්නා ඕනෑම අයෙකු තමා මේ ඇතුල් වූයේ, සුප්‍රසිද්ධ ජර්මානු කවිවර ජොහෑන් වුල්ෆ්ගැන් වොන් ගොතේගේ ආදරය දිනූ, ගොතේ ඕක් වෘක්‌ෂය (Goethe Oak) පිහිටා ඇති ඓතිහාසික බිම් පියසට බව විශ්වාස කරන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට, තවදුරටත් එය සාහිත්‍යයට හෝ කලාවට සෙවන දුන් ස්‌ථානයක් නොවී ය. දෙවන ලෝක සංග්‍රාමයේ මැද භාගය වූ මෙම කාල වකවානුව වන විට මරණය ලැඟුම් ගත් ස්‌ථානයක් වූ මෙම බිම් පියස, ලොව විසූ කුරිරුතම ගැහැනියක තම දඩයම් බිම ලෙස තෝරාගෙන තිබූ බුකන්වල්ඩ් නාසි වධ කඳවුර බවට පත් වී තිබුණි.
වයිමාර් නුවර (Weimar) ආසන්නයේ, එට්‌ස්‌බර්ග් (Ette˙berg) කඳු මුදුනේ, ලොවෙන් සැඟවුණු හුදකලා බිම් පියසක පිහිටුවා තිබූ බුකන්වල්ඩ් දේශපාලන සිර කඳවුර, දෙවන ලෝක සංග්‍රාම සමයේදී යුදෙව්, රුසියානු, පෝලන්ත, ස්‌ලෝවැකියානු මෙන්ම ජර්මානු දේශපාලන සිරකරුවන් ද රඳවා තබන ලද, ජර්මන් පොළොව මත පිහිටා තිබූ විශාලතම හා දරුණුතම වධ කඳවුරක් විය. පීතෘ දේශයේ සතුරන්ට දඬුවම් පැමිණවීම සඳහාම විශේෂයෙන් තනවා තිබූ මෙම ශාපලත් භූමියේ සෑම බිම් අඟලක්‌ම මාරාන්තික විය. එහෙත් ඒ සියල්ලම පසෙක තිබිය දී, නාම මාත්‍රයිනුදු සිරකරුවන් තුළ මර භීතිය ඇති කරවූ, එක්‌තරා කුරිරු, උම්මත්තක, යක්‌ෂ ගැහැණියක කඳවුර තුළ අරක් ගෙන සිටියා ය. සිරකරුවන් විසින් බුකන්වල්ඩ් යක්‌දෙස්‌සිය නැතහොත් බුකන්වල්ඩ් බැල්ල නමින් හඳුන්වනු ලැබූ ඇය අන් කවරකුත් නොව, ඉල්සේ කොෆ් (Ilse Koch) හෙවත් බුකන්වල්ඩ් සිර කඳවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ බිරිඳයි.
බුකන්වල්ඩ් හී බිත්ති මතට ලෙයින් කාවැද්දවූ මරණය සාපයක් වන් ඇය, කඳවුරට සංත්‍රාසය ආරෝපණය කළ පුරාවෘතයක් බඳු විය. නිහඬ කොරිඩෝ හරහා ඇවිද යන ඇගේ පා ගැටෙන හඬින් පවා සිර කරුවෝ භීතියෙන් සලිත වූහ. ගිනි දැල්වල සරාගී පැහැයෙන් සැදුම් ගත් සිනිදු කෙස් රොදකින් අඩ වශයෙන් වැසී ගිය ඇගේ නිල්වන් නුරා දෑසේ කැල්මෙන් මිදෙනු වස් ඔවුහු තම හිස් සඟවා ගත්හ. වැරදීමකින් හෝ ඇය දෙස එක එල්ලේ බැලීමට තරම් අවාසනාවන්ත වූ ප්‍රාණීන්ට අත් වූයේ මරණයයි. තමාට බියෙන් ගුලි වී සිටින අසරණ සිරකරුවන් අතරින් මහේශාක්‍ය අයුරින් ඇවිද යන ඈ විනෝදය පතා මරා දැමිය යුතු සිරකරුවන් තමා විසින්ම තේරුවා ය. ඇගේ මෙම ශාපලත් අවධානය ලබන්නට තරම් අවාසනාවන්ත වූවෝ බොහෝ විට සිරුරේ විවිධාකාරයේ පච්චයන් කොටා තිබූ අය වූහ. ඈ එම පච්චා සහිත මිනිස් සම්වලට කෙතරම් පෙම් බැන්දා ද යත්, ඔවුන්ගේ සහෝදර සිරකරුවන් ලවාම හම ගැස්‌සවූ එම පච්චා සහිත මිනිස් සමෙන් ලාම්පු ආවරණ තනවා ගත් ඈ ඒවා සිහිවටන ලෙස තම නිදන කුටියේ තබා ගත්තා ය.
කඳවුරට පැමිණෙන අලුත් සිරකරුවන්ට බුකන්වල්ඩ් යක්‌දෙස්‌සිය ගැන විවිධාකාරයේ කතාන්දර අසන්නට ලැබුණි. සත්‍යයක් යෑයි විශ්වාස කිරීමට නොහැකි තරමට කුරිරුකම්වලින් ඒ කතා පිරී තිබුණත් ඒවා සත්‍යයම කතා බව මෙම අලුත් සිර කරුවන්ට බුකන්වල්ඩ් හී ගත කරන තම පළමු රැයේදීම අත්දකින්නට ලැබුණි. රාත්‍රිය ළඟාවත්ම සියලුම අලුතින් පැමිණි සිරකරුවන් බුකන්වල්ඩ් යක්‌දෙස්‌සිය හෙවත් ප්‍රධාන අණ දෙන නිලධාරී තැනගේ බිරිඳ හමුවේ පෙරට්‌ටුවට තැබීම සඳහා බුකන්වල්ඩ් පිටියට රැස් කරනු ලැබීය. සැබෑම නපුරු සිහිනය ඇරඹෙන්ණේ ඉන් පසුවයි. ඇගේ අණින් බුකන්වල්ඩ් පිටිය මැද ප්‍රසිද්ධියේ නිරුවත් කරවනු ලැබෙන ඔවුන්ගේ සිරුරු, මීළඟට යක්‌දෙස්‌සියගේ තීක්‌ෂණ නිරීක්‌ෂණයට භාජනය වෙයි. තම සිරුරුවල පච්චා කොටාගෙන සිටින සිරකරුවෝ මේ අවස්‌ථාවේ දී සැබෑම ශාපලත්තෝ වූහ. කෙසේ නමුදු, පච්චා ඇතැත් නැතැත්, මෙම නිරීක්‌ෂණ මුරයෙන් අනතුරුව සිරකරුවන් මතට කඩ වැටෙන කර්කශ උපහාසාත්මක වදන් වලින් නම් කිසිවෙකුත් නො ගැළවුණහ. ඔවුන්ගේ ජනනේන්ද්‍රියන් නිරීක්‌ෂණය කරමින්, ආත්ම ගරුත්වය බිඳී යන තෙක්‌ම ඔවුන්ට උපහාස කරමින් ඈ පහත් අන්දමේ වින්දනයක් ලබන්නට පුරුදු වී සිටියා ය. ඇතැම් අවස්‌ථාවලදී මෙයට ඇගේ මිතුරියන් වූ අනෙකුත් ඉහළ නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ද එක් විණි. හොඳින් හැඳ පැළඳ ගත් නෝනාවරුන් පිරිසක් ඉදිරියේ, තම තමන්ගේ රට වෙනුවෙන් නිර්භීතව සටන් කළ ගෞරවනීය මිනිසුන් වූ එම සිරකරුවන්ගේ ආත්ම ගරුත්වය එලෙස තුච්ඡ ලෙස බිඳ වැටෙන අයුරු නිරික්‌සමින් ආත්ම වින්දනයක් ලබන්නට ඉල්සේ ප්‍රිය කළා ය. ඔවුන්ගේ දඬුවම් වාරය එතැනින් අවසන් නො විණි. බුකන්වල්ඩ් පිටියේ නිරුවතින් තම පළමු රැය ගෙවා දැමීමට නියම වීම ඔවුන්ගේ නවක වධයේ අවසන් අංගය විය. පිළිකුල් සහගත ලෙස බිඳ දැමුණු තම ආත්මයත් සමඟ සිතට එකඟව ජීවත් වීමට නො හැකි වූවෝ මෙන්ම සෙල්සියස් අංශක Rණ විස්‌සක පමණ වන අධික ශීතල ඉවසා දරා ගත නොහැකි වූ ඇතැම් සිරකරුවෝ කඳවුර වටා වූ විදුලි වැටට පැන දිවි තොර කර ගත්හ.
ඉල්සේ කොෆ්, බුකන්වල්ඩ් කඳවුරට පැමිණෙන්නේ 1937 දී බුකන්ල්ඩ් හී පළමු ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ කාල් ඔටෝ කොෆ්ගේ (Karl Otto Koch) තරුණ බිරිඳ වශයෙනි. 1906 දී ජර්මනියේ ඩෙස්‌ඩන් හී දී, කම්හලක ෆොaමන්වරයෙකුගේ දියණිය ලෙස උපත ලැබූ ඇය, කුඩා කාලයේදී රතු කෙස් ඇති රූමත්, විනීත, ප්‍රීතිමත් දැරියක වූවා ය. ඇය තරුණ වියට එළඹෙන විටත් පළමු ලෝක සංග්‍රාම පරාජය නිසා ජර්මනියේ කඩා වැටුණු ආර්ථිකය තවමත් නිසි ලෙස ගොඩ නැගී නො තිබුණු බැවින්, එවකට දුම්කොළ හා සිගරට් කම්හලක ක්‌ලාර්ක්‌වරියක ලෙස සේවයේ නිරතව සිටි තරුණ ඉල්සේ, 1932 වසරේ දී, ජර්මානු ජන හදවත්වලට දීප්තිමත් අනාගතයක බලාපොරොත්තු ලබා දුන්, එවකට නැගී එමින් සිටි නාසි පක්‌ෂයේ සාමාජිකාවක් බවට පත් වූවා ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට නාසි ලේකම්වරියක ලෙස රැකියාවක් ලැබුණු අතර අවසානයේ තම ප්‍රධානියාගේ මිතුරෙකු වූ එවකට Sachsenhausen සිර කඳවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ කාල් ඔටෝ කොෆ් සමඟ පෙමින් බැඳුණි. ඇගේ පෙම්වතා වූ කාල් කොෆ් සිය සාහසික ක්‍රියා සඳහා නම්දරා තිබූ කෙනෙක් වූ අතර තමා භාරයේ සිටිනා සිරකරුවන්ට පමුණුවනු ලබන දරුණු වධ බන්ධන පිළිබඳ ප්‍රසිද්ධියක් ඉසිලී ය. එහෙත් කෙසේ හෝ සමාජයේ ඉහළට නැගීමේ මහත් වූ අපේක්‌ෂාවෙන් සිටි ඉල්සේට එය ගැටලුවක් නොවී ය. 1936 වසරේදී තම පෙම්වතා සමඟ ඇය විවාහ වූයේ සෑම අතින්ම ගැළපෙන නියම නාසි යුවළක් වශයෙනි.
එට්‌ස්‌බර්ග් කඳු මුදුනේ බීච් වනාන්තරය කපා දමා වසර 1937දී හිට්‌ලර්ගේ අණින් එහි බුකන්වල්ඩ් නමින් වධ කඳවුරක් ඉදි වූ අතර ඇගේ සැමියා කාල් කොෆ්, එහි පළමු ප්‍රධාන අණ දෙන නිලධාරියා වශයෙන් පත් කරනු ලැබීය. බීච් වනාන්තරයේ පිහිටි ඓතිහාසික ගොතේ ඕක් වෘක්‌ෂය පමණක් ඉතිරි කරනු ලැබූ අතර කඳවුර ගොඩ නැගුණේ එය වට කරගෙනයි. සුප්‍රකට ජර්මානු කිවි ජොහැන් ගොතේ තම ආදරවන්තිය වෙනුවෙන් සිය සුප්‍රකට කවිය - Wonderer’s Night Song ලියනු ලැබුවේ මෙම මහා වෘක්‌ෂය යටදී වීම නිසා මෙය ආදරයේ මෙන්ම සාහිත්‍යයේ සංකේතයක් වූවා සේම, මෙම මහා ඕක් වෘක්‌ෂය ජර්මානු අධිරාජ්‍යය හා බැඳී ඇති බැවින්, මෙම මහා වෘක්‌ෂය වැනසුන දා ජර්මානු අධිරාජ්‍යයේ ද බිඳවැටීම සනිටුහන් වන බවට අනාවැකියක් වූ නිසා ගොතේ වෘක්‌ෂයට නවාතැන් දුන් බුකන්වල්ඩ් සිර කඳවුරට අත් වූයේ ඉමහත් වැදගත්කමකි. අලුත විවාහ වූ යුවලක් ලෙස කාල් කොෆ් තම යොවුන් බිරිඳ ද සමඟ 1937 ජූලි මාසයේ දී කඳවුරේ ප්‍රධානියා ලෙස බුකන්වල්ඩ් පැමිණෙන්නේ මෙවන් පසුබිමක ය.
තම සැමියාගේ ඉහළ තනතුර නිසා, අනෙකුත් සාමාන්‍ය ජර්මානු කාන්තාවන්ට මෙන් ඉල්සේට ගෙදර දොර වැඩට වෙහෙසෙන්නට උවමනාවක් නොවූ අතර ඇගේ කාලය ගෙවා දැමීමට ක්‍රමයක් වශයෙන් ඈ බුකන්වල්ඩ් කඳවුර තම කෙළි පිටිය ලෙස තෝරා ගත්තා ය. බුකන්වල්ඩ් හී ඉල්සේට කිසිදු ආකාරයේ නිල තනතුරක් නොතිබූ නමුත් කඳවුරේ ප්‍රධානියා වූ තම සැමියාගේ බලය භාවිතා කරන්නට ඇය පසුබට වූයේ නැත. පීතෘ දේශයේ සතුරන් වනසන රාජකාරිය මහ ඉහළින් සිතට ගෙන සිටි ඉල්සේ, එයින් විනෝදයක් ලබන්නට ද පසුබට නො වූවා ය. අඟ පසඟ හොඳින් කැපී පෙනෙන ඇඳුම් හැඳී ඉල්සේ මරණය පෙනි පෙනී සිටින ඇටසැකිලි වන් සිරකරුවන්ට තම අඟපසඟ දක්‌වා ඔවුන් තුළ කාමුක හැඟුම් අවුස්‌සා කුරිරු ප්‍රීතියක් ලැබුවා ය. එම සිරකරුවකු වැරදීමකින් හෝ ඇය දෙස බලන්නට තරම් අවාසනාවන්ත වුවහොත් ඈ වහා දිව ගොස් තම සැමියාට පැමිණිලි කළ අතර, තම අහිංසක බිරිඳ එක බැල්මකිනිදු කෙලෙසන්නට තරම් එඩිතර වූ එම අධමයින්ට මරණයෙන් දඬුවම් කරන්නට ඇගේ සැමියා පසුබට නො වීය. දිගින් දිගටම සිදු වූ මෙම කුරිරු ක්‍රියාවෙන් ඉමහත් ආශ්වාදයක් ලැබූ ඉල්සේ, සෑම උදෑසනකම අසු පිටින් මහා රාජිණියක මෙන් සිර කඳවුර හරහා යන විට ඇය දෙස නො බලා සිටීමට දැඩි උත්සහයක සිරකරුවෝ යෙදුනහ. එහෙත් ඔවුන් තමා වෙත ආකර්ෂණය කරවා ගන්නට විවිධාකාර මායම් යෙදූ ඉල්සේ, එම අසරණ ප්‍රාණියෙකු වැරදීමකින් හෝ ඇය දෙස බැලුවහොත් ඒ ක්‌ෂණයෙහිම කස පහර ලබා දුන්නා ය.
ඉල්සේ කොෆ්ගේ භීෂණයෙන් පිරි කුරිරු සෙවනැල්ලෙන් වසර හයක් පුරා බුකන්වල්ඩ් වධ කඳවුර සංත්‍රාසයෙන් මුසපත් වී තිබූ අතර අවසානයේ 1943 අගෝස්‌තු මාසයේදී එවකට වයිමාර් හී බුද්ධි අංශ හා පොලිස් ප්‍රධානියාගේ අණින්, අත්තනෝමතික ලෙස මුදල් රැස් කිරීම, මූල්‍ය වංචා හා සාක්‌ෂි සැඟවීම සඳහා සිරකරුවන් මරා දැමීම යන චෝදනා මත ඉල්සේ හා ඇගේ සැමියා අත් අඩංගුවට ගැනීමත් සමඟ එහි නිමාව සනිටුහන් විය. වරදකරුබව ඔප්පු වීමෙන් අනතුරුව කාල් ඔටො කොෆ් මරා දමනු ලැබූ අතර සාක්‌ෂි මදකම නිසාවෙන් ඉල්සේ නිදහස ලැබුවා ය.
1944 වසරේ අගෝස්‌තුවේදී සුප්‍රසිද්ධ ගොතේ ඕක් වෘක්‌ෂය බෝම්බ පහරකින් විනාශ වී ගිය අතර, අනාවැකියට අනුව ජර්මානු අධිරාජ්‍යයේ බිඳවැටීම ද සනිටුහන් වීමට නියමිතව තිබුණි. 1945 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු මිත්‍ර හමුදාවන්ගේ සම්ප්‍රාප්තිය ආසන්න වීමත් සමඟ බුකන්වල්ඩ් සිරකරුවෝ අභ්‍යන්තර කැරැල්ලක් මඟින් නාසි පාලනයෙන් කඳවුර මුදවා ගත්හ. කඳවුර තුළ කෙරීගෙන ගිය අමානුෂික ක්‍රියා දැක අතිශය විස්‌මයට පත් කඳවුරට සම්ප්‍රාප්ත වූ මිත්‍ර හමුදා විසින්, නාසී පාක්‌ෂික වයිමාර් නගර වැසියන් එක්‌දහස් දෙසීය දෙනෙකු කඳවුරු පරිශ්‍රයට ගෙන්වා දහස් ගණන් මියගිය සිරකරුවන්ගේ මළ සිරුරු හා කඳවුර තුළ සිදුකෙරීගෙන ගිය අමානුෂික ක්‍රියාවන්ගේ සාක්‌ෂි ඔවුන්ට පෙන්වනු ලැබී ය. ඉල්සේ කොෆ්ගේ කුරිරු සිහිවටන එකතුව ඒ අතර විය. සිනාමුසු මුහුණින් කඳවුරට ඇතුළු වූ ජර්මානු වැසියන්ගේ මුහුණු ඒවා දැකීමත් සමඟම පැහැදිලිවම වෙනස් වී යනු කැමරා කාචවල සටහන් විණි. කෙසේ නමුත් සිරකරුවන්ට ඉල්සේව අමතක වී නො තිබිණි. 1947 දී අවසානයේ ඇමරිකානු හමුදා මඟින් ඇයව අල්වා ගෙන යුද්ධාධිකරණයට ඉදිරිපත් කෙරිණි. 1947 අගෝස්‌තු මාසයේ ඇය යුධ අපරාධ සම්බන්ධයෙන් සිරගත කෙරුණු අතර, කලක් බුකන්වල්ඩ් කඳවුර භීතියෙන් මුසපත් කළ, බුකන්වල්ඩ් දඩ බැල්ල හෙවත් ඉල්සේ කොෆ් 1967 සැප්තැම්බර් 01 වන දින සිර කුටිය තුළ දීම දිවි තොර කරගෙන සිටිනු දක්‌නට ලැබිණි.
මනීෂි ගමගේ