ඔන්න කියවල හැදියල්ලා

.
.
.
.
.
.
මෙරට ඉහලම තට්ටු ගොඩනැගිල්ලක ඉහල මාලයක ඇති භෝජනාගාරයේ එලිමහන් ආලින්දයක මෘදු සුලඟක පහස විඳගනිමින්, ඉක්මනින් පවස සමනය කොට සැප ගෙනදෙන කිරි මිශ්‍ර සුමිරිහි පානයක් තොල ගාවමින් මෙම රචනාව ලියන්නේ එහි අන්තර්ගතයේ ඇති අනර්ඝත්වයේ තරම නිසාවෙනි.
මෙම ලිපිය ඉලක්ක වන්නේ එක්සත් ජ්‍යෝතීෂ සාස්තරකාරයෝ විරෝධී සංගමය නම් බුකී සමූහය වෙත වුවත් ඕනෑම පළකිරීමකට උචිත වෙන ලෙස රචනා කරන්නෙමි.
මෙකී සමූහයේ සාමාජිකයන් සමඟ නිරන්තරයෙන් සංවාද වල පැටළුනෙමි. එහිදී වැටහී ගිය ප්‍රධාන කරුණ නම් එම සමූහයේ සාමාජික අති බහුතරයකගේ විචාර බුද්ධිය බිංදුවට වැටී ඇති වගය. හරියට නුහුරු ශබ්දයක් කණ වැටුණු සැනින් බුරාගෙන කඩා පනින සුනඛ රැලක් මෙන් ජ්‍යෝතිෂය යන පදය ඇසු දුටු සැනයෙන් "බොරුවක් ඕක" කියමින් ඇඟට කඩාගෙන පැනීම බහුතර ඔවුන්ගේ පූරුද්දක් විය.
මොවුන් ඉදිරිපත් කරන තර්කය නම් දියුණු රටවල අයට අපල නොමැති වගත්, එම රටවල් දියුණු වන්නට ජ්‍යෝතිෂය හේතු නොවූ වගත් ලංකාව දුප්පත් වීමට හා දියුණු නොවීමට එය ඉවහල් වූ වගටත්ය.
එහිදී මගේ ප්‍රතිතර්කය වූයේ වත්මන් දියුණු හා පෝසත් රටවල් එතැන දිනාගන්නට ජ්‍යෝතිෂය ඉවහල් වූ වගය. විචාර බුද්ධියක් නොමැති අයට මෙය එක වර කියූ විට පෙරලා හපාකනු නිසැකය. එබැවින් කෙටි ලිපි 3ක් රචනා කොට එම සමූහයේ පළ කර මොවුන්ගේ විචාර බුද්ධිය අවදි කරන්නට වෙරක් දැරුවෙමි. පෙර පිනකට දෝ එම වෙර සුළු අයුරින් පල දරන්නට විය්. අතලොස්සකගේ විචාර බුද්ධිය මෝදු වී මගේ ප්‍රතිතර්කයේ අරුත විමසන්නට විය. මේ රචනය ඔවුන් වෙනුවෙනි.
එමෙන්ම මේ වෑයම එම සමූහයේ ඉන්නා බකපණ්ඩිතයන්ට ඔවුන් දැනගෙන සිටින දේවල් වල තරම පෙන්නා දෙන්නටය.
මෙම ලිපියෙන් ඉදිරිපත් කරන කරුණු වල අන්තර්ගතය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහොත් මෙරට දැවෙන ගැටළු ගණනාවක් ආයාසයකින් තොරව ව්සඳාගත හැකි වන්නේය. එබැව්න් පාඨක ඔබට මෙම ලිපිය ඉවසීමෙන්, සංයමයෙන් සහ මනා අවධානයෙන් දිගටම කියවන ලෙසට ඉල්ලා සිටින්නෙමි.
යම් මිනිසෙක් යම් දෙයකින් පොහොසත් හා දියුණු වන්නට අත්‍යාවශ්‍ය එකම දෙය නම් සියුම් දෑන් කෙරෙහි තියුණු අන්දමින් අවධානය පිහිටුවන්නට හැකියාව මනා කොට පිහිටීමයි. මෙය සුද්දාගේ බසින් ඇටෙන්ෂන් ටු ඩීටේල් යන ශබ්දයෙන් හඳුන්වයි.
ඊට උදාහරණ මෙළෙස ඉදිරිපත් කරමි.
භික්ෂූන් වහන්සේ (එනම් නිත්‍ය ආර්‍ය ශීලය සුරකින පැවිදි උත්තමයෙක්), ස්වාමීන් වහන්සේ (නිත්‍ය ශීලය නැති පැවිද්දෙක්) හෝ බ්‍රහ්මචාරියෙක් (විවාහ නොවී වාසය කරන්නෙක්) අනාගතය ගැන ඉතා තියුණු අන්දමින් සංවේදීය. මීට හොඳම සාක්ෂිය ගෝධික තෙරුන් වහන්සේය. තම දැළි පිහියෙන් ගෙල සිඳගනිමින් එම වේදනාව මතු සසරේ විඳින්නට වෙන සියළු වේදනා වලට වඩා කුඩාය කියන සිතුවිල්ල විපස්සනා කර ධර්මාවබෝධය ලබා සසර දුක අවසන් කොට උන් වහන්සේ නිවනින් සැනසුනු සේක. එතුමන් අනාගතය ගැන සංවේදී වී ඇති තරමේ තියුණු බව ගැන ව්මසන්න. එය අපට සිතාගත නොහැකි තරම්ය.
අති දක්ෂ ගායකයෙක් ශබ්දයේ ඉතා සියුම් නාද රටා වලට ඉතා සංවේදීය.
අති දක්ෂ ගුවන් නියමුවෙක් හෝ රියදුරෙක් තම ඇසට පේන දෑ එරෙහි ඉතාම සංවේදීය. අධි වේගයෙන් යද්දි නිසලව ඇති කුඩා දේ පවා ඔහුට පෙනෙයි.
අති දක්ෂ සූපවේදියෙකුට (මිචෙලින් තරු ලාභී) රස සංයෝජන හා සුවඳ ඉතාම තියුණු අන්දමින් වැටහෙයි.
අති දක්ෂ ව්‍යාපාරිකයෙක් ඉල්ලුමට ඉතා සංවේදීය. වොරන් බෆට් හට පුවත්පත් පමණක් කියවමින් නිවැරදි ඉල්ලුම තක්සේරු කිරීමේ හැකියාව ඇත.
අති දක්ෂ ව්‍යවසායකයෙක් කාලයට ඉතා සවේදීය. කවුරුත් දන්න ට්‍රම්පච්චී යම් තැනකට පොරොන්දු වුණු වෙලාවකම පැමිණෙන්නට උසස් හැකියාවක් ඇත්තෙකි.
අති දක්ෂ සොල්දාදුවෙකු පරිසරයට ඉතාම තියුණු අන්දමින් සංවේදීය. මීට හොඳම උදාහරණය දුටුගැමුණු මහ රජුගේ පෞද්ගලික ආරක්ෂක ලෙස කටයුතු කළ දශ මහ යෝධයින් ගෙන් එක්කෙනෙක් වුණු ඵුස්සදේව සෙනෙවියාය. අති දුර්ලභ දුනු ශිල්පයේ කෙළ පැමිණියෙක් වුණු ඵුස්සදේවට ඉලක්ක වරදින්නේ නැත. මෙවන් දුනු වායෙකු ගැන වර්තමානයේ ස්කොට්ලන්තයෙන්ද වාර්තා විය. මොහුව පරික්ෂා කළ අයට වැටහුණේ ඔහුගේ අවධානය ඉතා තියුණු වගය. .. තමා වෙත එල්ල වුණ හී පහරක් දුටුගැමුණු රජු තම පලිහෙන් ව්‍යර්ථ කරනු දුටු ඵුස්සදේව ඊතලය එවූ ප්‍රතිවාදී දුනුවායා ඉලක්ක කොට හීයක් යැවීය. එය ප්‍රතිවාදියාට වදින්නේ ඔහුගේ බෙල්ලෙන් ඉහල තැනකය. පාද ඉදිරියටත් හිස පිටු පසටත් ලෙස ප්‍රතිවාදියා ඇද වැටෙනු දුටු ඵුස්සදේව එය දුටුගැමුණු රජුට අවමානයක් ය කියා සිතා තවත් හී දෙකක් ප්‍රතිවාදී පාද ඉලක්ක කොට යැවීය. ඒවා වැදුණු පසු හිස ඉදිරිපසට නැවෙන ලෙස ප්‍රතිවාදියා ඇද වැටුණේය. ඵුස්සදේවගේ පරිසරයේ සියුම් කරුණු කෙරෙහි තිබුණු අවධානයේ තියුණු ස්වභාවය විමසා බලන්න. විශ්වාස කළ නොහැකිය. බොහෝ දෙනෙක් "ඕකත් බොරුවක්" කියා බැහැර කරනු නිසැකය. ඒ විචාර බුද්ධිය නැති අයයි.
මේ ගුණය ඇති සැමට තවත් පොදු ගුණාංගයක් ඇත. ඒ ඉතා තියුණු කුසගින්නයි. මේ හැමෝටම ඉතාම හොඳින් කෑම බිම ගැනීමේ හැකියාව ඇත.
හාවනාව සුන්දර වීමටත් දියුණු වීමටත් කුසගින්න අත්‍යාවශ්‍ය අංගයක් වග අති පූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම භික්ෂූන් වහන්සේ එතුමන් රචිත එක පොතක සඳහන් කර ඇති සේක. භාවනාව සමාධිය දියුණු සහ පොහොසත් කරන්නකි.
එවිට දියුණුව හා ධනවත්කම උදා කරගන්නට අවශ්‍ය වන්නේ අවධානයේ තියුණු බව හා කුසගින්නේ තියුණු බව විනා මුදල් ආයෝජන නොවේ. මෙය මනාකොට හඳුනාගත් හෙළ ඉසිවරු එය ප්‍රායෝගිකව යොදවමින් සමස්ථ රටවැසියන්වම දරිද්‍රතාවයෙන් මුදාගත් වගට රොබට් නොක්ස් ලියූ පොත සාක්ෂි දරයි.
මෙම ඵලය ලැබීමට නම් මනසට සාමාන්‍යයෙන් නොදැනෙන අයුරින් ක්‍රියාත්මක වෙන සියුම් ස්නායු වල ක්‍රියකාරිත්වය වේගවත් කළ යුතුය. එය ඉටු කර ගන්නේ ස්නායු වල ගමන් කරන රසායනික වල උල්පත වන ඇට මිදුළු වල පෝෂණය වැඩවීමෙනි. එය ඉටු කර ගන්නේ හැකි උපරිම වේගයෙන් ගන්නා ආහාර දිරවා කයට ඉක්මනින් අවශෝෂණය වීමට කටයුතු කිරීමෙනි.
ජ්‍යෝතිෂය සම්බන්ධ වන්නේ මෙතැනදීය. චන්ද්‍රයාගෙන් කිරි රසයත් සිකුරු ග්‍රහයා ගෙන් පැණි රසයත් සංඥා කෙරෙයි. සඳු හෙවත් චන්ද්‍රයා පෘතුවියට සාපේක්ෂව වේගයෙන්ම චලනය වෙන දෙයයි. දෙවැනියට සිකුරුය. මින් අදහස් කරන්නේ කයට ඉක්මනින් අවශෝෂණය කෙරෙන්නේ පළමුව කිරි රස දේත් දෙවනුව පැණි රස දේත් යන්නයි. එහි අන්තර්ගතය කාබෝහයිඩ්‍රේට් ද ප්‍රෝටීන ද මේදද අරකද මේකද යන්න අදාළම නැත.
මෙම දැක්ම ප්‍රායෝගිකව යොදවා ඇති ආකාරය විමසා බලමු.
උදෑසන බුද්ධ පූජාව ලෙස පිදෙන්නේ කිරිපිඩු දානයයි. එහි නියම අන්දමට සැකසූ විට ඇත්තේ කිරි හා පැණි රස දෙක පමණි.
සිංහල අළුත් අවුරුද්දට ලිප ගිණි අවුලා කෑම පිසීමට නියම කර තිබෙන්නේ ගිතෙල් හා උක් හකුරු මිශ්‍ර කිරි බතක් ය. නමුත් අපි කිරිබත් කන්නේ ලුණු මිරිස් සමඟිනි. එනයින් ලැබූ නව අවුරුද්ද සුභ වේවිද ? වැරැද්ද ජ්‍යෝතිෂයේද , එය බොරුය කියන ඔබගේද ?
පෙර සිංහල සූපවේදයේ ආහාර පිස ඇත්තේද උක් යුෂ සමඟ මී කිරෙනි. පුංචි බණ්ඩා සන්නස්ගල විසින් රචිත මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොත (scribdහි ඇත) සාක්ෂි දරයි. ඒත් ඉහත කී ජ්‍යෝතිෂය මුල් කරගෙනය. එකල නොක්ස්ට ලංකාවේ එකුදු යාචකයෙකු දකින්නට නොලැබුණි. එහෙත් දැන් ?
ලොව ආධිපත්‍යයට නතු කර සිටින කුමන රටකවත් මිනිසුන් සැරට නොකති. එහෙත් අන් රටවලට සැරට කන්නට හුරු කරවති. ඒ කලින් පෙන්වූ ජ්‍යෝතිෂය සංකල්පය හේතු කොටගෙනය.
ඔවුන් මෙය ප්‍රායෝගිකව යොදවා ඇති අන්දම විමසා බලමු. එම රටවල් වල ජනප්‍රිය උදෑසන ආහාරය කිරි සමඟ සීරියල් වේ.එහි සැර රසය නැත. ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ රෝස් පාන් වල (ෆ්‍රෙන්ච් ටෝස්ට්) වලත් සැර රසය නැත. මෙවන් උදාහරණ එමට වුණත් ලිපිය දික්වෙන බැවින් නොලියමි.
මෙම ආහාර ක්‍රමය මමද පෞද්ගලිකව අත්හදා බැලුවෙමි. කිරි හා පැණි රසට උදේ ආහාරය ගත් විට සියුම් ස්නායු උද්දීපනය වී ප්‍රීතිය ප්‍ර්රබෝධය හටගනු පැහැදිලිව දැනේ. එහෙත් සැරට උදේ ආහාරය ගත් විට කුසගින්න නැති වී යාම හැර වෙන කිසි විශේෂ ගුණයක් නොදැනේ. ලාංකිකයන් ලොව කම්මැලිම ජාතියක් ලෙස විදේශිකයන් අතරේ හංවඩු ගැහෙන්නට හේතුවත් මෙයමය. ඒ උනන්දුව දනවන සියුම් ස්නායු සැර රසය නිසා අක්‍රිය වී යෑම හේතු කොට ගෙනය.
පෘතුගීසීන් එන්නට පෙර මෙරට ජනයා ආහාර වල සැර රසය ඇති කළේ ඉඟුරු වලිනි. පසුව එය ඉන්දියාවෙන් ගෙන එන වියළි මිරිස් වලට උපක්‍රමිකව වෙනස් කර තිබේ. ඉඟුරු දී මිරිස් ගත්තා වගේ කියන ප්‍රස්ථාව පිරුලේ සැබෑ අරුතද එයයි. එහෙත් අපිට එය තෝරාගන්න බැරිවීම නිසා නන්නත්තාර වී සිටින්නෙමු.
ජ්‍යෝතිෂය අපිට පැහැදිලි මඟ පෙන්වා ඇත. එහෙත් සමහරු එහි නොහොස් අතරමං වී මඟ පෙන්නපු ශාස්ත්‍රයට සාප කරමින් කාලය නාස්ති කරති.
ඒ ඔවුන් පෙර භව වල බොරු ජ්‍යෝතීර්වේදීන් ලෙස කළ රඟපෑමේ කර්මවිපාකයයි.
කෙතරම් මෙරටට ආයෝජන ගෙනාවද රට එකතැන පල් වීමට හේතුව මෙයමය. මෙය නැති කළ විට රටට දියුණු වන්නට ආයෝජන ඕනෑ නැත.
(මෙහි කියු පරිදි ආහාර ක්‍රමය එකවර වෙනස් කිරීම ඉතා අවදානම් ය , දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය අත්‍යාවශ්‍යයි)
හෙළ බුකියේ මහමොළකරු

Last edited: