බුටික් හොටෙල් 1

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    [url=https://ibb.co/V98CDY7] [/URL]
    බුටික් හොටෙල් 1ක් කියන්නේ මොකක්ද?
    ම්ම්ම්ම්
    බුටික් හොටෙල් කියන්නේ ඉතිං බුටික් හොටෙල් වලට.
    ඉඩකඩ තියන ,නිශ්ශබ්ද, ලස්සන වට පිටාවක ඈතින් ඈතින් rooms පිහිටලා තිබ්බම ඒක ඉතිං බුටික් තමා මල්ලී .
    මං ඔය ප්‍රශ්නේ ගොඩක් අයගෙන් ඇහුවම මට ලැබුනු උත්තරය උනේ ඕක.

    පස්සේ concept එක ගන පොඩ්ඩක් හොයලා බැලුවම තමා දැනගත්තේ පට්ටංග ජාතකයක් කියලා .
    ජාතකේ ටික ටික කියවලා බලමු එහෙනම්
    [මේ ලිපියට පාදක කර ගත්තේ Sri Lankan context 1]
    මොකක්ද බුටික් හොටෙල් එකක් කියන්නේ?
    බුටික් හෝටලයක් යනු සුඛෝපභෝගී, පෞද්ගලික සහ සමීප පරිසරයකදී අමුත්තන්ට පෙර නොවිදි පහසුකම් සපිරි,ඉහළ පුද්ගලාරෝපිත සේවාවන් සපයන හෝටල් විශේශයක් විදියට හදුන්වන්න පුලුවන් .
    උක්ත හෝටල් සම්බන්දයෙන් විවිද standard maintain කරන්න එකී ආයතන කළමනාකාරිත්වයට සිදුවෙනවා.එහෙම නොමැති උනොත් SlTDA එකේ ලියාපදිංචි බුටික් හෝටලයක් බවට එය පත්වෙන / පත්කරන්නත් බැරිවෙනවා .
    මෙකී standard maintain කලයුතු area 15ක් ගැන අදාල guideline එකේ සදහන් වෙනවා.
    1.Location
    2.Hotel Building
    3.Main Services
    4.Bed Rooms
    5.Bath Rooms
    6.House Keeping
    7. Restaurant & Bar
    8.Kitchen
    9.Stores
    10.Sanitary & Safety requirements
    11. Swimming pool
    12.Facilities for differently abled guests
    13.Staff
    14.Environment, Community & sustainability
    15.Common Area
    මේ දේවල් ගැන සවිස්තරාත්මකව විස්තර ගෙන එන්න තමා බලාපොරොත්තුව.වැඩේ ටිකක් ලොකුයි.
    ලේසී නෑ .

    1.Hotel Location

    1.1 හෝටල් ගොඩනැගිල්ල හා එය පිහිටි ඉඩම අතර විශාලත්ව්යේ අනුපාතය ඉඩකඩ සහිත හැඟීමක් නිරූපණය කළ යුතුය. ප්‍රමාණවත් ලෙස අමුත්තන්ට විවේක ගැනීමට සහ විවේක ගැන්වීමට උසස් ගුණාත්මකභාවයෙන් යුතු අවකාශය තිබිය යුතුය.

    1.2 ප්‍රවේශය, පිවිසුම, පරිසරය ඉතා අනර්ඝ ලෙස හෝටලයකට සුදුසු විය යුතුය.

    1.3 ස්ථානයේ පසුබිම් ශබ්ද මට්ටම ඩෙසිබල් 50 ට වඩා අඩු විය යුතුය දිවා කාලයේ සහ රාත්‍රීයේදි එය ඩෙසිබල් 45 යන මට්ටමේ පවතිය යුතුයි.

    1.4 ගෘහ නිර්මාණ ශිල්පය , පරිසරය හා භූ දර්ශනය සමඟ සම්මිශ්‍රණය විය යුතුය.භූ දර්ශන හා හරිත ප්‍රදේශය දේපලවල පොදු වාතාවරණය වැඩි කළ යුතුය.

    2.Hotel Building

    2.1 හෝටලයේ අවම වශයෙන් නිදන කාමර 10ක් හා එයට සබැදි නාන කාමර { Attached bathrooms}සමග පැවතිය යුතුයි.

    2.2 ගොඩනැගිල්ල බිම් මහල ඇතුළුව මහල් දෙකකට වඩා නොතිබිය යුතුය

    2.3 ප්‍රධාන බල සැපයුම අසමත් වුවහොත් 100% උපස්ථ බල සැපයුමක් ලබා දිය හැකි විදුලි ජනක යන්ත්‍රයක් තිබිය යුතුය.

    2.4 සියලුම hotel linen හා visitors linen වර්ග dry clean කිරීමේ පහසුකම් සහිත යාන්ත්‍රික රෙදි සෝදන යන්ත්‍රයක් හෝ සුදුසු බාහිර ප්‍රභවයන්භාවිතයෙන්[out source] එවැනි භාණ්ඩ හැසිරවීමේ පහසුකමක් තිබිය යුතුයි. භාවිතයේ පවතින හා නව linen සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සහිත හොඳින් වාතාශ්‍රය සහිත ලිනන් කාමරයක් තිබිය යුතුය.

    2.5 පහසුවෙන් පිරිසිදු කිරීම හා උසස් සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා සුදුසු නිමාවන් සහිත goods receiving area 1ක් පැවතිය යුතු අතර , එහි ඉහළ සනීපාරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා මාළු, මස්, පලතුරු සහ එළවළු පිරිසිදු කිරීමේ ප්‍රදේශය තිබිය යුතු

    2.6 කෘමීන් හා පණුවන්ගේ මර්දනයට අවශ්‍ය දෑ ගොඩනැගිල්ල හා ආසන්න පරිසරය පුරා සිදු කළ යුතුය. අවට පිරිසිදුව තබා ගැනීමටත් මැස්සන් හා මදුරුවන් බෝවීම වැළැක්වීමටත් හැකි සෑම පියවරක්ම ගත යුතුය.

    2.7 Detergent වර්ග සහ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසු ජෛව හායනයට ලක්විය යුතුය.

    2.8 හෝටලය සැලසුම් කිරීමේදී, ජාත්‍යන්තරව පිළිගත් ආරක්‍ෂිත ප්‍රමිතීන් පිළිපැදිය යුතුය.

    2.9 හෝටලය අමුත්තන්ගේ සහ ඔවුන්ගේ බඩු බාහිරාදියෙහි ප්‍රමාණවත් ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කළ යුතුය. ඉහත කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය නිරීක්ෂණ ක්‍රියාමාර්ග තිබිය යුතුය.[ CCTV වගේ }

    2.10 අනේවාසිකයින් සඳහා ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් තිබිය යුතුය.

    3.Main Services

    3.1 හොඳ තත්ත්වයේ ජලය ප්‍රමාණවත් ලෙස සපයා ගත හැකිවිය යුතුය. සියළුම ආගන්තුක අරමුණු සඳහා භාවිතා කරන ජලය සහ මිනිස් පරිභෝජනය පානීය ජලය සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.

    3.2 සියළුම ගෑස් සහ විදුලි උපකරණ සහ ස්ථාපනයන් ආරක්ෂිත විය යුතු අතර ආරක්ෂක රෙගුලාසි වලට අනුකූල විය යුතුය

    4.Bedrooms

    4.1 නිදන කාමරයේ ප්‍රමාණය (බැල්කනිය සහ වැසිකිළිය හැර) අවම වශයෙන් වර්ග මීටර් 30ක් විය යුතුය.කාමරයේ පළල මීටර 3.0 ට නොඅඩු විය යුතුය.

    4.2 කපු ඉහළ ප්‍රතිශතයක් සහිත ඉතා හොඳ තත්ත්වයේ බ්ලැන්කට් සහ මෙට්ට ආවරණ ඇඳ ඇතිරිලි ප්‍රමාණවත් ලෙස සැපයීම. හොදින් අවශෝෂක ගුනයක් (හොදට පිහදැමෙන) සුදු පැහැති මුහුණ සහ අත් තුවා සහ නාන ආවරණ ප්‍රමාණවත් ලෙස සැපයිය යුතුය. ඇඳ ඇතිරිලි සහ තුවා දිනපතා හෝ අමුත්තන්ගේ ඉල්ලීම පරිදි වෙනස් කළ යුතුය. හොඳ තත්ත්වයේ Bath robes හා slippersතිබිය යුතුය.

    4.3 වසා දැමූ විට ප්‍රධාන පිවිසුම් දොර ස්වයංක්‍රීයව අගුළු වැටෙන ලෙස සකසා තැබිය යුතුයි .

    4.4 සියලුම අමුත්තන්ගේ කාමරවල ජාත්‍යන්තරව පිළිගත් comfort range of temperature පවත්වා ගත යුතුය. වායුසමීකරණය කරන ලද නිදන කාමර සම්බන්ධයෙන් නම් එහි temprature controller තිබිය යුතුමය.එහි පරාසය 24 ° C සිට + 4. C දක්වා පැවතිය යුතුය. . කාමරයට ප්‍රමාණවත් නැවුම් වාතය ලබා දීමට ආකාරයක්ද තිබිය යුතුය.

    4.5 ඕනෑම මාසයක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ට වඩා අඩු නම්, කාමර උෂ්ණත්වය 24 ° C දක්වා වෙනස් කළ හැකි තාප ස්ථායී පාලිත තාපන පද්ධතියක් තිබිය යුතුය.

    4.6 කාමරයේ යතුරු රහිත ආරක්ෂිත තැන්පතු ලොකර් තිබිය යුතුය

    4.7 Internet / Email වැනි සන්නිවේදන පහසුකම් සඳහා ප්‍රවේශය අමුත්තන්ට අවශ්‍ය නම් ලබාදිය හැකිවිය යුතුයි.

    4.8 හදිසි පිටවීමේ මාර්ග දැක්වෙන ගොඩනැගිල්ලේ සැලැස්මක් ඇතුල් වීමේ දොරටුවේ අභ්‍යන්තර පෘෂ්ථ්ය මත කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කළ යුතුය.

    4.9 ප්‍රධාන දොර අගුලු ලෑමට යතුරු / කාඩ් පද්ධතියක තිබිය යුතු අතර ඇතුළත සිට ද්විත්ව අගුලු දැමීමේ පහසුකමක් තිබිය යුතුය {ඇතුලෙනුත් සොයිබයක් තියන්න ඕනි කියන එක වෙන්ටෑ කියන්නේ}, එය පිටතින් විවෘත විය යුත්තේ හදිසි මාස්ටර් යතුරක් / කාඩ්පතක් සමඟ පමණි.

    5.Bathrooms

    5.1. සෑම කාමරයකම නාන කාමරය අවම වශයෙන් වර්ග මීටර් 4.5 ක් විය යුතුය.

    5.2. නාන කාමර වලින් වාතය හොදින් ඉවත් කිරීම සඳහා ස්වාභාවික හෝ යාන්ත්‍රික ක්‍රම සැපයිය යුතුය. සියලුම නාන කාමරවල ජලය පිරිමැස්මෙන් භාවිතාවට හැකිවන ලෙස උපාංග තිබිය යුතුය . සුදුසු මිශ්‍ර කිරීමේ පහසුකමක් සහිත උණුසුම් හා සිසිල් ජලය ලබා ගත හැකි විය යුතුය.

    5.3. නාන කාමරවල හොඳ ආලෝකයක් තිබිය යුතු අතර දර්පණ සදහාද ආලෝකකරණ ප්‍රභව පැවතිය යුතුය . Light switch නාන කාමරයෙන් පිටත පිහිටා තිබිය යුතුය.

    5.4 .සියලුම sanitary installation වල ගුණාත්මකභාවය, ක්‍රියාකාරීත්වය සහ නඩත්තුව ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුය. දැඩි ප්‍රමිතීන් ඔස්සේ පාලනය කළ යුතුය.

    අම්මෝ type කරලම දැන් නම් හොද ගනන්.ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි ටිකත් තවත් ලිපියකින් ගේන්නම් .
    ලොකු මහන්සියක් දරලා මේ දේවල් ඔයාලට ගේන්නේ.
    උපුටා ගන්නවා නම් කරුනාකරලා ගත්තේ කොහෙන්ද කියලවත් mention කරන්න.

    ගයාංග රත්නායක
    #Sri_Lankan_HTE_Genius_Club#
    #Like_Share_Join#
    🏄‍♀️🚵‍♂️🧗‍♀️🍻🍺☀️🌧🌈🇱🇰
    ආගන්තුක සත්කාර ,සංචාරක, සිද්ධි පිළිබඳ කළමනාකරණය විෂයන්හි නව මානයන් සොයන්න
    එන්න අපේ group එකට,
    ☑️ Comment
    ☑️ Tag
    ☑️ Share
    ☑️Invite Others
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලොවෙත්, කොහොමද මේව හොයාගත්තෙ ? මොකක් හරි standards document එකක් තියනවද ? TFS
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැදගත්ම දේවල් දෙකක් මගඇරිලා තියෙනවා

    PHI ට ජරාව දියයුතුය , නැත්නම් දිව්‍ය භෝජන දුන්නත් ඒවාට අසූචි මිශ්‍රවිය හැක

    seven star Burj Al Arab හෝටලය උනත් ( මෙහෙ තිබුනනම් ) , පොලිස් කාරයන්ට ජරාව දියයුතුය , නැත්නම් බඩුපොට් එකක් වියහැක
     
    Last edited: