බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

  • ඔව්

    Votes: 110 57.6%
  • නැත

    Votes: 81 42.4%

  • Total voters
    191

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මාර dial එකක් තමා ඌ.. අපේ මතය බලන්න ය කියලා poll එකක් දාලා නූල මැද්දෙන් ඒක hijack කරනවා උට ඕනේ response එක ගන්න 😆
    මුලින්ම ඌම කියනවා Vote කරන්න ඕනේ Option එක . සර්වබල මත දාරියෙක් 🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජ්‍යයකට ආගමක් අවශ්‍ය නෑ. හැබැයි ශිෂ්ඨාචාරයට මූලික වෙච්ච සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ.

    උදාහරණයක් කිව්වොත් දළදා පෙරහැරට ආණ්ඩුව වියදම් කරන්න අවශ්‍ය නෑ, හැබැයි පහසුකම් සලසන්න ඕනේ. පෙරහැර සාර්ථකයි කියන සංදේශය දෙන්න ඕනේ බෞද්ධ නායකයෙක්ට, ජනාධිපතිට නෙවෙයි. අපි මේවා පටලගෙන ඉන්නේ
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේකට නැත කියල වොට් කලට උබල අපයේ යන්නේ නැහැ.

    ලංකාවේ උන් එතරමටම ගොබ්බයි
    මේක දැක්කමනම් හිතෙන්නේ මූ නම් වෙන ගේමක් දෙන්න වගේ ඇවිත් තියෙන්නේ :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේකට නැත කියල වොට් කලට උබල අපයේ යන්නේ නැහැ.
    ලංකාවේ උන් එතරමටම ගොබ්බයි

    මාර වේස කතාවක් නෙ මිනිහො ඒක.
    උබට ඕන එක result එක විදියට ගන්නද poll එකක් දැම්මෙ ?
    මොන ගොබ්බ ජීවිතයක් ද මේ.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    බුද්ධාගමට ප්‍රමුඛත්වය දුන්නා කියලා ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ. සිංහල භාශාව, පුස්කොල පොත්පත් රැකිලා තියෙන්නේ බුදුදහම හින්දා.
    හොඳම දේ තමා අනෙක් ආගම් අදහන අයට කරදරයක් නෑ.
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    බුද්ධාගමට ප්‍රමුඛත්වය දුන්නා කියලා ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ. සිංහල භාශාව, පුස්කොල පොත්පත් රැකිලා තියෙන්නේ බුදුදහම හින්දා.
    හොඳම දේ තමා අනෙක් ආගම් අදහන අයට කරදරයක් නෑ.
    katada amaru බුද්ධාගමට ප්‍රමුඛත්වය දුන්නා කියලා :D
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රාජ්‍ය ආගමක් ඕනේ නෑ.
    අන්න එකයි මචං . මේකේ ඒ ඔප්ෂන් එක ඕනේ. බුද්ධාගම වගේම අනික් ආගම ඔක්කම එකයි එක අදහන මිනිසුන්ට. ඒ නිසා රාජ්‍ය ආගම කියන එකක් නැති විය යුතුයි. එත් හැම ආගමක්ම අදහන්න ඕනේ උපරිම නිදහස දෙන්න ඕනේ. කිසිම ආගමකට නිගා කරන අයට උපරිම නීති ගෙන්න ඕනේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    දැන් නම් උබ කියන දේ, අරමුණ පැහැදිලි නෑ
    අය වැයෙන් සංස්කෘතික අමාත්යන්ශයට බුද්දාගම වෙනුවෙන් සල්ලි දෙන එකට මම 100% සපෝට් කරනවා
    උබ දෙන්න එපා කියන්නේ මොනවද?
    ඔකේ මචන් තවත් උබට මේක තේරුම් කරන එක වැඩක් නෑ
     
    • Haha
    Reactions: gnilukshi

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇමරිකාවයි ලංකාවෙයි තියෙන වෙනස gdp එකයි මිනිස්සුන්ගෙ ස්පිරිට් එකයි පමණයි. අනිත් ගොන් කම් සියල්ලම පොදුයි, කොටින්ම යක්ක ගති පවා. ඇමරිකාව ගැන උනත් මම කියන්නෙ මේක තමයි. ඒත් එයාල ලෙජිස්ලේචර් වලින් සමාජය ප්‍රශංසාත්මක මට්ටමකට ලෙවල් කරල තියෙන බව කියන්නත් ඕනෙ.

    කැනඩා සහ ස්කැන්ඩියානු රටවල් තදබල කතෝලික හයිරාකි එකක් එක්ක ගොඩනැගුන රටවල්. අද වෙද්දි රාජ්‍යය ඒවයින් වියුක්තයි. උදාහරණ නම් ඕනෙ ලෝකය ඒවා සපයනව.

    මම ලංකාවෙ මනුස්සයෙක් නිසා.
    ඇයි මචන් මිනිසුන්ගේ සාමාන්‍ය දැනුම? නීතියට අනුකුල වීම? ඉස්ලාම් ආගම කියන එක එක්ට්‍රීම් නිසා තමා සව්දි වල බුදු දහමට තැනක් නැත්තේ. අපේ බව්ද්ද දර්ශනයේ තියන විශිෂ්ටත්වය නිසා තම ඉස්ලාම් ඇතුළු අනික් ආගම් වලට උපරිම නිදහස දීලා තියෙන්නේ. රටක මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එකක් එක්ක අලයින් වෙලා තමා අනික් ඔක්කොම හැදෙන්න ඕනේ. ඒ නිසා ස්කන්දිනේවියා රටවල තියන තියරි මේ රටේ සෙට් වෙන්නේ නැ බන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113

    වැරදි කතාවක්.. මේකට හේතු වුණේ ලංකාව දීර්ඝ කාලයක් එක ඒකා යටතේ තිබ්බ නිසා ස්වාධීන චින්තනයක් හදාගන්න බැරි වීම මිසක් බුද්ධාගම නෙවෙයි..
    ------ Post added on May 2, 2022 at 9:59 PM

    ආහ් ඒකද හේතුව! 🙂

    pro සහ con චෙක් බුක් බැලන්ස් කිරිල්ල conclusively කියන්න බෑ කියන එක තමයි කිව්වෙ. මේක මේ සාකච්ජාවට වැදගත් කාරනයක් නෙවෙයි.

    හරි.. අපි කියමු ලංකාවේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගම වාක්‍ය අයින් කරා කියලා.. එතකොට මොකක්ද ලංකාවට වෙන හොඳේ?

    මට තියෙන්නෙ 9නි ජේදයේ අදහස පිලිබඳ ගැටලුවක්. අර මුලින් කිව්ව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී අදහස් වලටත් මේ ජේදයෙන් යම් පෝශණයක් ලැබිල තියෙනව උනත් ජේදය ඒ මනෝභාවයෙ ඵලය පමණයි. හේතුව නෙමේ. ඒ නිසා ද්ෘශ්ඨිවාදී කාරණය ගැන මම මෙතන කතා කරන්න යන්නෙ නැහැ. ඒක වෙනම ඇඩ්‍රස් කරන්න ඕනෙ.

    ඔක්කොටම කලින් කියන්න ඕනෙ දෙයක් තියෙනව. අපේ රටේ වාර්ගික ගැටලුවක් තියෙනව, යම් යම් ප්‍රජාවන්ට වාර්ගික පදනමකින් අකටයුතුකම් වෙලා තියෙනව කියන එකට එකඟ වෙන්නෙ නැත්තම් මේ කතාව ඇත්තටම කියල වැඩක් නෑ. මොකද එහෙනම් රාජ්‍ය ආගම බක්කක් නෙමේ, මූලික කාරණා ඉඳන්ම අපි ගැටලුව බේරගන්න අවශ්‍යයි. මම හිතනව ඒ තරම් නූබ්ස් ල නෙමේ කියල.

    "...The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana..."

    යම් තාක්ෂනික කාරණා සහ සාකල්‍යමය (holistic) හේතුවක් යටතෙ මේක කතා කරන්න පුලුවන්.

    පළවෙනි එක ඔය ආටිකල් එක වචන වරනඟල තියෙන හැටියම aggressive. බුරුමය 1947 හදපු ව්‍යවස්ථාවෙ බුද්ධාගම ගැන සඳහන් කරල තියෙන විදිහ සළකමු (...The state recognizes the special position of Buddhism as the faith professed by the great majority of the citizens...). ව්‍යවස්ථාවෙ wording ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට බුරුමය රාජ්‍යය බුද්ධාගමෙ "ප්‍රධාන වැදගත්කමක්" අඳුනගන්නව මිසක්කා "ප්‍රමුඛස්තානය ලබා දීම" හෝ "සුරැකිය යුතුයි" කියල කියන්නෙ නෑ. ඇරත් ඒ ව්‍යවස්ථාවෙම ඊට පසුව ලස්සන ටෙන්ෂන් රිලීස් එකක් එනව (The abuse of religion for political purposes is forbidden; and any act which is intended or is likely to promote feelings of hatred, enmity or discord between racial or religious communities or sects is contrary to this constitution and may be made punishable by law). අපි අපේ ආටිකල් එක ව්‍යවස්ථාවට එකතු කරන්නෙ 1972 ද කොහෙද. ඒකත් වාර්ගික ගැටලු හිස ඔසවමින් සිටි සමයක.

    (බුරුමය ක්වෝට් කරන්නෙ ඒ විදිහට අපි වැඩ කළ යුතු බව කියන්න නෙමේ. අපේ ව්‍යවස්ථාවෙ අදහස ගැන පොයින්ට් එකක් ඉස්මතු කරන්නයි. මම නම් බුරුමයෙ 'සෞම්‍ය' ආටිකල් එකටත් කැමති නෑ).

    මොකක්ද මේ "ප්‍රමුඛස්ථානය" දෙනවය කියන්නෙ? මොකක්ද ඕකෙ බවුන්ඩ්‍රිය. තද කතාවක් මේ තරම් ලූස් විදිහට වරනැඟීම තමයි ගැටලුව. එක්කො ඒක elaborate කරන්න ඕනෙ, නැත්තම් "තද බව" අඩු කරන්න ඕනෙ. 9/11 ප්‍රහාරයෙන් පස්සෙ බුශ් ව්‍යවස්ථා නීති වලට එකතු කරපු වචන 60 ගැන අහල ඇති කියල හිතනව. ප්‍රහාරයෙන් කම්පනයට පත් වෙලා මුකුත් හිතා ගන්න බැරුව ඉන්න මිනිස්සු අතරෙ රජය කරමින් ඉන්න දේවල් ගැන අවධානයෙන් හිටි අය ඒකට එකෙහෙලාම විරුද්ධ වෙන්නෙ ඇයි? බැලූබැල්මට සාමාන්‍ය වචන 60ක් විතරනෙ, ඇරත් ජාතික ව්‍යසනයක් උනාට පස්සෙත් ඕක මක් වෙනවද නේද?

    අපේ ආටිකල් එකේ වචන වල තියෙන අප්සට් බව පෙනීම හෝ නොපෙනීම තීරණාත්මකයි. තව දෙයක්...මේ ආටිකල් එක සංශෝදනය කිරීම දැන් කළයුතු දෙයක් නෙවෙයි. ඇත්තටම මන් හිතන්නෙ මේ කාරනේ layman ලට විහිලුවක් වගේ තමයි පේන්නෙ. සංශෝදනය කලොත් එක අතකින් ලංකාවෙ බහිෂ්කරණය උන ජනතාවට තමන්ගෙ පුරවැසි භාවය, සිවිල් නිදහස සහ සමස්ථයක් ලෙස ලාංකික බව ගැන විශාල සුපහන් බවක් ඇති උනත් සිංහල-බෞද්ධයන් අහේතුකව අප්‍රසාදයට ලක්වෙන්න නියමිතයි. බහුතරය කේන්ති ගන්න එකේ කරුමෙ පාත් වෙන්නෙත් අර මිනිස්සුන්ටමයි. තව කල් තියෙනව.

    අපේ බව්ද්ද දර්ශනයේ තියන විශිෂ්ටත්වය නිසා තම ඉස්ලාම් ඇතුළු අනික් ආගම් වලට උපරිම නිදහස දීලා තියෙන්නේ.

    ඔව් නෛතික නිදහසක් තියෙනව. ආගමික පදනමකින් වෙනස් කොට සැලකන නීති නැතිතරම් අපෙ රටේ. ඒක ආරක්ෂා කරගත යුතු ඉතාම හොඳ දෙයක්.

    සමාජීය නිදහසක් (නෛතික නෙවේ) තියෙනව කියල පිළිගන්නෙ නැහැ. සමාජීය නිදහස කිව්වෙ මිනිස්සුන්ගෙ සෙන්ටිමන්ට්ස් ගැන, නීති නෙමේ. ඇඳුමත් බලෙන් ගලවන සීන් එකක්නෙ තියෙන්නෙ. සාවද්‍ය විද්‍යාත්මක කාරනා උඩ මිනී වළලන්නවත් දුන්නෙ නෑ පහුගිය දවස් වල. වෙනකක් තියා ජන්ද දිනන්නෙත් රේෂල් ටෙන්ෂන් තොරොම්බල් කරල. ඔයා හිතන තරම් ලස්සන නිදහසක් නෑ මචන් මෙහෙ. අපිත් මූලධර්මවාදියො වගේ කෆීර්ලව ටාගට් කරල බෝම්බ පුපුරව ගන්නෙ නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි මාරයි කියල. බාර් එක ඊට ගොඩක් උඩින් තියෙන්නෙ.

    රටක මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එකක් එක්ක අලයින් වෙලා තමා අනික් ඔක්කොම හැදෙන්න ඕනේ. ඒ නිසා ස්කන්දිනේවියා රටවල තියන තියරි මේ රටේ සෙට් වෙන්නේ නැ බන්.

    අපි මේ කතා කරන්නෙ ව්‍යවස්ථානුකූල ට්‍රීට්මන්ට්ස් ගැනනෙ. ස්කැන්ඩියාව මේකට අදාළ වෙන්නෙ නෑ. මේක උන්ට අනන්‍ය "ක්‍රමයක්" වත් මොකක් වත් නෙමේ. ස්කැන්ඩියාව ගත්තෙ අර වෙන කෙනෙක් ඇමරිකාව චෙරි පික් කරල ප්‍රශ්නයක් අහල තිබ්බ නිසා.

    ඒත් උඹ යම් දෙයක් අහල තියෙන නිසා...ස්කැන්ඩියානු රටවලුත් අපි වගේම ආගම ගුරු කරගෙන ඉන්න රටක් දැන් යම් දුරකට නිරාගමික උනාට. තවමත් බොහෝ පවුල් කතෝලික ආක්ෘතියට අනුකූලයි. අපි තරම් ඉමෝෂනල් නොවුනත් හරිම තදබල ආගමික උපරිව්‍යුහයක් යටතෙ මිනිස්සු ටිකක් හිටි සහ තාමත් ඉන්න රටක්. එහෙ සමහර නිරාගමික මිනිස්සු විහිලුවට කියනව ආගමික නොවුනත් තාම කතෝලික රිප්‍රෙසිව් ගිල්ට් එක හිතෙන් ගිහින් නෑ කියල. බටහිර සහ දියුණු රටක් උන පමණින් ආගමක් නැති ‍යන්ත්‍ර වගේ ඉන්නව කියල හිතීම වැරදි අදහසක්. යුරෝපය ඇමරිකාවට වඩා ඉතාම ස්පිරිචුවල්. ඇයි කාන්ට් හෝ හේගල් වගේ විඥ්ඥාණවාදියො යුරෝපෙන්ම බිහිවෙන්නෙ.

    ඒත් අපි අඩුම තරමෙ නිරාගමිකයො වත් වෙන්න අවශ්‍යයි කියල මන් හිතන්නෑ. මේ අපි කතා කරමින් ඉන්නෙ ආගම රාජ්‍යයෙන් වියුක්ත කරන ස්ටේට් ඩොක්‍යුමන්ට් එකක් ගැන.
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආහ් ඒකද හේතුව! 🙂

    pro සහ con චෙක් බුක් බැලන්ස් කිරිල්ල conclusively කියන්න බෑ කියන එක තමයි කිව්වෙ. මේක මේ සාකච්ජාවට වැදගත් කාරනයක් නෙවෙයි.

    මට තියෙන්නෙ 9නි ජේදයේ අදහස පිලිබඳ ගැටලුවක්. අර මුලින් කිව්ව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී අදහස් වලටත් මේ ජේදයෙන් යම් පෝශණයක් ලැබිල තියෙනව උනත් ජේදය ඒ මනෝභාවයෙ ඵලය පමණයි. හේතුව නෙමේ. ඒ නිසා ද්ෘශ්ඨිවාදී කාරණය ගැන මම මෙතන කතා කරන්න යන්නෙ නැහැ.

    ඔක්කොටම කලින් කියන්න ඕනෙ දෙයක් තියෙනව. අපේ රටේ වාර්ගික ගැටලුවක් තියෙනව, යම් යම් ප්‍රජාවන්ට වාර්ගික පදනමකින් අකටයුතුකම් වෙලා තියෙනව කියන එකට එකඟ වෙන්නෙ නැත්තම් මේ කතාව නවත්තන එකමයි හොඳ. මොකද එහෙනම් රාජ්‍ය ආගම බක්කක් නෙමේ, මූලික කාරණා ඉඳන්ම මේ ගැටලුව බේරගන්න අවශ්‍යයි. මම හිතනව ඒ තරම් නූබ්ස් ල නෙමේ කියල.

    "...The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana..."

    යම් තාක්ෂනික කාරණා සහ සාකල්‍යමය (holistic) හේතුවක් යටතෙ මේක කතා කරන්න පුලුවන්.

    පළවෙනි එක ඔය ආටිකල් එක වචන වරනඟල තියෙන හැටියම aggressive. බුරුමය 1947 හදපු ව්‍යවස්ථාවෙ බුද්ධාගම ගැන සඳහන් කරල තියෙන විදිහ සළකමු (...The state recognizes the special position of Buddhism as the faith professed by the great majority of the citizens...). ව්‍යවස්ථාවෙ wording ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට බුරුමය රාජ්‍යය බුද්ධාගමෙ "ප්‍රධාන වැදගත්කමක්" අඳුනගන්නව මිසක්කා "ප්‍රමුඛස්තානය ලබා දීම" හෝ "සුරැකිය යුතුයි" කියල කියන්නෙ නෑ. ඇරත් ඒ ව්‍යවස්ථාවෙම ඊට පසුව ලස්සන ටෙන්ෂන් රිලීස් එකක් එනව (The abuse of religion for political purposes is forbidden; and any act which is intended or is likely to promote feelings of hatred, enmity or discord between racial or religious communities or sects is contrary to this constitution and may be made punishable by law). අපි අපේ ආටිකල් එක ව්‍යවස්ථාවට එකතු කරන්නෙ 1972 ද කොහෙද. ඒකත් වාර්ගික ගැටලු හිස ඔසවමින් සිටි සමයක.

    (බුරුමය ක්වෝට් කරන්නෙ ඒ විදිහට අපි වැඩ කළ යුතු බව කියන්න නෙමේ. අපේ ව්‍යවස්ථාවෙ අදහස ගැන පොයින්ට් එකක් ඉස්මතු කරන්නයි. මම නම් බුරුමයෙ 'සෞම්‍ය' ආටිකල් එකටත් කැමති නෑ).

    මොකක්ද මේ "ප්‍රමුඛස්ථානය" දෙනවය කියන්නෙ? මොකක්ද ඕකෙ බවුන්ඩ්‍රිය. තද කතාවක් මේ තරම් ලූස් විදිහට වරනැඟීම තමයි ගැටලුව. එක්කො ඒක elaborate කරන්න ඕනෙ, නැත්තම් "තද බව" අඩු කරන්න ඕනෙ. 9/11 ප්‍රහාරයෙන් පස්සෙ බුශ් ව්‍යවස්ථා නීති වලට එකතු කරපු වචන 60 ගැන අහල ඇති කියල හිතනව. ප්‍රහාරයෙන් කම්පනයට පත් වෙලා මුකුත් හිතා ගන්න බැරුව ඉන්න මිනිස්සු අතරෙ රජය කරමින් ඉන්න දේවල් ගැන අවධානයෙන් හිටි අය ඒකට එකෙහෙලාම විරුද්ධ වෙන්නෙ ඇයි? බැලූබැල්මට සාමාන්‍ය වචන 60ක් විතරනෙ, ඇරත් ජාතික ව්‍යසනයක් උනාට පස්සෙත් ඕක මක් වෙනවද නේද?

    අපේ ආටිකල් එකේ වචන වල තියෙන අප්සට් බව පෙනීම හෝ නොපෙනීම තීරණාත්මකයි. තව දෙයක්...මේ ආටිකල් එක සංශෝදනය කිරීම දැන් කළයුතු දෙයක් නෙවෙයි. ඇත්තටම මන් හිතන්නෙ මේ කාරනේ layman ලට විහිලුවක් වගේ තමයි පේන්නෙ. සංශෝදනය කලොත් එක අතකින් ලංකාවෙ බහිෂ්කරණය උන ජනතාවට තමන්ගෙ පුරවැසි භාවය, සිවිල් නිදහස සහ සමස්ථයක් ලෙස ලාංකික බව ගැන විශාල සුපහන් බවක් ඇති උනත් සිංහල-බෞද්ධයන් අහේතුකව අප්‍රසාදයට ලක්වෙන්න නියමිතයි. බහුතරය කේන්ති ගන්න එකේ කරුමෙ පාත් වෙන්නෙත් අර මිනිස්සුන්ටමයි. තව කල් තියෙනව.

    ඔව් නෛතික නිදහසක් තියෙනව. ආගමික පදනමකින් වෙනස් කොට සැලකන නීති නැතිතරම් අපෙ රටේ. ඒක ආරක්ෂා කරගත යුතු ඉතාම හොඳ දෙයක්.

    සමාජීය නිදහසක් (නෛතික නෙවේ) තියෙනව කියල පිළිගන්නෙ නැහැ. සමාජීය නිදහස කිව්වෙ මිනිස්සුන්ගෙ සෙන්ටිමන්ට්ස් ගැන, නීති නෙමේ. ඇඳුමත් බලෙන් ගලවන සීන් එකක්නෙ තියෙන්නෙ. සාවද්‍ය විද්‍යාත්මක කාරනා උඩ මිනී වළලන්නවත් දුන්නෙ නෑ පහුගිය දවස් වල. වෙනකක් තියා ජන්ද දිනන්නෙත් රේෂල් ටෙන්ෂන් තොරොම්බල් කරල. ඔයා හිතන තරම් ලස්සන නිදහසක් නෑ මචන් මෙහෙ. අපිත් මූලධර්මවාදියො වගේ කෆීර්ලව ටාගට් කරල බෝම්බ පුපුරව ගන්නෙ නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි මාරයි කියල. බාර් එක ඊට ගොඩක් උඩින් තියෙන්නෙ.

    අපි මේ කතා කරන්නෙ ව්‍යවස්ථානුකූල ට්‍රීට්මන්ට්ස් ගැනනෙ. ස්කැන්ඩියාව මේකට අදාළ වෙන්නෙ නෑ. මේක උන්ට අනන්‍ය "ක්‍රමයක්" වත් මොකක් වත් නෙමේ. ස්කැන්ඩියාව ගත්තෙ අර වෙන කෙනෙක් ඇමරිකාව චෙරි පික් කරල ප්‍රශ්නයක් අහල තිබ්බ නිසා.

    ඒත් උඹ යම් දෙයක් අහල තියෙන නිසා...ස්කැන්ඩියානු රටවලුත් අපි වගේම ආගම ගුරු කරගෙන ඉන්න රටක් දැන් යම් දුරකට නිරාගමික උනාට. තවමත් බොහෝ පවුල් කතෝලික ආක්ෘතියට අනුකූලයි. අපි තරම් ඉමෝෂනල් නොවුනත් හරිම තදබල ආගමික උපරිව්‍යුහයක් යටතෙ මිනිස්සු ටිකක් හිටි සහ තාමත් ඉන්න රටක්. එහෙ සමහර නිරාගමික මිනිස්සු විහිලුවට කියනව ආගමික නොවුනත් තාම කතෝලික රිප්‍රෙසිව් ගිල්ට් එක හිතෙන් ගිහින් නෑ කියල. බටහිර සහ දියුණු රටක් උන පමණින් ආගමක් නැති ‍යන්ත්‍ර වගේ ඉන්නව කියල හිතීම වැරදි අදහසක්. යුරෝපය ඇමරිකාවට වඩා ඉතාම ස්පිරිචුවල්. ඇයි කාන්ට් හෝ හේගල් වගේ විඥ්ඥාණවාදියො යුරෝපෙන්ම බිහිවෙන්නෙ.

    ඒත් අපි අඩුම තරමෙ නිරාගමිකයො වත් වෙන්න අවශ්‍යයි කියල මන් හිතන්නෑ. මේ අපි කතා කරමින් ඉන්නෙ ආගම රාජ්‍යයෙන් වියුක්ත කරන ස්ටේට් ඩොක්‍යුමන්ට් එකක් ගැන.
    මම නම් ඕක අයින් කරන්න ඕනේ කියන මතේ ඉන්නේ ඔය නිසා නෙමේ. මයිනා වගේ ඉස්සරහට එන උන්ට මේකේ ඉන්න මොලෙන් දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු අන්දන්න බැරි වෙනවා. අන්න එක නිසා. එකත් හරි ඔප්ෂන් එකක් කියන්න බැ .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    මම නම් ඕක අයින් කරන්න ඕනේ කියන මතේ ඉන්නේ ඔය නිසා නෙමේ. මයිනා වගේ ඉස්සරහට එන උන්ට මේකේ ඉන්න මොලෙන් දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු අන්දන්න බැරි වෙනවා. අන්න එක නිසා. එකත් හරි ඔප්ෂන් එකක් කියන්න බැ .

    මම සමස්ථයක් විදිහට මේව ගැන කතා කරන ආසන්නතම හේතුව වෙන්නෙත් වාර්ගික-ආගමික ලැදියාවන් උඩ පොලිටික්ස් දුවන භයානක විකාරය ඉවසන්න බැරි නිසා. මේ ඔක්කොම nexus එකක් වගේ සම්බන්ධයි. ඔය ව්‍යවස්ථාවෙ රාජ්‍ය ආගම කියන එක ඉතින් අරකට ටිකක් දුරින් තියෙන්නෙ නමුත් ඕවයින් මිනිස්සුන්ගෙ අවිචාරශීලි වාර්ගික උද්දච්ච කම් සමනය කරන්න පුලුවන්. ඒත් මම කලින් කිව්ව වගේ රාජ්‍ය ආගම ගැන කතා කරල වටයක් යනවට වඩා කෙලින්ම ඒව ගැන කතා කරන එක සාර්ථකයි. මේ ආටිකල් එකත් ඔය ගැටලුවෙ ප්‍රතිඵලයක්.
     
    • Like
    Reactions: gnilukshi

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම සමස්ථයක් විදිහට මේව ගැන කතා කරන ආසන්නතම හේතුව වෙන්නෙත් වාර්ගික-ආගමික ලැදියාවන් උඩ පොලිටික්ස් දුවන භයානක විකාරය ඉවසන්න බැරි නිසා. මේ ඔක්කොම nexus එකක් වගේ සම්බන්ධයි. ඔය ව්‍යවස්ථාවෙ රාජ්‍ය ආගම කියන එක ඉතින් අරකට ටිකක් දුරින් තියෙන්නෙ නමුත් ඕවයින් මිනිස්සුන්ගෙ අවිචාරශීලි වාර්ගික උද්දච්ච කම් සමනය කරන්න පුලුවන්. ඒත් මම කලින් කිව්ව වගේ රාජ්‍ය ආගම ගැන කතා කරල වටයක් යනවට වඩා කෙලින්ම ඒව ගැන කතා කරන එක සාර්ථකයි. මේ ආටිකල් එකත් ඔය ගැටලුවෙ ප්‍රතිඵලයක්.
    අවිචාරශීලි වාර්ගික උද්දච්ච කම් සමනය කරන්න පුලුවන්
    මෙන්න මේක නම් ආගමකින් සමනය කරන්න අමාරුයි ලංකාවේ. ජාන වෙනසකින් මිසක්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    Ow අනිවාර්යයෙන්ම, ape andu ක්‍රම ව්‍යවස්ථාවෙ නීති පද්ධතිය ta බෞද්ධ නීති පද්ධතියක් එකකු කරලා hybrid karanna ona , බෞද්ධ පුරා වස්තු සංවර්ධන ya karanna ona අනිවාර්යයෙන්ම.