බුද්ද සාසනයේ දන් දීම සීයට කෝටි ගානක පොලියක් තියෙන බෑන්කුවක්

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ලොකු පිනක් දෙන්න බැහැ දැන් ඉන්න දුෂිල බික්ෂුන්ට. අනික පිං එකතු කරන්නේ ඇයි හැමවෙලේම, නිවන් දකිමුකෝ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    Anisansa wadi Niyama Hamuduruwo Kenekta Dane Dunnama. Prathipatti Rakina.

    Nethuwa,
    Pai Urana,
    Badu Gahana,
    Parajika Una,
    Politics Karanda Mahana Una,
    Noyek Jara Wada Karana

    Dodam Tattayo Wage Unta....etc . Tattayanta Dunnata Anisansa Ne.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දානයක් මහත්ඵල මහානිශංස වීම පිණිස දානය ලබන පිරිස සියයට සීයක් ම බලපානවා. ධර්මයේ සඳහන් වෙනවානේ ‘(යෝ සීලවා සීලවන්තේසු දදාති දානං) යම්කිසි කෙනෙක් සීලවන්ත වෙලා සිල්වතුන් උදෙසා දන් දෙනවා ද (ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ) ධාර්මිකව ලැබූ දේ, පහන් සිතින් යුතුව දෙනවා ද, (අභිසද්දහං කම්මඵලං උළාරං) කර්ම කර්මඵල විශ්වාස කරගෙන දන් දෙනවා ද (තං වේ දානං විපුලඵලන්ති බ‍්‍රෑමි) එ් දානය මහත්ඵලයි මහානිශංසයි’ කියලා. එ් වගේ ම තව දානයක් ගැන තියෙනවා ‘(යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං) යමෙක් දුස්සීල වෙලා ඉද්දී පවා සිල්වතුන්ට දානය දෙනවා නම් දානය පිළිගන්න පාර්ශවය නිසා එ් දානය මහත්ඵල මහානිශංස වෙනවා කියලා. නමුත් සමහර විට දුස්සීල කෙනක් දුස්සීලයන්ට දානය දෙනවා නම් එ් දානය මහත්ඵල වෙන්නේ නෑ.
    එ් කාරණාව තේරුම් ගන්න ඕන මෙහෙමයි. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ‘(ඉණ පරිභෝග) දානය වළඳන කෙනා දුස්සීල නම්, එයා ණයට කන්නේ..’ කියලා. එයාට එ්ක ගෙවන්න වෙනවා. ඊ ළඟට සඳහන් තියෙනවා (ස්වාමි පරිභෝග) යමෙක් සීලවන්ත නම්, එ් කෙනාට දානය කැපයි. (දායජ්ජ පරිභෝග) එයාට එ්ක හිමියි’ කියලා. එ් කියන්නේ එයා මාර්ග ඵල ලබලා නම්, දායාදයක් හැටියට එයාට එ්ක හිමියි කියනවා.
    වේලාම සූත‍්‍රයේ සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ අතීත ආත්මයක, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරුන්ට පුදුම විදිහට රන්, රිදී, මුතු, මැණික්, නා නා ප‍්‍රකාර උපභෝග, පරිභෝග වස්තු දන් දීලා තියෙනවා. නමුත් එ්කේ සඳහන් වෙනවා, එ් මොනවා දන් දුන්නත් එ් දානය මහත්ඵල මහානිශංස කරන්න එක දිට්ඨිසම්පන්න කෙනෙක්වත් හිටියේ නෑ කියලා. ‘දිට්ඨිසම්පන්න’ කෙනෙක් කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුයි කියන මතයට පැහැදිලිව ආපු කෙනෙක්. එ් දානය පිළිගන්න එ් කාලයේ එබඳු කෙනෙක් ඉඳලා නෑ. එ් හේතුවෙන් එ් දානය මහත්ඵල මහානිශංස වෙලා නෑ.
    එතකොට අපට පේනවා, සංඝයාගේ පාරිශුද්ධභාවය, සංඝයාගේ ගුණවන්තකම, සංඝයා ධර්ම මාර්ගය තුළ සිටීම, සංඝයා සීලසම්පන්න වීම, සමාධි සම්පන්න වීම, ප‍්‍රඥා සම්පන්න වීම ලෝකයාට මහා සැපයක්. ලෝකයාට මහා අනුග‍්‍රහයක්. මජ්ක්‍ධිම නිකායේ ‘පිණ්ඩපාත පාරිසුද්ධි සූත‍්‍රය’ කියලා දේශනාවක සඳහන් වෙනවා ‘මහණෙනි, අනිත් අය කෙරෙහි හිතානුකම්පී නම්, තමන්ට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප‍්‍රත්‍යය කියන මේ සිවුපසය දෙන අයට අනුග‍්‍රහ කරන්න ඕන කියලා හිතනවා නම් තමන් සීලවන්ත වෙන්න. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න. සතර සතිපට්ඨානයෙන් යුක්ත වෙන්න. දානය පාරිශුද්ධ භාවයට පත්වෙන්නේ එ්කෙන්’ කියලා.
    තෙරුවන් ගුණ අදටත් එ් විදිහට ම පිහිට වෙනවා…
    බුදුරජාණන් වහන්සේ් පනවා වදාළ දේ කොච්චර පුදුම සහගත දෙයක් ද කියන්න මම හොඳ සිදුවීමක් කියන්නම්. මේ මෑත භාගයේ දී අපේ ශිෂ්‍යනමකට සිද්ධ වුණු දෙයක්. අපේ ශිෂ්‍යනමක් දවසක් තමන්ගේ ගෙදරට වැඩලා දවල් දානය වළඳලා හවස පිටත්වෙන්න ලෑස්ති වෙද්දී අම්මා සිහිනැතුව වැටිලා. වැටුණට පස්සේ හොයලා බලන කොට අම්මාගේ ඇෙඟ් ඉන්නේ මැරුණු තාත්තා. ඉතින් තාත්තා ආවේශයෙන් කතාකරලා කියලා තියෙනවා ‘‘අනේ මට පින් නෑ..” කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා ‘‘තාත්තා මනුස්ස ලෝකයේ ඉද්දී පින් කර ගත්තේ නැද්ද?” කියලා. ”අනේ.. මම පින් කර ගත්තේ නෑ. මට හරියට දානයක්් දී ගන්නවත් හම්බවුණේ නෑ” කිව්වලූ. ඊට පස්සේ මොකුත් කර ගන්න විදිහකුත් නෑ. දැන් හවස් වෙලානේ. ඉතින් එ් ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා ‘‘හොඳයි, තාත්තට පින් ගන්න පුළුවන් ද?” කියලා. ”අනේ මට පින් ගන්න බෑ. මම මේ පෙරේත ආත්මයේනේ ඉන්නේ..” කිව්වලූ. ඊට පස්සේ අහලා තියෙනවා ”පෙරේත ආත්මය කොහොම ද?” කියලා. ”මට සෙම් සොටුවත් නෑ” කිව්වලූ. ඊට පස්සේ මේ පුතාට හරි අනුකම්පාවක් හිතිලා තාත්තට කියලා තියෙනවා, ‘‘තාත්තා ඉන්න, එහෙම නම් මම උපකාර කරන්නම්..” කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පැන් භාජනයක් අරගෙන අර දිෂ්ටියට දීලා ”දැන් බුදුගුණ කියන්න” කියලා බුදුගුණ කියවලා ”දැන් ගිහිල්ලා ඕක භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න” කියලා ගෙදර වන්දනා කරන පිළිමය ගාවට ගිහිල්ලා පූජා කරවලා තියෙනවා.
    ඊට පස්සේ තව වතුර එකක් දීලා ‘‘භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තයි..” කියලා සුපටිපන්න.. උජුපටිපන්න ආදි ගුණ ටික කියවලා තියෙනවා. ඊට පස්සේ මේ පොඩිනම කල්පනා කරලා තියෙනවා ‘‘දැන් මේක පිළිගන්න සංඝයා හැටියට මම විතරයි ඉන්නේ. එහෙම නම් මට දෙන්න” කියලා පිළිඅරගෙන වළඳලා තියෙනවා. ඊට පස්සේ අම්මා ආයෙමත් සිහිය නැතුව වැටිලා. ආයේ නැගිටලා. එතකොට අහලා තියෙනවා, ‘‘දැන් තාත්තට කොහොම ද?” කියලා. තාම දිෂ්ටිය ඇෙඟන් ගිහිල්ලා නෑ. ‘‘දැන් මගේ පිපාසය නෑ..” කිව්වලූ. බලන්න එවේලෙ ම විපාක ලැබෙන හැටි. ‘‘හැබැයි, බඩගින්න නම් තියෙනවා” කිව්වලූ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ‘‘දැන් පිපාසය ගෙවුණා. බඩගින්න තියෙනවා. දැන් මොකක්ද කරන්නේ?” කියලා කල්පනා කරලා. මොකද, මේ සිදධිය වුණේ විකාලයේ දී. කැප කාලයක් නෙවෙයි. ඊට පස්සේ දැන් මොකද කරන්නේ කියලා බලද්දී ගෙදර හකුරු වගයක් තිබිලා තියෙනවා. ඉතින් හකුරු කෑල්ලක් මේ පේ‍්‍රත ආත්මයට දීලා අර වගේ ම බුදුගුණ කියලා පූජා කරලා. ඉතුරු හකුරු කෑල්ල සංඝයාට පූජා කරලා. ආයෙමත් අම්මා සිහිනැතුව වැටිලා. ඊට පස්සේ සිහිය ඇවිල්ලා කියලා තියෙනවා, ‘‘අනේ, තුනුරුවන්ට පූජා කළ දේ මහත්ඵලයි මහානිශංසයි… දැන් මගේ පිපාසයත් නෑ… බඩගින්නත් නෑ… මට දැන් ආහාරපාන තියෙනවා. එ්ත් මට වස්ත‍්‍ර නෑ” කියලා. එදා ස්වාමීන් වහන්සේ ගෙදරට වඩිනවා කියලා ආරංචි වෙලා ළඟ පාත අක්කා කෙනෙක් සිවුරක් මහගෙන ඇවිල්ලා තියෙනවා. එ් සිවුරත් සංඝයා උදෙසා කියලා පූජාකරලා. පූජාකරලා ඉවර වුණාට පස්සේ අම්මා ආයෙමත් සිහිය නැතුව වැටිලා. ඊට පස්සේ අම්මා නැගිටලා තියෙනවා. දැන් තාත්තා නෑ, ඇෙඟන් ගිහිල්ලා. එතකොට මේ සිද්ධිය සිදුවුණේ විනාඩි කිහිපයක් ඇතුළත. ඉතින් එ් ස්වාමීන් වහන්සේ මට ඇවිල්ලා කිව්වා ‘‘අනේ ස්වාමීනී, මම පුදුම විදිහට පැහැදුණා. ගෙදර සියලූ දෙනාමත් භාග්‍යවතුන් වහන්සේ ගැන, ශ‍්‍රාවක සංඝයා ගැන පුදුම විදිහට පැහැදුණා” කියලා.
    තුන් සිත පහදාගෙන දුන් දානය – උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය…
    ඊ ළඟට මට තවත් හොඳ අත්දැකීමක් තියෙනවා. මේ හොංකොංවල සිද්ධියක්. හොංකොංවල අන්‍යාගමික මහත්තයෙක් අපේ ධර්මය අහලා බුද්ධාගමට ඇවිල්ලා තියෙනවා. එයා දවසක් මට කතාකළා. එයා බෞද්ධ ප‍්‍රතිපත්තිය පටන්ගත්ත දවසේ ඉඳලා ඤාතීන් හීනෙන් ඇවිල්ලා කරදර කරනවා කිව්වා. ඊට පස්සේ මගෙන් ඇවිල්ලා ඇහුවා ‘‘දැන් මම මොකද කරන්නේ?” කියලා. දැන් මේ හොංකොංවල තියෙන ප‍්‍රශ්නයක්නේ. මම මෙහේ ඉඳලා මොනවා කරන්න ද? ඊට පස්සේ මම එ් මහත්තයාගෙන් ඇහුවා ‘‘මහත්තයගේ ගෙදර බුදුපිළිමයක් තියෙනව ද?” කියලා. ‘‘තියෙනවා” කිව්වා. ”එහෙම නම් ගෙදර මේසෙට හොඳට සුදු රෙද්දක් එළලා හොඳට මඟුල් මේසේ වගේ ප‍්‍රණීත විදිහට දානමාන හරිගස්සලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව කැපසරුප් විදිහට පූජාකරලා ඊට පස්සේ පිරිත් කියලා පින් දෙන්න” කිව්වා. ඊට පස්සේ එයා ආයෙමත් සතියකින් මට කෝල් කරලා කිව්වා, ‘‘අනේ ස්වාමීනී, හරී ආශ්චර්යයි. එදා ඉඳලා මට හීන පේන්නේ නෑ” කියලා. එ් කියන්නේ එතකොට තවමත් එ් බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණාර්හ ගුණය ජීවමානයි. තවමත් සංඝයාගේ දක්ෂිණාර්හ ගුණය ජීවමානයි. හැබැයි දන්දෙන කෙනාට ‘අපි මේ දානය දෙන්නේ ආර්ය සංඝයාගේ නාමයෙන්..’ කියලා එ්කට වුවමනා ගෞරවයක් තියෙන්න ඕන.
    බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩසිටි සංඝයාගේ ගුණයනේ අදටත් බලපවත්වන්නේ. එ් නිසා උන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා අදට පවා යම් සුළු දෙයක් පූජා කළත් එ් පූජාවේ මහත්ඵල මහානිශංස තියෙනවා. එ් නිසා තමයි අපි කියන්නේ දන්දීමේ දී සිත පහදවාගෙන දන් දෙන්න කියලා. තුන් සිත පහදවාගෙන දන්දෙන්න කියනවානේ නේ ද? තුන් සිත කියලා කියන්නේ අපට දන් දෙන්න කලින් කරුණු සහිත පැහැදීමක් තියෙන්න ඕන ‘මම මේ දානය දෙන්නේ ආර්ය සංඝයාටයි’ කියලා. එ් වගේ ම දන් දෙන වෙලාවේදීත් පැහැදීමක් තියෙන්න ඕන ‘මම මේ දානය දෙන්නේ ආර්ය සංඝයා උදෙසා’ කියලා. එ් වගේ ම දන් දීලා ඉවරවුණාට පස්සෙත් ‘මම ආර්ය සංඝයා උදෙසා දානය පූජා කළා..’ කියලා සතුටට පත්වෙන්න ඕන. යම් කෙනෙකුට මෙන්න මේ කරුණු සහිතව දානයක් දෙන්න පුළුවන් නම් එයා තුන් සිත පහදවාගෙන දානය දුන්න කෙනෙක්. ‘තුන් සිත පහදාගෙන දුන් දානය – උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය..’ කියලා ලෝවැඩ සඟරාවේ කවියකත් තියෙනවා.
     
    • Like
    Reactions: bruges

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    “මහණෙනි, සත්පුරුෂයා විසින් දන් දෙන ක්‍රම පහක් ඇත. ඒ පස කවරේද? ආනිශංස ඵලය අදහාගෙන ශ්‍රද්ධාවෙන් දානය දෙයි, ගෞරව සම්ප්‍රයුක්තව දානය දෙයි, සුදුසු කල්හි දානය දෙයි, නොමසුරුව දානය පිරිනමයි, තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් දානය දෙයි. මහණෙනි, මෙය සත්පුරුෂ දාන පසයි”
    (අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ
    සප්පුරිස දාන සූත්‍රය)
    බුදු, පසේබුදු, මහ රහත් යන බෝධි පතන උත්තමයෝ, සත්පුරුෂෝත්තමයෝ දන් දෙන ආකාර පහකි.
    ❶.සද්ධාය දානං – කර්මඵල අදහන නුවණින් හා ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම.
    ❷.සක්කච්චං දානං – සකස් කොට ගෞරව සම්ප්‍රයුක්තව සියතින් දන් දීම.
    ❸. කාලේන දානං – සුදුසු කල්හි දානය දීම.
    ❹. අනග්ගහිතචිත්තෝ දානං – දාන වස්තුව කෙරෙහි බිඳක්වත් ආශාවක් නොමැතිව දන් දීම.
    ❺. අත්තානං ච පරං ච අනුපහච්ච දානං – තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් ලද ධනයෙන් දන් දීම.
    「1」සද්ධාය දානං
    බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවන් පිළිබඳව හද පතුලින් පිළිගෙන, හද පතුලින් විශ්වාස කොට, පරිත්‍යාගයේ ආනිශංස හද පතුලින් පිළිගෙන, ශීලය ඇති කෙනෙකුට හෝ නැති කෙනෙකුට ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම.
    ♦

    සද්ධා දානයේ ආනිශංස
    ◄ ධනයෙන් ආඪ්‍ය වේ.
    ◄ මහත් භෝග සම්පත් ලබයි.
    ◄ විශිෂ්ඨ රූප සම්පත් ලබයි.
    ◄ පැහැදීම් එලවන රූප සම්පත් ලබයි.
    ◄මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය උසස්ම වර්ණ
    සම්පත්තිය ලබයි.
    「2」සක්කච්චං දානං
    සකස් කොට දන් දීම. ප්‍රතිග්‍රාහකයන් වහන්සේට දීමට සුදුසු අයුරින් සැප කටයුතු දේ දන් දීම. අනුන් අතින් නොව තමන් අතින්ම ගෞරවයෙන් වැඳ නමස්කාරයෙන් පූජා කරයි.
    ♦

    සක්කච්ච දානයේ ආනිශංස
    ◄ධනයෙන්, ධාන්‍යයෙන් භෝග සම්පතින්
    ආඪ්‍යවේ.
    ◄ මහත් භෝග සම්පත් ලබයි.
    ◄තමන්ගේ අඹු දරුවන්, සේවකයන්, පිරිවර සුවච කීකරු අය වීම.
    「3」කාලේන දානං
    සුදුසු කල්හි දන් දීමේ ක්‍රම පහකි.
    ☛.ආගන්තුක දානය – ආගන්තුක වශයෙන් එන සංඝයාට දන් දීම.
    ☛.ගමික දානය – ගමනක් යන සංඝයාට දන් දීම.
    ☛.ගිලාන දානය – ගිලන් වු භික්ෂුවකට දන් දීම.
    ☛.දුර්භික්ෂ දානය – දුර්භික්ෂ අවස්ථාවක, දානය වරදින්න යන අවස්ථාවක දන්දීම.
    ☛.නවසස්‍යය දානය – තමන් උපයන සපයන දෙයකින් අග්‍රස්ථ දානය දීම.
    ♦

    කාලේන දානයේ ආනිශංස
    ◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.
    ◄ මහත් වු භෝග සම්පත් ලබයි.
    ◄ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන
    භාග්‍යවන්තයෙක් වීම.
    「4」අනග්ගහිතචිත්තෝ දානං
    දාන වස්තුව පිළිබඳවත් දානයෙන් පසු දිව්‍ය මනුෂ්‍ය ආදි සැප සම්පත් පිළිබඳවත් කිසිම ආශාවක් නොතබා දන් දීම.
    ♦

    අනග්ගහිතචිත්තෝ දානයේ ආනිශංස
    ◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.
    ◄ මහත් භෝග සම්පත් ලබයි.
    ◄ තමන්ට ලැබෙන සම්පත් මසුරුකමින් තොරව පරිහරණයටත් පරිත්‍යාගයටත් සමර්ථ වේ.
    「5」අත්තානං ච පරං ච අනුපහච්ච දානං
    තමන් නොතැළි, අනුන් නොතළා දැහැමින් රැස්කරගත් ධනයෙන් දන් දීම. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාච, පරුෂාවාච, සම්පප්ප්‍රලාප යන අකුසල කර්ම පථ හතෙන් උපයා නොගත්ද, අධාර්මික වෙළඳාම් පහෙන් නොඉපයුවාවූද, තමන්ගේ නැණ නුවණින් උත්සාහයෙන් උපයාගත් යහපත් වු ධනය දන් දීම
    ♦

    අත්තානං ච පරං ච අනුපහච්ච දානයේ ආනිශංස
    ◄ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.
    ◄මහත් භෝග සම්පත් ලබයි.
    ◄තමන්ට ලැබෙන සම්පත් රජුන්ගෙන්
    සොරුන්ගෙන්, ගින්නෙන්, වැස්සෙන්, සුළඟින්,අප්‍රිය පුද්ගලයන්ගෙන් ආරක්ෂා වේ.
    -------------------------------------------------------------
    එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂ දාන අටක් ගැනද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සප්පුරිසදාන සූත්‍රයේදී දේශනා කරතිබේ.ඒ මෙසේය
    අට්ඨිමානි භික්ඛවේ, සප්පුරිසදානානි, කතමානි අට්ඨ:
    සුචිං දේති, පණීතං දේතී, කාලේන දේති, කප්පියං දේති, විචෙය්‍ය දේති, අභිණ්හං දේති, දදං චිත්තං පසාදේති. දත්වා අත්තමනෝ හෝති, ඉමානි ඛෝ භික්ඛවේ, අට්ඨ සප්පුරිසදානානීති.
    මහණෙනි, මේ සත්පුරුෂ දාන අටකි. ඒ කවර අටක් ද යත්;
    ❶.පිරිසිදු ලෙස දන් දෙයි.
    ❷.ප්‍රණීත ලෙස දන් දෙයි.
    ❸.කැප කාලයෙහි දන් දෙයි.
    ❹.කැප දෙයක් දන් දෙයි.
    ❺.නුවණින් විමසා දන් දෙයි.
    ❻.නිතර නිතර දන් දෙයි.
    ❼.දන් දෙන විට සිත පහදවා ගනියි.
    ❽.දන් දී සතුටට පත්වෙයි.
    මහණෙනි, මේ වනාහී සත්පුරුෂ දාන අට යි.
    -------------------------------------------------------
    තවද, සත්පුරුෂ දාන පහක් ගැන බුදුරජානන් වහන්සේ අංගුත්තර නිකායේ
    පඤ්චක නිපාතයේ
    අසප්පුරිස දාන සුත්‍රයේදී දේශනා කර තිබේ.එනම්,
    ❶.සකස් කොට දන් දෙයි.
    ❷.ගෞරවයෙන් දන් දෙයි.
    ❸.සියතින් දන් දෙයි.
    ❹.බැහැර නොකරන දෙයක් මෙන් දන් දෙයි.
    ❺.දානයේ විපාක තමාට ලැබෙන්නේ යැයි විශ්වාස කොට දන් දෙයි.
    එම සූත්‍රයේ ම අසත්පුරුෂ දාන පහක් ගැනද දක්වා තිබේ.
    “පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.”
    ❶.ප්‍ර‍තිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය .
    ❷.දාන වස්තුව කෙරෙහි හා ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය.
    ❸.සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය .
    ❹.නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය.
    ❺.මතුපුණ්‍යඵලයලැබීමේබලාපොරොත්තුව නැතිව දෙන දානය.
    අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේ ම අයහපත් වූ භව භෝග සම්පත් ලැබෙන්නේ ය.
    දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍ර‍තිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍ර‍තිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍ර‍තිග්‍රාහකයන්ගේ වැඩ පාළු වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍ර‍තිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැති ව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන ව කිය යුතු ය.
    දන්දෙන කල්හි ඒ දෙන දානය අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍ර‍තිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍ර‍තිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභ හානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍ර‍තිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍ර‍තිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.ඒ නිසා අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය.
    ------------------------------------------------------------
    මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
    Manasgatha....
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ලොකු පිනක් දෙන්න බැහැ දැන් ඉන්න දුෂිල බික්ෂුන්ට. අනික පිං එකතු කරන්නේ ඇයි හැමවෙලේම, නිවන් දකිමුකෝ.
    දානයක් සත්පුරුෂ දානයක් වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.
    1. මනා ලෙස සකස් කොට දානය පූජා කිරීම
    2. ගෞරව සම්ප්‍රයුක්තව දානය පූජා කිරීම
    3. තමන්ගේ අතින් ම දානය පූජා කිරීම
    4. අහක නො දමන දෙයක් දන් දීම
    5. කර්ම-කර්ම ඵල විශ්වාසයෙන් යුතුව දන්දීම
    මේ කාරණා සම්පූර්ණ වුණේ නැත්නම්, දානය සත්පුරුෂ දානයක් වෙන්නෙ නැහැ.
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා දානයක් පූජා කිරීමේ දී සිත පැවැත්විය යුතු ආකාරය පිළිබඳව.
    දානය පූජා කිරීමට පෙර සිට ම සිත පහදවා ගත යුතුයි. පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘සාරිපුත්ත, මොග්ගල්ලාන ආදි නිකෙලෙස් මහරහත් මුනිඳුන් අනුගමනය කරමින් ශාසන ප්‍රතිපදාවේ යෙදෙන මහා සංඝරත්නය උදෙසා දන් පිදීමට ලැබීම භාග්‍යයක් ම යි, උන් වහන්සේලා එකාන්තයෙන් ම දුර සිට නමුත් දන් පැන් ගෙන ගොස් පිදීමට සුදුසු වන සේක” ආදි වශයෙන් අපට ගුණ සිහි කළ හැකියි.
    දානය පූජා කරන අවස්ථාවේදීත් පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘මේ උතුමන් වහන්සේලාට බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහ පිණිස මේ දානය උපකාර වේවා..! සුවපත් වේවා..! කායික පීඩා දුරු වේවා..! සුවසේ ධර්ම මාර්ගය දියුණු කරත්වා..!” ආදි වශයෙන් සිහිකළ හැකියි.
    දානය පූජා කිරීමෙන් අනතුරුව, එ් ගැන යළි යළිත් සිත සිතා සතුටු විය යුතුයි.
    ‘‘ධාර්මිකව මා උපයාගත් දෙයින් ආර්ය මහා සඟරුවන උදෙසා දානයක් පිළිගැන්වීමට ලැබීම මට මහත් භාග්‍යයක් ම යි.. දානය වැළඳූ උන් වහන්සේලා සුවසේ ගුණ දහම් දියුණු කරනවා ඇති.. උන් වහන්සේලා දානය වළඳන්නේ ජවය පිණිස නො වෙයි, ඇඟපත සැරසීමට නො වෙයි, බඹසර ජීවිතයට අනුග‍්‍රහ පිණිස පමණයි.. උන් වහන්සේලා සුවපත් වෙත්වා..!” ආදි වශයෙන් සිහිකිරීමට අප දක්ෂ විය යුතුයි.
    සාමාන්‍යයෙන් දානයක දී කෙනෙකුට හිතෙන්නට පුළුවන්, ‘‘අසවල් ස්වාමීන් වහන්සේ මගෙන් ගත්තෙ නෑ.. අසවල් ස්වාමීන් වහන්සේ වැඩිපුර වළඳනවා.. මේ මැල්ලූම කවුරුවත් පිළිගත්තේ නෑ. අපරාදේ මහන්සියෙන් හැදුවේ..” ආදි වශයෙනුත්. මෙවන් සිතිවිලි බැහැර කොට නිරන්තරයෙන් ම ආර්ය මහා සංඝරත්නයේ ගුණ කල්පනා කිරීමට අප දක්‍ෂ විය යුතුයි. එවිටයි නිරන්තරයෙන් ම පින්රැස් වන්නේ.
    දානයක් දීමේ දී හැකිතාක් පිරිස සම්බන්ධ කරගෙන එ් අයටත් පින් රැස් කර ගැනීමට අවස්ථාව සලසා දීම උතුම් ගුණයක්. එමෙන් ම දානයෙන් රැස්වන පින් අනන්ත සංසාරයේ අප නමින් මියගිය අපගේ නෑදෑ හිත මිතුරන්ට අනුමෝදන් කිරීමත් අවශ්‍යයෙන් ම කළ යුත්තක්. පින් අනුමෝදන් වීමෙන් එ් අයත් සුවපත් වේවි.
    දානය සම්බන්ධයෙන් අපගේ ශාස්තෘන් වහන්සේගේ දේශනාව පරිපූර්ණයි. එ් උතුම් කාරණා ඉගෙන ගත් ඔබත් ඊ ළඟ දාන වාරයේ දී, අහක නො දමන, ධාර්මිකව උපයාගත් දේ, සිල්වත් ව, සුපහන් සිතින්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතුව, මනා කොට සකස් කොට, ගෞරව සම්ප‍්‍රයුක්තව, ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිකරමින් තමන්ගේ අතින් ම පූජා කරන්න. එවිට ඔබට මහත්ඵල මහානිශංස සහිත වූ අපමණ පින් රැස් වේවි.
     
    • Like
    Reactions: bruges

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,803
    113
    In Your Heart
    Adow EK eke innawa kotasak honda intelligent.oya wage un lankawema unna nam americawath apita yatath..

    karumeta 95% wage lankawe inne kammeli,kapati ,mithya dushtika kalakanni..
     
    ඕකට ඉතිං ලොකුවටම බලපාන්නේ තමාගේ හිතනේ. දානය දෙන වෙලේ විනාඩි පහක් මයිත්‍රියෙන් ඉන්න එක බලවත් නැත්ද? නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න එක බලවත් නැත්ද? මම තේරුම් ගත්ත විදිහට නම් කර්මය කියන්නේ විශාල වශයෙන් හිතේ ඇති වන දේවල් වලට.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    7tj33a.jpg

    ඕකට ඉතිං ලොකුවටම බලපාන්නේ තමාගේ හිතනේ. දානය දෙන වෙලේ විනාඩි පහක් මයිත්‍රියෙන් ඉන්න එක බලවත් නැත්ද? නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න එක බලවත් නැත්ද? මම තේරුම් ගත්ත විදිහට නම් කර්මය කියන්නේ විශාල වශයෙන් හිතේ ඇති වන දේවල් වලට.

    අද කාලේ දානය කියන්නෙ ඝනයොන්ට නිකන් ඉදල ආතල් එකේ කකා බිබී ඉන්න හදපු මෙතඩ් එකක්.. එක්කො ඉස්සර හරියට බුදුදහම පිලිපැදපු හාමුදුරුවන්ට දුන්න ආහර දැන් ඉන්න ඝනයො වාසියට අරගෙන උන්ගෙ සැපේට හරවගෙන..

    නිවනට ෆෝකස් කරන් ඉන්න හරි හාමුදුරු නම්ක් නම් කන දේ මොනව උනත් කිසිම රසකට ඇලිල නැති, ඒ දේවල් ශරීරය පවත්වාගෙන යන්න බඩට දාගන්න දෙයක් පමනක් බවත් හොදට අවබෝද කරන් ඉන්නේ.. ඒකට දැන් ඉන්න උන්.. directly ඝනයො නෙමෙයි උනත් වෙන උන් ලව්ව හරි මෙනු එක එවනවා දනෙට...

    මේ වගේ ගොන් මී හරක් නිසා buddhism වල තියෙන real philosophical value එක මිනිස්සුන්ගෙන් ඈත්ම වෙලා ගිහින් කියන දේ විතරක් පිලිපදින වහල්ලු ටිකක් තමා බිහිවෙන්නේ...

    ------ Post added on Jul 24, 2023 at 8:25 AM
     
    Spot on
     
    • Like
    Reactions: හෙනයා

    ------ Post added on Jul 24, 2023 at 9:43 AM
     
    • Like
    Reactions: bruges

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    ඔයා කියන දෙයක් තමයි ඉතිං, :p

    බැංකුව කියනකොටත් සාආආආආදු 🙏

    පොළිය කියනකොටත් සාආආආදු 🙏

    බැංකුවක් නෙමෙයි කියනකොටත් සාආආදු 🙏

    පොළිය නෙමෙයි ආනිසංස කියනකොටත් සාආආදු 🙏

    අර @Edward Kenway කියන්නැහෙ රිලව් වත් මෙහෙම අන්දන්න බෑ :ROFLMAO:
    නිකන්ද ඉතින් කියන්නේ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,488
    1
    62,261
    113
    Mother Earth
    හාමුදුරුවන්ට "ඕපන් හයිමර" බලන්න ටිකට් අරන් දුන්නොත් ලබන ආත්මෙ ක්‍රිස්ටෝපර් නෝලන් වගේ director කෙනෙක් වෙනවා. 🤠
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    බලන් ගියාම... තම්බිත් ඒකයි. මේ හාමුදුරු වරුත් එකයි.

    දෙගොල්ලොන්ගේම අති ශෝක්තිය
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    හාමුදුරුවන්ට "ඕපන් හයිමර" බලන්න ටිකට් අරන් දුන්නොත් ලබන ආත්මෙ ක්‍රිස්ටෝපර් නෝලන් වගේ director කෙනෙක් වෙනවා. 🤠

    නිකන්ද ඉතින් කියන්නේ :lol:

    ------ Post added on Jul 25, 2023 at 1:37 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,488
    1
    62,261
    113
    Mother Earth
    asliyanage ට පින් සිදු වේවා. සියළු බලාපොරොත්තු ඉටු වේවා. නිවන් අවබෝධ වේවා. :love2:
     
    • Wow
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උන්වහන්සේ මේ ප්‍රාත්‍රය රැගෙන වැඩියේ ඔබෙන් දෙයක් ගන්න නෙමෙයි....
    කව්රුත්ම නොදෙන උතුම් දෙයක් ඔබට දීලා යන්නයි.....
    🙏

    මේ ප්‍රාත්‍රයට දන් පිඩක් පූජා කිරිම තරම්
    ආනිසංස ගෙනෙන පිනක් කවදාවත් මග හැර ගන්න එපා.....
    🙏

    asliyanage ට පින් සිදු වේවා. සියළු බලාපොරොත්තු ඉටු වේවා. නිවන් අවබෝධ වේවා. :love2:
    ------ Post added on Jul 25, 2023 at 7:21 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇත්ත කියපන් දැන් තොපිට ඕනි නිවන් දැකල සසර දුක ඉවර කරන්නද? නැද්ද?