බුද්ද සාසනයේ දන් දීම සීයට කෝටි ගානක පොලියක් තියෙන බෑන්කුවක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    jhysyaX.jpg
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    • Like
    • Haha
    Reactions: S_M_S and Candid-B

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මට @dilann වගෙ තව එකෙනෙ හම්බ උන මගේ Thread එක up කරල දෙන්න
    ------ Post added on Jul 25, 2023 at 10:40 AM
    මේක නං අප් වෙන තරමට හොඳයි තමා බැංකු පොළියත් අඩු වීගෙන යන කාලෙ :ROFLMAO:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔව් බෞද්ධ ආගමේ නෙවෙයි තමයි.
    ඒත් මම බුද්දාගම ගැන පොත් ගොඩක් කියවල තියේ. බහුතරයක් බෞද්දයන්ට වැඩිය.
    ඒවගෙ තියෙන දේවල් එක්ක බැලුවම දැන් මේ හාමුදුරු චරිතෙ කරන අය කියන දේව්ල් බැලුවම අහසට පොලොව වගේ.
    මජ්ජිම නිකාය වගේ එකක් කියවපු කෙනෙක්ට දැන් බන අහනව කියන්නෙ කරකවල අතෑරියා වගේ. බුදු හිමියන් වගේ කෙනෙකුට මේ කරන අපහාස වලට මමනම් කැමැත්තක් නැහැ.

    දානය කියන්නෙ තණ්හාව ක්ෂය කිරීමේ පලවෙනි පඩිය. අතීත සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඔය දාන සීල භාවනා කියන අංග තුන පිළිවෙලට ජන ජීවිතයට බද්ධ කරලා තියනවා. සමහරු ඒ බද්ධකිරීමේ තේරුම අතහැරලා කරන ස්වාභාවයක් තමා අද දක්නට තියෙන්නෙ. එකේ හොඳ තමා නොදැනුවත්ව හරි තෘෂ්ණාව නසන්න යොමුවෙන එක. නරක තමා ඇයි මේක කරන්නේ කියන අර්ථය ඉදිරි පරම්පරා වලට කියාදීගන්න දායාද කරන්න නොහැකි වීම.

    බුදුහාමුදුරුවො මුලින්ම දේශනා කරපු ධම්මචක්ක සූත්‍රයෙ තණ්හාව ක්ෂය කරන ක්‍රම හැටියට තියෙන්නෙ දාන සීල භාවනා කිව්වොත් පිළිගන්නවාද? ඒක එතන තියෙන්නේ කොටස් හතරකට බෙදල. ඒකයි බැලූ බැල්මට පෙනෙන්නෙ නැත්තේ.

    "And this, monks, is the noble truth of the cessation of stress: the remainderless fading & cessation, renunciation(චාගෝ), relinquishment (පටිනිස්සග්ගෝ), release (මුත්තී), & letting go (අනාලයෝ) of that very craving.
    - ධම්මචක්කපවත්තන සූත්‍රය.

    Renunciation එහෙමත් නැතිනම් චාගෝ කියන්නෙ දානය. Relinquishment එහෙමත් නැතිනම් පටිනිස්සග්ගෝ කියන්නෙ වැලකී සිටීම/නොකර සිටීම. ඒ කියන්නෙ සීලය. Release එහෙමත් නැතිනම් මුත්තී කියන්නෙ සමථ සමාධිය. Letting go එහෙමත් නැතිනම් අනාලයේ කියන්නෙ නොඇලී සිටීම. ඒ කියන්නෙ විපස්සනා සමාධිය. ඒ අවසාන දෙක එකතු කරලා තමා භාවනා කියන්නෙ. ඉතින් ඔය තුන (හතර) පිළිවෙලින් යන්න අවශ්‍යයි නිවන සාක්ෂාත් කරන්න.

    අන්න ඒ නිසයි බෞද්ධ භික්ෂුව දානය වර්ණනා කරන්නෙ. ඒ නිසා අපි කරන්න ඕනේ දානයට ගැරහීම නෙමෙයි. බෞද්ධයන් විදිහට දානය කුමක් සඳහාද කියන එක තේරුම් අරන් දානය සිදු කිරීමයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    අන්න ඒ නිසයි බෞද්ධ භික්ෂුව දානය වර්ණනා කරන්නෙ. ඒ නිසා අපි කරන්න ඕනේ දානයට ගැරහීම නෙමෙයි. බෞද්ධයන් විදිහට දානය කුමක් සඳහාද කියන එක තේරුම් අරන් දානය සිදු කිරීමයි.

    දානයට ගරහන්නෙ ඉතිං ඔය සතෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි ගිහියෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි මහණෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි කියන බැංකු මැනේජර්ල තමා :yes: