බුද්ද සාසනයේ දන් දීම සීයට කෝටි ගානක පොලියක් තියෙන බෑන්කුවක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙක බුද්ද දෙශනාඅව, දර්මය දන්නේ නෑති උනට අපිට කරනන් දෙයක් නෑහ. දනයේ අනිසංස දෑනගෙන තම දන් දෙන්න ඔනි
    දානයට ගරහන්නෙ ඉතිං ඔය සතෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි ගිහියෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි මහණෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි කියන බැංකු මැනේජර්ල තමා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මෙක බුද්ද දෙශනාඅව, දර්මය දන්නේ නෑති උනට අපිට කරනන් දෙයක් නෑහ. දනයේ අනිසංස දෑනගෙන තම දන් දෙන්න ඔනි
    නැතුව නැතුව, පොළිය දැනගෙන තමයි සල්ලි දාන්න ඕන :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    දානයට ගරහන්නෙ ඉතිං ඔය සතෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි ගිහියෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි මහණෙකුට දුන්නොත් මෙච්චර කාලෙකට පොළිය මෙච්චරයි කියන බැංකු මැනේජර්ල තමා :yes:

    සිල්වතුන්ට දීම තිරිසනෙකුට දෙන දානයට වඩා උසස් කියල බුදුදහම පිලිගන්නවා.

    හරියට සාමාන්‍ය ජනතාවට බදු ගහලා (අනිවාර්‍යයෙන් දන් දෙන්න කියලා නීති දාලා) ඒ බදු මුදල් වලින් උගතුන් යැයි සම්මත අය කරන රීසර්ච්, ප්‍රොජෙක්ට්ස් නඩත්තු කිරීම වඩාත් උසස්ය, ඒවා සමාජ ප්‍රගමනයට, සමාන්‍ය ජනතාවගේම ඉදිරි අනාගතය සුභසිද්ධියට (ඉහල පොලී) හේතුවෙනවාය කියලා පිලිගන්නවා වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    සිල්වතුන්ට දීම තිරිසනෙකුට දෙන දානයට වඩා උසස් කියල බුදුදහම පිලිගන්නවා.

    හරියට සාමාන්‍ය ජනතාවට බදු ගහලා (අනිවාර්‍යයෙන් දන් දෙන්න කියලා නීති දාලා) ඒ බදු මුදල් වලින් උගතුන් යැයි සම්මත අය කරන රීසර්ච්, ප්‍රොජෙක්ට්ස් නඩත්තු කිරීම වඩාත් උසස්ය, ඒවා සමාජ ප්‍රගමනයට, සමාන්‍යජනතාවගේම සුභසිද්ධියට හේතුවෙනවාය කියලා පිලිගන්නවා වගේ.

    තෘෂ්ණාව ප්‍රහීන කරන්න දානෙ දෙන්න කියන ගමන් ලබන ආත්මෙ වැඩි පොළියක් ගන්න අපේ බැංකුවටම දානෙ දෙන්න කියන ආගමක් මොකක් පිළි ගත්තම මට මොකෝ
     
    • Love
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තෘෂ්ණාව ප්‍රහීන කරන්න දානෙ දෙන්න කියන ගමන් ලබන ආත්මෙ වැඩි පොළියක් ගන්න අපේ බැංකුවටම දානෙ දෙන්න කියන ආගමක් මොකක් පිළි ගත්තම මට මොකෝ
    තන්හාව ප්‍රහීන කරනන් එක පාරටම බෑහ, උම්බල වගෙ මොඩයන්ට එක promote කරන්නේ දුන්නම ලබෙන ප්‍රමානය ගෑන කියල. එතකොට වඩි වඩියෙන් දෙන්න පටන් ගනන්ව. ටික කාලයක් යනකොට(සමහර විට ආත්ම ගනනාවක්) ඔක කරනකොට තන්හාව ටික ටික නෑති වෙනව. එක පටන් ගන්න ඔහොම තමයි
     
    • Haha
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    තෘෂ්ණාව ප්‍රහීන කරන්න දානෙ දෙන්න කියන ගමන් ලබන ආත්මෙ වැඩි පොළියක් ගන්න අපේ බැංකුවටම දානෙ දෙන්න කියන ආගමක් මොකක් පිළි ගත්තම මට මොකෝ

    හයිනඩේ මට දාපු රිප්ලයි එකේ තිබුණ ගැරහීම එහෙමමද කියන එක ගැන අවශ්‍ය අයෙක්ට හිතන්නයි උඩ කාරණය සඳහන් කලේ හයිනඩේ. ගැරහීම අපිට ඕනේ ඕනෙ අතට කරකවන්න පුළුවන්. ඔව් මට මොකෝ, එයාට මොකෝ තමා. මොකද අන්තිමට ඔතන පෙනෙන්න තියෙන්නෙ අපේ දිට්ඨි හයිනඩේ. අපි හැමෝටම විවිධ දේවල් ගැන විවිධ දිට්ඨි තියනවා.

    Edited
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    උම්බල වගෙ මොඩයන්ට එක promote කරන්නේ දුන්නම ලබෙන ප්‍රමානය ගෑන කියල. එතකොට වඩි වඩියෙන් දෙන්න පටන් ගනන්ව. ටික කාලයක් යනකොට(සමහර විට ආත්ම ගනනාවක්) ඔක කරනකොට තන්හාව ටික ටික නෑති වෙනව.

    අම්නේ මේ මෝඩයාට එච්චර ආදරයක් 💔🥲
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තන්හාව ප්‍රහීන කරන එක Degree එකක ගන්නව වගෙ කියල හිතපන්, එක පාරටම Degree ගන්න බහනේ. එකට montesori ගිහින් , 5 ශිශ්ශත්වේ පස්වෙල. O/L පස්ස් වෙල, A/L කරල. ඊට පස්සෙ තමයි එක Degree ගන්න යනන් වෙන්නේ. ඔකෙ Montessori යන එක තම දන් දුන්නම ලබෙනව කියන එක කියල හිතපන්. එතකොට ලෙසියි වෑඩේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    හයිනඩේ මට දාපු රිප්ලයි එකේ තිබුණ ගැරහීම එහෙමමද කියන එක ගැන අවශ්‍ය අයෙක්ට හිතන්නයි උඩ කාරණය සඳහන් කලේ හයිනඩේ. ගැරහීම අපිට ඕනේ ඕනෙ අතට කරකවන්න පුළුවන්. අන්තිමට ඔතන පෙනෙන්න තියෙන්නෙ අපේ දිට්ඨි හයිනඩේ. අපි හැමෝටම විවිධ දේවල් ගැන විවිධ දිට්ඨි තියනවා.

    මගේ දිට්ඨියට අනුව නං ඉතින් ග්‍රීන්තුණ්ඩෙ කියපු තෘෂ්ණාව ප්‍රහීන කරන දානෙයි ලබන ආත්මෙ පොළිය බලං මේ ආත්මෙ හොඳම බැංකුව හොයල කරන ඉන්වෙස්ට්මන්ට් කියන්නෙයි දෙකක් 🤷‍♂️

    තන්හාව ප්‍රහීන කරන එක Degree එකක ගන්නව වගෙ කියල හිතපන්, එක පාරටම Degree ගන්න බහනේ. එකට montesori ගිහින් , 5 ශිශ්ශත්වේ පස්වෙල. O/L පස්ස් වෙල, A/L කරල. ඊට පස්සෙ තමයි එක Degree ගන්න යනන් වෙන්නේ. ඔකෙ Montessori යන එක තම දන් දුන්නම ලබෙනව කියන එක කියල හිතපන්. එතකොට ලෙසියි වෑඩේ
    තණ්හාව ප්‍රහීණ කරල ඩිග්‍රි ගහපු උං කියන කතාද බං මේ ත්‍රෙඩ් එකේ උඹ කියල තියෙන්නෙ :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මගේ දිට්ඨියට අනුව නං ඉතින් ග්‍රීන්තුණ්ඩෙ කියපු තෘෂ්ණාව ප්‍රහීන කරන දානෙයි ලබන ආත්මෙ පොළිය බලං මේ ආත්මෙ හොඳම බැංකුව හොයල කරන ඉන්වෙස්ට්මන්ට් කියන්නෙයි දෙකක් 🤷‍♂️

    තණ්හාව ප්‍රහීණ කරල ඩිග්‍රි ගහපු උං කියන කතාද බං මේ ත්‍රෙඩ් එකේ උඹ කියල තියෙන්නෙ :rofl:

    ග්‍රීන්තුණ්ඩෙ කියපු බෞද්ධ ක්‍රමයට අනුව දානය සිදුකිරීම තුල ලැබියහැකි ප්‍රතිඵල දෙකක් තමා තෘෂ්ණාව ක්ෂය වීම සහ ඉදිරියට පින් පලදීම. එකේ අපේක්ෂාව ගොරහැඩි රළු තණ්හාව තුනී කිරීම තුලින් සීලයෙන් කරන්නාවූ තණ්හා තුනී කිරීමට පය තැබීම. ලැබෙන අතුරු ඵලයක් තමා ඉදිරියට පින් පලදීම. නමුත් දෙකම එකම ක්‍රියාවෙ ප්‍රතිපල. ආන්න ඒකයි හයිනඩේ ග්‍රීන්තුණ්ඩෙ ත්‍රෙඩ් එකට එනකොටම,

    දානය කියන්නෙ තණ්හාව ක්ෂය කිරීමේ පලවෙනි පඩිය. අතීත සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඔය දාන සීල භාවනා කියන අංග තුන පිළිවෙලට ජන ජීවිතයට බද්ධ කරලා තියනවා. සමහරු ඒ බද්ධකිරීමේ තේරුම අතහැරලා කරන ස්වාභාවයක් තමා අද දක්නට තියෙන්නෙ. එකේ හොඳ තමා නොදැනුවත්ව හරි තෘෂ්ණාව නසන්න යොමුවෙන එක. නරක තමා ඇයි මේක කරන්නේ කියන අර්ථය ඉදිරි පරම්පරා වලට කියාදීගන්න දායාද කරන්න නොහැකි වීම.

    කියලා කිව්වෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ග්‍රීන්තුණ්ඩෙ කියපු බෞද්ධ ක්‍රමය

    ග්‍රීන්තුණ්ඩේ බ්‍රෑන්ඩ් බුද්ධාගම vs අස්ලියනගේ බ්‍රෑන්ඩ් බුද්ධාගම :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ග්‍රීන්තුණ්ඩේ බ්‍රෑන්ඩ් බුද්ධාගම vs අස්ලියනගේ බ්‍රෑන්ඩ් බුද්ධාගම :lol:

    අවශ්‍යනම් එහෙම බෙදලා පෙන්වන්නත් පුලුවන්. අවශ්‍යනම් එකයි කියලා පෙන්වන්නත් පුලුවන්. හැබැයි මේ අවස්ථාවේදී Versus කියන එක හයිනඩේගෙ හිතලුවක් කියලා කියන්න පුලුවන්. මොකද මම මෙතන ලියනගේ කියන සමස්ථ අදහසටම විරුද්ධ නැහැ. මම පිලිගන්නවා සිල්වතුන්ට දීම උසස් කියලා.

    ඒ වගේම අතීතයේ ඉඳන් එනකොට ඔහොම බෙදීම් රාශියක් මේ ශාසනයේ වෙලා තියනවා. ථේරීය මහාසම්ගික, ඊට පසුව දහ අට ආකාරයකට ආදී විදිහට මේ ශාසනය බෙදෙනවා. ඒ ඒ ඒවාගෙත් පුංචි පුචංආ මත වෙනස්කම් අනුව විවිධ ආචාර්ය පරම්පරා ඇතිවෙලා තියනවා. හයිනඩේ මතු කරන ඔය කාරණයෙ ලස්සනම කතාව තියෙන්නෙ නිවන් දකිනකං අපිට තියෙන්නේ ග්‍රීන්තුණ්ඩර් නිවනක්, ඒඇස්ලියනගේ නිවනක් වීම. අපිඅපිට, අපිඅපේ ලෝක තියනවා කියන එක බුදුදහම පිලිගන්නවා. ඒක බුදුදහමට ගැටලුවක් නෙමෙයි. මොකද බුදුදහමෙ මූලික පරමාර්ථය සංකල්ප (ප්‍රපංච) අඩුකිරීමක්/සමනය කිරීමක් විනා නව ප්‍රපංච නිෂ්පාදනයක් නොවීම. එහෙමත් නැතිනම් පරම යථාර්තයක් සොයන ධර්මයක් නෙමෙයි බුදුදහම.

    Edited - explanation

    එතකොට පැන නගින ප්‍රශ්ණය තමා එහෙමනම් කොහොමද අපි පපංච සමනය කරන්නෙ කියන එක...
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    අවශ්‍යනම් එහෙම බෙදලා පෙන්වන්නත් පුලුවන්. අවශ්‍යනම් එකයි කියලා පෙන්වන්නත් පුලුවන්. හැබැයි මේ අවස්ථාවේදී Versus කියන එක හයිනඩේගෙ හිතලුවක් කියලා කියන්න පුලුවන්. මොකද මම මෙතන ලියනගේ කියන සමස්ථ අදහසටම විරුද්ධ නැහැ. මම පිලිගන්නවා සිල්වතුන්ට දීම උසස් කියලා.

    අදාළ නෑ මම ඔය බ්‍රෑන්ඩ් ඔක්කොම reject කරල home-made දර්ශනයක් ෆලෝ කරන්නෙ :)
     
    • Haha
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අදාළ නෑ මම ඔය බ්‍රෑන්ඩ් ඔක්කොම reject කරල home-made දර්ශනයක් ෆලෝ කරන්නෙ :)

    ආන්න ඒක තමා කලින්ම දිට්ඨි ගැන සඳහන් කලේ. අපි කරන්නේ එක දිට්ඨියක් ප්‍රතික්ෂේප (reject) කරලා තවත් දිට්ඨියක් අල්ලා ගන්න එක. අපිට අපේ දිට්ඨි හරිම ඩියර්. අපි අපිව බවට නිර්වචනය කරන දේවල් අපිට හරිම ප්‍රියජනකයි. මෙයම සත්‍යය අන් සියල්ල අසත්‍යය (ඉධ මේව සච්චම් මෝඝ මඤ්ඤන්ති) කියලා ශපථ කරන්න හිතෙන්නේ ඔන්න ඔය දිට්ඨිවල පැලපදියම් වීම උග්‍ර වෙනකොට. ඒකම තමා කලහ විවාද වලටත් හේතුව.

    අවසානයේදී දිට්ඨි වල හරි හෝ වැරදි වීම පැත්තකින් තියලා ඉහත පැහැදිලි කිරීම හයිනඩේටයි ග්‍රීන්තුණ්ඩර්ටයි එකඟ වෙන්න පුලුවන් තැනක් වෙයි කියලා හිතනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ආන්න ඒක තමා කලින්ම දිට්ඨි ගැන සඳහන් කලේ. අපි කරන්නේ එක දිට්ඨියක් ප්‍රතික්ෂේප (reject) කරලා තවත් දිට්ඨියක් අල්ලා ගන්න එක. අපිට අපේ දිට්ඨි හරිම ඩියර්. අපි අපිව බවට නිර්වචනය කරන දේවල් අපිට හරිම ප්‍රියජනකයි.

    ඒක නිකං onmaxdt රිජෙක්ට් කරල සම්පත් බෑන්ක් අල්ල ගන්නෙ සම්පත් බැංකුව අපිට ඩියර් හින්ද වගේ ටෝක් එකක් නේ.

    අවසානයේදී දිට්ඨි වල හරි හෝ වැරදි වීම පැත්තකින් තියලා ඉහත පැහැදිලි කිරීම හයිනඩේටයි ග්‍රීන්තුණ්ඩර්ටයි එකඟ වෙන්න පුලුවන් තැනක් වෙයි කියලා හිතනවා.

    Eh
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒක නිකං onmaxdt රිජෙක්ට් කරල සම්පත් බෑන්ක් අල්ල ගන්නෙ සම්පත් බැංකුව අපිට ඩියර් හින්ද වගේ ටෝක් එකක් නේ.

    මට හයිනඩේ අදහස් කරන එක ඒතරම්ම පැහැදිලි නැහැ. ඒ නිසා එතන කියල තියන එක ආයෙ පැහැදිලි කරන්නම්.

    එතන කියලා තියෙන්නෙ අපි අපි විදිහට මේ දේවල් මෙහෙමයි, මෙහෙම විය යුතුයි, "මෙහෙම කෙනෙක් මම" කියලා අදහස් (දිට්ඨි) ගොඩනගාගෙන ඒ අදහස් වල අපි පැලපදියම් වෙනවා කියන එක. ඒ අපි හදාගන්න අපිව(දිට්ඨි) වෙනස් කරන්නේ තවත් විදිහකට අපිව(දිට්ඨි) හදාගෙන. මේ හදාගත්ත අපිට/අපේ මතවාද වලට තර්ජනයක් එන එක අපිට පීඩාවක්, දුකක්, කරදරයක්. අපි හදාගන්න අපේ පැලපදියම් වීම උග්‍ර වෙන තරමට පීඩාව දුක කරදරය වැඩියි. අපේ දිට්ඨියම තමා හරිම එක, ඔයාලගෙ දිට්ඨිය වැරදියී කියලා ප්‍රතිචාර දැක්වීම තමා කලහ විවාදත් එතනින් එහාට ගැටුම් යුද්ධ දක්වාත් වර්ධනය වෙන්නෙ.

    එතනින් එහාට හයිනඩේගෙ රිප්ලයි එකේ වචන දෙකක් මම බරෝ කලොත්, ඔන්මැක්ස්ඩීටී හරි වෙන්නෙත් සම්පත් බැංකුව හරි වෙන්නෙත් අපේ අත්දැකීම් සහ විශ්වාස අනුව*. ඔන්මැක්ස් ඩීටී කියන්නෙ ස්කෑම් එකක් බැංකු කියන්නෙ ස්කෑම් එකක් නෙමෙයි කියන එකත් එන්නෙ අත්දැකීම් සහ විශ්වාස මත. ඕනෙ නම් ප්‍රයිවට් බැංකු (සම්පත් බැංකුව) කියන්නෙ ස්කෑම් එකක් කියලා කියන්නත් පුලුවන්. මේ ධනවාදී ආකෘතියම වන් බිග් ස්කෑම් එකක් කියලා කියන්නත් පුලුවන්. එහෙම පැහැදිලි කිරීමකට මුලපුරන්න පුලුවන් සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී දිට්ඨියකින් නේද?

    ආන්න ඒ වගේ අපි මේ ලෝකය ලෙහන්න භාවිතා කරන විවිධ දිට්ඨි අනුව තමා අපිට ලෙහෙන ලෝකයේ ස්වභාවය තීරණය වෙන්නෙ. අඩුම තරමේ ඒ කාරණය ගැන වත් හයිනඩේටයි, ග්‍රීන්තුණ්ඩර්ටයි එකඟ වෙන්න පුලුවන් කොමන් ග්‍රවුනඩ් එකක් වේවි කියන එකයි අන්තිමට කීවේ...

    Edited
    * මේ කතාකරන්නේ බාහිර ලෝකයේ තියන දෙයක් ගැන නෙමෙයි. අපි අපේ හිත් වල සකස්වෙන දේවල් ගැන.
     
    onmaxdt ස්කෑම් එකක් කියල තේරුම් ගන්න ඔච්චර හෑල්ලක් ඕන යැ.

    එක එක බ්‍රෑන්ඩ් එකේ ආගමුත් එහෙම තමා :yes: