බුද්ධගෝෂ හාමුදුරුවෝ

ලිපිය ගැන මොකද හ&#3538

  • විශ්වාස කරන්න පුළුවන්

    Votes: 7 70.0%
  • විශ්වාස කරන්න අමාරුයි

    Votes: 3 30.0%

  • Total voters
    10

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බුද්ධගෝෂ හාමුදුරුවෝ

    පල්ලෙහායින් තියෙන්නේ බුද්ධගෝෂ හාමුදුරුවෝ ගැන විවේචනාත්මක ලිපියක්.
    උපුටා ගත්තේ Buddhist Meditation කියන site එකේ "බුදු දහම විනාශ කල හැටි" කියන ලිපියෙන්.
    පෞද්ගලිකව නම් මේ දේවල් වල ඇත්ත නැත්ත හොයල නැහැ.
    කියවලා අදහසක් දක්වල යන්න.

    පාලි සාහිත්ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි.

    බුධ්ධඝෝෂ දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල්
    නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්රම ඇසුරෙන් සොයාගත හැක. මොහු
    මෙහි පැමිණ, පන්සල් ආශ්රිඅතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ගන්ත්රට
    කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා, බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්රිසයාවලි නිසා කුපිත වූ ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහය) කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා වල ලිය තබන ලද්දේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු අපගේම සිංහල ස්වාමීන්වහන්සේලා ය.

    එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව
    සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම තෙරුන් වේ, මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන් අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්රශ්නයකි…. ඉන් පසු අප හෙළ පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ..

    තවමත් පාලි බසට නැවතත් ග්රවන්ථාරූඪ කලේ ඇයි යන්නට ප්ර ශ්නය සොයා බලමු.
    පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ගේ හෙළ අටුවා පරීක්ෂණය පොතේ මේ කරුණු පැහැදිලිව අඩංගු කර ඇත…,

    බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු අධ්යටයනය කිරීමේදී ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත නිගමනයක්‌ දීම අපහසුය. ඔහුගේ උපත ක්රිජ.ව. 5 සියවස ආරම්භයේදී සිදුවන්නට ඇතැයි සිතිය හැක.

    උන්වහන්සේගේ ළමා කාලය, පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසුය. ලංකාවේ චුල වංසයට අනුව උන්වහන්සේ ක්රිද.ව. 5 සියවසේ 03 දශකය තුළ මෙරටට පැමිණෙන්නට ඇත. ඒ වනවිට මෙරට බලය දරන ලද්දේ මහානාම රජුය.

    බුද්ධඝෝෂ හිමියන් මහාථූපය පිළිබඳ තම කෘති වල විස්‌තර කරනු දැකිය හැක. නමුත් දළදා වහන්නේ පිළිබඳ අවම විස්‌තරයක්‌වත් ඇතුළත්ව නැත්තේ ඇයි?

    බුද්ධඝෝෂ හිමි සිරිනිවාස නම් රජෙකු පිළිබඳ තම කෘතියේ සඳහන් කරයි. තමන් සමන්තපාසාදිකාව රචනා කළේ සිරිනිවාස රජුගේ විසිවන වර්ෂයේදී ආරම්භ කොට විසිඑක්‌ වන වර්ෂයේදී අවසන් කළ බව දක්‌වයි. නමුත් කතුවරයා ධම්මපදට්‌ඨ කතාවේදී සඳහන් කරන්නේ සිරිකුඩ්ඩ නම් රජෙක්‌ පිළිබඳවය. නමුත් මහාවංසය මතය සනාථ කිරීමට පශ්චාත් කාලීන කිසිදු මූලාශ්ර යක තොරතුරු නැත. අඩුම තරමින් දඹදෙණි යුගය තුළ රචනා වූ පූජාවලියේද එවන් කරුණක්‌ සඳහන් වන්නේ නැත.

    මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත බුද්දඝෝශ විසින් සගවා පසුව එලියට ගැනුනු බව කියවේ. පසුව දෙවියන් විසින් අතුරැදහන් කලේ යයි බොරැ කියා ඇත.

    පාලි සාහිත්ය‌ රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී.

    හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව අප හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීම් වෙනුවට බුද්ධ ගෝෂ හිමියන්ගේ අදහස් පමනි.

    එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.​

    Source
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක බලන බුදු දහම ගැන හරි අවබොධයක් නැති කාට් හරි හිතෙන්ඩ පුලුවන් ඒ කියන්නෙ බුදු දහම ආයෙ ලියල වගේ හැගිමක්. එහෙම නැ, බුදු දහම කියන්නෙ ත්‍රිපිටකය, නිර්මල බුද්ධ භාශිතය ඉතුරු වෙලා තියෙනව,බුද්ධගොෂ හාමුදුරුවො ත්‍රිපිටකෙ ලියුවෙ නැ.අනික අටුවා කියවල බුදු දහම ගැන හරයක් ගන්ඩත් බැ , ඒක නිසා මේව නොදා ඉන්නව නම් වඩා හොදයි, මොකද මේ කරන්නෙ අනියමින් සද්දාව නැති කරන වැඩක්.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක බලන බුදු දහම ගැන හරි අවබොධයක් නැති කාට් හරි හිතෙන්ඩ පුලුවන් ඒ කියන්නෙ බුදු දහම ආයෙ ලියල වගේ හැගිමක්. එහෙම නැ, බුදු දහම කියන්නෙ ත්‍රිපිටකය, නිර්මල බුද්ධ භාශිතය ඉතුරු වෙලා තියෙනව,බුද්ධගොෂ හාමුදුරුවො ත්‍රිපිටකෙ ලියුවෙ නැ.අනික අටුවා කියවල බුදු දහම ගැන හරයක් ගන්ඩත් බැ , ඒක නිසා මේව නොදා ඉන්නව නම් වඩා හොදයි, මොකද මේ කරන්නෙ අනියමින් සද්දාව නැති කරන වැඩක්.

    අටුවා නැති නිසා තමයි මචන් අභිධර්මයේ ගොඩක් තැන් වල විවාද ඇතිවෙලා තියෙන්නේ.(මරණයෙන් පස්සේ ජීවිතය ගැන එහෙම) සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා නැති කාලෙක අටුවා වලින් තමා අභිධර්මයේ ගොඩක් සියුම් තැන් සහ ගැටළු නිරාකරණය කරගෙන තියෙන්නේ මම දන්න විදිහට. මොනවා උනත් සංවාදයක් විතරයි මචං. ඇත්ත නැත්ත ගැන සහතිකයක් දෙන්න බහ.
     
    Last edited:
    • Like
    Reactions: MNV

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අටුවා නැති නිසා තමයි මචන් අභිධර්මයේ ගොඩක් තැන් වල විවාද ඇතිවෙලා තියෙන්නේ.(මරණයෙන් පස්සේ ජීවිතය ගැන එහෙම) සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා නැති කාලෙක අටුවා වලින් තමා අභිධර්මයේ ගොඩක් සියුම් තැන් සහ ගැටළු නිරාකරණය කරගෙන තියෙන්නේ මම දන්න විදිහට. මොනවා උනත් සංවාදයක් විතරයි මචං. ඇත්ත නැත්ත ගැන සහතිකයක් දෙන්න බහ.
    අභිධර්මයේ ගැටලු අටුවාවෙන් හොයන්ඩ යාම නිශ්පල දෙයක් බුද්ධභාෂිතය තියෙද්දි ඇයි අටුවා හොයන්නෙ?? මරනෙන් මතු ජීවිතය ගැනත් එහෙමයි ඇයි අටුවා වලට යන්නෙ තියෙන්නෙ ත්‍රිපිටකය එක කියවන්න, බුදු දහම ගැන දුර්මත ප්‍රචාරයට සහය වෙන්න එපා කොල්ල.ඇත්ත නැත්ත ගැන සහතික වෙන්ඩ බැරිදේවල් දාන්ඩ එපා, මේවම අන්යාගමිකයො අල්ල ගන්නව බුදු දහමට පහර ගහන්ඩ එවා ගැනත් හිතන්ඩ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුළු බුදුදහමම පොත් කීපයක් මත හෝ එක හාමුදුරු කෙනෙක් මත රඳා පැවතුනා කියන්න බෑ නේද මචන්. හාමුදුරුවරු දහස් ගානක් ධර්මය කටපාඩමින් අරගෙන ආව කියලයි කියන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරනකන්. එක හාමුදුරු කෙනෙක් පොතක් විකෘති කල පමණින් හරි පොත් ටිකක් විනාශ කල පමණින් එතනින් බුදුදහම ගැන තිබුන දැනුම නැතිවුනා හරි විකෘති උනා කියන එක සාදාරන නෑ නේ :) කොහොමත් ඕන දෙයක් සෑහෙන කාලයක් එද්දී නියම කරුණු වලින් පිට පනිනවනෙ. හැබැයි අවුරුදු 2500 වගේ කාලයක් ගිහිල්ලත් සෑහෙන හොඳට ධර්මය ආරක්ෂා වෙලා තියෙනව අනික්වට සාපේක්ෂව මම හිතන්නෙ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අභිධර්මයේ ගැටලු අටුවාවෙන් හොයන්ඩ යාම නිශ්පල දෙයක් බුද්ධභාෂිතය තියෙද්දි ඇයි අටුවා හොයන්නෙ?? මරනෙන් මතු ජීවිතය ගැනත් එහෙමයි ඇයි අටුවා වලට යන්නෙ තියෙන්නෙ ත්‍රිපිටකය එක කියවන්න, බුදු දහම ගැන දුර්මත ප්‍රචාරයට සහය වෙන්න එපා කොල්ල.ඇත්ත නැත්ත ගැන සහතික වෙන්ඩ බැරිදේවල් දාන්ඩ එපා, මේවම අන්යාගමිකයො අල්ල ගන්නව බුදු දහමට පහර ගහන්ඩ එවා ගැනත් හිතන්ඩ.

    ස්තුතියි මචන් අදහසට. මම කියන්නේ නැහැ මේ දේවල් කරපින්නාගෙන විශ්වාස කරන්න කියලා. එත් නමුත් අද තියන සඟ සමාජය බුදු දහමේ අග්‍ර පලය හොයනවා වෙනුවට දේශපාලනය වගේ නුසුදුසු දේවල් පස්සේ යද්දී හිතන්න දෙයක් තියනවා නේද මචන්? මේ දාලා තියෙන්නේ විවේචනයක් විතරයි. මම නම් හිතන්නේ වටින්නේ රට හදන්න දේශපලයන කරන එකට වඩා මේ වගේ තැන වැඩිපුර විමර්ශනය කරන එක හොදයි කියලා. දැනටත් නැතුව නෙමෙයි. මම කියන්නේ පුළුවන් කමක් තියනවා නම් හොයල බලන්න වටිනා මාතෘකාවක්.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මුළු බුදුදහමම පොත් කීපයක් මත හෝ එක හාමුදුරු කෙනෙක් මත රඳා පැවතුනා කියන්න බෑ නේද මචන්. හාමුදුරුවරු දහස් ගානක් ධර්මය කටපාඩමින් අරගෙන ආව කියලයි කියන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරනකන්. එක හාමුදුරු කෙනෙක් පොතක් විකෘති කල පමණින් හරි පොත් ටිකක් විනාශ කල පමණින් එතනින් බුදුදහම ගැන තිබුන දැනුම නැතිවුනා හරි විකෘති උනා කියන එක සාදාරන නෑ නේ :) කොහොමත් ඕන දෙයක් සෑහෙන කාලයක් එද්දී නියම කරුණු වලින් පිට පනිනවනෙ. හැබැයි අවුරුදු 2500 වගේ කාලයක් ගිහිල්ලත් සෑහෙන හොඳට ධර්මය ආරක්ෂා වෙලා තියෙනව අනික්වට සාපේක්ෂව මම හිතන්නෙ.

    ඔව් උබ කියන කතාවෙත් අත්තක් තියනවා.
    මම අහල තියන හැටියට නම් සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා නැති කාලයක දහමේ එන ගැබුරු තැන පැහැදිලි කරගන්න උන්වහන්සේලා විසින්ම පැහැදිලි කරලා ලියපු දේවල් තමා විනාශ වෙලා තියෙන්නේ කියලා මේ ලිපියේ කියන්නේ. එක හරියට අපි ඉංග්‍රීසි පොතක් කියවද්දී dictionary එකක් නැත්තම් අපිට තේරෙන්නේ නැති වචනයට අපි කැමති තේරුමක් දෙන්න බැහැනේ. ඒ වගේ දෙයක් තම කියල තියෙන්නේ. උබ හිතන්නේ මොකද? හොයලා බලන්න වටිනා දෙයක් නෙමෙයිද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් උබ කියන කතාවෙත් අත්තක් තියනවා.
    මම අහල තියන හැටියට නම් සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා නැති කාලයක දහමේ එන ගැබුරු තැන පැහැදිලි කරගන්න උන්වහන්සේලා විසින්ම පැහැදිලි කරලා ලියපු දේවල් තමා විනාශ වෙලා තියෙන්නේ කියලා මේ ලිපියේ කියන්නේ. එක හරියට අපි ඉංග්‍රීසි පොතක් කියවද්දී dictionary එකක් නැත්තම් අපිට තේරෙන්නේ නැති වචනයට අපි කැමති තේරුමක් දෙන්න බැහැනේ. ඒ වගේ දෙයක් තම කියල තියෙන්නේ. උබ හිතන්නේ මොකද? හොයලා බලන්න වටිනා දෙයක් නෙමෙයිද?

    ඇත්ත බන් වෙන්න පුළුවන් අපි දන්නේ නෑ ඉතිං මොකක් උනාද කියල. එහෙම ධර්මය විකෘති වෙලා නං හරිගස්සගන්න අහගන්න රහතන් වහන්සේ කෙනෙක් වත් නෑ නේ. දැනට තියෙන්නෙත් දිගට පැවතීගෙන ආපු ඔය වගේම එක එක්කෙනා ලියපු පොත් පත් නේ. :( මොකද්ද හරි කියන්න කවුරුත් දන්නේ නෑ.

    හැබැයි අනික් ආගම් වලට සාපේක්ෂව ලෝකේ පරණම ආගම වුනත් බුද්ධාගම සෑහෙන හොඳට රැකිලා තියෙනව. එකනේ තාමත් බෞද්ධයෝ අතරේ ධර්ම කාරනා ගැන බෙදීම් අඩු. ක්‍රිස්තියානි ආගමේ බයිබලේ සංස්කරණ කීයක්ද, බෙදිච්ච නිකාය කීයක්ද, ඉස්ලාම් වල නං බෙදිල ගහ මරාගන්නවත් එක්ක. ඒ අතින් බුද්ධාගමට එච්චර හානියක් වෙලා නෑ :) තියෙන ටිකවත් ආරක්ෂා කරගත්ත නං හරි
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇත්ත බන් වෙන්න පුළුවන් අපි දන්නේ නෑ ඉතිං මොකක් උනාද කියල. එහෙම ධර්මය විකෘති වෙලා නං හරිගස්සගන්න අහගන්න රහතන් වහන්සේ කෙනෙක් වත් නෑ නේ. දැනට තියෙන්නෙත් දිගට පැවතීගෙන ආපු ඔය වගේම එක එක්කෙනා ලියපු පොත් පත් නේ. :( මොකද්ද හරි කියන්න කවුරුත් දන්නේ නෑ.

    හැබැයි අනික් ආගම් වලට සාපේක්ෂව ලෝකේ පරණම ආගම වුනත් බුද්ධාගම සෑහෙන හොඳට රැකිලා තියෙනව. එකනේ තාමත් බෞද්ධයෝ අතරේ ධර්ම කාරනා ගැන බෙදීම් අඩු. ක්‍රිස්තියානි ආගමේ බයිබලේ සංස්කරණ කීයක්ද, බෙදිච්ච නිකාය කීයක්ද, ඉස්ලාම් වල නං බෙදිල ගහ මරාගන්නවත් එක්ක. ඒ අතින් බුද්ධාගමට එච්චර හානියක් වෙලා නෑ :) තියෙන ටිකවත් ආරක්ෂා කරගත්ත නං හරි

    ලෝකේ අරන් බැලුවොත් ආක්‍රමණයක් නැතුව පැතිරුණ එකම දර්ශනය බුද්ධ දර්ශනය. වෙන ජාතිකයෙක් උනත් බුද්ධාගම නෙමෙයි බුද්ධ දර්ශනයට තම පහදෙන්නේ. හැබැයි මහායාන කියල පිරිසකුත් ඉන්නවා කියලා අමතක කරන්න නරකයි. ඒ වගේම අද කාලේදී බුදු දහම කියල ලේකයේ ප්‍රචාරය වෙන්නෙත් ගොඩක් වෙලාවට මහායාන බුද්දාගම. ආක්‍රමණ එන්න කලින් මිනිස්සු බුදු දහම කැමැත්තෙන් වලද ගන්න කොච්චර ප්‍රයෝගිකව තියෙන්න ඇද්ද ඒ කාලේ? ඒ කියන්නේ ප්‍රයෝගික නිදර්ශන. අනික් හැම ආගමකම මැරුණට පස්සේ දෙන සැනසීමක් නිවනක් ගැන තියෙන්නේ. එත් අපේ දහමේදී ජිවිත කාලේදී ලබාගත යුතු දෙයක් නිවන. මෙච්චර කාලෙකට අඩුම ගමේ අපේ සියල අත්තල මුත්තලා කාලෙදිවත් අග්‍ර පලය ප්‍රයෝගික නිදර්ශන නැති නිසා කොතන නමුත් වැරද්දක් තියනවා කියල තම මගේ අදහස. වැඩිපුර ඔය ගැන හොයනවා නම් ලිපි තියනවා මචන්.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේක බලන බුදු දහම ගැන හරි අවබොධයක් නැති කාට් හරි හිතෙන්ඩ පුලුවන් ඒ කියන්නෙ බුදු දහම ආයෙ ලියල වගේ හැගිමක්. එහෙම නැ, බුදු දහම කියන්නෙ ත්‍රිපිටකය, නිර්මල බුද්ධ භාශිතය ඉතුරු වෙලා තියෙනව,බුද්ධගොෂ හාමුදුරුවො ත්‍රිපිටකෙ ලියුවෙ නැ.අනික අටුවා කියවල බුදු දහම ගැන හරයක් ගන්ඩත් බැ , ඒක නිසා මේව නොදා ඉන්නව නම් වඩා හොදයි, මොකද මේ කරන්නෙ අනියමින් සද්දාව නැති කරන වැඩක්.

    :yes::yes:
     

    hpalpola

    Well-known member
  • ඕනෑම ශිෂ්ටාචාරයක් පරිණාමයට යද්දි ඒ ශිෂ්ටාචාරයේ තියෙන භාෂාවත් පරිණාමය වෙනවා. උදාහරණයකට බලන්න එදා මගුල් කෑම පොත නැත්නම් උම්මග්ග ජාතකය පොත කුමාරතුංග මුනිදාස මහතුන් ලියපු භාෂාව සහ අද අපිට ඒ පොත් භාවිතා කරන්න ගියාම ඇතිවෙන අපහසුව. සමහරුන්ට 1940 ගණන්වල භාෂාව අද තේරුම් ගන්න බෑ. අද පුද්ගලික රේඩියෝ නාලිකාවල යෙදෙන භාෂාව බලන්න. ඒ පෙන්නුම් කරන්නේ අපේ භාෂාව පරිණාමය වෙන හැටි. ඉංග්‍රීසි භාෂාව වුනත් මෙහෙමයි. ලංකාවෙ අද අපි කියවන සෙල්ලිපි එදා ලියලා තිබුනෙ බ්‍රාහ්මී අක්ෂර වලින්. මේ අකුරු ඉන්දියාවෙන් හම්බවුන අකුරු වලටත් වඩා වෙනස්. නමුත් ඒ තමයි අපි භාවිතා කල අකුරු. මහින්දාගමනයෙන් පස්සෙ භාවිතා කල අකුරු වෙනස්. ඒ එදායින් පස්සෙ අපේ සමාජය නව මාවතකට ආපු නිසා. බලන්න සීගිරි කුරුටු ගී මීට හොඳම නිදසුන. සිංහල භාෂාවේ විකාශය හරි ලස්සනට එතනිනුත් පේනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කලේ මේකට පිළියම. උන්වහන්සේ ඇත්තටම කලේ අටුවාව කල් පවතින්න ක්‍රමවේදය සකස් කිරීම පමණයි. හෙල භාෂාව විනාශයට පත් වෙමින් තියෙද්දි හෙල අටුවාව විතරක් ඉතිරිවෙයිද? නමුත් ඒ කාලයේ භාවිතාවෙ තිබුනෙ පාලි භාෂාව. ඒ වගේම පාලි භාෂාවත් ව්‍යාප්තවෙන අවධිය. ඒ නිසා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවේ උන්න භික්ෂූන්වහන්සේලාගේ ත් අනුමැතිය ඇතිව අටුවාව පාලියට පරිවර්තනය කලා. අද අපි පාලියෙන් හරි අටුවාව කියවන්නෙ ඒ නිසයි. අනික අද කෝ හෙල භාෂාව? අටුවා පාලියට ගත්තා කියලා හෙල භාෂාව නැති වෙන්නෙ නෑ නේ. නමුත් හෙල භාෂාව අද නෑ. අනික තමයි හෙලටුවා පාලියට නගන කාලයෙත් ත්‍රිපිටකය තිබුනෙ පාලියෙන්ම වීම. ඒක තමයි ප්‍රභලම සාක්ෂිය මේ අටුවා අපේ සිංහලයන්ට ගැලපෙන විදියට සකස් කර ගෙන තිබුන බවට. නැත්නම් අටුවාව විතරක් පාලි කරන්න දෙයක් නෑ. අනික අටුවාව අවශ්‍ය වුනේ සිංහලයන්ට ත්‍රිපිටකයේ ගැඹුරුතැන් තේරුම් ගන්න. ඒ තුළින් අපේ අර්හත්බවට හානි වුනේ නෑ. මේ විදියට පාලියට අටුවාව නැගුවට පස්සෙ පැවැත්වුන 5, 6 වැනි ධර්ම සංගායනා වලදිත් මේ ගැන කතා වුනා. ඒත් ඒවා ඒ උගත් භික්ෂූන්වහන්සේලා ප්‍රතික්ෂේප කලේ නෑ. විශේෂයෙන්ම 6 වැනි ධර්ම සංගායනාවේ එදා 1 වන සංගායනාවේ කාශ්‍යප මහරහතන්වහන්සේ දරපු තනතුර හොබවපු අති උතුම් ශාසන ශෝබන මහාසි සයාඩෝ වහන්සේ තමන්ගේ ධර්ම දේශනාවලදි මේ අටුවාව යොදාගෙන තියෙනවා මිනිස්සුන්ට ධර්මය තේරුම් කරන්න. ඒ වගේම අටුවාවේ වැරදි තැනුත් පෙන්වලා දීලා තියෙනවා. ඒක පාලි භාෂාවේ වරදක් නොවේ. අද ධර්මයේ හැසිරෙන්නෙ නැතිව, අඩුම ගානේ ගිහියන්ට, පැවිද්දන්ට නොකර ඉන්නැයි බුදුරජාණන්වහන්සේ දේශනා කල දේ වත් කරගන්න බැරි මිනිස්සු අටුවාවේ මාධ්‍යය අල්ලන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට දොස් නගනවා. උන්වහන්සේ ඒක නොකලානම් හෙල භාෂාව නැති වෙනවා වගේම අටුවාවත් නැති වෙලා යන වග මේ මිනිස්සුන්ට නොතේරීම හරිම සංවේගජනක දෙයක්.


     
    • Like
    Reactions: LazyLizard

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕනෑම ශිෂ්ටාචාරයක් පරිණාමයට යද්දි ඒ ශිෂ්ටාචාරයේ තියෙන භාෂාවත් පරිණාමය වෙනවා. උදාහරණයකට බලන්න එදා මගුල් කෑම පොත නැත්නම් උම්මග්ග ජාතකය පොත කුමාරතුංග මුනිදාස මහතුන් ලියපු භාෂාව සහ අද අපිට ඒ පොත් භාවිතා කරන්න ගියාම ඇතිවෙන අපහසුව. සමහරුන්ට 1940 ගණන්වල භාෂාව අද තේරුම් ගන්න බෑ. අද පුද්ගලික රේඩියෝ නාලිකාවල යෙදෙන භාෂාව බලන්න. ඒ පෙන්නුම් කරන්නේ අපේ භාෂාව පරිණාමය වෙන හැටි. ඉංග්‍රීසි භාෂාව වුනත් මෙහෙමයි. ලංකාවෙ අද අපි කියවන සෙල්ලිපි එදා ලියලා තිබුනෙ බ්‍රාහ්මී අක්ෂර වලින්. මේ අකුරු ඉන්දියාවෙන් හම්බවුන අකුරු වලටත් වඩා වෙනස්. නමුත් ඒ තමයි අපි භාවිතා කල අකුරු. මහින්දාගමනයෙන් පස්සෙ භාවිතා කල අකුරු වෙනස්. ඒ එදායින් පස්සෙ අපේ සමාජය නව මාවතකට ආපු නිසා. බලන්න සීගිරි කුරුටු ගී මීට හොඳම නිදසුන. සිංහල භාෂාවේ විකාශය හරි ලස්සනට එතනිනුත් පේනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කලේ මේකට පිළියම. උන්වහන්සේ ඇත්තටම කලේ අටුවාව කල් පවතින්න ක්‍රමවේදය සකස් කිරීම පමණයි. හෙල භාෂාව විනාශයට පත් වෙමින් තියෙද්දි හෙල අටුවාව විතරක් ඉතිරිවෙයිද? නමුත් ඒ කාලයේ භාවිතාවෙ තිබුනෙ පාලි භාෂාව. ඒ වගේම පාලි භාෂාවත් ව්‍යාප්තවෙන අවධිය. ඒ නිසා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවේ උන්න භික්ෂූන්වහන්සේලාගේ ත් අනුමැතිය ඇතිව අටුවාව පාලියට පරිවර්තනය කලා. අද අපි පාලියෙන් හරි අටුවාව කියවන්නෙ ඒ නිසයි. අනික අද කෝ හෙල භාෂාව? අටුවා පාලියට ගත්තා කියලා හෙල භාෂාව නැති වෙන්නෙ නෑ නේ. නමුත් හෙල භාෂාව අද නෑ. අනික තමයි හෙලටුවා පාලියට නගන කාලයෙත් ත්‍රිපිටකය තිබුනෙ පාලියෙන්ම වීම. ඒක තමයි ප්‍රභලම සාක්ෂිය මේ අටුවා අපේ සිංහලයන්ට ගැලපෙන විදියට සකස් කර ගෙන තිබුන බවට. නැත්නම් අටුවාව විතරක් පාලි කරන්න දෙයක් නෑ. අනික අටුවාව අවශ්‍ය වුනේ සිංහලයන්ට ත්‍රිපිටකයේ ගැඹුරුතැන් තේරුම් ගන්න. ඒ තුළින් අපේ අර්හත්බවට හානි වුනේ නෑ. මේ විදියට පාලියට අටුවාව නැගුවට පස්සෙ පැවැත්වුන 5, 6 වැනි ධර්ම සංගායනා වලදිත් මේ ගැන කතා වුනා. ඒත් ඒවා ඒ උගත් භික්ෂූන්වහන්සේලා ප්‍රතික්ෂේප කලේ නෑ. විශේෂයෙන්ම 6 වැනි ධර්ම සංගායනාවේ එදා 1 වන සංගායනාවේ කාශ්‍යප මහරහතන්වහන්සේ දරපු තනතුර හොබවපු අති උතුම් ශාසන ශෝබන මහාසි සයාඩෝ වහන්සේ තමන්ගේ ධර්ම දේශනාවලදි මේ අටුවාව යොදාගෙන තියෙනවා මිනිස්සුන්ට ධර්මය තේරුම් කරන්න. ඒ වගේම අටුවාවේ වැරදි තැනුත් පෙන්වලා දීලා තියෙනවා. ඒක පාලි භාෂාවේ වරදක් නොවේ. අද ධර්මයේ හැසිරෙන්නෙ නැතිව, අඩුම ගානේ ගිහියන්ට, පැවිද්දන්ට නොකර ඉන්නැයි බුදුරජාණන්වහන්සේ දේශනා කල දේ වත් කරගන්න බැරි මිනිස්සු අටුවාවේ මාධ්‍යය අල්ලන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට දොස් නගනවා. උන්වහන්සේ ඒක නොකලානම් හෙල භාෂාව නැති වෙනවා වගේම අටුවාවත් නැති වෙලා යන වග මේ මිනිස්සුන්ට නොතේරීම හරිම සංවේගජනක දෙයක්.


    වැදගත් විස්තර ටිකක්.
    මමත් නොදන්නා දේවල් ටිකක් දන ගත්තා.
    බොහොම පින් බෙදා ගත්තට.
     

    hpalpola

    Well-known member
  • ඇත්තටම යාළුවා අපේ බෞද්ධයෝ කියන පිරිස බුදු දහම ගැන හරියට දැනන් නෙමෙයි කෑ ගහන්නේ. උදාහරණයකට බලන්න එක එක මිනිස්සු බුදු පිළිමවලට අපහාස කරනවා කියලා කෑ ගහන හැටි. බුදුරජාණන්වහන්සේම දේශනා කරනවා ජීවත්ව ඉඳියදීම කව්රුහරි මට අපහාස කරනවා කියලා උඹලා දැන ගත්තම උඹලා ඒකට කේන්ති ගන්න එපා, එතකොට ද්වේශය ඇති වෙන්නේ උඹලගෙම හිතේ, එනිසා ඒවට කෑ ගහන්න යන්න එපා කියලා. ඒ වුනාට අපේ බෞද්ධයෝ මොනවද කරන්නේ. ඉතින් මොකද කරන්නේ. අපේ මිනිස්සු නොදන්න දේවල් හුඟක් තියෙනවා. දැන් බලන්න යාළුවා, බුදුරජාණන්වහන්සේගේ බුදුවීමෙන් හත්වැනි සතියෙදි තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයො උන්වහන්සේ මුන ගැහෙනවා. ඒ අය තමන්ට ලැබුන කේශ ධාතූන් වහන්සේ සමග ලක්දිවට පැමිණිලා ගිරිහඬු සෑය හදනවා. මේ තමයි ලක්දිව පළවැනි චෛත්‍යය. අදනම් කවුරුවත් ගනන් ගන්නෙ නෑ. එතකොට මේ අය වෙළෙන්දො. මේ අය බුදුහාමුදුරුවො එක්ක කතා කලා. නැත්නම් ධර්මය අහන්න බෑ නේ. එතකොට ඒ අය ඇවිත් මෙහෙ චෛත්‍යයක් හැදුවෙ මෙහෙ මිනිස්සුන්ට ඒ ගැන දැනීමක් ඇති නිසා. බුදුහාමුදුරුවො ධර්ම ‍දේශනා කලේ මාගධී භාෂාවෙන්. අද පාලිය විදියට අපි සළකනවා. ඒ ගැන ලංකාවේ මිනිස්සු දැන හිටියා. නැත්නම් කොහොමද බුදුරජාණන්වහන්සේ එක්ක කතා කරන්නේ. අපි හැමෝම දන්නවා බුදුරජාණන්වහන්සේ කතා බහ කරන හැටි. ආගිය විස්තර කතා කරලා, හිත සතුටු කරමින් තමයි කතා කරන්නේ. භල්ලුකලට ධර්ම දේශනා කරන්නේ නෑ. සාකච්ඡාවෙන් තමයි ඔවුන් පැහැදෙන්නේ. අපිට මේ ගැන හිතද්දි පෙනේවි ලංකාව බුදු දහම සම්බන්ධයෙන් බලද්දි කොයි තරම් වැරදි මතවාදවල ඉන්නවාද කියලා. මේ වගේ හුඟක් දේ තිබුනත් අපි ඒ ගැන කතා නොකර ඉමු. මේකත් හේතුවක් බුද්ධඝෝෂ හිමියන් හෙල බසින් අටුවාව පාලියට නැගීමට.





     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මම බුද්ධගෝෂ හිමියන් ගැන වැඩිය දන්නේ නැහැ. මම පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ගැනත් වැඩිය දන්නෙ නැහැ. හැබැයි යම් අයෙක් "අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි." යැයි අටුවාව ගැන පවසනවානම් අන්න ඒ කාරනාව එහෙම් පිටින්ම බොරුවක්, මුසාවක්, අඥාන කමක් ලෙස ඒකාන්තයෙන්ම දන්නවා.

    ත්‍රිපිටක ධර්මය කියවා තේරුම් ගැනීම අපහසු යැයි පවසන හා අදහස් ඇති අති බහුතරයක් පිරිස ත්‍රිපිටකය නොකියවා හා තේරුම් ගැනීමට උත්සාහ නොකරන ලද අයමයි. යම් අයෙක් ත්‍රිපිටක ධර්මය කියවා තේරුම් ගන්න උත්සාහ ගත්තොත් අන්න ඒ පුද්ගලයා ලේසියෙන්ම දැන ගන්නවා ත්‍රිපිටක ධර්මය කියවා තේරුම් ගැනීමට අපහසු වීමට කවර කාරනාවන්ද හේතූ වන්නේ සහ කවර කාරනාවන්ද හේතු නොවන්නේ කියලා. මොකද ඒ කාරනා ගැන ත්‍රිපිටකයේ ඉතාම සරලව පවතිනවා. මෑත කාලීනව කර ඇති ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනත් ඒ සඳහා ප්‍රමානවත්. ඒ නිසා යම් අයෙක් පාලිත් දන්නවානම් ඒ පුද්ගලයාගේ වාසනාව ගැන අතිරේකව කියන්න දෙයක් නැහැ. ඒ නිසාම ත්‍රිපිටක ධර්මය කියවා තේරුම් ගන්න උත්සාහ ගන්නා අය දන්නවා "අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි." යැයි අටුවාව ගැන පැවසීම බොරුවක්, මුසාවක්, අඥාන කමක් ලෙසින්.

    ධර්ම අවබෝධය අපහසු වීමට හේතු විවිධ ආකාරයන්ගෙන් පැහැදිලි සහ සරල ලෙසින් ත්‍රිපිටකයේ සදහන්ච පවතිනවා. එපමනක් නොවෙයි, මෙකල ධර්මය තේරුම් ගැනීමට අපහසුවීමට හේතුත් ත්‍රිපිටකයේ සදහන්. එතනින්නුත් ඉවර නැහැ. අනාගතයේ ධර්මය තේරුම් ගැනීමට තවත් අපහසුනම් ඊට හේතු ගැනත් ත්‍රිපිටකයේ සඳහන්. එච්චර විස්තර ඇතිව මේ කියන "ත්‍රිපිටක ධර්මය තේරුම් ගැනීමට අපහසු බව" ගැන සහ ඊට කුමක් කල යුතුදැයි සරලව ත්‍රිපිටකයේම සදහන් එකේ ඒ ත්‍රිපිටකයටම ඇගිල්ල දික්කරලා ඒ ධර්මය තේරුම් ගන්න නොහැකිවීමට අන් කරුණක විනාශයක් හේතු වන්නේ යැයි කීම ත්‍රිපිටකය නොකිවීම සහ තේරුම් ගැනීමට උත්සාහ නොකිරීම ගැනම සාධක පමනයි.

    ත්‍රිපිටකය නොකියවන, තේරුම් ගැනීමට උත්සාහ නොකරන අයට තේරුම් ගන්න බැරි වීමට හේතුව ත්‍රිපිටකය නොකියවීමමයි, ඒ ත්‍රිපිටකයේ කියා ඇති ආකාරයට තේරුම් ගන්න උත්සාහ නොගැනීමමයි. යම් අයෙක් කන්දක් පහල ඉදන් ඇයි මට මේ කන්ද ඉහලට නැග්තාම පේන දේවල් පෙනෙන්නේ නැත්තේ යැයි මැසිවිලි නගනවානම්, ආන්න ඒ වගේ තමයි ත්‍රිපිටක ධර්මය නොකියවා ඒ පවසා ඇති ආකාරයට ක්‍රියා නොකර ත්‍රිපිටක ධර්මය තේරුම් ගැනීමට අපහසු යැයි පැවසීම. කන්ද පහල ඉන්න පුද්ගලයා කන්ද ඉහලට නැගීම යම් සේද, යම් යම් ප්‍රමාන වලින් ඉහලට නගින එම පුද්ගලයාට පෙර කන්ද පහල සිටිනා විට නුදුටූ විරූ දසුන් වැඩි වැඩියෙන් ඒ ඒ උසට අනුරූපව දක්නට හැකිවනවාද, ත්‍රිපිටක ධර්මය කියවන, ඒ පවසා ඇති ආකාරයට අවබෝධ කිරීමට උත්සාහ ගන්නා අය උත්සාහයේ ඒ ඒ ප්‍රමානයට අනුරූපව මෙකලත් පෙර නොතේරුණු ධර්ම කරුණු අවබෝධ කරනවා, පෙර නොඅත්විදි කරුණු අත්විදිනවා, අවිද්‍යාව දුරැලනවා.

    කැමැත්තෝ කියවත්වා, අවබෝධ කරත්වා!

    දෙව් මිනිස් ශාස්තෘ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට නමස්කාර වේවා!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙච්චර කාලෙකට අඩුම ගමේ අපේ සියල අත්තල මුත්තලා කාලෙදිවත් අග්‍ර පලය ප්‍රයෝගික නිදර්ශන නැති නිසා කොතන නමුත් වැරද්දක් තියනවා කියල තම මගේ අදහස. වැඩිපුර ඔය ගැන හොයනවා නම් ලිපි තියනවා මචන්.

    අනේ මචං, දාපංකෝ ඔය ලිපි දෙක තුනක් ලින්ක්, අපිත් කැමතියි නේ දැනගන්න.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවො මේ රටේ නිර්මල බුදුදහම මතුකරන්න උත්සාහ කරපු ශ්‍රේශ්ඨ පඬිරුවනක්. නමුත් බෞද්ධයින්ගේ අවාසනාවට උන්වහන්සේ පෙන්වාදුන් සත්‍යය වටහාගන්න සමත්වුනේ අතලොස්සක් දෙනා පමනයි.
     
    • Like
    Reactions: aneasarayana