බුද්ධත්වය පතන දෙවිවරු - 02 පත්තිනි මෑණියන්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුද්ධත්වය පතන දෙවිවරු - 02 පත්තිනි මෑණියන්

    හැමදාම වගේ කියන්නේ මේක දෙයියො බුදුන් අදහන අයට දාලා තියන ත්‍රෙඩ් එකක්.. අනිත් අය මෙතන කාලේ නාස්ති කරන්න අවශ්‍ය නෑ..

    පත්තිනි මෑණිවරුන් දෙදෙනෙක් ගැන දේව පුරාණයේ සදහන් වෙයි. මෙහි දී අප දක්වෙන්නෙ මහ බල සම්පන්න නවගමුවෙ ශී පත්තිනි මැණියන් ගැනය. ඊට අමතරව පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්තා යැයි සැලකෙන වලානේ පත්තිනි මෑණි කෙනෙක් ගැනද පැරනි පොත පතහි සදහන්වෙයි.

    පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිඹඳ මත කීපයක් සමාජයේ පවතී තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වේ. දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන්.

    ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වූ අතර ඈ සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා ඇය සැමියා සොයා එන විට සැමියා මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය රජුට සාප කරනවා.. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..

    පත්තිනි මෑණියන්ගේ උපත මෙතනින් සිදුවන අතර පසුව තිසරන සරන ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන්.

    මෙරට රජකල 1 වන ගජබා රජු සොළි දේශය ආක්‍රමණය කොට බලගතු සොළී රජකු විසින් ගෙන ගිය දොලොස් දහසක් සිංහලයන් සමග හිලව්වට සොලීන් දොලොස් දහසක් රැගෙන ආපසු එන ගමනේදී පත්තිනි දේවියගේ රන් සළඹද මෙහි ගෙන ආ බව ප්‍රකට පුවතක්.

    පත්තිනි මෑණියන්ගෙන් පිහිට පතා කිරි අම්මාවරුන්ට දානය දීමත් කාලාන්තරයක් තිස්සේ අපේ රටේ පවතින සම්ප්‍රදායක් ලිපිය අවසන් කරන්න කිරි දානය දෙනකොට කියන යාදින්නය හා තව පත්තිණි මෑනියන් වෙනුවෙන් කියන ස්ත්‍රෝත්‍ර කවි ටිකක් කියා දෙන්නම්..

    EUmPIQu.jpg


    පූජාව පිළිගැන්වීමේදී සිදුකරන යාදින්න

    "මතු බුදුවන ශ්‍රි සිද්ධ සත් පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේගේ පතිවත බල මහිමය කරනකොට ගෙන පඬි රට පඬි රජු ඇතුළු සතුරන් සමූල ඝාතනය කොට මුළු ලොවට ඔබ මහිමය පෙන්වා සත්වාරයක්‌ සත් නාමයකින් ජනතා බලය පැතුරූ සත් පත්තිනි දේවියන් වහන්ස, අද ද ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් අඩුක්‌කු මල් පහන් පුද දෙන අසරණ ගැත්තන්ට අනුකම්පා කර දිවැස්‌ බලා වදාරා ඔවුන්ට වැළඳී ඇති ඇස්‌වහ, කටවහ, අනවින, ලෙඩ රෝග, අතුරු ආන්ත්‍රා, ව්‍යාධි, අලපාලු, ධූරිභූත කොට ඔවුන්ගේ අඹු දරුවන්ගේ ගේ දොර, හරකාබාන, වතුපිටි, ගොවිතැන්, රැකීරක්‍ෂා මෙකී නොකී සියල්ල ආරක්‍ෂා කර ඔවුන්ගේ සියලු වියවුල්, සිත් තැවුල්, අඩුපාඩු මඟහරවා යස ඉසුර ළඟා කර දෙන මෙන් ඉල්ලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිකර ඒ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගෙන් සපිරිණු මෙම දානය අප විසින් පිළිගැනීමේ හේතු කොට ගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමය ඔබ වහන්සේට ද අත්පත් වීමෙන් මතු බුදුවන පත්තිනි දේව ස්‌වාමීන් වහන්ස, ඔවුන් ආරක්‍ෂා කර දෙන සේක්‌වා.
    (මෙම යාදිනකුඑන් පසු කිරි අම්මාවරුන් දානය වළඳා ඔවුන් ඉදිරියේ ඇති පහන්වල වැටිදෙකින් එකක් බැගින් ගෙන අසුනින් නැගි සිට පත්තිනි දෙවියන් වෙනුවෙන් තැබු ආසනයට නමස්‌කාර කර එම වැටියේ ඇති තෙල් ගෙදර අයගේ හිස් වල ආලේප කරයි.)

    පත්තිනි මෑණියන් වඳින ගාථාව

    මාතරං පත්තිනිං වන්දේ
    සර්ව සත්ව ශිවංකරං
    දදතාං සතතං මය්‍යහං
    ආරෝග්‍යං රක්ෂණං බලම්

    ආරාධනා කවි

    නානා සුන්දර ජන වනිතාගණ තාර පතී ඉව ශ්‍රී දෙහං
    නානා වර්ණක ශාටක ධාරණ මාලා දාම පිලන්ධං
    නානා ශාස්ත්‍ර ප්‍රජාන විජානන ඥාන විශාරද කීර්ති ධරං
    නානා ශෝභිත රත්න නිරන්තර දදාතුතෙ පත්තිනි මාතා

    නානා නාගා සුර නර චන්දන මාන නිරන්තර ලද්ධානං
    නානා ජාතික පූජක භක්තික චිත්තන කුන්ද විකාසිතං
    නානා දෙසික නානා භූමික දෙවා මන්දිර ප්‍රජානං
    නානා ශෝභන දෙහ විරාජිත දෙවි පත්තිනි රක්‍ෂා තුරං

    පීනා යන මෘදු නාගාභෝගිව බාහුං යුග්මා රුචිරායං
    දීර්ඝා ලෝචන මෘග අක්‍ෂි ඉව ප්‍රවාල අංකුර අධ්‍රාවං
    දීර්ඝාංගුලි පංකජ පත්‍රානක විංසතියං සුමනා පුෂ්පං
    දානාති නිත්‍යා පත්තිනි ශුභ මංගල මායුෂ ශාන්ති ශ්‍රී

    අතතය විතතය විතතාතය ඝන සුසිරය පංචාංගික තූය¸
    ග්‍රාහික සුර නර පූජිත නිත්‍යාභිලාෂි ජන පූජා කෘත්‍යං
    වාදන ගායන ගීතික ඝෝෂා කීර්තිති අශෙෂා චිරකාලං
    ආතුර රක්‍ෂතු තෙ ජය මංගල ආයු ශ්‍රියා සුබ දාන කෘතං

    මල් යහන් කවි

    බැතිනි සත් කපෙන් බුදු බව පතන්නේ
    බැතිනි රාග ගුණයෙනි ලොව බලන්නේ
    බැතිනි සිතිනි දුන් පින්පෙත් ලබන්නේ
    පතිනි දේවි මල් යහනට වඩින්නේ
    අමා සිරි දෙන්නට
    කමා වන් දුටු වරදට
    පමා නොව මෙරඟට
    දමා දෑතේ හලඹ නදකොට
    පුරා අත හලඹත්
    පුරා තද තෙද අගපත්
    විරා ජිත කොමළත්
    සරා නමිදිමි සුරඹ මුදුනත්
    මෙමා කී කවියෙනී
    දමා උවදුරු හරිමිනී
    යොමා තෙද දෙවියනී
    දමා දෑතේ හලඹ නද දුනී
    දුහුල් පට වියනෙන්
    සුනිල් තිර හත බඳිමින්
    සියල් මල් පඬුරෙන්
    මෙමල් යහනට දිෂ්ටිලා එන්
    පුරා සලඹ නද ගොසකර වැඩම කරනවා
    නුරා ළැමැද පියයුරු රන් දමින් වසනවා
    ගිරා තුඩුුසෙ ගෝමර රන් බඳ දිලිසෙනවා
    සරා ලාපු මල් අස්නට වැඩම කරනවා
    ලොබේ වඩන දිව ඔසරිය පවන් සලා ලන්
    නුඹේ මුදුන වලා ගැබෙන් එන පුන් සඳමෙන්
    ලැබේ මෙදලු මුර දිවසින් බලා හෙලාලන්
    අඹේ උපන් පත්තිනි දෙවි රඟමඬලට එන්
    අඹයෙන් උපන්නේ
    යයි පතළව තිබෙන්නේ
    රටින් රට යන්නේ
    දුකින් සත මුදවා හරින්නේ
    ළමා ළපටින්නේ
    අමා මව කිය උන්නේ
    සැමා මවු වන්නේ
    මෙමා පතිනිට දුක කියන්නේ​

    පරන පෝස්ට් බ්ලොග් එකෙන් බලන්න
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අපෙ සීයා ගාව තිබුන ගොඩක් දෙවි වරුන්ට කියන කවි වගයක්.සීය මරෙන්න කලින් උදෙ හවස එවා හයියෙන් කිය්වනව,

    එකෙ පත්තිනි දෙවියගෙ කතාවෙ පඩි රට ගිනි ගතු හැටි කවියක කෑල්ලක් මතකයි.

    පත්තිනි දෙවිය ගොස් පඩි රජ වෙතටා
    තනෙ කඩා වමෙ ගසුවේ බිමටා
    මැවුනා එසැනෙ ගිනි ජාලා ...........

    එච්චරයි මතක.ගොඩක් කවි තිබුනා ඒ පොතෙ.සීය මරුනඉන් පස්සෙ මම පොත ගත්තා එත් සුනමි යට අහු උනා එක.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපෙ සීයා ගාව තිබුන ගොඩක් දෙවි වරුන්ට කියන කවි වගයක්.සීය මරෙන්න කලින් උදෙ හවස එවා හයියෙන් කිය්වනව,

    එකෙ පත්තිනි දෙවියගෙ කතාවෙ පඩි රට ගිනි ගතු හැටි කවියක කෑල්ලක් මතකයි.

    පත්තිනි දෙවිය ගොස් පඩි රජ වෙතටා
    තනෙ කඩා වමෙ ගසුවේ බිමටා
    මැවුනා එසැනෙ ගිනි ජාලා ...........

    එච්චරයි මතක.ගොඩක් කවි තිබුනා ඒ පොතෙ.සීය මරුනඉන් පස්සෙ මම පොත ගත්තා එත් සුනමි යට අහු උනා එක.

    අයියෝ සහෝ හරි අපරාධයක්නේ වුනේ. ඔය වගේ වටින පොත් කොච්චරක් නම් විනාස වෙන්න ඇත්ද සුනාමියෙන්..:sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17091616 said:
    අයියෝ සහෝ හරි අපරාධයක්නේ වුනේ. ඔය වගේ වටින පොත් කොච්චරක් නම් විනාස වෙන්න ඇත්ද සුනාමියෙන්..:sorry:
    කඩා තන මඩල සරොසින
    ගසා ගිනි ගැනුනු පුරවර
    දවා ලනු මැනවි සැනක්න
    සිද්ධ පත්තිනි-
    සිරි සිද්ධ පත්තිනි............

    ඔය නූතන යුගයේ කවියකින්. අරලිය ලන්දට ඇලිබම් එකට නන්දා මාලිනිය කිව්ව ගීතයක කොටසක්. කියවෙන්නේ පඩි රජු ගේ පුරවරය ඇය ගිනි ලෑවේ තම වම් පියයුර කඩා පොළවේ ගසා කියායි.............
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කඩා තන මඩල සරොසින
    ගසා ගිනි ගැනුනු පුරවර
    දවා ලනු මැනවි සැනක්න
    සිද්ධ පත්තිනි-
    සිරි සිද්ධ පත්තිනි............

    ඔය නූතන යුගයේ කවියකින්. අරලිය ලන්දට ඇලිබම් එකට නන්දා මාලිනිය කිව්ව ගීතයක කොටසක්. කියවෙන්නේ පඩි රජු ගේ පුරවරය ඇය ගිනි ලෑවේ තම වම් පියයුර කඩා පොළවේ ගසා කියායි.............

    ඔව් ජනප්‍රවාදයේ එන්නෙත් එහෙමයි. :yes::yes::yes: මෙහෙම වුනා වෙන්න බැරිද පැරනි කවිය මේ වැඩේට භාවිතා කලා වෙන්න බැරිද?